රජයක ප්‍රධාන ආදායම් මාර්ග ඇහිරිලා ලෝක වසංගතයකට මුහුණ දෙන ගමන් ගුරුවරුන් ගේ වැටුප් වැඩිකරන්න පුළුවන් ද අයියේ?
අමාරුයි මල්ලි...ඒත් පුළුවන් !
ඒ කොහොමද අයියේ ?
2020 ට කලින් යහපාලන ආණ්ඩුව කාලේ තිබුණ බදු ටික පරණ විදියටම අයකරගන්න ඕන මල්ලි.
1)වැට් බද්ද 8% සිට 15% දක්වා වැඩි කරන්න ඕන.
2) 2% ජාතික ගොඩනැගීමේ බද්ද අය කරගන්න ඕන.
3) විදුලි සංදේශ බද්ද 25% සිට 30% දක්වා වැඩි කරන්න ඕන.
3) බැංකු සහ මූල්‍ය ආයතන අය කර ගනු ලබන හර බද්ද නැවත අය කරගන්න ඕන.
4) කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රාග්ධන බද්ද අය කරගන්න ඕන.
5) ආගමික සිද්ධස්ථාන වලින් බදු අය කරගන්න ඕන.
6) තොරතුරු තාක්ෂණ, සක්‍රිය සේවා බද්ද නැවත අය කරගන්න ඕන.
6) සංක්‍රමණ ප්‍රේෂණ බදු අය කරගන්න ඕන.
7) මහල් නිවාස අලෙවි වැට් බදු අය කරගන්න
8.) උපයන විට ගෙවීමේ බදු අය කරගන්න ඕන.
9) ඉදිකිරීම් කර්මාන්ත බද්ද 14% සිට 28 % දක්වා වැඩි කරන්න ඕන.
එතකොට අයියේ මේ කොරෝනා වසංගතයක් අස්සේ කරන වර්ජන, උද්ඝෝෂණ නවතිනවා ද?
නෑ මල්ලි.
ඒ ඇයි?
ඊට පස්සේ
" බඩු මිල පහත හෙලවු ! "
" උද්දමනය අඩු කරවු ! "
" බදු අඩු කරවු ! " කියලා ආයේ පාරට බැහැලා උද්ඝෝෂණය කරනවා නේ මල්ලි.
ඉතිං මේකේ ඉවරයක් නෑ නේ අයියේ?
ඉවර කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මල්ලි.
ඒ කොහොමද අයියේ?
රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන එක.
එතකොට ?
ඇයි මල්ලිට මතක නැද්ද 2020 ට කලින් කිසිම වසංගතයක් නැතුව අර උඩ තියෙන බදු ටිකත් ගෙවාගෙන, බෝම්බත් කාගෙන දැන් තියෙන පඩියෙන්ම ලස්සනට හිටියා නේ මල්ලි. කිසිම ජෙප්පෙක්, පෙරෙට්ටෙක්, වෘත්තිය සමිති කාරයෙක් පාරට බැස්සේ නෑ නේ මල්ලි.
ඒකත් ඇත්ත අයියේ...රනිල් ගේ ආණ්ඩුවක් ආවට පස්සේ වර්ජන, උද්ඝෝෂණ නැති වෙයි නේ ද අයියේ?
එහෙමත් කියන්න බෑ මල්ලි...කවුරු හරි රනිල් ව එළෙවුවොත් ජෙප්පො " ප්රජාතන්ත්රවාදය රකිවු ! " කියලා ආයෙත් පාරට බහිනවා මල්ලි.
මතකනේ 2018 ?
=================
සොනාල ගුණවර්ධන