උඹලා කන බොන ගොඩක් දේවල් අැඟට මෙලෝ ප්‍රයෝජනයක් නැති ජරාව. මම නිතරම කියනවනෙ. මම අඩි 6 ක් උස, කිලෝ 82 ක් විතර බර, දවස ගාණෙ කිලෝමීටර් කීපයක් අැවිදින, සාමාන්‍යයෙන් active ඉන්න කෙනෙක්. එහෙම වෙලත් මට සාමාන්‍යයෙන් දවසට හාල් ග්‍රෑම් 333 ක රතු කැකුළු බත් (දවස් තුනට හාල් කිලෝ එකයි, එ‍්ක වේල් 6 කට කනවා) හොඳටෝම අැති. වෙනසකට තියෙන්නෙ මම ඉතින් උඹලට වඩා බත් එකට පරිප්පු, වට්ටක්කා, බිත්තර සහ වෑංජන වැඩිපුර බෙදා ගන්නවා. ඊට අමතරව දවසකට fresh milk කෝප්පයක් බොනවා. එ‍් අැරෙන්න නිකන් ඉන්න වෙලාවට කන්නෙ බොන්නෙ පලතුරු, කැරට් වගේ අමුවෙන් කන එළවලු වර්ග විතරයි. තව වතුර හොඳට බොනවා ඉතින්. ඉඳල හිටල, කඩල, ග්‍රීන් පීස් එහෙම තම්බල කනවා. සතියකට සැරයක් චිකන් breast එකක් කනවා එච්චරයි.
ඔය දවසට කොත ගහල බත් වේල් තුනකුයි, තේ තුන් හතර පාරකුයි, තේ එක්ක කන්ඩ අරවා මෙව්වා ජාතියි, තවත් මැද්දට කඩ චෝරුයි ඕනෙ කියල හිතාගෙන උඹලට තියෙන්නෙ මානසික ලෙඩක්. මම ඕන ඔට්ටුවක් දානවා උඹලගෙ දෙෙනික කැලරි වැය වීම මගෙ ගාණට කීයටවත් නෑ. හැබැයි ඊට වඩා ඔහේ ගිලිනවා. අන්තිමට වියදමයි, ලෙඩ ගොඩකුයි විතරයි ඉතිරි වෙන්නෙ.
මම කට කැඩෙන්න කියන diet එකට මාරු වෙන්න පුළුවන් නම් තනියෙන් හොඳට කාලා බීලා, ගාණට අැඟේ බර පවත්වාගෙන ඉහෙන් බහින ලෙඩක් නැතිව නීරෝගීව ඉන්න කීයටවත් රුපියල් 20,000 කට එහා යන්නෙ නෑ. අනික් අවශ්‍ය දේවල් අරගෙන බැලුවත් 30,000 පනින්නෙ කලාතුරකින්. එහෙම කිව්වම උඹලට හිතෙනවා අැති සෝමාලියාවෙ වගේ හාමතේ ඉන්නවා කියල. නෑ බං, මොන scientific විදිහට බැලුවත් මගෙ කෑම වේල හැම පෝෂකයක් අතින්ම පරිපූර්ණයි. උඹලා එ‍් වගේ 10 ගුණයක් වියදම් කරල කනවාටත් වඩා අවශ්‍ය හැම පෝෂකයක්ම තියෙනවා. High IQ කියන්නෙ එ‍්කනෙ.
ඉතින් වියදම් පාලනය කරන්ඩ හිතනවා නම් හොඳම දේ උඹලා කන බොන දහ ජරාව මුලින්ම පාලනය කරගනින්. මේ රටේ අදටත් අපේ අැඟට අවශ්‍ය පරිපූර්ණ පෝෂණය ගන්න අවශ්‍ය හැම දේම හොඳටම ගාණ අඩුයි. කවදත් ගාණ අඩුම එළවළුව වට්ටක්කා, ගාණ අඩුම average size මාලුවා අලගුඩුවා, ගාණ අඩුම වුණාට පෝෂණය හොඳම රතු කැකුළු හාල්, කහ මදය තැඹිලි පාට හොඳ බිත්තරයි, කිරියි, එළවලු පළතුරු ටිකයි, නිකන් ටැප් එකෙන් එන වතුරයි, අපේ පෝෂණය, satiation දෙක 90-95% ක්ම සපුර ගන්න හොඳටෝම අැති. අනික් කිසිම දෙයක් නොකා ඉන්ඩ කියනවා නෙවෙයි, හැබැයි එ‍්වා අැත්තටම අවශ්‍ය නෑ ඉතින්. එ‍්වා ඉඳල හිටල අාසාවට වගේ කෑවාම හරි.