ගෙදර තිබ්බ SLT ලෑන්ඩ් ලයින් කනෙක්ෂන් එක අයින් කරලා දැම්මා බන්. වැඩක් නෑ. නිකන් බිල් ගෙව ගෙව ඉන්නවා විතරයි. කෝල් එන්නෙත් නෑ අපි ගන්නෙත් නැහැ. ඉතින් ඒක අයින් කරලා දැම්මා. ඒත් හදිසියකට ගෙදර මොබයිල් එකට කෝල් ගනිද්දි ඒක වැඩ නැති/ඕෆ් වෙලා/රින්ග්ස් යනවා ඇහෙන්නැති සීන් එහෙම වෙනවා. ඒ නිසා වෙන දුරකථනයක අවශ්‍යතාවය තියෙනවා. තව මොබයිල් එකක් අරන් සිම් එකක් දාගෙන ඉන්න පුළුවන්. ඒ ඇරෙන්න බන්, වෙන ෆෝන් නැද්ද ඔය ලංකාබෙල් වගේ රීසීවර් තියෙන (මොබයිල් ෆෝන් නොවන) ලොකු ෆෝන් නැද්ද ඩයලොග්/මොබිටෙල්/හච් වගේ සිම් දාලා පාවිච්චි කරන්න පුළුවන් විදිහේ ඒවා. ඒ කියන්නේ රින්ග්ස් යද්දි ගෙදර කොහේ හිටියත් ඇහෙන්න ඕන කියන එක තමා මගේ මූලික අවශ්‍යතාවය. එහෙම ඒවා තියේද බන්?
නැතිම නම් ඉතින් වෙන මොබයිල් එකකට යනවා. ලෑන්ඩ් ලයින් එක තියා නොගත්තේ බන් ඒක වෙනම බොරු වියදමක් නිසා.
නැතිම නම් ඉතින් වෙන මොබයිල් එකකට යනවා. ලෑන්ඩ් ලයින් එක තියා නොගත්තේ බන් ඒක වෙනම බොරු වියදමක් නිසා.