ගෙදරදී තෙරුවන් නැමදීම - අවබෝධයෙන් කරන්න

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
අහිංසක මිනිස්සුන්ගෙ අහින්සක ආසාවක් තමයි මල් පහන් තියල නමදින එක.. ඒකෙ කිසි වරදක් නෑ.. ඒක හුදී ජන පහන් සංවේගය උපදවන දෙයක්.. අද මේ ලෝකෙ ඉන්නව ඕන තරම් මිනිස්සු යතාර්ථය අවබෝධ කරගන්න උවමනාවක් තියෙන.. ඉතින් එයාල මේ වර්ථමානයෙ බුද්ධාගමේ පවතින මේ 84000 මල් පහන් පූජා ඒවට මේවට සහභාගී වෙනව... නමුත් මේ දේවල් නෙවෙයි ධර්මය තේරුම් ගන්න අවශ්‍ය වන්නෙ.. නිවහල් මනසකින් මේ හැම දෙයක් ගැන ම හිතනව නම් යතර්ථය තේරුම් ගන්න පුළුවන් හැමෝටම.. මේ සූත්‍ර දේශනා සජ්ජායනා කිරීමෙන් තමන්ට ආරක්ශාව ලැබෙන බවත්.. එක් එක් අත්භූත මත අනුව අනුව යමින් ඉතාමත් වටිනා මේ යතාර්ථය අවබෝධ කරගැනීමට ඇති මඟ වහගන්නව.. ඒක වෙන්නෙ නොදැනුවත් කම නිසා ම මයි... එය අපි හැමෝටම පොදුයි... ඒ සූත්‍ර තියෙන්නෙ අපේ මනසට දාල සූත්‍රය මඟින් විභජනය කරල භාවිතා කල යුතු දේවල් භාවිතා කිරීමටත්. ප්‍රහාණය කල යුතු දේ ප්‍රහාණය කර දැමීමටත් ය. එය හැම බෞද්ධයෙක්ම පිළිවෙතින් කල යුතු දේ ය....
 
Last edited:

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මේ ලිපිය මුලදීම මම මෙහෙම කිව්වා..
    තෙරුමක් දැන ශ්‍රද්ධාවෙන් ඔබේ සීලයෙන් ප්‍රඥවෙන් යුතුව පමණක් මේ දේ කරන්න.. නැතිනම් ඔබ ගිරා පාට් එකක් , බුදු දහමේ මැජික් සොයන්නෙක් වෙනවා කියල..

    ආයෙමත් මෙහෙම මම තහවුරු කරන්නම්:



    ශ්‍රද්ධා, වීර්‍යය, සතිය, සමාධිය, ප්‍රඥාව..

    එක් එක්කෙනාගෙ මේ ඉන්ද්‍රිය ධර්ම වැඩීම අනුව තමයි ධර්මාවබෝධය වෙන්නෙ (සෙසු බෝධිපාක්ශික ධර්ම ත් එකතුව) ..
    සමහරු පද හතරෙ දහම් පද ඇහුව ගමන් නිවන් අවබෝධ කරගන්නවා..
    තවත් සමහරු කොයි තරම් ධර්මය ඇහුවත් සතර අපා ගාමීයි..
    තවත් සමහරු අසූ රියන් බුදු පිළිම වහන්සේලා දැක ශ්‍රද්ධාව ඇතිකරගෙන.. ඉන් ආකාරවතී ශ්‍රද්ධාව වෙත යනවා..

    ඇතැම් තිරිසන් සතුන් සූත්‍ර දේශනා ශබ්ධය අසා ඉන් සිත පහදවා ගෙන දෙව් සැප පවා අත් කර ගත්තා..

    සමහරුන් ට සුඛා පටිපදා කෙප්පාභිඥ්ඥා (පහසු ප්‍රතිපදාවෙන් ඉක්මනින් නිවන් අවබෝධය) වන අතර ඇතැමෙකුට එය දුක්ඛා පටිපදා දන්ධාභිඥ්ඥා (අමාරු ප්‍රතිපදාවෙන් කල්ප ගානක් ගතවන නිවන් අවබෝධය) වෙනවා..
    ඒ නිසා සැම කෙරෙහිම මෛත්‍රී කරන්න..
    ඔබ ධර්මය පරතෙරට දැන ගත්තෙක් වෙන්නට පුළුවන්..
    තව කෙනෙක් මේ ධර්මට අකුරක් වත් නොදැනගෙන වෙන්න පුළුවන්..
    ඒත් අවබෝධය ඇති වෙන්නෙ ඉතා සුළු හැඟීමකින් වෙන්න පුළුවන්.. අසරණ මේ අයට ඒ ශ්‍රද්ධා බීජය ඇති කරගන්නට ඉඩ දෙන්න


    අපි හැමෝම බුදු දහමේ මැජික් නොසොයා අවබෝධයෙන් ධර්මය (පිරිත් සූත්‍රත් ඇතුළුව ) මේ ගමන යමු..

    ඉතා වැදගත්

    තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් ඔබ වතාවත් පුරන්නේ නම්
    (අමූලිකා ශ්‍රද්ධාව, ගිරා පාට් නොවෙයී ) කවුරුවත් වතාවත් පුරන්නට අධෛර්‍යමත් වෙන්නට එපා.. ඔබ වතාවත් පුරන්නේ අවබෝධයෙන් නම් .. වෙන අය එය දකින විධිය ගැන ඔබ සිතන්නට එපා..

    ඔවුන් කියාවි ඔබ මුලා වෙලා කියා.. මෝඩ අන්ධ භක්තියක් කියා..

    නමුත් ඔබ තෙරුවන් සරණ යන්නේ අනන්ත වූ ඒ ගුණස්කන්ධය කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් නම්.. ඔබේ ඒකායන අරමුණ මේ සසර දුක කෙලව
    කිරීම නම්.. ඔබේ ශීලය ඔබ නුවණින් විමසා රකින්නේ නම්.. කියන්නා කෙසේ කීවත් ඔබේ සීලය ඔබ දිගටම කරගෙන යන්න..

    අනුන් හෙලා නොදකින්න.. ඔබ ඔබ ගැන පමනක් සොයන්න.. හැකි විට අනුන්ට උදව් කරන්න.. අවබෝධයෙන් තෙරුවන් සරන යන්න..බුදු දහමේ මැජික් නැත.. මෙන්න ඒ බව මතක තියා ගන්න

    ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී

    අනේ කට්ටිය පොඩ්ඩක් මේ පොත් ටික කියවන්නකො..

    ඔබ ලඟ ඇති කරගත යුතු සීලය, සමාධිය, ප්‍රඥව කුමක් ද
    පින, කුසලය මොකක්ද ?

    ඔබේ ධර්ම ධර බව නිසා මාන්නය වැඩී ඔබ තුල ඇතිවන වංචක ධර්ම මොනවාද කියල
    දැන ගන්න

    රේරුකානෙ චන්දවිමල මහ නාහිමි ලිවූ මේ පොත් කියවන්න (http://www.ogatharana.org/)

     
    Last edited: