අහිංසක මිනිස්සුන්ගෙ අහින්සක ආසාවක් තමයි මල් පහන් තියල නමදින එක.. ඒකෙ කිසි වරදක් නෑ.. ඒක හුදී ජන පහන් සංවේගය උපදවන දෙයක්.. අද මේ ලෝකෙ ඉන්නව ඕන තරම් මිනිස්සු යතාර්ථය අවබෝධ කරගන්න උවමනාවක් තියෙන.. ඉතින් එයාල මේ වර්ථමානයෙ බුද්ධාගමේ පවතින මේ 84000 මල් පහන් පූජා ඒවට මේවට සහභාගී වෙනව... නමුත් මේ දේවල් නෙවෙයි ධර්මය තේරුම් ගන්න අවශ්‍ය වන්නෙ.. නිවහල් මනසකින් මේ හැම දෙයක් ගැන ම හිතනව නම් යතර්ථය තේරුම් ගන්න පුළුවන් හැමෝටම.. මේ සූත්‍ර දේශනා සජ්ජායනා කිරීමෙන් තමන්ට ආරක්ශාව ලැබෙන බවත්.. එක් එක් අත්භූත මත අනුව අනුව යමින් ඉතාමත් වටිනා මේ යතාර්ථය අවබෝධ කරගැනීමට ඇති මඟ වහගන්නව.. ඒක වෙන්නෙ නොදැනුවත් කම නිසා ම මයි... එය අපි හැමෝටම පොදුයි... ඒ සූත්‍ර තියෙන්නෙ අපේ මනසට දාල සූත්‍රය මඟින් විභජනය කරල භාවිතා කල යුතු දේවල් භාවිතා කිරීමටත්. ප්රහාණය කල යුතු දේ ප්රහාණය කර දැමීමටත් ය. එය හැම බෞද්ධයෙක්ම පිළිවෙතින් කල යුතු දේ ය....