මේ ටිකේ වැඩ වැඩි නිසා ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න වෙලාව හම්බුණේ නෑ.
පෙරෙහිදා වෙනකන් පූසා චූ කලා කක්කා කලේ නෑ
හොදටම චූ කලා ඇති තරම්
ඊයේ උදේ අරන් ගියාම මැහුම් දාපු ප්ලාස්ටරේ අස්සට කතුරක පුලුන් දාලා බෙහෙත් දැම්මා
රෑ වෙද්දි ප්ලාස්ටරේ එහාට මෙහාට වෙලා බඩින් වතුර ලීක් වුණා මෙගා බෝතලයක් විතර
ආයිත් ඒ වෙලාවෙම අරන් ගියා රෑ 8 ට විතර
ආයෙත් ඒ වෙලාවෙම ඔපරේෂන් එකක් කලා පැය 3ක විතර
මුත්‍රාශ බිත්ති පැලිලා බඩ ඇතුලට චූත් එකතු වෙලාලු
මැරිලා තිබ්බ පටක අයින් කරලා ඈත් වුණ ඒවා ලං කරලා මැහුවා කිව්වා
අද උදේ හොදට යෝගට් කෑවා
දවල් 1ට විතර කොල පාටට වමනේ කලා
ආයෙත් අරන් ගියා
දැන් කියනවා අමාරැයිලු වකුගඩු ප්‍රශ්නයක්ලු
මට එපා වෙලා ඉන්නේ මුන්ට සල්ලි විතරයි ඕන
කතුර දාලා බෙහෙත් දානකොටම අපි කිව්වා දැන් ඕක බුරැල් වෙලා අලුත් ප්ලාස්ටරයක් දාමු කියලා
මුන්ගේ කම්මැලි කමට ඒක මාරු කලෙත් නෑ



