ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    cGbdRDe.jpg
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඇමරිකා හමුදාව 6500ක් සහිත යුද නැව ත‍්‍රිකුණාමලය ඉදිරිදියේ.. අන්තිම ගිවිසුම අත්සන් කරන්නට විදේශ ඇමති ඇමරිකාවේ.. ගිවිසුම් ගත සැණින් භටයන් ලංකා භූමියේ..

    ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.
    අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
    ජනාධිපති ලේකම් කාර්යාලය,
    කොළඹ 01.

    අතිගරු ජනාධිපතිතුමනි,
    ගිවිසුම් ත්‍රිත්වයක් සහ බෝම්බ බිය හෙවත් “අතිකම්පන ප්‍රතිකාරය” හරහා සිදු කෙරෙන ඇමෙරිකානු මැදිහත්වීම පිළිබඳව
    ඔබතුමා ඉතා හොඳින් දන්නා පරිදි මේ වන විට අගමැති කාර්යාලයේ පිහිටුවා ඇති මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් නම් වූ ඇමරිකානු රාජ්‍ය සමාගමේ කාර්යාලයේ මෙහෙයවීමෙන් සකස් කළ ව්‍යාපෘති යෝජනාවක් සහ ගිවිසුමක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට ඇත. ඔබතුමා විසින් ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා, අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුමත කිරීමෙන් වැළකී එය කල් තැබූ බව වාර්තා විය. නමුත් එය අනුමත කර ගැනීම සඳහා අගමැතිවරයා විසින් ප්‍රබල උත්සාහයක් දරන බව ද වාර්තා වේ.
    ඒ අනුව මීට පෙර අමාත්‍ය මණ්ඩලයේ විධිමත් අනුමැතිය නොමැතිව කූඨ ක්‍රියාවලියක් හරහා අනුමැතිය ලැබුණු බව පෙන්වා අදාළ ගිවිසුම අත්සන් කිරීමට බලය ලබා ගැනීමේ අනතුරක් පවතින බව පැහැදිලිව පෙනේ. කෙසේ වෙතත් මේ වනතුරු ඔබතුමා විසින් එම බරපතළ ශ්‍රී ලංකා – ඇමෙරිකානු ගිවිසුම අත්සන් කිරීමට බලය ලබා දෙන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අත්හිටුවීම පිළිබඳව ජාතියේ ගෞරවය ඔබතුමාට හිමි වේ. නමුත් එම ගෞරවය දීර්ඝකාලීනව පවත්වාගෙන යාම සඳහා ඔබතුමා අසමත් වුවහොත් එමගින් රටේ ස්වාධිපත්‍යය බරපතළ අනතුරකට ලක්වන බව ඉතා ඕනෑකමින් ඔබතුමා වෙත දන්වනු කැමැත්තෙමු.
    එසේම එම ශ්‍රී ලංකා – ඇමෙරිකානු ගිවිසුම එනම් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය මගින් දියත් කෙරෙන ආයෝජන සංවර්ධන කලාප පිහිටුවීම, ඉඩම් ප්‍රතිසංස්කරණ සහ මහාමාර්ග ආදී ව්‍යාපෘති ආවරණය වන ගිවිසුම අත්සන් කළහොත් එය ක්‍රියාත්මක වන්නේ තවත් ආරක්‍ෂක ගිවිසුම් දෙකක ආවරණය යටතේ ය. ඒවා Status of Forces Agreement (SOFA) සහ Aquisitaion and Cross Services Agreement (ACSA) ලෙස හැඳින්වෙන බව ද ඔබතුමා දන්නවා ඇත. එම ආරක්‍ෂක ගිවිසුම් දෙක ඔබතුමාගේ අනුමැතිය ඇතිව හෝ නැතිව මේ වන විට අත්සන්කොට අවසන් බව ද වාර්තා වේ. මෙම ගිවිසුම් ත්‍රිත්වයේ බරපතළකම සැලකිල්ලට ගත යුත්තේ පාස්කු ඉරිදා ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදීන් විසින් සිදු කළ ම්ලේච්ජ ප්‍රහාරයෙන් පසුව සමාජය තුළ ඇති වූ කම්පනය ඊට කුමන ආකාරයට බලපානු ඇත් ද, යන කරුණ ද සැලකිල්ලට ගනිමිනි.
    1. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම මගින් රටේ ඉඩම් අයිතිය විදේශීය සමාගම් සතු කිරීම සඳහා නව පනතක් හඳුන්වා දීමට සහ පවතින පනත් දෙකක් සංශෝධනය කිරීමට යෝජනා කරයි. ‘ඉඩම් බැංකු පනත’ මගින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතු ඉඩම් සහ රජයට අයත් සෙසු ඉඩම් පෞද්ගලික අංශයට විකිණීම සඳහා ප්‍රතිපාදන සලසයි. ඉඩම් විශේෂ විධිවිධාන (සංශෝධන) පනත මගින් ගොවීන්ට ලබා දී ඇති විවිධ බලපත්‍ර යටතේ පවතින ඉඩම්වලට වෙළඳපලේ විකිණිය හැකි අයිතිය ලබාදීම හරහා ඒවා පුද්ගලික සමාගම්වලට විකිණීම සඳහා පෙළඹවීම් ඇති කරයි. තෙවන පනත වන ඉඩම් අයිතිය සීමා කිරීමේ (සංශෝධන) පනත මගින් දැනට පවතින අයිතිය සීමා කිරීමේ බාධක ඉවත් කෙරේ. ඒ අනුව අක්කර දහස් ගණනින් නොව ලක්ෂ ගණනින් මහා සමාගම් සතු කර ගැනීමේ අවස්ථාව නිර්මාණය වේ. ආයෝජන කලාප 4 ක් යටතේ ඇමරිකානු, ඉන්දියානු සහ ජපන් සමාගම් සතු කිරීම සඳහා නියමිත ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ 12කි. (අක්කර ලක්ෂ 30කි)
    2. ACSA නැමති ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවේ වරායන් සහ ගුවන් තොටුපළ පමණක් නොව අභ්‍යන්තර කඳවුරු පිහිටුවීම සඳහා ද අමෙරිකානු හමුදාවට බලය ලැබේ. දැනට ත්‍රිකුණාමල වරාය පිටත සැපයුම් කේන්ද්‍රයක් ලෙස නවතා ඇති ජෝන් සී. ස්ටෙනින්ස් නම් යුද නෞකාවේ හමුදා භටයින් 6500ක් රැඳවිය හැකි අතර යුද ගුවන් යානා 100ක් රැඳවිය හැක. ඒ අනුව ලෝකයේ විශාලතම හමුදා අනුඛණ්ඩය වන ඇමරිකානු ‘7 වන ඉන්දු – පැසිෆික් කොමාන්ඞ්’ වශයෙන් හැඳින්වෙන හමුදාවේ ප්‍රධාන සැපයුම් කේන්ද්‍රය ශ්‍රී ලංකාව බවට පත් වේ. ඊට පහසුකම් සැලසීම සඳහා ත්‍රිකුණාමල සහ කොළඹ වරායන් සහ කටුනායක ගුවන් ගුවන්තොටුපළ යා කෙරෙන ආයෝජන කලාපයක් පිහිටුවීම ආවරණය වන්නේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම යටතේ ය.
    3. SOFA නම් වූ තුන්වන ගිවිසුම අත්සන් කිරීම සඳහා විදේශ අමාත්‍යවරයා ඇමෙරිකාවට ගොස් සිටින බව වාර්තා වේ. එම ගිවිසුම මගින් අනෙක් ගිවිසුම දෙක හරහා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලට අවශ්‍ය ඇමෙරිකානු හමුදා සහ සිවිල් නිලධාරීන්ට තානාපති මුක්තිය ලබා දේ. එම නිලධාරීන්ට නිල ඇඳුම් සහිතව සහ ආයුධ සන්නද්ධව ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ක්‍රියාත්මක වීමට අවසරය ලැබේ. ඊට අමතරව ඔවුන්ගේ භාණ්ඩ ආනයනයේදී සහ අපනයනයේදී බදු අය කිරීම හෝ පරීක්‍ෂා කිරීම සිදු කළ නොහැකි අතර ඔවුන් අපරාධ වරදක් සිදුකළහොත් ඔවුන්ට ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ දඬුවම් කළ නොහැක. එම ප්‍රතිපාදන සියල්ල මගින් ඇමෙරිකානු හෝ නේටෝ හමුදා කඳවුරු ශ්‍රී ලංකාවේ පිහිටුවීමට අවශ්‍ය සියලු නීතිමය තත්වයන් නිර්මාණය වේ.
    4. මෙම සියලු ගිවිසුම් මගින් නිර්මාණය කරන තත්වය ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාව තුළ ඍජු හමුදාමය මැදිහත්වීමක් සහ ක්‍රියාකාරීත්වයක් ආරම්භ කිරීම සඳහා සමාජය තුළ එවැනි අවශ්‍යතාවක් සහ පිළිගැනීමක් ඇති කළ යුතු ය. එය මූලික මානසික යුද උපක්‍රමයකි. ඒ සඳහා සමාජයක් පෙළඹවීම මුල්කරගෙන ප්‍රචණ්ඩත්වය යොදාගැනීම පිළිබඳව ලෝකය පුරා බොහෝ සාක්ෂි ඇත. ඊට අදාළ ප්‍රචණ්ඩත්වය මුදාහැරීමේ ක්‍රියාවලිය මනෝ විද්‍යාත්මක යුද උපක්‍රම අනුව තාක්ෂණිකව හැඳින්වෙන්නේ “අතිකම්පන ප්‍රතිකාරය” හෙවත් Shock Treatment ලෙස ය. ඊට අදාළ න්‍යාය හැඳින්වෙන්නේ “අතිකම්පන න්‍යාය” හෙවත් Shock Doctrine ලෙස ය. මේ පිළිබඳව නයෝමි ක්ලේන් (Niomi Klain) නම් වූ පර්යේෂණ මාධ්‍යවේදිනිය විසින් වටිනා ග්‍රන්ථයක් ප්‍රකාශයට පත්කොට ඇත. The Shock Doctrine නමින් ප්‍රකාශයට පත්කොට ඇති එම වටිනා ග්‍රන්ථය සිංහලයට පරිවර්තනය කිරීමට අපි කටයුතු කරමින් සිටිමු. අප සමාජය වෙත එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාරය විග්‍රහකරගත යුත්තේ මෙම න්‍යායාත්මක පසුබිම තුළ ය.
    මෙම බරපතළ තත්වය රටේ උත්තරීතර නායකයා වන ඔබතුමා ඇතුළු සෙසු සියලුම දේශපාලන පක්‍ෂ නායකයින් සහ පොදු ජනතාව විසින් නිසි බරින් වටහා ගැනීමට අසමත් වුවහොත් ලිබියාව සහ සිරියාව වැනි රටවලට අත් වූ ඉරණම අපට ද අත්විය හැකි බව කිව යුතු ය. එම නිසා එම අභියෝගයට මුහුණ දීමේ පළමු පියවර ලෙස දැනට ඔබතුමා සතුව ඇති බලතල පාව්චිචි කරමින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට කිසි ලෙසකින්වත් ඉඩ ලබා නොදෙන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
    මෙයට,
    විශ්වාසී,

    විමල් වීරවංශ (පා.ම)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක

    :(:(