අත්තිවාරම උඩින් බීම් එකක් දාලා නැතුව ඇති ෂුවර් එකටම. ඕනම අත්තිවාරමක් උඩින් අගල් 5ක විතර කොන්ක්‍රීට් බීම් එකක් යනවා යකඩ කම්බි දාපු. ඒක උඩ තමයි ගල් බැම්ම යන්නේ. බීම් එක වටේට දැම්මනම් අත්තිවාරමේ ඉරක් ගියත් අවුලක් වෙන්නේ නැහැ, ඊට උඩින් තියෙන බීම් එකෙන් සපෝර්ට් එකක් ලැබෙන නිසා. බීම් එකට වියදමක් යන නිසා ඒක නොදා ඉන්න ඇති තාප්පේනේ කියලා.
දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි. අත්තිවාරමේ ඉරගිය තැන ඉදන් දෙපැත්තට අගල් 6 ගානේ වගේ කඩලා කලුගල් ටික අයින් කරන්න. ඊට පස්සේ ඒ කඩපු දෙපැත්තෙන් ලෑලි තියලා කොන්ක්‍රීට් වලින් පුරැවන්න. තාත්පේ අත්තිවාරම ආයිමත් හොදට ෆිට් වෙයි. උඩ බ්ලොක් ගල් වලත් ඉර ගිහින් තියනවනම් ඉර දෙපැත්තෙන් අගල් 3 වගේ හිටින්න උඩ ඉදන් පහලට කඩලා ලෑලි කෑලි දෙකක් තියලා කොන්ක්‍රීට් කරන්න. වැඩේ ගොඩ යයි.
මටත් ඔය සීන් එකම උනා බං. මම කෙරැවේ ඕක තමයි.