ගෙදර බිමට කොන්ක්‍රීට් දැමීම

Erandic

Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    ගෙදර බිමට කොන්ක්‍රීට් දැමීම

    ගෙදර බිමට කොන්ක්‍රීට් දැමීම

    මම අළුතින් හදන ගෙදර බිමට කොන්ක්‍රීට් දාන්නයි ලැස්තිය. මෙකෙදි මට කොන්ක්‍රිට් දාන්න හොදයි කියලා සිවිල් ඉංජිනියර් කෙනෙක් හා ආකිටෙක්චර් කෙනෙක් කියපු විධි 02 ක් පහත රූප වල දැක්වෙනවා. මට අවශ්‍ය වෙන්නේ මේ කොන්ක්‍රීට් එක මත ටයිල් අල්ලපුවාම ටයිල් පුපුරන්නේ නැතිව, ගැලවෙන්නේ නැතිව තියාගැනීම. ඒ නිසා මේ සම්බන්ධව දන්න අය උදව් කරන්න වඩාත් හොඳ මොන ක්‍රමයද කියලා. නැත්නම් වෙනත් ක්‍රම තියෙනවද කියලාත් කියන්න.

    අංක 01

    බිමට විතරක් පොලිතින් එක එලනවා. අයින් හතර, ඒ කියන්නේ අත්තිවාරම හමුවෙන ස්ථානය අළුතින් දාන කොන්ක්‍රීට් එකට සවිවෙන්න ඉඩහරිනවා.

    2zfl8ci.jpg

    අංක 02

    බිමට එලන පොලිතින් එක අයින් හතරෙන් උඩට නමනවා. එතකොට දාන කොන්ක්‍රීට් එක සම්පුර්ණයෙන්ම පොලිතින් එක ඇතුලේ තියෙන්නේ. අත්තිවාරමට කොන්ක්‍රීට් එක සම්බන්ධවෙන් නෑ.

    rk0x86.jpg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අංක 02 තමා ටෙක්නිකලි හරි විදිය, අත්තිවාරමට කොන්ක්‍රීට් සම්බන්ද වෙන්නේ නැති නිසා ක්‍රැක් වෙයි කියල නේද උඹට බය.

    පොලිතීන් එක තිබ්බෙ නෑ කියල පස්සෙ දාන කොන්ක්‍රීට් එක අන්තිවාරමට හරියටම සෙට් වෙන්නෙ නෑ, ඉතින් ක්‍රැක් වෙනවානම් කොහොමත් වෙනවා. අනික එහෙම සම්බන්ද කරාම අන්තිවාරම සෙට්ල් වෙනකොට බිල්ඩිමේ බර තියෙන්නෙ අත්තිවාරම උඩ නිසා කාලයක් යනකොට පොලොවෙ කොන්ක්‍රීට් එකට වඩා අත්තිවාරම පොඩ්ඩක් බහින්න පුලුවන්. ඉතින් ඔතනින් ක්‍රැක් වෙන්න පුලුවන්. අනිත් එක තමා කොන්ක්‍රීට් සහ අත්තිවාරම් මැටීරියල් දෙකක් නිසා එක්ස්පෑන්ශන්, කන්ට්‍රැක්ශන් වලදීත් ක්‍රැක් වෙන්න පුලුවන්.
    ඒ නිසා හානිය අවම කරගන්න අංක 02ට වැඩේ කරන්න, බිල්ඩින් කරනකොට ඔය පොලිතීන් එකට ඇතුලින් අඟල් කාලෙ රෙජිෆෝම් එකකුත් තියෙනවා, තව ලොකු කොටු තියෙන තැන් වල, අඩි 10 *10 කොටුත් රෙජිෆෝම් පටි දාල වෙන් කරල කොන්ක්‍රීට් කරන්නේ.

    තව දෙයක්, පොළොව හොඳටම ලෙවල් කරල තලා ගන්න. පොලිතීන් අනිවාරයෙන් දාන්න පොළොවට විතරක් උනත්, මොකද නැත්තම් කොන්ක්‍රීට් දානකොට ඒකෙ වතුර ඔක්කොම පොලොවට උරාගෙන ශක්තිය අඩු වෙනවා. අනික ඕක මගේ ගෙදර නම් මම අඟල් 3ක් කොන්ක්‍රීට් එක දානවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    :yes::yes::yes::yes:
     
    බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    එතකොට උඩ කෑල්ලකට ටයිල් අල්ලද්දි ඔය ප්‍රශ්නේ එන්නේ නෑ නේද.
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    ගොඩක් බාස්ල කැමති කොන් ක්‍රීට් එක දාන්න කලින් ඉටිකොල දාන්න මොකද වතුර යටට බහින් නැතිවෙනකොට සමතලා කරන්න ලේසියි..
    නමුත් කොන්ක්‍රීට් දාන කොට ඉටිකොල නොදැම්මොත් කොන්ක්‍රීට් එකේ රස්නය පොලොවට උරනව ..කොක්‍රීට් දාල සිමෙන්ති දාන්න බෑ පැලෙනව ටයිල් අල්ලන්නම වෙනව..
    තව ඉටි රෙද්දට උල්දිය වගේ උනනව (යටින් වතුර උනන එක නෙවෙයි)...