එයා හැදුනේ ඒ වගේ තැනකද දන්නේ නෑ. අපි ගෙවල්වල අපි දන්න තැන්වල අම්මලා ගෙදර තින්දු තිරන වලට දායක වෙනවා....
ගෙදර බුදුන් කියලා ගත්තේම මහා සංස්කෘතිය ටාගට් කරන්නනේ..
ඇත්තටම මුස්ලිම් ගෙවල්වල කන්තාවකට තියෙන ප්‍රශ්න අන්න ඒවා ගැන මීක් නෑ... ඇත්තටම ගැහැණු වහල්ලු විදියට සලකන්නේ මොන සංස්කෘතියෙද ? ඇයි ගෙදර බුදුන් කියන කෑල්ල දාල ලගු කරේ ?
මෙයාට පුලුවන්ද මේ කාත්තන්කුඩි ගිහින් ඔහෙලා ගෑනුන්ව වහලියෝ විදියට තියාගෙන ඉන්නේ කියලා කියන්න....
දැනට ලංකාවේ ඉන්න පහළ මධ්‍යම පාන්තික පවුල් වල බහුතරයක මව පියා දෙන්නම රස්සා කරනවා... එහෙම නැතිව ගෙදර ආර්ථිකය ගෙනියන්න බෑ... හැබැයි තාමත් ගෙවල් වල උයන එක රෙදි සෝදන එක වගේ වැඩ කරන්නේ ගෑනු අය...
ඇත්තටම බැලුවොත් ගෑනු අය රස්සා දෙකක් කරනවා වගේ...
ඒක තමයි වහලියක් වගේ වැඩ කියලා කියන්නේ...
ඒකට විසදුම දෙන්න පුළුවන් ආර්ථිකයක් මෙච්චර කල් මේ රට පාලනය කරපු පාලකයෝ හදලා නෑ...
එක්කෝ එක්කෙනෙක් රස්සාවට ගිහිං අනිත් කෙනා ගෙදර වැඩ ටික කරන්න ඕනි... එහෙම එක පඩියකින් ජීවත් වෙන්න පුළුවන් ආර්ථිකයක් නෙවෙයි රටේ තියෙන්නේ... අපේ තිබ්බ සංස්කෘතිය ඒක... ඒක පවත්වාගෙන යන්න බැරි තැනකට රට ගෙනල්ලා තියනවා...
දෙන්නම වැඩට යන එක බටහිරින් ආපු සංස්කෘතිය... හැබැයි ඒක ඇතුලේ දෙන්නම උපයන ධනයෙන් අතිරික්තයක් තියන හින්දා අර උඩ කිව්ව ගෙදර වැඩ ටික පිටට දීලා කර ගන්න පුළුවන් ආදායමක් තියනවා... ඉතින් වහලියක් වගේ වැඩ කරන්න ඕනි නෑ... රස්සාව කරලා හම්බෙන සල්ලි වලින් කොටසක් දීලා ලොණ්ඩරියෙන් රෙදි හෝදා ගන්න පුළුවන්... පොල් ලෙලි ගහලා සුද්දා කරලා ගාලා මිරිකලා ගන්න ඕනි නෑ... පොල් කිරි පැකට් එක අරන් හොද්දට දාන්න පුළුවන්... ඒ වගේ ගෙදර වැඩ වලින් කොටසක් අර උපයන අමතර ආදායමෙන් කර ගන්න පුළුවන්...
හැබැයි අපේ දෙන්නෙක් රස්සාව කළත් හම්බෙන වැටුප මදි මූලික අවශ්‍යතා ටිකටත්... ඉතින් ගෙදර බුදුන් උන අම්මට රස්සාවේ වැඩ සහ ගෙදර වැඩ යන දෙකම වහලියක් වගේ කරන්න වෙලා තියනවා...
ඒ තත්වෙන් අම්මලා මුදවා ගන්න එක සංස්කෘතියට කරන පහර ගැහීමක් වෙන්නේ කොහොමද???
සිංහල උනත් දෙමළ උනත් මුස්ලිම් උනත් රටේ බහුතරයක් අම්මලා ඔහොම උදේ දවල් නැතිව වැඩ... එයාලට නිදහසක් හම්බෙන ආර්ථිකයක් හදන්න මේ රටේ පාලකයෝ අසමත් වෙලා කියලානේ ඔය කියන්නේ...