ගෙදර හදපු කහ කුඩු - පින්තුර දෙක තුනක්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha

    මම කලින් ත්‍රෙඩ් එකක කිව්වා අපේ ගෙදරට ඕනි වෙන කහ කුඩු අපි ගෙදරම හදා ගන්නේ කියලා.

    මට එකේ පින්තුර දෙක තුනක් ගන්න හම්බුනා. මේ තියෙන්නේ ඒවා.

    ඔය පහල ෆොටෝ එකේ තියෙන්නේ කහ පැලයක්. දිගැටි කොළ තියෙන අඩි දෙකක් තුනක් වගේ උස යන පැලයක්. මේවායේ බීජ අංකුර හිටුවලා පැලයක් ඇවිත් අවුරුදක් වගේ කිට්ටු වෙනකොට අස්වැන්න ලැබෙනවා. බිම හිටුවන්නත් පුළුවන්. නැත්තන් මල් පෝච්චි උනත් කමක් නැහැ.

    1.jpg

    ඉතින් ඔය ඊලග ෆොටෝ එකේ තියෙන්නේ කහ පැලයෙන් ගත්තු අස්වැන්න. ඕක හොදට හෝදලා පොඩි කෑලි වලට කපලා අව්වේ වේලෙන්න තියාගන්න ඕනි.

    2.jpg

    ඊළගට මේවා හොදට වෙළුණාම කුඩු කරගන්න තියෙන්නේ පවුඩර් වෙනකං. ගෙදර තියෙන බ්ලෙන්ඩර් එකෙනුත් පුළුවන්. නැත්තන් වී/මිරිස් අඹරන මෝලකට ගෙනියලත් පුළුවන්.

    3.jpg

    ඊට පස්සේ බෝතලයකට දාලා තියාගන්න පුළුවන් අවුරුද්දක් උනත්.

    4.jpg

    මම උඩින් කිව්වනේ කහ වල අස්වැන්න ලැබෙන්න පැලයක් හිටුවලා අවුරුද්දක් වගේ යනවා කියලා. ඉතින් මේ අවුරුද්දේ ලැබෙන අස්වැන්න ඊලග අවුරුද්දේ අස්වැන්න එනකන් තියාගන්න පුළුවන්.

    ඔය දැන් අපිට මේ සැරේ අස්වැන්න ලැබුනට ඔය ඉතිරි වෙලා තියෙන්නේ ගිය අවුරුද්දේ මුල ගත්තු අස්වැන්න.

    ඔය පහල ෆොටෝ එකේ තියෙන්නේ එතනම තිබුන ඉඟුරු පැලයක් ගැලෙව්වා, එකේ ඉඟුරු.

    6.jpg

    කහ වගේ දෙයක් ගෙදර හදාගන්න වියදමක් ලොකුවට යන්නේ නැහැ. මල් පෝච්චියක් අරගෙන කොම්පෝස්ට් පස් දාලා බීජ අංකුරයක් හිටුවලා වතුර දාන්න තමයි තියෙන්නේ.

    වියදම - මුලිකවම වියදමක් යන්නේ මල් පෝච්චියක්, කොම්පෝස්ට් පොහොර වලට. බීජ අංකුර හරි පැල හරි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ තවන් වලින් ගන්න පුළුවන්. ඊළගට ඉතින් වතුර වලට වියදමක් යනවා. ආයේ ශ්‍රමය තමයි. අන්තිමට කහ කුඩු කරගන්න වියදමක් යනවා. ලොකුවට නඩත්තුවක් නැහැ. වල් පැළෑටි ඉවත් කිරීම තමයි. ඊළගට ඉතින් කාලයක් යනවා මුලින්ම අස්වැන්න ගන්න. ඊට පස්සේ සැරින් සැරේ පලදාව එන විදියට බීජ අංකුර හිටුවා ගත්තා නං කඩෙන් ගන්න ඕනි නැහැ.

    මෙහෙම ගෙදර හදා ගන්න කහ කුඩු හරිම සුවඳයි. කිසිම රසායනික ද්‍රවයක්, වෙනත් ජාතියක් අඩංගු නැහැ. 100 % පිරිසිදු කහ කුඩු.
    මරු නූල මචං... අපේ ගෙදරත් මේ වගේ තමයි. කහ පැළ තුන හතරකින් ගෙදරට ඇතිවෙන කහ ටික හදාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113

    මරු නූල මචං... අපේ ගෙදරත් මේ වගේ තමයි. කහ පැළ තුන හතරකින් ගෙදරට ඇතිවෙන කහ ටික හදාගන්න පුලුවන්.
    නෝනා කහ අඹරනවද
     
    • Haha
    Reactions: PHBhagya

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,676
    11,451
    113
    හඳට කිට්ටුව
    a
    මම කලින් ත්‍රෙඩ් එකක කිව්වා අපේ ගෙදරට ඕනි වෙන කහ කුඩු අපි ගෙදරම හදා ගන්නේ කියලා.

    මට එකේ පින්තුර දෙක තුනක් ගන්න හම්බුනා. මේ තියෙන්නේ ඒවා.

    ඔය පහල ෆොටෝ එකේ තියෙන්නේ කහ පැලයක්. දිගැටි කොළ තියෙන අඩි දෙකක් තුනක් වගේ උස යන පැලයක්. මේවායේ බීජ අංකුර හිටුවලා පැලයක් ඇවිත් අවුරුදක් වගේ කිට්ටු වෙනකොට අස්වැන්න ලැබෙනවා. බිම හිටුවන්නත් පුළුවන්. නැත්තන් මල් පෝච්චි උනත් කමක් නැහැ.

    1.jpg

    ඉතින් ඔය ඊලග ෆොටෝ එකේ තියෙන්නේ කහ පැලයෙන් ගත්තු අස්වැන්න. ඕක හොදට හෝදලා පොඩි කෑලි වලට කපලා අව්වේ වේලෙන්න තියාගන්න ඕනි.

    2.jpg

    ඊළගට මේවා හොදට වෙළුණාම කුඩු කරගන්න තියෙන්නේ පවුඩර් වෙනකං. ගෙදර තියෙන බ්ලෙන්ඩර් එකෙනුත් පුළුවන්. නැත්තන් වී/මිරිස් අඹරන මෝලකට ගෙනියලත් පුළුවන්.

    3.jpg

    ඊට පස්සේ බෝතලයකට දාලා තියාගන්න පුළුවන් අවුරුද්දක් උනත්.

    4.jpg

    මම උඩින් කිව්වනේ කහ වල අස්වැන්න ලැබෙන්න පැලයක් හිටුවලා අවුරුද්දක් වගේ යනවා කියලා. ඉතින් මේ අවුරුද්දේ ලැබෙන අස්වැන්න ඊලග අවුරුද්දේ අස්වැන්න එනකන් තියාගන්න පුළුවන්.

    ඔය දැන් අපිට මේ සැරේ අස්වැන්න ලැබුනට ඔය ඉතිරි වෙලා තියෙන්නේ ගිය අවුරුද්දේ මුල ගත්තු අස්වැන්න.

    ඔය පහල ෆොටෝ එකේ තියෙන්නේ එතනම තිබුන ඉඟුරු පැලයක් ගැලෙව්වා, එකේ ඉඟුරු.

    6.jpg

    කහ වගේ දෙයක් ගෙදර හදාගන්න වියදමක් ලොකුවට යන්නේ නැහැ. මල් පෝච්චියක් අරගෙන කොම්පෝස්ට් පස් දාලා බීජ අංකුරයක් හිටුවලා වතුර දාන්න තමයි තියෙන්නේ.

    වියදම - මුලිකවම වියදමක් යන්නේ මල් පෝච්චියක්, කොම්පෝස්ට් පොහොර වලට. බීජ අංකුර හරි පැල හරි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ තවන් වලින් ගන්න පුළුවන්. ඊළගට ඉතින් වතුර වලට වියදමක් යනවා. ආයේ ශ්‍රමය තමයි. අන්තිමට කහ කුඩු කරගන්න වියදමක් යනවා. ලොකුවට නඩත්තුවක් නැහැ. වල් පැළෑටි ඉවත් කිරීම තමයි. ඊළගට ඉතින් කාලයක් යනවා මුලින්ම අස්වැන්න ගන්න. ඊට පස්සේ සැරින් සැරේ පලදාව එන විදියට බීජ අංකුර හිටුවා ගත්තා නං කඩෙන් ගන්න ඕනි නැහැ.

    මෙහෙම ගෙදර හදා ගන්න කහ කුඩු හරිම සුවඳයි. කිසිම රසායනික ද්‍රවයක්, වෙනත් ජාතියක් අඩංගු නැහැ. 100 % පිරිසිදු කහ කුඩු.
    ado pattane ban...
     
    • Like
    Reactions: Janatha Jhon