ගෙදර ෆිනිශින් වැඩ කරන් යද්දී Help

One_day_print

Member
Nov 7, 2023
1
1
1
උඩ තට්ටුව කපරාදු කරලා තියෙන්නේ..මන් ටයිල් අල්ලන්න හිතන් ඉන්නේ..ඒත් තාම පොටි ඇදලා නෑ..සැරින් සැරේ වැලි සීමෙන්ති වැඩ කරද්දි කරදරේ නිසා එකපාර සිමෙන්ති වැඩ ටික ඉවර කරන්න බැලුවේ..මම දැන් පොලොවටත් බදාම කපලා ඉවර කරන්න බැලුවේ..ඊලග පාර ග්‍රෞවුට් ටිකක් දාලා ටයිල් අල්ලන්න හිටියොත් එහෙම කේස් එකක් නෑ නේද බං? ආයේ පොටි අදිද්දි නම් පොලොව ජරා වෙන් නෑ ඒත් කපද්දි පොටි කුඩු වැටිලා ටයිල් එහෙම බොල් වෙන්න බලයිද? සීන් එක ගැන දන්න කෙනෙක් උපදේශයක් දෙන්නනකෝ මේ කරන විදියේ අවුලක් තියෙනවද කියලා..

bump
------ Post added on Nov 7, 2023 at 12:19 PM
 
  • Like
Reactions: gamerlk

chamli_k

Active member
  • Sep 14, 2020
    110
    146
    43
    පොලවට පොටි කුඩු වැටෙන එක ප්‍රශ්නයක් නම් පොටි කපන වෙලාවට ලොකු පත්තර කොළ ටිකක් එලලා වැඩේ කරන්න,
    පස්සේ කුඩු ටිකත් එක්කම කොළ ටික අයින් කරන්න. ඕනනම් පොඩ්ඩක් විතර කුඩු වැටිලා තියෙයි, ඒක අව්ලක් නෑ..
    ඒකත් අව්ලක් නම් ටයිල් කරන දවසට වතුර පාරක් ගහලා සෝදලා දාන්න.
    සිවිලිම් වල හෝ ස්ලැබ් එකේ වැඩ ඉවර වෙලා ඊළගට පොටි වැඩ සහ පිලර් වැඩ ඉවර වෙලා තීන්ත ගාන්න කලින් ටයිල් ඇල්ලුවා නම් ප්‍රයෝගිකව ලේසියි.
    ඊට පස්සේ අවසාන වැඩේ විදිහට තීන්ත ගාන්න.
     
    Mata pena heena

    Active member
  • Nov 6, 2023
    169
    269
    43
    අපි නම් අන්තිමේට පොටි ඇද්දේ. හොඳ එකෙක් හොයා ගනිං. සමහර උන් ඉන්නවා වනසනවා ගේ. ටයිල් අල්ලන්න ආපු එවුන් ස්විච් කඩලා. සිමෙන්ති හැම තැනම ගාලා. පොටි අදින උනුත් එහෙමයි. සමහර උන් ඉන්නවා පොඩි ඇදල ඔහේ යනවා. උඹ කොහෙද මම දන්නා දෙමල කොල්ලෙක් ඉන්නවා. වැඩ පිළිවෙලයි. හැමදාම පොටි ඇදල ගේ මොප් කරනවා. අන්තිමේට කපල ඉවර වුනු පොටිත් එකතු කරලා මල්ලකට දාලා.
     
    • Haha
    Reactions: gamerlk

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Construction projects wala mama inna than wala poti kapala filler coat ekak gaala ekath patch karala kapala thama tilr bed eka daala tile karanne. Eeta passe damages thibboth hadala paint karanawaa. Tile kiyanne finish ekak eaka uda natanna yanna epaa.
    oaka eka eka widhiyata karana un innawaa. Mage experience eken mage projects wala wenne ohomayi.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,769
    4,866
    113
    අපි නම් අන්තිමේට පොටි ඇද්දේ. හොඳ එකෙක් හොයා ගනිං. සමහර උන් ඉන්නවා වනසනවා ගේ. ටයිල් අල්ලන්න ආපු එවුන් ස්විච් කඩලා. සිමෙන්ති හැම තැනම ගාලා. පොටි අදින උනුත් එහෙමයි. සමහර උන් ඉන්නවා පොඩි ඇදල ඔහේ යනවා. උඹ කොහෙද මම දන්නා දෙමල කොල්ලෙක් ඉන්නවා. වැඩ පිළිවෙලයි. හැමදාම පොටි ඇදල ගේ මොප් කරනවා. අන්තිමේට කපල ඉවර වුනු පොටිත් එකතු කරලා මල්ලකට දාලා.
    කමෙන්ට් එක කියවල ඒක දාපු කෙනාගේ නම බැලුවම ..... කමෙන්ට් එක ඔටෝ ඩිලීට් උනා. :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: gamerlk

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පොටි ඇදලා පස්සේ බදාම කපලා ටයිල් ටික ගහපන්. නැත්තං ටයිල් පිට පලංචි තියන්න ගියාම අපරාදේ ඒවා.
     
    • Like
    Reactions: chamli_k

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,367
    6,531
    113
    පොටි ඇදලා මැදලා ෆිලර් පාරකුත් ගාලා ටයිල් අල්ලන්න. සිවිලින් ගහනවානම් ඒවත් ඉවරකරලාම ඉන්න.
     
    • Like
    Reactions: chamli_k

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උඩ තට්ටුව කපරාදු කරලා තියෙන්නේ..මන් ටයිල් අල්ලන්න හිතන් ඉන්නේ..ඒත් තාම පොටි ඇදලා නෑ..සැරින් සැරේ වැලි සීමෙන්ති වැඩ කරද්දි කරදරේ නිසා එකපාර සිමෙන්ති වැඩ ටික ඉවර කරන්න බැලුවේ..මම දැන් පොලොවටත් බදාම කපලා ඉවර කරන්න බැලුවේ..ඊලග පාර ග්‍රෞවුට් ටිකක් දාලා ටයිල් අල්ලන්න හිටියොත් එහෙම කේස් එකක් නෑ නේද බං? ආයේ පොටි අදිද්දි නම් පොලොව ජරා වෙන් නෑ ඒත් කපද්දි පොටි කුඩු වැටිලා ටයිල් එහෙම බොල් වෙන්න බලයිද? සීන් එක ගැන දන්න කෙනෙක් උපදේශයක් දෙන්නනකෝ මේ කරන විදියේ අවුලක් තියෙනවද කියලා..

    bump
    ------ Post added on Nov 7, 2023 at 12:19 PM
    ග්‍රවුට් වලින් ටයිල් අල්ලන්න පුළුවන්ද සිරාවට අහන්නෙ.. මොකද්ද විශේෂ වාසිය එහෙම කරද්දි...
    ගොඩක් වෙලාවට කරන්නෙ සිමෙන්ති කොලොපු දාලා ටයිල් අල්ලලා ටයිල් අතර හිදැස් ග්‍රවුට් වලින් පුරවන එක නේ...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,650
    13,379
    113
    පොටි ඇදල පොටි කපන්න
    ඊටපස්සේ ටයිල් අල්ලන්න
    අන්තිමට පිලර් ගාන්න මොකද ටයිල් අල්ලද්දී බිත්තිවලට කොලපු විසි වෙනවා පිලර් එකෙන් එකත් වහගෙන පින්ට් එක ෆිනිෂ් කරන්න
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ග්‍රවුට් වලින් ටයිල් අල්ලන්න පුළුවන්ද සිරාවට අහන්නෙ.. මොකද්ද විශේෂ වාසිය එහෙම කරද්දි...
    ගොඩක් වෙලාවට කරන්නෙ සිමෙන්ති කොලොපු දාලා ටයිල් අල්ලලා ටයිල් අතර හිදැස් ග්‍රවුට් වලින් පුරවන එක නේ...

    grout neme, tile adhesive. Issara wage porcelain neme dan thiyenne ceramic tiles. Issara thama tiles wathure pongawala kolopu daala alluwe. Aluth tiles cement walin alawenne naa. Clay is more refined.
     
    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    අපි නම් අන්තිමේට පොටි ඇද්දේ. හොඳ එකෙක් හොයා ගනිං. සමහර උන් ඉන්නවා වනසනවා ගේ. ටයිල් අල්ලන්න ආපු එවුන් ස්විච් කඩලා. සිමෙන්ති හැම තැනම ගාලා. පොටි අදින උනුත් එහෙමයි. සමහර උන් ඉන්නවා පොඩි ඇදල ඔහේ යනවා. උඹ කොහෙද මම දන්නා දෙමල කොල්ලෙක් ඉන්නවා. වැඩ පිළිවෙලයි. හැමදාම පොටි ඇදල ගේ මොප් කරනවා. අන්තිමේට කපල ඉවර වුනු පොටිත් එකතු කරලා මල්ලකට දාලා.
    contact details tiyenawada? colombo awatada
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    පොටි ඇදලා පස්සේ බදාම කපලා ටයිල් ටික ගහන්න