ගෙන්වපු වාහන කන්දරාව

prasannaf

Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    ගෙන්වපු වාහන කන්දරාව

    මේ ගෙනාපු වාහන අමාත්‍යංශවලට බෙදනවා


    Untitled-7%283%29.jpg
    අමාත්‍යංශ සියල්ලකම පාහේ දැනට පාවිච්චි කරන වාහන බොහොමයක් ඉතාමත් අබලන් තත්ත්වයෙන් පවතින ඒවා. උදාහරණයක් වශයෙන් මගේ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරු දෙදෙනකුට වාහන නැහැ. ඒ සඳහා ඉල්ලූම් කර තිබුණා. නමුත් එම අවශ්‍යතා සඳහා වාහන ගෙන්වීමට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ගෙවීම අත්හිටුවා තිබෙනවා. දැනටමත් ඒ තීරණය කි‍්‍රයාත්මක වෙනවා. සියලූ අමාත්‍යංශවලට අවශ්‍ය වාහන ලබා ගැනීම සඳහා මුදල් වෙන් කිරීම අත්හිටුවා ඒ වෙනුවට මෙම සමුළුවට ගෙන්වන ලද වාහන ලබාදීමට මුදල් අමාත්‍යංශය තීරණයකර තිබෙනවා.
    මෙය වියදම් අවම කර ගැනීමේ වැඩපිළිවෙළක්. නිරන්තරයෙන් වාහන ගෙන්වීම සඳහා අමාත්‍යංශවලට මුදල් ලබාදීම මුළුමනින්ම අත්හිටුවනවා. මේ බව දැනටමත් සියලූ අමාත්‍යංශවලට දැනුම් දී තිබෙනවා.
    පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට වාහන ගෙන්වීම අමතර වියදමක් හා අනවශ්‍ය වියදමක් ලෙස කවුරුන් හෝ තර්ක කරනවා නම් ඒක සාධාරණ නැහැ. මේ වාහන කොහොමටත් අමාත්‍යංශවලට ගෙන්වීමට නියමිතව තිබූ වාහන. එකවර ගෙන්වුවත් එක් එක් අමාත්‍යංශවලට වෙන් වෙන්ව ගෙන්වුවත් ඒ කි‍්‍රයාමාර්ග දෙකේම වෙනසක් නැහැ. ප‍්‍රතිඵලය එකයි.
    බොහොමයක් අමාත්‍යංශවල පාවිච්චි කරන වාහනවලින් සියයට 75ක් 80ක් පමණ ඉතාමත් යල් පැන ගිය පාවිච්චි කළ නොහැකි තත්ත්වයෙන් පවතින ඒවා. මේ වාහන නිතරම කාර්මික දෝෂවලට ලක්වෙනවා. ඒ නිසා එම වාහන වෙනුවෙන් අලූත් වාහන ලබාදිය යුතු වෙනවා.
    තවත් විශේෂත්වයක් නම් මෙවැනි සමුළුවක් පැවැත්වෙන විට රටේ ගෞරවයත් ආරක්ෂා කිරීම වැදගත්. අපි මේ ආශ්චර්ය කරා ගමන් කරමින් සිටින රටක්. සීඝ‍්‍රයෙන් දියුණු වෙමින් පවතින රටක්. ඒ අනුව බලන විට මේ වාහන ආයෝජනයක් විය හැකියි.
    මෙම වාහන අතර අධි සුඛෝපභෝගි වාහන 50 පිළිබඳව තීන්දුවක් නැහැ. එම වාහන විකිණීමට හෝ ඇමැතිවරුන්ගේ පාවිච්චියට ලබාදීමට ඉඩ තිබෙනවා. නමුත් ඒ ගැන තවම පැහැදිලි තීන්දුවක් ලබාදීල නැහැ. ඒවා හැර අනෙකුත් සියලූ වාහන අමාත්‍යංශවල පැරැුණි වාහන වෙනුවට ලබාදෙනවා. අලූතෙන් වාහන ගැනීමට අමාත්‍යංශවලට මුදල් වෙන් කරන්නේ නැහැ.



    Dan saniipayneeee:lol::lol::lol::lol::lol::lol::lol:
     

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    ආර්ථිකයට බරපතල තත්ත්වයක්


    Untitled-8%281%29.jpg
    පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා අතිවිශාල මුදක් වැය කර මෙරටට වාහන මිලදී ගෙන තිබෙන බව වාර්තා වේ. අවශ්‍යතාවකට මේ වාහන ගෙන්වන බව රජයේ ප‍්‍රකාශයයි. අවශ්‍යතාවක් නැතුව ගෙන්වනවා නම් එය රටේ ආර්ථිකයට බරපතළ තත්ත්වයකි.

    රාජ්‍ය නායකයන් පැමිණෙන නිසා ඔවුන්ගේ ගමන් බිමන් සඳහා වාහන අවශ්‍ය බව රජයේ අදහසයි.
    එහෙත් ඇතැම් නායකයන් මේ රටට පැමිණෙන්නේ තමන්ට පාවිච්චි කිරීමට අවශ්‍ය වාහනයද රැගෙනයි. උදාහරණයක් වශයෙන් චාල්ස් කුමාරයා මේ රටට පැමිණෙන්නේ ඔහුගේ වාහනයද සමගයි. සමහරු වාහනය රැගෙන එනවා ඇති.
    රටවල් 54 කට මේ රට ආරාධනා කර ඇතත්, පැමිණෙන්නේ රටවල් 37ක නායකයන් නම් වාහන 54ක් ගෙන්වීමට කොහෙත්ම අවශ්‍ය නැත. රටවල් ගණනාවකින් රාජ්‍ය නායකයන් වෙනුවට සහභාගී වන්නේ ඇමැතිවරු හා වෙනත් නියෝජිතයන්ය.
    ඇමැතිවරයකු ගෙනයාමට ලෝකයේ ඇති හොඳම වාහනය ගෙන්විය යුතු බවට සමුළුවට අදාළ නියමයක්ද නැත. එසේ තිබියදීත් බිලියන ගණනාවක මුදලක් වැයකර මේවා ගෙන්වා ඇත.
    මේ වාහන සමුළුවෙන් පසු විකුණා දමන බවට කටකතාවක් පැතිරී ඇත. එහෙත් ඒ පිළිබඳව රජය ස්ථාවර පැහැදිලි තීන්දුවක් මෙතෙක් ප‍්‍රකාශයට පත්කර නැත. නමුත් රජය සමුළුවෙන් පසු මේ වාහන ටික විකුණා දමනු ඇත. අමාත්‍යංශ මගින් ඒවා මිලදී ගැනීම සිදු වනු ඇත.
    මෙම වාහනවලට අමතරව හදිසි අවශ්‍යතා සඳහා විශේෂ පරිපූරක ඇස්තමේන්තු මගින් මුදල් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමද සිදුවේ. මෙම වාහනවලට අමතරව සමුළුව පැවැත්වෙන නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාව නවීකරණය වෙනුවෙන් ප‍්‍රතිපාදන ලබාගෙන ඇත. හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදුකරන ලද පරිපූරක වෙන්කිරීම් (2013* ජනාධිපති ලේකම් කාර්යාලය වියදම් ඒකකය යටතේ රුපියල් කෝටි 10ක මුදලක් ලබාදී තිබිණි. මෙම නෙළුම් පොකුණ රංගශාලාව විවෘත කරනු ලැබුවේ පසුගිය 2011 වර්ෂයේදීය. මේ වනවිට වසර 2ක් තරම් සුළු කාලයක් ගෙවී තිබියදී මේ තරම් විශාල මුදලක් වැය කර නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාව නවීකරණය කිරීමට දෙයක් තිබේද? වසර 10, 15 ක් පැරණි ගොඩනැගිල්ලක් අලූත්වැඩියාවට මෙම මුදල වැය කළා නම් සාධාරණය.