ගෙයක් හදන්න හොඳම විදිහ!

Nayanatha

Active member
  • Nov 13, 2017
    273
    24
    28
    තව දෙයක් තමයි බන් සමහර මේසන් බාස්ලා උළුවහු ජනෙල් බිත්තියට තියලා හිරකරනකොට පොඩි පොඩි බාල ලී කැලි ගලයි උළුවහු අතරට තියල බිත්තියට හිරකරනවා ඊට පස්සේ එහෙම්මම කපරාදු කරනවා ඊට පස්සේ මචන් අවුරුදු 5-6 යනකොට උලුවහුව්හ්ව වේයෝ කනවා. අපි කොස්, බල්ව්හ්, තුලාන් වැනි හොදම ලි වර්ගයක් දැම්මත් වෙන්නේ ඔය ටික තමා. මොකද මට ඔහොම දෙයක් වෙලා තියෙනවා. මෙහෙමයි වෙන්නේ බිත්තිය ඇතුලේ තියෙන පොඩි බාල ලිකැල්ලට තමා වේයෝ ගහන්නේ ඊට පස්සේ මුලු උලුවහුවම ගන්න දෙයක් නැ
    එක නිසා මමනම් කරේ මගේ අලුත් ගෙදරට උලුවහු තියලා හිරකාරට පස්සේ කපරාදු කරන්න කලින් පොඩි ලි කැලි ටික අයින් කෙරෙව්වා.
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83

    ඔව්. මාත් ඔය ලීකෑලි තියලා බදාම දාන එකනම් දැකලා තියනවා. ඒත් ඒක සිමෙන්ති ඇතුලෙ තියන නිසා වෙයෝ කන්න විදිහක් නෑ. සිමෙන්ති ඇතුලට වේයන්ට යන්න බෑනේ. මන් හිතන්නේ වෙයෝ එන්න ඕකේ වෙන මොකක්හරි හේතුවක් ඇති.
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ++
    11.gif
     
    • Like
    Reactions: ossandaruwan

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මම තට්ටු දෙකට ගෙයක් හදන්න ඉන්නේ. ඉතින් මුලින්ම පදිංචි වෙන්න පුළුවන් තරමට යට තට්ටුව හදලා ඒකෙ පදිංචි වෙලා ඊට පස්සේ උඩ තට්ටුව හදන්නයි හිතන් ඉන්නේ.

    ඉතින් මේ විදිහට කරනකොට Slab එක දාලා විතරක් තියන්න පුළුවන්ද? අනික ගෙයි සාලෙන් තමයි පඩිපෙළ වැටෙන්නේ. එතකොට ඉහලින් කොහොමද ඒවා cover කරන්නේ.

    ඉතින් මේගැන දන්න අය ඉන්නවානම් මට උපදෙස් ටිකක් දෙනවාද?
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....

    ඔව් මචන් slab එක විතරක් දාල තියන්න පුළුවන්, උබට ඔප්ෂන් දෙකක තියෙනවා,

    1) ටකරම් හෝ ඇස්බැස්ටස් ෂීට් වගේ දෙයක් නිකන්ම ස්ලැබ් එක උඩින් තියලා (පොඩි ආනතියකට) පඩි පෙලට salb එකෙන් ඕපන් වෙන ටික වහන්න.
    2) උඩ salb එකෙන් ඕපන් වෙන ටික වට කරලා පොඩි කාමර කෑල්ලක් වගේ කොටසක් බ්ලොක් ගලෙන් හරි බැදලා ටකරන්/ ෂිට් වහලයක් ගහල වහල තියෙන එක, (උබට ස්ලැබ් එක උද රෙදි වන්න වගේ සින් එකක් තියෙනවනම් කාමරේට දොරකුත් දාපන් ස්ලැබ් එකට යන්න පුළුවන් වෙන්න)

    මන් මේ දෙකෙන් උබට රෙකමන්ඩ් කරනවා දෙවෙනි විදිය, මොකද ආරක්ෂාව අතිනුත් හොදයි, වතුර ඇතුලට එන්නෙත් නෑ, වියදමනම් ටිකක් වැඩිවෙයි මොකද බිත්ති ටික බදින්න වෙන නිසා. කොහොම උනත් උබ දෙවෙනි තට්ටුව හදන්න කාලයක් ගන්නවානම් දෙවෙනි ඔප්ෂන් එකට පලයන් පොඩි ගානක් වැඩිපුර වියදම් උනාට.
     
    බොහෝම ස්තුතියි යාළුවා. ගොඩාක් වටින අදහසක් ඔයා කිවුවෙ. :yes:

    මම හිතන් ඉන්නේ ව.අ. 1000 ක (1000 sqft) විතර තට්ටු දෙකේ සාමාන්‍ය ගෙයක් හදන්න. ඉතින් මුලින් ලක්ෂ 20 ක් 25 කින් විතර යට තට්ටුව පදිංචි වෙන්න පුලුවන් තරමට හදලා ඉතුරු ටික අවුරුදු දෙකක් විතර ඇතුලත හදන්න. මොකද එතකොට මට ණය නොවී මේක කරන්න පුළුවන්.

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    me dawas wala geyak hadaddi yana wiyadam komada? list ekak nedda?

    ඔව්. මටත් ඔයටික ගැන දැනගන්න ඕන. විශේෂයෙන්,

    තට්ටු දෙකේ ගෙදරක 1 sqft කොච්චර විතර වෙනවාද?
    බාස්ලා ගන්න කොට මොන විදිහද හොද? ඒකියන්නේ Labour contract එක විතරක් දෙන එකද? නැත්නම් වෙන විදිහක්ද?

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    ඔව්. මටත් ඔයටික ගැන දැනගන්න ඕන. විශේෂයෙන්,

    තට්ටු දෙකේ ගෙදරක 1 sqft කොච්චර විතර වෙනවාද?
    බාස්ලා ගන්න කොට මොන විදිහද හොද? ඒකියන්නේ Labour contract එක විතරක් දෙන එකද? නැත්නම් වෙන විදිහක්ද?

    මමත් ගෙදර වටේ කණ්ඩිය බැදලා තාප්පේ හරි දැල් හරි ගහන්න හිතන් ඉන්නේ. මට දැනගන්නත් ඕන මේ දවස් වල යන වියදම් කොහොමද කියලා.
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    දන්න අය ඉන්නවානම් කට්ටියටම දැනගන්නත් එක්ක මෙන්න මේවා ගැන පැහැදිළි කරන්නකො.

    1 දැන් ඔය තට්ටු දෙකට ගෙවල් හදනකොට column,beam එහෙම දානවානේ. සාමාන්‍යයෙන් මේවා දන්නේ අගල් 9*9 හතරැස් විදිහටනෙ. අපිට පුළුවන්ද මේ column ඒවා අච්චුවක වාගේ හදලා නිකන්ම කනු වාගේ නැතුව මෝස්තරයක් එන විදිහට දන්න. මොකද සමහර වෙලාවට මේ column ඒවා බිත්ති වලට සම්බන්ද නොවී තනියෙන් තියනවා.

    2 මම දැක්කා කෙනෙක් කියලා තිබුනා එයා ගේ හදනකොට බ්ලොක් ගල් ගත්තෙනෑ. එයා
    බ්ලොක් ගල් ගහන මැෂින් එකක් කුලියට අරගෙන ගෝලයෙක් දම්මලා බ්ලොක් ගල් ගහගත්තා කියලා. ඒකෙන් එයා විශාල මුදලක් ඉතුරු කරගත්තා කිවුවා. මේක අනිත් අයටත් කරන්න පුළුවන්ද? එහෙනම් බ්ලොක් ගල් වලට දාන බදාම මිශ්‍රණේ ( ගල් කුඩු : සිමෙන්ති) මොකක්ද? ඒගැන පොඩ්ඩක් කියනවාද.

    3 ගොඩාක් අය ගේ හදලා ඉවර වෙලා කෙලවරක් නැතුව බිත්තිවල ඇණ ගහනවා කැලැන්ඩර්, ඔරලෝසු වාගේ ඒවා එල්ලන්න. පස්සෙ මේවා අයින් කලත් අර ඇණ ටික බිත්තියේ තියනවා. ඊට පස්සේ ඒ ඇණ ගලවන්න බෑ. ගැලෙව්වොත් බිත්තියේ බදාම කැල්ලකුත් එක්ක තමයි ගැලවෙන්න බලන්නේ. මෙන්න මේවාට විකල්පයක් තියනවාද?
     
    UP
     
    Opadupa Wayikkiya

    Junior member
  • Apr 15, 2018
    95
    18
    8
    මචන්ලා දැනට හදල තියෙන ගෙයක තට්ටු දෙකට හදන්න බේස් ගහලා කණු නග්ගලා(Tie beam දන්නේ නැතුව) හැදුවොත් කල්යද්දී බහිනවද
     
    Last edited:

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    ඔව්. මටත් ඔයටික ගැන දැනගන්න ඕන. විශේෂයෙන්,

    තට්ටු දෙකේ ගෙදරක 1 sqft කොච්චර විතර වෙනවාද?
    බාස්ලා ගන්න කොට මොන විදිහද හොද? ඒකියන්නේ Labour contract එක විතරක් දෙන එකද? නැත්නම් වෙන විදිහක්ද?

    මචන් මන් මේ දවස්වල මගේ ගේ හදාගෙන යනවා, මගේ ගේ ඒරියා එක SQFT 2400 ක් වගේ, ස්ට්‍රුක්චර් එකට විතරක් වහලේ නැතිව මට SQFT 1 කට රුපියල් 2,000 ක් වගේ වෙලා තියෙනවා. බාස් කියන විදියට මට තව ලක්ෂ 35 ක වගේ වැඩ තියෙනවා. මන් නිකමට ගණන් හදල බැලුවම මගේ වැඩේට SQFT 1 ට රුපියල් 3,500 ක් වගේ තමයි උපරිම යන්නේ,

    මගේ වැඩේ දීල තියෙන්නේ labor contract එකක් විදියට. බාස්ල කරන වැඩ ප්‍රමානේ අනුව මැනලා ගෙවන්නේ අපි තමයි උවමනා කරන බඩු (වැලි, සිමෙන්ති, ගල්, ලී ඇතුළු සියලුම අමුද්‍රව්‍ය) අරගෙන දෙන්නේ. අනික අදුනන කට්ටියගෙන් තමයි උවමනා වෙන බඩු ගන්නේ (වැලි, සිමෙන්ති, ගල්, ලී ඇතුළු සියලුම අමුද්‍රව්‍ය) මේවායේදී පොඩි වාසියක් උනා මොකද එයාල එළියේ අයට විකුණන ගන්නට වඩා සාමාන්‍ය ගණනක් අඩුවෙන් තමයි අපිට දුන්නේ. ඒම කරගන්න පුඋවන් උන නිසා වියදම පොඩ්ඩක් පාලනය උනා කියල හිතෙනවා.