ගෙයක් හදන ගමන් ඉන්නේ

Be_Positive

Well-known member
  • May 27, 2022
    987
    1,194
    93
    වැඩේ කරනකන් ළඟ ඉඳපන්. නැත්තං බාස්ලා බාගෙට මොනවා හරි කරලා බදාමෙන් වහලා දානවා. කොන්ක්‍රීට් දානවා කියපු තැන් නිකං බඳිනවා. අපි දකින්නෙ වැඩේ ඉවර වුණාට පස්සෙ. එතකොට පරක්කු වැඩියි.

    සමහර බාස්ලා හිතාගෙන ඉන්නෙ උන් ඉංජිනේරුවො කියලා. උන්ට තීරණ ගන්න නොදී, උන්ගෙන් අදහස් විතරක් අරගෙන "උඹට ඕනෙ විදිහට" වැඩේ කරපන්.

    පොටි අදින්න කලින් හොඳට එලිය තියන ලයිට් එකක් දාපන්. නැත්තං එහෙන් මෙහෙන් ඇදපුවාගෙ අඩුපාඩු පේන්නෙ දවස් ගාණකට පස්සෙ හරියට ලයිට් එකක් දැම්මාට පස්සෙ.

    උඹ අහපු දේට නම් උත්තර මෙතන නැතුව ඇති.
    කොහොම හරි වැඩේ කෙරෙන වෙලාවට ළඟට වෙලා බලන් හිටපන්.
     
    • Like
    Reactions: wtsamantha

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,151
    5,812
    113
    අම්මෝ. අත්තිවාරමට ලක්ෂ විස්සක් යනවද බන්. අම්මයි තාත්තයි බුදුවෙන්න ඕන මට ගෙයක් හදල තිබ්බට. ඒ සල්ලිත් ඉතුරුයි..
     
    • Like
    Reactions: Be_Positive

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,043
    1,416
    113
    බිත්ති පුළුවන් තරම් උස්සන්න. ඊට පස්සේ ෆිනිෂින් වහල ගහන්න එපා.. සාමාන්‍ය තිරස් සිවිලිම ගහන්න.
    සිවිලිම සහ වහලේ අතර අනිවාර්යෙන් ඉඩක් තියෙන්න ඕන එයා ෆ්ලෝ එකක් මේන්ටේන් වෙන්න.
    සිවිලිම සහ වහලේ අතර තියෙන එයා ෆ්ලෝ එක මේන්ටේන් වෙන්න එළියත් එක්ක ඕපන් තියන්න දැලක් ගහලා.
    හරියට සැලසුම් කලොත් ලස්සනට වැඩේ කරන්න පුළුවන්.
    එයා ෆ්ලෝ එක නිතරම අලුත් වෙන විදිහට වැඩේ කරගත්තොත් රස්නයක් එන්නේ නෑ සිවිලිමෙන් පහලට
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,166
    4,936
    113
    මචන්ලා... ගෙයක් හදන ගමන් ඉන්නේ. අත්තිවාරම දාල ඉවරයි. ඒකට ලක්ශ 20ක් ගියා. වර්ග අඩි 2300 ක් වගේ. තනි තට්ටුවට හදන්නේ. බිත්ති බදින්න කොහොමද හොද? බ්ලොක් ගල් ද? නැනතිනම් අර ලොකු ගඩොලද හොද? (මෝඩ ගල කියල කියන්නේ ) ඊට පස්සෙ වහලයට දාන්න බැලුවේ සින්ක් ඇලුමීනියම් ශීට්. සිවිලිම කරන්න බැලුවේ Ipanel වලින්. පොඩ්ඩක් අදහස් ටිකක් කියාගෙන යන්න පුලුවන් ද?
    concrete cage eka gahala iwara karapn