Questions ගෙයක අපවිත්‍ර ජලය නිසි ලෙස බැහැර කිරීම

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    ගෙයක අපවිත්‍ර ජලය සුදුසු බැහැර කිරිම සදහා අනුගමනය කළ යුත්තේ කුමක්ද්ද? කිචන් එකේ සහ බාතෲම් එකේ වතුර එකකට යවන එක හොදද?

    ලිදක් ඇත්නම් කොපමණ දුරකින් ස්ථාන ගත කළ යුතුද?

    දැන් තියෙනවා අඩි 6 විතර සිලින්ඩර් හිල් තියෙන එක. ඒකක් දාන එකද හොද නැත්නම් ගඩොලින්ම බදින එකද?

    ගේ සීමාවේ සිට කොපමණ දුරකින් මෙය ස්ථාන කර හත යුතුද? සහ වැසිකිළි වලේ සිට කොපමණ දුරකින්ද? අපි හිතමු වැසිකිළිවල ගේ පොලොව මට්ටමට වඩා මීටර් එක හමාරක විතර පහල මට්ටමක තියෙනවා කියලා. එතකොට ගේ පොලොවේ මට්ටමේ වේස්ට් වල දැම්මොත් වැසිකිලි වලට වතුර යන්න ඉඩ තිබේද?

    ප්‍රධානම දේ මේ අපවිත්‍ර ජලය යන වල තියෙන්න ඕන නිශ්චිත දිශාවක් තියෙනවද? වෙන තැන් වලින් ගැහුවොත් ගේ හිමියන්ට ලෙඩ රෝග වැඩිවෙනවලු. එක එක බ්ලා බ්ලා කතන්දර නේ. ඒවයේ ඇත්තටම සත්‍යතාවයක් තිබෙද? එසේ නම් මෙය මොන දිශාවෙන්ද ස්ථාන ගත කර යුත්තේ? ස්ථාන ගත කිරීමට හොද නැති දිශාවන් මොනවාද? වාස්තු විද්‍යාවට අනුව නිවැරදිව මෙය සකසාගන්නේ කෙසේද?

    දැමිය හැකි උපරිම එල් බෙන්ට් සංඛයාවක් තිබේද? අනවශ්‍ය ලෙස දැමිමෙන් පසු කාලීනව වතුර හරි හැටි ගම්න් නොකිරීමෙන් විය හැකි අනවශ්‍ය අපහසුතා මග හැරගැනිමට කළ යුතු දේවල් මොනවාද?

    වැසි කාලයත් සමග වල පිරීම නිසා වෙන අපහසුතා මග හැරවා ගැනීමට කළ යුතු විශේෂිත දෙයක් තිබේද?

    ගෙවල් හදපු, ගෙවල් දැනටම හදන, ගෙවල් ඉස්සරහට හදන්න ඉන්න අයට මෙය වැදගත් වේවි. ගෙවල් සැදීමේ අපමණ දැනුමක් ඇති අය වැඩි විස්තර කොටාගෙන යමු.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    දිශාවනම් දන්නේ නැහැ වතුර බොන ලිඳේ ඉඳලා අඩි 30ක්වත් දුර තියෙන්න ඕනි
    ගොඩක්ම case නම් cylindrical septic tank එකකට යන එක තමයි හොඳම විදිය
    හැරිලා යන තැන් තියනවනම් පුලුවන් තරම් ගලි හදල තියන්න
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    දිශාවනම් දන්නේ නැහැ වතුර බොන ලිඳේ ඉඳලා අඩි 30ක්වත් දුර තියෙන්න ඕනි
    ගොඩක්ම case නම් septic tank එකකට යන එක තමයි හොඳම විදිය
    හැරිලා යන තැන් තියනවනම් පුලුවන් තරම් ගලි හදල තියන්න
    septic tank තව පොඩ්ඩක් මේක ගැන විස්තර කරමුද? නැත්නම් නෙට් එකේ සෝර්ස් එකක් හරි දාමු. ;);)

    Wasthu anuwa nam wayamba thama bestma. Batahirath ok.

    Eesana ginikona honda nalu.

    Read from internet and books.
    හෙතුව දන්න්වද? දිශා අතර මැද කොහොමද?

    එකවලකට දැම්මොත් නානකාමරේට ඉඳුල් ගඳ එයි
    ඔව් නේද. එතකොට මේ දෙක වෙන වෙනම ද යවන්න වෙන්නේ?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ගෙවල් හදන ත්‍රෙඩ් එකක් තිබ්බා නේද? ඒකට දැම්මා නං පැහැදිලි උත්තරයක් ගන්න පුළුවන් වෙයි
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    ගෙවල් හදන ත්‍රෙඩ් එකක් තිබ්බා නේද? ඒකට දැම්මා නං පැහැදිලි උත්තරයක් ගන්න පුළුවන් වෙයි
    ඔව් බන් දාලා බලමු

    මේ රෙද්දවල් වැඩක් නෑ අර ඇඳුම් ගන්න තැන කෙල්ලගෙ පොටෝ එකක් දාහන් බලන්න :D
    ඔව්වා මතක් කරන්ඩ එපා මට ආයේ යන්ඩ හිතෙයි :D :D :D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ගෙයක අපවිත්‍ර ජලය සුදුසු බැහැර කිරිම සදහා අනුගමනය කළ යුත්තේ කුමක්ද්ද? කිචන් එකේ සහ බාතෲම් එකේ වතුර එකකට යවන එක හොදද?

    ඔව් එහෙම තමා කරන්නෙ. kitchen, shower, wash basin waste water එකකට (gray water pit). toilet/ commodes වල flush කරන ඒව වෙනම septic tank එකකට

    ලිදක් ඇත්නම් කොපමණ දුරකින් ස්ථාන ගත කළ යුතුද?

    gray water pit - 25-30 ft
    septic tank - >50ft

    දැන් තියෙනවා අඩි 6 විතර සිලින්ඩර් හිල් තියෙන එක. ඒකක් දාන එකද හොද නැත්නම් ගඩොලින්ම බදින එකද?
    ඔව් ඒ rings දාන එක හොඳයි ඉක්මනට පස් වලට sides වලින් යවනව, නැත්තන් bottom එකෙන් විතරක් බහින්න ගිහාම පස්සෙ කාලෙ තෙල් හිර වෙනව

    ගේ සීමාවේ සිට කොපමණ දුරකින් මෙය ස්ථාන කර හත යුතුද?

    එහෙම ප්‍රශ්නයන් නෑ foundation bottum level වල ඉඳන් හැම පැත්තටම අංශක 45 කින් පහලට යන region එකට අහු නොවෙන්න දාන්න

    වැසිකිළි වලේ සිට කොපමණ දුරකින්ද?

    25-30ft

    අපි හිතමු වැසිකිළිවල ගේ පොලොව මට්ටමට වඩා මීටර් එක හමාරක විතර පහල මට්ටමක තියෙනවා කියලා. එතකොට ගේ පොලොවේ මට්ටමේ වේස්ට් වල දැම්මොත් වැසිකිලි වලට වතුර යන්න ඉඩ තිබේද?

    25-30ft දුරින් දැම්මොත් එහෙම යන්නෙ නෑ අඩි 5ක 6ක වෙනසක් තිබ්බත්

    ප්‍රධානම දේ මේ අපවිත්‍ර ජලය යන වල තියෙන්න ඕන නිශ්චිත දිශාවක් තියෙනවද? වෙන තැන් වලින් ගැහුවොත් ගේ හිමියන්ට ලෙඩ රෝග වැඩිවෙනවලු. එක එක බ්ලා බ්ලා කතන්දර නේ. ඒවයේ ඇත්තටම සත්‍යතාවයක් තිබෙද? එසේ නම් මෙය මොන දිශාවෙන්ද ස්ථාන ගත කර යුත්තේ? ස්ථාන ගත කිරීමට හොද නැති දිශාවන් මොනවාද? වාස්තු විද්‍යාවට අනුව නිවැරදිව මෙය සකසාගන්නේ කෙසේද?

    ඔව් වාස්තු පස්සෙ දුවන low iq පොන්නයින්ට ලෙඩ රෝග වැඩි වෙනව මොන දිශාවෙන් ගැහුවත්

    දැමිය හැකි උපරිම එල් බෙන්ට් සංඛයාවක් තිබේද? අනවශ්‍ය ලෙස දැමිමෙන් පසු කාලීනව වතුර හරි හැටි ගම්න් නොකිරීමෙන් විය හැකි අනවශ්‍ය අපහසුතා මග හැරගැනිමට කළ යුතු දේවල් මොනවාද?

    එකක්වත් දාන්න එපා. straight runs වලින්ම දාන්න හැරෙන තැන් වල පොඩි interceptor තියල

    1617464227219.png

    වැසි කාලයත් සමග වල පිරීම නිසා වෙන අපහසුතා මග හැරවා ගැනීමට කළ යුතු විශේෂිත දෙයක් තිබේද?

    gray water pit එක අවට තනකොල වවල/ interlock ගල් අල්ලල වගේ පස් directly expose නොකර වැහිවතුර infiltration අවම වන විදිහට පොළව සකස් කරන්න

    දිශාවනම් දන්නේ නැහැ වතුර බොන ලිඳේ ඉඳලා අඩි 30ක්වත් දුර තියෙන්න ඕනි
    ගොඩක්ම case නම් cylindrical septic tank එකකට යන එක තමයි හොඳම විදිය
    හැරිලා යන තැන් තියනවනම් පුලුවන් තරම් ගලි හදල තියන්න
    black water ගැන නෙමෙයි gray water ගැන අහල තියන්නෙ පේන විදිහට
    ------ Post added on Apr 3, 2021 at 9:10 PM

    එකවලකට දැම්මොත් නානකාමරේට ඉඳුල් ගඳ එයි
    එහෙම එන්නෙ නෑ bathroom වල හැම drain point එකටම s-trap තියන fittings/ gully covers දැම්මොත්
    ------ Post added on Apr 3, 2021 at 9:12 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,140
    1
    58,492
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් එහෙම තමා කරන්නෙ. kitchen, shower, wash basin waste water එකකට (gray water pit). toilet/ commodes වල flush කරන ඒව වෙනම septic tank එකකට
    මට මතක්වෙනව ඉස්සර කුලියට හිටපු ගෙදරක්. අපි හිටියෙ උඩතට්ටුවෙ, වෙන පවුලක් යට හිටියෙ. අපි සති අන්තෙදි නාල රෙදි හෝදල ඉවරවෙනකොට වතුරවල පිරිල ඉඳුල්වතුර වත්තපුරා යනව.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    ගලි බවුසරයක් පාක් කරල බටයක් දාගන්න පුලුවන් දුරකින් දාන්න පුලුවන්නං හොඳයි.

    අපේ ගෙදරත් ගොඩක් පිටිපස්සෙ තියෙන්නෙ. හදිස්සියක් වුනොත් බවුසරයක් දාල සක් කරන්න බෑ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ගලි බවුසරයක් පාක් කරල බටයක් දාගන්න පුලුවන් දුරකින් දාන්න පුලුවන්නං හොඳයි.

    අපේ ගෙදරත් ගොඩක් පිටිපස්සෙ තියෙන්නෙ. හදිස්සියක් වුනොත් බවුසරයක් දාල සක් කරන්න බෑ.
    adi 50k thiyanawa unge bate diga
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    ඔව් එහෙම තමා කරන්නෙ. kitchen, shower, wash basin waste water එකකට (gray water pit). toilet/ commodes වල flush කරන ඒව වෙනම septic tank එකකට

    එකක්වත් දාන්න එපා. straight runs වලින්ම දාන්න හැරෙන තැන් වල පොඩි interceptor තියල

    View attachment 118931
    අර කිව්වා වගේ ගදක් එනැ නැතිවෙයිද? බොටල් ට්‍රැප් නම් තියෙනවා.

    පොඩි interceptor දාත්දි කාලයක් යද්දි වතුරත් එක්ක යනව නේ බත් ඇට අනම නම්. මේ වගේ තැන් වල පිරිලා බ්ලොක් වීමක් වෙන් නැද්ද?

    අඩි හයේ රින්ග් එකක් ඇත්ද? නැත්නම් ඊට වැඩියෙන් හෝ අඩුවෙන් දැම්මත් අව්ලක් නැද්ද? සමාණ්යෙන් කොච්චර ගැඹුරක් තියෙන්න ඕනද? වියළි දේශගුණයක් තමයි තියෙන්නේ.

    මේක පොළොව යට කරලා හැදුවට කමක් නැද්ද? ඒ කියන්නේ හිතන්නකෝඉ අඩි හයේ අඩි තුන පලල රින්ග් එකක් දැම්මම එකේ පියනත් එක්ක සම්හරවිට අපට ඵලදායි දේකට වැඩගන්න පුලුවන් ඉඩ ප්‍රමාණයක් නැති වෙනවා.ඒවගේම පොඩි දුර්ගණ්ධයක් එන්නත් පුලුවන් නේ. ඒ ගැන මොකක්ද්ද අදහස?

    තව සැලකිලිමත් විය යුතු වෙනත් කරුණු තිබේද?
     
    • Like
    Reactions: Stimulus mind

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    ඔව් වාස්තු පස්සෙ දුවන low iq පොන්නයින්ට ලෙඩ රෝග වැඩි වෙනව මොන දිශාවෙන් ගැහුවත්
    ඒක ඇත්ත. ඒත් මේකේ විද්‍යාත්මක පැත්තක් නැද්ද? සුලන් හමන දිශාව අනුව සහ ගලි වල තියෙන දිශාව අනුව සම්හරවිට ගේ පැත්තට ඇතුලට ගද එන්න පුලුවන් වගේ එකක් නිසා මේකේ ඒ ඒ දිශාවන්ට සුදුසු හැදුවොත් හොදයි කියන වගේ එකක්?
     
    • Haha
    Reactions: emoji diaries

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    අර කිව්වා වගේ ගදක් එනැ නැතිවෙයිද? බොටල් ට්‍රැප් නම් තියෙනවා.

    පොඩි interceptor දාත්දි කාලයක් යද්දි වතුරත් එක්ක යනව නේ බත් ඇට අනම නම්. මේ වගේ තැන් වල පිරිලා බ්ලොක් වීමක් වෙන් නැද්ද?

    අඩි හයේ රින්ග් එකක් ඇත්ද? නැත්නම් ඊට වැඩියෙන් හෝ අඩුවෙන් දැම්මත් අව්ලක් නැද්ද? සමාණ්යෙන් කොච්චර ගැඹුරක් තියෙන්න ඕනද? වියළි දේශගුණයක් තමයි තියෙන්නේ.

    මේක පොළොව යට කරලා හැදුවට කමක් නැද්ද? ඒ කියන්නේ හිතන්නකෝඉ අඩි හයේ අඩි තුන පලල රින්ග් එකක් දැම්මම එකේ පියනත් එක්ක සම්හරවිට අපට ඵලදායි දේකට වැඩගන්න පුලුවන් ඉඩ ප්‍රමාණයක් නැති වෙනවා.ඒවගේම පොඩි දුර්ගණ්ධයක් එන්නත් පුලුවන් නේ. ඒ ගැන මොකක්ද්ද අදහස?

    තව සැලකිලිමත් විය යුතු වෙනත් කරුණු තිබේද?
    waste water pit එකේ ඉඳන් තියන පළවෙනි manhole එකේ ඉඳන් vent pipe එකක් උඩට යවන්න. ගඳවල් ඒකෙන් යයි

    අඩි 9ක් වත් ගැඹුර ඕනෙ

    පොළවට යට කරල තමයි හදන්නෙ උඩට පේන්න තියන්නෙ නෑ. පියන සම්පූර්ණයෙන් අරින්නෙ නෑ පියනෙ තව පොඩි හතරැස් hatch එකක් තියනව
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඒක ඇත්ත. ඒත් මේකේ විද්‍යාත්මක පැත්තක් නැද්ද? සුලන් හමන දිශාව අනුව සහ ගලි වල තියෙන දිශාව අනුව සම්හරවිට ගේ පැත්තට ඇතුලට ගද එන්න පුලුවන් වගේ එකක් නිසා මේකේ ඒ ඒ දිශාවන්ට සුදුසු හැදුවොත් හොදයි කියන වගේ එකක්?
    vent pipe එක වහලෙ sheet වල level එකට පොඩ්ඩක් උඩට එන්න උස්සන්න. කොහෙන් හුළං ආවත් යනව එතකොට. අවුරුද්දෙ එක එක කාල වල එක එක දිශාවෙන් හුළං එනව එක පැත්තකින් විතරක් නෙමේ
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    waste water pit එකේ ඉඳන් තියන පළවෙනි manhole එකේ ඉඳන් vent pipe එකක් උඩට යවන්න. ගඳවල් ඒකෙන් යයි

    අඩි 9ක් වත් ගැඹුර ඕනෙ

    පොළවට යට කරල තමයි හදන්නෙ උඩට පේන්න තියන්නෙ නෑ. පියන සම්පූර්ණයෙන් අරින්නෙ නෑ පියනෙ තව පොඩි හතරැස් hatch එකක් තියනව
    අඩෝ මන් බලපු පියනේ ඔය වගේ හත්‍රැස් hatch එකක් තිබ්බේ නෑ නේ. :baffled: :baffled: :baffled: ඇත්තම කිව්වොත් ඒ වගේ පියන් කොහෙවත් තිබ්බේ නෑ.