ගොඩක් සතුටු දවසක්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නෙට් එකේ වලිත් වලිද බං??

    එක වලියයි උබ ලින්ඩා කැල්ල අත හැරියා නෙහ්:P

    නෙට් එකේ වලිත් වලිද බං?? ඉස්කෝලේ යනකාලේ පන්තිවල කොන්වෙලා හැම එකාගෙන්ම ටොකුකාල හිපාටු වුන උන් ඉස්කෝලෙන් අවුට්වෙලා මනෝ විකාරෙන් වීරයෝ වෙන්න නෙට් එකේ දැඟලුවට පාරකට තොටකට බැස්සහම අර පරන හිපාටුවම තමයි. ඒ වගේ වීරයන්ට චූ බරක් හැදුනත් අයිනකට ගිහින් පඳුරකට චූකරන්නවත් ගටක් නෑ...... ඕකයි යතාර්තය.:yes:

    (*සිරිපාලය වුනත් මට කොච්චරනම් බැනල ඇත්ද.... මම ඌ ගැන හිතන් ඉන්නෙත් එහෙමයි..... LOL:shocked::lol::lol:
    තව වලියක පෙරනිමිති පේනවා..... මම මාරු.....

    මම නම දාන එක පොඩ්ඩක් නැවැත්තුවේ, නම හින්දා දාන කමෙන්ට් එක ටිකක් මිස්ලීඩ් වෙනව වගේ හිතෙන නිසා.

    ලින්ඩා.....
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,642
    8,840
    113
    kandy
    මටත් ආසයි ..එත් තනියම කටිනයක් කරන්න තරම් තාම ආර්ථික ශක්තියක් නැ බන්..උබ වගේ උන් ඉපදෙන්නේ ලංකාවේ පිනට මචන්..
    තෙරුවන් සරණයි..
    බාරගත් කටිනයත් කිසිම ගැටළුවක් නැතුව කරන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne

    ගොඩක් ස්තූතී!!!!!!!
    මචන්zz කඨිනයකට යටත් කරලා ඉදිකට්ටක් පුජාකරත් කඨින ආනිශන්සම ලැබෙනවා. මචන් පිනක් කරද්දි ඒකේ ප්‍රමානය වැදගත් වෙන්න නෑ අපෙ සිතුවිල්ල තමා වැදගත් වෙන්නේ. කොහොමහරි ජිවිතයෙදි එක සැරයක් වත් කඨින පින්කමකට සම්බන්ද වෙන්න, නිවන් දකිනකල්ම ඒ පින තියනව.
    :yes::yes::yes:
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    පින් කරන්න පුලුවන් උන් මේ වගේ පුලු පුලුවන් විදියට පින් කරගනිල්ලා:yes:... ඒ අතින් ලංකාවේ ඉන්න උඹල වාසනාවන්තයි. මෙහේ තියෙන පන්සලකට ගියොත් මහනමගේ ඉඳන් පහලට යනකන්ම ඉන්නේ රජ බඩුකාරයො:angry:, නැත්නම් බිස්නස් කාරයො:angry:. උන් දන්නේ උන් කඩන පන්සිල් අපිට කියල රක්කවල ගතමනාව හොයන් ගෑනුටිකයි ලමයි ටිකයි රන්කරන්න විතරයි.:angry: සිවුරට තියෙන ගෞරවය හින්දා තක්කඩින්ට දනගහල වඳින්නයි, අතින්කයිට් කරන් උන්ගේ දරු පවුල් වලට කන්න බොන්න දෙන්නයි වෙන නිසා මම මෙහේ පන්සල් යන් නෑ:dull:

    හිත සතුටින් බත් පැකට් එකක් අරන් පාරට බැස්සහම අඩුගානේ පාරේ හිඟන්නෙක් තියා බල්ලෙක් පූසෙක්වත් නෑ කන්න වේලක්වත් දෙන්න:no:. කරුමෙට පූසෙක් හරි සෙට් වුනත් උන් කන්නේ උන්ටම හදපු ටින් කරපු කෑම විතරයි:angry:. පාරේ පැයක් හමාරක් කරක්ගැහුවහම ආතක් පාතක් නැති අප්‍රිකානු හම්බයෙක් හරි වෙරි මරගාතේ ඉන්න රුමේනියානු හොරෙක් හරි හොයාගන්න පුලුවන්. ඒත් උන්ට කන්න දෙනවට වඩා හොඳයි බත් එක විසික්කරල දානව.:baffled: (මට ඇත්තටම මේ සිද්දිය වුනා... අන්තිමට බත් එක ඇලකට දැම්ම මාලු හරි කයි කියල ~ උන්නම් සන්තෝසෙන් බත් ටික කෑව:yes: )

    ලංකාවේ ඉන්නකන් ඇතිවෙන්න පින් අතේ වැඩ කළා..... ඇනුවල් ලීව් 14 දාල පන්සල්වල ලිං ඉඳන් හාරල දීල තියෙනව:D. දැනටත් සල්ලි දීල අනුන්ට කියල පින් අතේ වැඩ කරවනව ඒත් ඉස්සර වගේ ඇඟට දැනෙන්නෑ..... ඒ අතින් උබලනම් ඇත්තටම වාසනාවන්තයි.:rolleyes:

    දුක් වෙන්න එපා වෙන කවුරු හරි මාර්ගයෙන් උබ හරි පිනක් කරගන්න. :yes::yes:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මචන්ලා අද මන් ලොකු පිනක් කරගත්තා ඉතින් ගොඩක් සතුටු දවසක් එකයි මෙ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ. මගෙ හිතේ ටික දවසක ඉඳලා කඨින පින්කමක් කරන්න ආසාවක් තිබුනා නමුත් අවස්තාවක් හම්බුනේ නෑ මොකද අවුරුදු ගානක් යනකල් කඨින පුජාව බාර අරන් තිබුනා.ඔය අතරේ තව පන්සලකට ගිය අවස්තාවක එ පන්සලේ ස්වාමීන්වහන්සේ දහම් පාසලක් හදන්න ගොඩක් මහන්සිවෙනවා කියලා දැනගත්තා. දැනට බිත්ති හදලා ඉතුරු ටික කරගන්න බැරුව පොල් අතු සෙවිලි කරලා තමා වහලයක් හදාගෙන තිබ්බේ. ගමේ අයත් පුලුවන් විදියට ආදාර කරලා තිබ්බා. මට එ වෙලාවේ හිතුනා පුලුවන් විදියට උදව් කරන්න ඔන කියලා. ඉතින් මන් අද දවසේ වහලෙට ඕන කරන ශීට් සහ අවශ්ය සිමෙන්ති පුජාකරා. හාමුදුරුවන්ගේ මුහුනෙ ලොකු හිනාවක් සහ සතුටක් තිබ්බා අද ලොකු බරකින් නිදහස් උනා කියලත් කිවුවා. මට ගොඩක් සන්තෝශ හිතුනා ඒ වචන ටික ඇහෙද්දිත්. ආපහු එන්න යද්දි පන්සලේ කටින පුජාව කරන්නත් අවස්තාව හම්බුනා.

    ඉතින් මෙ වගෙ ගොඩක් පන්සල් ලංකාව පුරාම තියනව. ඉල්ලීමක් විදියට කියන්නම්, ඔයාලත් පුලුවන් නම් ඒ වගෙ තැනකට පුලුවන් විදියට උදව් කරන්න.

    අද මෙ කරගත්ටු පින පින් කැමති හැමොටම අත් වෙවා, වහ වහ සසර දිකින් මිදීමට මෙ පින හේතු වේවා!

    සාදු සාදු
    සතුටු සිත්න් ඒ සියළුම පින් අනුමෝදං උනා
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    නෙට් එකේ වලිත් වලිද බං?? ඉස්කෝලේ යනකාලේ පන්තිවල කොන්වෙලා හැම එකාගෙන්ම ටොකුකාල හිපාටු වුන උන් ඉස්කෝලෙන් අවුට්වෙලා මනෝ විකාරෙන් වීරයෝ වෙන්න නෙට් එකේ දැඟලුවට පාරකට තොටකට බැස්සහම අර පරන හිපාටුවම තමයි. ඒ වගේ වීරයන්ට චූ බරක් හැදුනත් අයිනකට ගිහින් පඳුරකට චූකරන්නවත් ගටක් නෑ...... ඕකයි යතාර්තය.:yes:

    (*සිරිපාලය වුනත් මට කොච්චරනම් බැනල ඇත්ද.... මම ඌ ගැන හිතන් ඉන්නෙත් එහෙමයි..... LOL:shocked::lol::lol:
    තව වලියක පෙරනිමිති පේනවා..... මම මාරු.....

    මම නම දාන එක පොඩ්ඩක් නැවැත්තුවේ, නම හින්දා දාන කමෙන්ට් එක ටිකක් මිස්ලීඩ් වෙනව වගේ හිතෙන නිසා.

    ලින්ඩා.....

    :lol::lol::lol::lol: උබ ඉස්සර හෙන සහජීවන කාරයා නිසා මන් හිතුවේ උබ මුස්ලිම් කියලා.

    :frown::frown::frown: මන් උබ කියනවා වගේ නෙවේ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පින් කරන්න පුලුවන් උන් මේ වගේ පුලු පුලුවන් විදියට පින් කරගනිල්ලා:yes:... ඒ අතින් ලංකාවේ ඉන්න උඹල වාසනාවන්තයි. මෙහේ තියෙන පන්සලකට ගියොත් මහනමගේ ඉඳන් පහලට යනකන්ම ඉන්නේ රජ බඩුකාරයො:angry:, නැත්නම් බිස්නස් කාරයො:angry:. උන් දන්නේ උන් කඩන පන්සිල් අපිට කියල රක්කවල ගතමනාව හොයන් ගෑනුටිකයි ලමයි ටිකයි රන්කරන්න විතරයි.:angry: සිවුරට තියෙන ගෞරවය හින්දා තක්කඩින්ට දනගහල වඳින්නයි, අතින්කයිට් කරන් උන්ගේ දරු පවුල් වලට කන්න බොන්න දෙන්නයි වෙන නිසා මම මෙහේ පන්සල් යන් නෑ:dull:

    හිත සතුටින් බත් පැකට් එකක් අරන් පාරට බැස්සහම අඩුගානේ පාරේ හිඟන්නෙක් තියා බල්ලෙක් පූසෙක්වත් නෑ කන්න වේලක්වත් දෙන්න:no:. කරුමෙට පූසෙක් හරි සෙට් වුනත් උන් කන්නේ උන්ටම හදපු ටින් කරපු කෑම විතරයි:angry:. පාරේ පැයක් හමාරක් කරක්ගැහුවහම ආතක් පාතක් නැති අප්‍රිකානු හම්බයෙක් හරි වෙරි මරගාතේ ඉන්න රුමේනියානු හොරෙක් හරි හොයාගන්න පුලුවන්. ඒත් උන්ට කන්න දෙනවට වඩා හොඳයි බත් එක විසික්කරල දානව.:baffled: (මට ඇත්තටම මේ සිද්දිය වුනා... අන්තිමට බත් එක ඇලකට දැම්ම මාලු හරි කයි කියල ~ උන්නම් සන්තෝසෙන් බත් ටික කෑව:yes: )

    ලංකාවේ ඉන්නකන් ඇතිවෙන්න පින් අතේ වැඩ කළා..... ඇනුවල් ලීව් 14 දාල පන්සල්වල ලිං ඉඳන් හාරල දීල තියෙනව:D. දැනටත් සල්ලි දීල අනුන්ට කියල පින් අතේ වැඩ කරවනව ඒත් ඉස්සර වගේ ඇඟට දැනෙන්නෑ..... ඒ අතින් උබලනම් ඇත්තටම වාසනාවන්තයි.:rolleyes:

    කියන්න කනගාටුයි මචන්මෙහෙත් තියෙන්නේ ඔය තත්වෙම තමයි. ගෙදර උදේ හවස බුදු පහන තියල උදේට බුද්ධ පූජාව තියල වඳිනවා ඇරෙන්න පන්සල් යන්නනම් හිත දෙන්නේ නැහැ . තත්වය ඒ තරමටම පිරිහිලා. ගජරාමෙට කෙරෙන්නේ වෙන ව්‍යාපාර තමයි ඉතින්. හිතින් හරි දේවේශ කරලා පව් පුරවගන්නවට වඩා හොඳයි ඒ තැන්වලට නොගිහින් ගෙදර බුදුන් වැඳගෙන ඉන්න එක.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පුලුවනිනම් පිටරටවල ඉන්න අපිට ඔබතුමාගේ කථින පින්කමට සහභාගිවෙන්න අවස්තාව දෙන්න. කථින පිංකම ලං වෙද්දී කැමතිනම් විතරක් බැංකු ගිණුම් අංකයක් දෙන්න අපිට පුළු පුළුවන් විදිහට කථින පූජාවට සහභාගී වෙන්න. ගිණුම් අංකය ත්‍රෙඩ් එකේ දාන්න ඕන නැහැ. සහභාගිවෙන්න කැමති උදවිය pm කරලා ඉල්ලගනිවී.
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    කියන්න කනගාටුයි මචන්මෙහෙත් තියෙන්නේ ඔය තත්වෙම තමයි. ගෙදර උදේ හවස බුදු පහන තියල උදේට බුද්ධ පූජාව තියල වඳිනවා ඇරෙන්න පන්සල් යන්නනම් හිත දෙන්නේ නැහැ . තත්වය ඒ තරමටම පිරිහිලා. ගජරාමෙට කෙරෙන්නේ වෙන ව්‍යාපාර තමයි ඉතින්. හිතින් හරි දේවේශ කරලා පව් පුරවගන්නවට වඩා හොඳයි ඒ තැන්වලට නොගිහින් ගෙදර බුදුන් වැඳගෙන ඉන්න එක.

    සහතික ඇත්ත මචන්
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    පුලුවනිනම් පිටරටවල ඉන්න අපිට ඔබතුමාගේ කථින පින්කමට සහභාගිවෙන්න අවස්තාව දෙන්න. කථින පිංකම ලං වෙද්දී කැමතිනම් විතරක් බැංකු ගිණුම් අංකයක් දෙන්න අපිට පුළු පුළුවන් විදිහට කථින පූජාවට සහභාගී වෙන්න. ගිණුම් අංකය ත්‍රෙඩ් එකේ දාන්න ඕන නැහැ. සහභාගිවෙන්න කැමති උදවිය pm කරලා ඉල්ලගනිවී.

    මන් කියන්නම් මචන් සල්ලි දෙනවට වඩා ද්‍රව‍ය ආදාර දෙන්න පුලුවනන්ම් වටිනව ඔයගෙ මෙහෙ ඉන්න කෙනෙක් මාර්ගයෙන් මට නුවර සහ කොලබට එන්න පුලුවන්.ලන් වෙද්දි කියන්නම්. නැතත් හැමොටන පින් අයිති වෙනවා. වෙසක් පොයට ගල්ගමුවේ පන්සලකට යන්න හිතාගෙන ඉන්නව මචන් එ පන්සලෙ හාමුදුරුවො ගොවිතැන් කරලා දරපලලා තමා පොඩි හාමුදුරුවරුන්ටයි පන්සලෙයි වැඩකරන්නේ.එහේ තියන අඩුපාඩු බලලා මන් කියන්නම්.

    මචන් උබට පුලුවන්නම් රුවන්මැලිසෑයේ ආලොක පූජාව බාරගන්න. දවසකට 1200ක් වගෙ මුදලක් යන්නේ. මන් එකත් කරනවා( අභයගිරි චෛත්යෙත් කරනවා ). එක ලොකු පිනක්.බුදුහාමුදුරුවන්ට පුජාකරාවගේ පිනක් මචන් ද්‍රෝනයක් දාතීන්වහන්සේලා වැඩ ඉන්නවා. පුදුම සන්තොශයක් තියන්නෙ බන්,මතක් වෙද්දි. මන් අනුරාදපුරේ ලගකදි ගියොත් කියන්නම්. උබෙ විස්තර එවපන්. ඉතුරු ටික මන් කරන්නම්.
     
    Last edited:

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    anivaa

    යාලුවනේ, අපේ රටේ මිනිස්සු ගොඩක් දේවල් කරන්නෙ එක එක රැලි වලට අහුවෙලා ඒත් ගොඩක් ඒ රැලි සමාජ යහපතට නෙමෙයි,එලකිරියෙ ඔබ වැනි පිරිස්ද ඉන්න බව අහන්නත් සතුටුයි.

    යාලුවනේ මේ ත්‍රේඩ් එක නම් කරල තිබුනෙ "ගොඩක් සතුටු දවසක්" කියල මම ඉල්ලන්නෙ අපි අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගමු අපි එකිනෙකා අපේ පන්සල් වෙනුවෙන් බුදු සසුන වෙනුවෙන් කරන පින්කම් සදහන් කරන්න අනිත් අයටත් පින් කරන්න හිතෙන විදිහට ...

    දැන් ඉවසුවා ඇති...අපේ ගම් වල රස්තියාදු ගහපු කොල්ලො කෙල්ලො ටික එකතු කරගෙන
    රුවන්වැලිසැය වගෙම අපෙ ගම් වල පොල් අතු මඩු පන්සලටත් ගඩොල් කැටයකින් හරි උදවු කරන තරුණ පිරිසක් අපි හදමු.ඒකට හොදම තැන හැටියට මමනම් දකින්නෙ එලකිරිය.

    මොකද හිතන්නෙ මේ අදහස ගැන.අපේ ගොඩක් දන්නෙ නැ රුවන්වැලිසැය එක දවසක් ආලොකමත් කරන්න යන්නෙ රුපියල් 1200ක් කියලවත්..ඒක ලොකු අඩුවක්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් කොළඹ නුවර එවන්න පුළුවන් කෙනෙක් නැහැ . සල්ලි කිව්වට ලොකු සල්ලියක් නෙවෙයි. රුපියල් දෙතුන් දාහක් මට දෙන්න පුළුවනි. එක ගැන මහා ලොකු විනිවිදභාවයක් මට ඕන නැහැ. මම දුන්නයින් පස්සේ එක දීල ඉවරයි. මම දෙන්නේ කටින පිංකම වෙනුවෙන්. ඒ පින මට ලැබෙන්නේ මම දුන්න වෙලාවේම . ඒ මුදල් උඹ යොදන්නේ කටින පින්කමට කියල මට විශ්වාසයි. උඹ වංචාවක් කරොත් ඒ පව් උඹටයි. ඒ හින්ද කටිනය තියෙන කාලේ වෙද්දී අපිට ත්‍රෙඩ් එක අලුත් කරලා මතක් කරලා දීපන්. එතකොට මම උඹෙන් ගිණුම් අංකය ඉල්ලගන්නම්.
     
    • Like
    Reactions: siripaala

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    යාලුවනේ, අපේ රටේ මිනිස්සු ගොඩක් දේවල් කරන්නෙ එක එක රැලි වලට අහුවෙලා ඒත් ගොඩක් ඒ රැලි සමාජ යහපතට නෙමෙයි,එලකිරියෙ ඔබ වැනි පිරිස්ද ඉන්න බව අහන්නත් සතුටුයි.

    යාලුවනේ මේ ත්‍රේඩ් එක නම් කරල තිබුනෙ "ගොඩක් සතුටු දවසක්" කියල මම ඉල්ලන්නෙ අපි අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගමු අපි එකිනෙකා අපේ පන්සල් වෙනුවෙන් බුදු සසුන වෙනුවෙන් කරන පින්කම් සදහන් කරන්න අනිත් අයටත් පින් කරන්න හිතෙන විදිහට ...

    දැන් ඉවසුවා ඇති...අපේ ගම් වල රස්තියාදු ගහපු කොල්ලො කෙල්ලො ටික එකතු කරගෙන
    රුවන්වැලිසැය වගෙම අපෙ ගම් වල පොල් අතු මඩු පන්සලටත් ගඩොල් කැටයකින් හරි උදවු කරන තරුණ පිරිසක් අපි හදමු.ඒකට හොදම තැන හැටියට මමනම් දකින්නෙ එලකිරිය.

    මොකද හිතන්නෙ මේ අදහස ගැන.අපේ ගොඩක් දන්නෙ නැ රුවන්වැලිසැය එක දවසක් ආලොකමත් කරන්න යන්නෙ රුපියල් 1200ක් කියලවත්..ඒක ලොකු අඩුවක්..

    ela ela machan.. hoda adahasak..