ගොන් පාට් රඟපාන්න එපා රෝහිත
වත්මන් ආණ්ඩුව යටතේ පොලීසිය “ගොන් පාට්” වැඩ නොකර සිටිය යුතු බවට ඊයේ (06) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අවධාරණය කළේය.
රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමට අදාළව පොලීසියේ හැසිරීම සම්බන්ධයෙන් අප්‍රසාදයක් ඇතිවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
පොලීසියත් රන්ජන් රාමනායක මහතා සමඟ “ගොන් පාට්” රඟපෑමට ගිය විට එම ස්ථානය සම්පූර්ණයෙන්ම සිනමාහලක් බවට පත්වන බවයි හෙතෙම කියා සිටියේ.
මේ වන විට රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළම විවේචනාත්මක කතාබහක් මතුව තිබෙන අතර සමස්ත සිදුවීම සම්බන්ධයෙන් දිගින් දිගටම පොලීසියට චෝදනාව එල්ලවෙමින් තිබේ.

.