මචන්ල අපේ අම්ම පට්ට බයක් බන් තියෙන්නෙ මොනව කරන්න ගියත්!!
මම දවසක් ගෙදරින් පිට හිටියත් කෝල් කරනව කෝල් කරනව ඉවරයක් නෑ.
අනිත් එක තමයි මම මොන වැඩේ කරන්න ගියත් එපා කියනව කෑමක් කන්න හැදුවත් මොනවහරි ලෙඩක් හැදෙයි කියල කියනව.කිසිම සමාජ ආශ්රයක් නෑ.මල ගෙදරක මගුල් ගෙදරක යන්නෙ නෑ.මම යන්න හැදුවොත් ඒකටත් එපා කියනව.අනිත් එක මගෙ යාලුවො එහෙම පේන්න බෑ. ඉස්සර ඉඳන්ම හැම මගුලටම පස්ස ගහන සීන් එකක් තමයි තියෙන්නෙ.බිස්නස් එකක් කරන්න ගියත් එපා කියල හේතු 1000ක් කියනව හරියන්නෙ නැති.අම්ම රජයෙ රස්සාවක් කරල දැන් පෙන්ෂන් ගිහින් ගෙදර තමයි ඉන්නෙ.මම දන්නව එයාට තියෙන්නෙ Social Anxiety disorder,General anxiety disorder,depression වගේ mental disorder ekak කියල.ඒත් බෙහෙත් ගන්න යන්න කතාකරොත් කියනව මට පිස්සු නෑ පිස්සු තියෙන්නෙ උඹට කියල.අනේ මන්ද බන් මොනව කරන්නද කියල මටනන් දැන් පිස්සු වගේ ගෙදරිනුත් කොහෙටහරි යන්න හිතිල තියෙන්නෙ.මම කලින් ජොබ් 2ක් කරා එවත් නවත්තල දැන් ගෙදරට වෙලා ඉන්නෙ අලුත් ජොබ් වලට apply කර කර.මමත් මේ සීන් හින්දම කාලයක් anti-depressant ඉඳන් ගත්ත.උඹලගෙත් මේ වගේ අම්මල ඉන්න අය ඉන්නවද? මොකක්ද කරේ හොඳ කරගන්න?