උඹ දන්නවද ඔය ලාල්කාන්තලට, විජිතලට වසන්තලට එහෙම තියෙන දේපල? කවුද ඒවා බලාගන්නේ එහෙම කියලා? උඹ හිතනවද උන්මේ පක්ෂෙන් කාලා ඉන්නේ කියලා? උන් පට්ට බිස්නස් කාරයෝ බන්. උන්ගේ සල්ලි බලන්නේ උන්ගේ නෑදෑයෝ. ඒ නිසා තමයි අර බිල්ඩිම මාමන්ඩිගේ, මේ වත්ත නැන්දම්මාගේ කිය කියා ශේප් වෙන්නේ. අනුරලගේ කෙරුවාව ගෝටලා දන්නවා බන් ගෝටලාගේ කෙරුවාව අනුරයා දැනගන්න කලින්. ඌ මේ එළියේ පුස් ටෝක් දුන්නට ඕකා වචනයක් කියයිද බලපන් හිරේ ගියත්.ඔය මචං උඹලා ෆේස්බුක් එකෙන් අනුරලා ගැන හොයන එකේ අවුල.උඹ දන්නවද මහින්ද 2015 ජනාධිපතිවරණෙට චීනෙන් සල්ලි කුට්ටියක් ගත්තා කියලා.අනුර පාර්ලිමේන්තුවේ ඒ සල්ලි දාපු එකවුන්‍ට් එක,මෙහෙන් ගිය එකවුන්ට් එක, ඒක කවුද ගත්තේ ඒ ඔක්කොම එක්ක තමා එලි කරේ. මේවා අර උඹ ඊයෙ කීව බොරු ෆෝබ්ස් මඩ නෙවෙයි මතක ඇතිනේ නිව් යෝක් ටයිම්ස් පත්තරෙන් ඔක්කොම ඇදපු හැටි.මහින්දත් රෙදි නැති වෙන නිසා කිසිම දෙයක් කරන් නැතුව ඒක යට යන්න ඇරියා.අන්න ඒ වගේ තමයි ඔය ඔක්කොම චෝදනා.එකක් වත් බොරු නෙවෙයි.ඔක්කොම සාක්ෂි ඇතුව කරන්නේ.උඹලා බලන්නේ කවුරුහරි බයියෙක් එඩිට් කරපු විනාඩියේ දෙකේ වීඩියෝ කෑලිනේ.ඒව බලල සම්පුර්ණ කතාව ගැන අදහසක් එන් නෑ.