ගෝමරියේ සමාවෙයන් පොඩි මැණිකෙට..
"ගෝමරියේ සමාවෙයන් පොඩි මැණිකෙට..!"
•••••••••••••••••••••••••
"'කොළඹ' ඉඳන් හැල්මේ මම
එනකොට මම එක පිම්මට
රේල්පාරෙ නුඹ හිටියට
හිතුවෙම නෑ මම නිකමට
දිවිය නුඹේ දෙයි බිල්ලට...!
'පොඩි මැණිකේ' යකඩ ගොඩක්
රටේම උන් ගතු කිව්වට
දැනෙනව දුක යකඩ හිතට
නාඹර නුඹෙ තුරුණු ගතින්
නතර නොවී මම ගියාට...!
කකා 'අඟුරු' මම දිව්වට
කරබාගෙන මම උන්නට
දැනෙනව මට ඒ දරු දුක
අම්මල නුඹෙ බනීද මට
නුඹ අහිමිව ගිය වරදට...!
කෙනෙක් නුඹට දුක් දුන්නට
වටිනව නුඹ නුඹෙ 'අම්මට'
වටිනව නුඹ නුඹෙ 'අප්පට'
හිතුවෙ නැත්තෙ කිම ඒ ගැන
මරු තුරුලට පෙර යන්නට...!
ඉපදිල නුඹ මතු භවයක
ගොඩවෙල මේ 'රේල්ලුවට'
'කොළඹට' අපි යමු දවසක
ගෝමරියේ නුඹ දුන් දුක
බෝම වැඩියි 'පොඩි මැණිකෙට'...! "
~මං පොඩි මැණ්කේ~
~මෙත්මල්~
කොල්ලෙක් මැරුණානම් මෙය මෙසේම සිදු වෙවිද ? ලංකාවේ මිනිසුන්ගේ ගොබ්බ මානසිකත්වය මෙයද ?
"ගෝමරියේ සමාවෙයන් පොඩි මැණිකෙට..!"
•••••••••••••••••••••••••
"'කොළඹ' ඉඳන් හැල්මේ මම
එනකොට මම එක පිම්මට
රේල්පාරෙ නුඹ හිටියට
හිතුවෙම නෑ මම නිකමට
දිවිය නුඹේ දෙයි බිල්ලට...!
'පොඩි මැණිකේ' යකඩ ගොඩක්
රටේම උන් ගතු කිව්වට
දැනෙනව දුක යකඩ හිතට
නාඹර නුඹෙ තුරුණු ගතින්
නතර නොවී මම ගියාට...!
කකා 'අඟුරු' මම දිව්වට
කරබාගෙන මම උන්නට
දැනෙනව මට ඒ දරු දුක
අම්මල නුඹෙ බනීද මට
නුඹ අහිමිව ගිය වරදට...!
කෙනෙක් නුඹට දුක් දුන්නට
වටිනව නුඹ නුඹෙ 'අම්මට'
වටිනව නුඹ නුඹෙ 'අප්පට'
හිතුවෙ නැත්තෙ කිම ඒ ගැන
මරු තුරුලට පෙර යන්නට...!
ඉපදිල නුඹ මතු භවයක
ගොඩවෙල මේ 'රේල්ලුවට'
'කොළඹට' අපි යමු දවසක
ගෝමරියේ නුඹ දුන් දුක
බෝම වැඩියි 'පොඩි මැණිකෙට'...! "
~මං පොඩි මැණ්කේ~
~මෙත්මල්~
කොල්ලෙක් මැරුණානම් මෙය මෙසේම සිදු වෙවිද ? ලංකාවේ මිනිසුන්ගේ ගොබ්බ මානසිකත්වය මෙයද ?








