ගෝල්ෆේස් නත්තල් ගස සෑදීම නැවත්වීම ගැන අශ&#3549

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.


    මැල්කම්ට පිස්සු බන්. පොර උග්‍ර මහින්දවාදියෙක්ද කොහෙද ??
    බෞද්ධ බහුතරය කෙරෙ වලියක් අවුලවන්න දුන්න ආතල් එකක් මට නම් පෙන්නෙ.
    ඔච්චර දුප්පතුන්ට දෙනවානම් දීපල්ලාකො පල්ලියට හම්බ වෙන සල්ලි ටික .ආගමික සිද්ධස්ථාන බොහොවිට සියලු බදුවලින් නිදහස් මන් දන්න විදියට. මුන් ඔක්කොම කුණා ගහලා මෙතන ප*යක් කතා කරනවා.

    හදන්න එපා නම් හදන්න එපා කියලා ඕක පටන් ගද්දිම කියන්න ඕන දැන් කියන්නේ නැතුව.
    මොකද ඕක හොරෙන් කරන්න ගත්තේ නෑ නේ.
    මිඩියා පබ්ලිසිටි එකක් එහෙම දීලානේ ඕක හදන්න ගත්තේ.
    භාගයක් හදාගෙන එද්දි කියනවා අරකයි මේකයි කියලා.
    අපේ මිනිස්සුත් ඉතින් පුද්ගලයාට කරන ගරු කිරිමක් විදියට නැවැත්තුවා.
    අපරාදේ සල්ලි.
    ඕක හැදුවානම් දුප්පත් මිනිහෙක් එදාට ගෝල් ෆේස් එකේ බොම්බයි මොටයි විකුණලා හරි වැඩිපුර කීයක්හරි හොයාගනිවි.
    දැන් ඒකත් නෑ.
    දේශපාලනේ තමා බන් ඕක පිටිපස්සේ තියෙන්නේ.
    වෙන දෙයක් නෙවෙයි.

     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    පොනිලුත් එකයි. මැල්කම් රන්ජිතුත් එකයි. පකයෝ දෙන්නාම එකයි.
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    නවත්තපු එක නම් හෙන ගොන් වැඩක්..
    ලංකාව ලෝකෙට යන්න තිබුන අවස්ථාවක්..
    නැති උනා..

    මැල්කම් ලොක්කා ලංකාවේ සෙට් එකක් අතර පොර උනා විතරයි..

    මේ රටේ බහුතරය එදා ඉදලම කරන්නේ ඔය වගේ බොරු වැඩ තමා..
    24 රෑට ලංකාවේ පල්ලි වල කරන නාස්තියක්..
    එතකොට 25 ගෙවල් වල වෙන නාස්තියක්..
    එව්වා ඔය මනුස්සයාට අදාල නැද්ද දන්නෑ නේ.. :/
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ewa wikunanna hari thiye kohomada badumkare.:rofl:

    බැඳුම්කර යනු මොනවද?
    වංචාවක් සිදුවුයෙ කෙසෙද ??

    මම දන්නේ නැති නිසා අහන්නේ.
    ඔය ප්‍රශ්න දෙකට ඩිරෙක්ට් උත්තර දියන්කෝ උබට තේරෙන විදියට.

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    බැඳුම්කර යනු මොනවද?
    වංචාවක් සිදුවුයෙ කෙසෙද ??

    මම දන්නේ නැති නිසා අහන්නේ.
    ඔය ප්‍රශ්න දෙකට ඩිරෙක්ට් උත්තර දියන්කෝ උබට තේරෙන විදියට.



    උඹ බයවෙන්න එපා මහබැංකුව හොරා කෑවා කියලා තප්පුලන එක බයියෙක් මෙකට හරි උත්තරයක් දෙන්නෙ නැහැ. ඔනෙම වෙන එකෙක් කිව්ව වීඩියො එකක් දාවි ,එහෙමත් නැත්තම් ලියපු ආර්ටිකල් එකක් කොපි පෙස්ට් කරාවි . ඒ කරලත් ඔකෙ වංචාව වුණෙ කොහොමද කියලා ඔකුන් කියන්නෙ නැහැ .:lol: :lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඹ බයවෙන්න එපා මහබැංකුව හොරා කෑවා කියලා තප්පුලන එක බයියෙක් මෙකට හරි උත්තරයක් දෙන්නෙ නැහැ. ඔනෙම වෙන එකෙක් කිව්ව වීඩියො එකක් දාවි ,එහෙමත් නැත්තම් ලියපු ආර්ටිකල් එකක් කොපි පෙස්ට් කරාවි . ඒ කරලත් ඔකෙ වංචාව වුණෙ කොහොමද කියලා ඔකුන් කියන්නෙ නැහැ .:lol: :lol:

    ඒක තමා මාත් මේ බැලුවේ.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    එදා එයා මෙහෙමයි, මෙදා මෙහෙමයි

    “I sent a priest to visit the site and I am also sending food every two days. The church has agreed to provide Catholic students to help out with less strenuous jobs like decorating the tree,” the cardinal said."

    දිනය නොවැම්බර් 7 කියලා තියෙන්නෙ
    අද දිනය දෙසැම්බර් 7... ඒ කියන්නෙ හරියටම මාසයක් යනකන් / ලක්ෂ 60 ක් වතුරේ යනකන් කාදිනල් එක්ක දෙවියො කතා කරලා නෑ..
    කාදිනල්ගෙ රෙදි නෑ
    අපි අයින් විලා පයින් යමු පුතී... මේවා වති "කානුවට" එරෙහි කුමන්ත්‍රණ
    #කාදිනල්_ආතල්

    onna news source eka - http://www.cbcpnews.com/cbcpnews/?p=86967


    oya FB post eka issuwe mugen - https://www.facebook.com/don.supz?fref=ts
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    නත්තල් ගස,කාදිනල් සබැඳි පෝස්ට් සියල්ලම පාහේ උපහාසය දනවන ලෙස පල කල බැවින් වැරදි අර්ථ නිරෑපන සන්නිවේදනය වන්නට ඇත. එමනිසා සීරියස් ලියමි 😂
    මා හැදුනේ වැඩුනේ කතෝලික පරිසරයක් තුලය..අධ්‍යාපනය ලැබුවේ කතෝලික පාසලකය.. එබැවින් කතෝලිකයා යනු කවුද , කතෝලිකයාගෙ සිතුම් පැතුම් කුමක්ද යන්නට හොඳාකාරවම දනිමි. කතෝලික දහම සමඟ සටනක් නොමැත. තමන්ගෙ පාඩුවේ වැඩක් බලාගෙන ඉරිදා පූජාවට සහභාගි වී සාමකාමිව ජීවත්වන කතෝලිකයා රටටද සමාජයටද වැඩදායී පුරවැසියකු මිස බරක් නොවන බව හොඳාකාරවම දනිමි....

    ගැටළුව ඇත්තේ කතෝලික නායකත්වය තුලය. මැල්කම් රංජිත් අගරදගුරු ධූරයට පත්වූ දින සිට කතෝලිකයා වෙනුවෙන් කල කී දෑ විමසීමට මට අයිතියක් නැත.. කතෝලිකයාට ඔහු හොඳ නම් මට ගැටළුවක්ද නැත, ඒ නැතත් මට ගැටළුවක්ද නැත. කතෝලිකයාට නැති ගැටළු මට තිබෙන්නට විදිහක්ද නැත... අවුල ඇත්තේ මැල්කම් රංජිත් රාජ්‍ය විචාලන කටයුත්තට හොම්බ දමන විටය... එවිට මට මැල්කම් වතගොත එකෙම්ම අදාල වේ. මැල්කම් මට පුජාප්‍රසාදිතුමකු නොවේ. මැල්කම් යනු කල දුටු කල වල ඉහ ගන්නා පට්ට කෛරාටික දේශපාලඤයෙකි. ව්‍යවස්ථා සංශෝධන කර්තව්‍යයෙ පටන් එකී මෙකී නොකී සියළු දෑ වල සංවේදිම මරු නිල ප්‍රමුඛ වන විටදීම කල් බලා පහර දීම මැල්කම්ගෙ සුපිරි බලයයි. ගැලරිය ආමන්ත්‍රණය කිරීමේ අති දක්ෂයකු වන මැල්කම්ට සමාන කිරීමට වත්මන් පාර්ලිමේන්තුවෙ පවා හාදයකු නැත. මැල්කම්ට සමාන කල හැකි එකම චරිතය වනාහි දහසය වන සියවස ප්‍රංශයෙ 13 වන ලූවී රජසමයෙ ජීවත් වූ "ආර්මාන්ඩ් ජෝන් ඩු ප්ලෙසි" නම් වු පසුව "කාදිනල් ඩි රිෂලු" බවට පත්වු දේශපාලඤයා පමණි.. අලෙක්සැන්දර් දූමාගේ "ත්‍රී මස්කටියර්ස්, මෑන් ඉන් ද අයර්න් මාස්ක් වැනි කෘති තුල පවා කාදිනල් රිෂලුගෙ කෛරාටික බව, උපායශීලිත්වය ගැබ් වන්නේ එතරමටම ඔහු කෛරාටිකයකු බැවිනි. ජාතික දේශපාලනය තුල නැගීම් බැසීම් සියුම්ව නිරීක්ෂණය කොට තම කෛරාටික අරමුණු කරා ජනයා මෙහෙය වීමට ඔහුද අති දක්ෂකු වීය.

    ව්‍යවස්ථා සංශෝදන කථිකාවතේදි ඓහික ව්‍යවස්ථාවෙන් තම පැවැත්මට ඇති තර්ජන හඳුනාගත් මැල්කම් ඊට සෘජුව විරෝධය පල කරනු වෙනුවට "බෞද්ධයා" වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරන ලදී.. එ් මා ලඟකදි දුටු විශිෂ්ඨතම රඟපෑමයි.ඉන් පෙර කලුතර දිස්ත්‍රික්කයේ කතෝලික පුරාවිදු ස්මාරක රක්ෂණයට රජය සුදානම් වන විට විරෝධය පල කරන ලදී..ඊයේ පෙරේදා නත්තල් ගසකට නැග නැවතත් ගැලරිය අමතන ලදී. සිදුවන්නෙ කුමක්ද යන්න නොදත් කතෝලිකයා මෙන්ම අන්යාගමිකයාද වෘක ලොම්වලට පිටින් ඇති බැටළු හමට යහමින් රැවටේ.
    මැල්කම්ට අපව රැවටිය නොහැක.. මැල්කම් යනු ඤාණසාර, ඉත්තෑකන්දෙ සද්ධාතිස්ස, රාසික් වැන්නවුන්ගෙ අප්ඩේටඩ් , ඇඩ්වාන්ස්ඩ් වර්ශන් එක පමණි. එබැවින් එකල ගැලීලියෝට, කොපර්නිකස්ට ඇවිලුනු ගින්න මෙරටේද ප්‍රගතිශීලී ජනයා දවාලන තෙක් පැතිරෙන්නට ඉඩදී අඳ, ගොලු බිහිරකු සේ නොහැසිරෙමි. එබැවින් ප්‍රස්තුතය කුමක්ද නොදැන මා හට ධර්ම දේශන‍ා කිරීමට නොපැමිණෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි...

    Source -https://www.facebook.com/don.supz?fref=ts
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    උඹ බයවෙන්න එපා මහබැංකුව හොරා කෑවා කියලා තප්පුලන එක බයියෙක් මෙකට හරි උත්තරයක් දෙන්නෙ නැහැ. ඔනෙම වෙන එකෙක් කිව්ව වීඩියො එකක් දාවි ,එහෙමත් නැත්තම් ලියපු ආර්ටිකල් එකක් කොපි පෙස්ට් කරාවි . ඒ කරලත් ඔකෙ වංචාව වුණෙ කොහොමද කියලා ඔකුන් කියන්නෙ නැහැ .:lol: :lol:
    අනේ පොඩ්ඩක් උඹේ මතය කියපංකෝ බලන්න. වංචාවක්ද නැත්නම් නීත්‍යානුකූල ගණුදෙනුවක්ද උනේ කියල බලන්න. පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. :rolleyes:

    දන්නේ නැති නිසා අහන්නේ...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    අනේ පොඩ්ඩක් උඹේ මතය කියපංකෝ බලන්න. වංචාවක්ද නැත්නම් නීත්‍යානුකූල ගණුදෙනුවක්ද උනේ කියල බලන්න. පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. :rolleyes:

    දන්නේ නැති නිසා අහන්නේ...

    මන් වෙනම ත්‍රෙඩ් එකකින් එක කියනවා ලඟදීම . :yes::yes::yes::yes::yes:එත් මෙ මෙ එලකිරියෙයි එලියෙ සමාජෙයි කට්ටිය මෙක වංචාවක් උනා බැඳුම්කර මගඩියක් උනා කිය කිය කෑමොර දෙනවා. එත් එකෙක්වත් දන්නෙ නැහැ බැඳුම්කර කියන්නෙ මොනවද කියලා සහ එකෙන් වංචාවක් වෙලා නම් ea කොහොමද කියලා. අඩුම ගානෙ එරොසන් කුක්කා කඩෙ යන විමල්වීරවංශ උන්නැහෙත් දන්නෙ නැහැ ඒ ගැන.:rofl::rofl::rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හදන්න කලින් කාදිනල්ම හදන්න කියලා , ඊට පස්සේ හදන්න එපාලු.
    කාදිනල් වෙනුවෙන් පෙනිසිටි කිරියේ සාමාජිකයින්හට හදපිරි උත්තමාචාරය.




     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලෝකේ ලොකුම ගවලෙන තියෙන්නෙත් ලංකාවෙනම් ලොකුම නත්තල් ගහ හැදුවා කියල මොකෝ බන් ... සල්ලි දෙන්නෙත් ස්පොන්ස්ර්ලලුනේ ...ගවලෙන නඩත්තුව කොහොමත් කරන එකනේ අපි ....
    නත්තල් ගහ සල්ලි නාස්තියක් විදිහට දකින මිනිහ ලොකු වෙසක් කුඩු තෝරන් වගේ ඒවාට යන වියදම් ගැන මොනවද හිතන්නේ ඇත්තටම ?
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ මේ සිංහල මාතියලා මරාගන්න එපාලා .අපිල ඔක්කොම ලබන අල්ලගෙ උපන්දිනේට ලෝකේ ලොකුම කාබා එක හදමු

    images


    අල්ලාහ් හුක්බර්
     

    shan123452

    Active member
  • Jul 16, 2011
    237
    27
    28
    වෙලාවකට හිතෙනවා මේක ෆේල් ප්‍රොජෙක්ට් එකක්වත් වුනාද කියලා
    මුන්ට හදාගන්න බැරුව වෙලා නැති නිසා වගේ
    දැන් මාස ගානක ඉදන් ඕකෙ වැඩනෙ බං නත්තල් මාසෙන් මැදකටත් ලං වෙන්න
    ගහේ බාගෙකවත් ස්ට්‍රක්ච එක ගහලා නෑ

    මට නිකං හිතුන අදහසක් විතරයි

    එනිවේ කාඩිනල් කිව්ව කතාවෙ ඇත්තකුත් තියෙනවා
    කිව්ව වෙලාවයි වැරදි.

    :yes::yes::yes::yes:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මහජන මුදල් ලක්ෂ 60 ක් ගෙඩිය පිටින් මහ මුහුදේ ගිල්ලමින් සහ මිල කළ නොහැකි විශාල දේපොල විනාශයක් ගෝල්ෆේස් පිට්ටනියට සිදුකරමින් වරාය ඇමැති අර්ජුන රණතුංග සහ එහි සභාපති ධම්මික රණතුංග නමැති නීලකාස සහෝදර හොර දෙටුවන් දෙදෙනා අද ගෝල්ෆේස් පිට්ටනියේදී සිය ඇඳිවත් උනා නිරුවත් වූහ..

    ඒ ලෝකයේ උසම නත්තල් ගස ගෝල්ෆේස් පිට්ටනියේ ඉදිකිරීමට ගොස් හොම්බ බිම ඇන ගැනීමෙනි.

    ගිනස් වාර්තාවක් තැබීමට කියා පසුගිය අගෝස්තු 18 දා ලෝකයේ උසම නත්තල් ගස හැදීමට මුල් පස් පිඩැල්ල කපමින් අර්ජුන රණතුංග මාධ්‍යයට කීවේ “තමාට දෙවැනියා වෙන්න බැරි නිසා ලෝකයේ උසම නත්තල් ගහ හදන“ බවයි.

    කිතුනුවන් බහුතර පිරිසක් ජීවත් වන ඇමරිකාව එංගලන්තය ඉතාලිය ප්‍රංශය ඕස්ට්‍රේලියාව කැනඩාව වැනි ධනවත් රටවල් වලට ලෝකයේ උසම නත්තල් ගස් හැදීමට අපට වඩා අපූරුවට හැකියාවක් තිබුනද එම රටවල් එවැනි ගොං වැඩක් කරන්නට නොයන්නේ නත්තල යනු කාගේවත් පම්පෝරිය අටවන උත්සවයක් නොව දුප්පතා වෙනුවෙන් ක්‍රියාත්මක වන ආගමික උත්සවයක් වන බැවිනි. ඒ රටවල පාලකයන් සහ සමාගම් නත්තල වෙනුවෙන් බොහෝ දෑ දුප්පතා වෙනුවෙන් නොමිලේ පරිත්‍යාග කරති. නැතිනම් මිල අඩුවෙන් ලබා දෙති. කොටින්ම කීවහොත් විස්කි පවා සිතා ගත නොහැකි තරම් අඩුවට දුප්පතාට ලබා දෙති. එය අපේ දන්සැල් ක්‍රමය වැනි ස්වේච්ඡා ව්‍යාපාරයකට එහා ගිය රාජ්‍ය සහ පෞද්ගලික ක්‍රමයේ දැනුවත් මැදිහත් වීමකි. ඒ කිසිවක් නොතකා ගානක් ගසා කෑමේ එකම අරමුණින් අර්ජුන රණතුංග නමැති දේශපාලන ගොං බිජ්ජා ලෝකයේ උසම නත්තල් ගස හැදීමට ගොස් ඇත්තේ අඩුම ගණනේ ලංකාවේ කිතුනු ප්‍රධානියා වන අති උතුම් කාදිනල් තුමාගේවත් උපදේශයක් අනුමැතියක් ආශිර්වාදයක් නොමැතිව බව හෙලි වූයේ ඊයේ කාදිනල් තුමන් මාධ්‍ය අමතා කරන ලද ප්‍රකාශයෙනි.

    අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් කියා සිටියේ මෙය නිෂ්ඵල ක්‍රියාවක් බවත් ආගම අතකොලුවක් කරගෙන ඇති බවත් මෙය දුර්පරීක්ෂාවක් බවත් ය. “ මම දන්නේ නැහැ මේක කව්ද කරන්නේ කියලා.. අමාත්‍යාංශයක් ගැන සඳහන් කරනවා. මේක අනවශ්‍ය වියදමක්. මේ වියදමින් අපට පුළුවන් කමක් තියෙනවා නම් කාට හරි දුප්පත් කෙනෙකුට ගෙයක් දොරක් හදලා දෙන්න. එක්කෝ ශිෂ්‍යත්වයක් ලබා දෙන්න. සම්පූර්ණ ගහ හදන්නේ නැතිව බාගයකින් නවත්තලා හරි ඉතුරු ටික හරි දිළිඳු අයට දෙන්න කියලා මං කියනවා. ඕනෙ නම් දිළිඳු අයට දෙන්න මේක මෙතැනින් නතර කළා කියලා බෝඩ් එකක් ඒක උඩ ගහන්න පුළුවන්“ කාදිනල් තුමන් කීහ.

    කාදිනල් තුමා පවා එපා කියන අර්ජුනගේ ගිනස් වාර්තා තැබීමට ගිය නත්තල් ගස අද එතැනින් නතර කරන බව වරාය අමාත්‍යාංශයේ මංගල පී ගුණසේකර නමැත්තෙක් මාධ්‍ය හමුවක් තබා ප්‍රකාශ කෙළේය. ඔහු ප්‍රකාශ කර සිටියේ ලක්ෂ 120 කින් මෙය හැදීමට සැලසුම් කළ බවත් දැනට ලක්ෂ 60 ක් වියදම් කර ඇති බවත් ය. එනම් මහජන මුදල් ලක්ෂ 60 ක් ගෙඩිය පිටින් දැන් මහ මුහුදේ ගිල්වා තිබේ. (ගැලවිජ්ජාවට මොවුන් කියන්නේ මේවා පරිත්‍යාග මුදල් කියාය. නමුත් කිසිදු පාරදෘශ්‍ය භාවයක් නොමැති ය)

    ඒ අනුව අර්ජුන රණතුංග සහ ධම්මික රණතුංග යන හොර දෙටුවන් දෙදෙනා ගෝල්ෆේස් පිට්ටනිය මැද අමු අමුවේ නිරුවත් වී තිබේ. ලජ්ජාවක් තිබේ නම් මුන් තනතුරු වලින් ඉල්ලා අස්විය යුතුය. නමුත් රණතුංග චෞර පවුලම ඇඳුම් අඳින්නේ ලජ්ජාවට නොව ඩෙංගු මදුරුවන්ගෙන් බේරීමට නිසා ගානක් නැතිවා විය යුතුය. මෙවැනි මෝඩ රිලව් දෙදෙනෙකුට රටක වරාය වැනි ආර්ථික මර්මස්ථානයක් බාර දුන් නායකයන්ට ද මේවා හොඳ පාඩම් ය. (ඔවුන් පාඩම් ඉගෙන ගන්නා විට රටට කෙළ වී හමාරය)

    මේ නත්තල් ගස ආරම්භ කරද්දීම වග කිව යුතු මාධ්‍යයක් ලෙස මීට විරුද්ධ වූයේ ලංකා ඊ නිව්ස් පමණි. “මහජන මුදලින් ගෝල්ෆේස්හි නයිට් රේස් පැද්ද නාමල්ගේත්, උසම නත්තල් ගස් හදන අර්ජුනගේත් වෙනස මොකක්ද? අර්ජුනගේ ගොං කම් වලට නායකයන්ගේ අප්‍රසාදය“ මැයෙන් අගෝස්තු 22 දා අප විසින් මෙහි ඇති තතු හෙළිකරමින් පුවතක් පළ කෙළේය. නායකයන් මැදිහත් වී එදා මෙය නතර කළා නම් ලක්ෂ 60 ක් බේරා ගත හැකිව තිබිණ. කෙසේ හෝ අප කී දේ අද එය සත්‍ය වී තිබේ.

    ගොල්ෆේස් පිට්ටනියට කළ විනාශය
    අද වන විට ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වී ඇති පරිදි අර්ජුනගේ ගිනස් වාර්තා දොලදුක නිසා ගෝල්ෆේස් පිට්ටනියට සිදුකර ඇති විනාශය අති මහත් ය. ගෝල්ෆේස් පිට්ටනියේ නඩත්තුව භාරකාරත්වය පවතින්නේ වරාය අධිකාරිය සතුවය. ඒ අනුව මංගල සමරවීර මහතා වරාය ඇමැතිධූරය දරද්දී ගෝල්ෆේස් පිට්ටනිය නවීකරණය කරන ලද අතර එහි තණකොල වලට වතුර ගැසීම සඳහා නල පද්ධතියක් පොළොව යටින් සවිකරන ලදී. බේරේ වැවේ වතුර මෙම නල හරහා ගෙනැවිත් තැනින් තැන වතුර මල් ආකාරයෙන් තණකොල වලට වතුර ගැසීම සිදු කෙරිණ. අර්ජුනගේ ගිනස් වාර්තා දොල දුක සංසිඳවා ගැනීම සඳහා ඉදිකිරීමට ගිය නත්තල් ගස හේතුවෙන් පෙර කී ජල නල පද්ධතියට බරපතල ලෙස හානි සිදුකර තිබේ. ජල නල නොසල්ස් ගලවා දමා විනාශ කර ඇත. සමහරක් බර වාහන වලට යට වී කැඩී බිඳී ගොස් ඇත. එපමණක් නොව තණ නිල්ල විනාශ කරමින් විශාල පෙදෙසක් ආවරණය කරමින් කොන්ක්‍රීට් තට්ටුවක් දමා තිබේ. නත්තල් ගස සමග ඉදිකිරීමට යන කානිවල් එක සඳහා ද බරවාහන ගෙන එමින් තණ නිල්ල විනාශ කර දමා ඇත. ජල නල පද්ධතියද විනාශ කර ඇත. ගෝල් ෆේස් තණ නිල්ලට බරවාහන ඇතුළු කිරීම තහනම් වුවද අර්ජුන ඒ සියල්ල නොතකා මේ විනාශය සිදුකර ඇත. ගෝල් ෆේස් පිට්ටනියේ රැස්වීම් සඳහා වේදිකා නිම කිරීමට වෙනම පෙදෙසක් වෙන්කර ඇති අතර තණ නිල්ල විනාශ නොකර පවත්වා ගැනීමට ආරක්ෂිත පෙදෙසක් වෙන් කර තිබිණ. අර්ජුන රණතුංග නමැති උද්දච්ඡ පසික්කාට්ටුවා විනාශ කර ඇත්තේ එම ආරක්ෂිත තණ නිල්ල ය. මේ විනාශය ලක්ෂ 60 කට වඩා අධික වන අතර එය යථා තත්ත්වයට පත් කළ හැකිද යන්න සැකයකි. ගෝල් ෆේස් පිට්ටනිය යනු රණතුංග පවුලේ බෝල පිට්ටනියක් නොව ජාතික වස්තුවකි. ජනමාධ්‍යන්ගේ යුතුකම වන්නේ එම ජාතික වස්තුවට රණතුංගලා කළ විනාශය සොයා වාර්තා කිරීම ය.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ආරම්බයේ ඉදන් අවසානය දක්වාම පදනමක් නැති වැඩක්නේ. ආරම්බයම අවුල්, ලොකේට බිලියන ගානක නයක් තියන තුන්වෙනි ලොකේ රටක් ලොකේ ලොකුම නත්තල් ගහට ඩොලර් අසූදාහක් වියදම් කරනවා කියන එකම විහිලුවක්. ජනවාරි 6 ඉදන් ගුවන් ගමන් 200ක් අවලන්ගු රටේ කීයටවත් දෙසැම්බර් 25 මේ නත්තල් ගහ බලන්නයි කියලා ටුවරිස්ට් උන් එන්නේ නැනේ. එහෙනම් ආදායමකුත් නැ. ලන්කාවේ මිනිස්සු ඇවිත්ය් බැලුවා කියලා ආදායමක් නැනේ. ඊලගට කෙනෙක් කිව්වොත් නත්තල් ගහක් හදන්නේ ආදායමටද කියලා, ලොකේ වානිජ නත්තලේ මූලික දේ තමයි නත්තල් ගහ. වානිජ වියාපාරයක් නත්තල් ගහාක් හැදීමේ මූලික අරමුනම තමා ලාබ ලැබීම. ලොකේ බහුතර කතොලික ක්‍රිස්තියානි රටවල නත්තල් ගහෙන් කරන්නේ ශොපින් මොල් ටවුන් සෙන්ටර් වලට මිනිස්සු අද්දවා ගැනීමෙන් සල්ලි ඉපයීම. ඒ අර්තෙන් බලුවහම මේක ඒකත් ෆේල්. මැල්කම් රන්ජිත් උන්නැහේ මොනවා කිව්වත් පටන් ගත්තේ උන්දැ කියලා නෙමෙයිනේ වරායේ උන්. එහෙනම් නවත්තන්න කියලා එයා කිව්වට මෙයාලා නවත්තන්න නම් පටන් ගත්තේ, අවසානයත් ෆේල්. කෙනෙක් මම දැක්කා ත්‍රේඩ් එකේ කියලා තියනවා දුප්පතුන්ට බෙදන්න නම් නත්තල පවත්වන්නේ 24ට කිසි දෙයක් නොකර පාන් කාලා ඉන්න පුලුවන් කියලා. නත්තලට වානිජ අර්තයක් දෙන කිසිම රටක් නත්තල පවත්වන්නේ නැ බරොව්ඩ් මනිවලින්. නත්තල යුරොපයේ උත්සවයක් හැටියට පවත්වන්නේ වානිජ මට්ටමෙන් බොහොවිට අදිම ලාබ ලබන වියාපාර සහා අතිරික්ත දනයකට හිමිකම් කියන දානපතියන්ගේ මුදලින්. බැන්කු ලොන් දාලා පොලියට සල්ලි අරන් කිසිම යුරොපා හො ඇමෙරිකානු තියා අප්‍රිකානු රටක්වත් නත්තල සමරන්නේ නැ පාටි දාලා නයට ගත්තු සල්ලිවලින්. මේ නත්තල් ගහට ඔය කියන ඩොලර් අසූදාහා ගියානම් මම හිතන්නේ මේ නත්තලේ ලන්කාවේ උන ලොකුම අපරාදය තමා මේක. ලාන්කිකයෙක් නොවෙන නිසා රට පහලට දාලා කතා කරන්න මට අයිතියක් නැ. නමුත් මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්නකොට අනුමැතිය දුන්න එකාලගේ ඉදන් ගහෙන් කාලක් හදනකන් බලන් ඉදලා කතොලික මිනිස්සුම පල්ලියට දොස්මුරේ දාන කන් ඉදලා කට ඇරපු මැල්කම් උන්නැහේ වෙනකන් ඔක්කොම උන්ට බාගෙට පිස්සු..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    දැන් මේ කාදිනල්කාරය ඕව දුප්පතුන්ට දෙයිද? පෝසතුන් අතරේ බෙදා ගනී ද? :rofl: