ගෞතම_බුදු_සසුන_දිගු_කල්_පැවැතීමට_නම්

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ගෞතම_බුදු_සසුන_දිගු_කල්_පැවැතීමට_නම්

    [FONT=&quot]ගෞතම බුදු සසුන දිගු කල් පැවැතීමට නම්[/FONT]

    [FONT=&quot]බුද්ධ[/FONT][FONT=&quot]ශාසනය යනු බුදුරජාණන් වහන්සේ නමක් විසින් ලෝකයට දායාද කරදෙන අතිශයින් ම[/FONT][FONT=&quot]පාරිශුද්ධ වූ දෙයක්. බුද්ධ ශාසනයට විවිධ නම් පාවිච්චි කරනවා. බ්‍රහ්මචරිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සද්ධර්මය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ශාස්තෘ ශාසනය ආදී වශයෙන් හඳුන්වනවා. මෙවැනි නොයෙකුත් නම් වලින්[/FONT][FONT=&quot]බුදුරජාණන් වහන්සේ විසින් ශාසනය විස්තර කරනවා. බුද්ධ ශාසනය [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]නවාංග ශාස්තෘ[/FONT][FONT=&quot]ශාසනය[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]යන නමිනුත් හඳුන්වනවා. එය අංග නවයකින් යුක්ත නිසා. අද අපෙන් කෙනෙක්[/FONT][FONT=&quot]ඇසුවොත් නවාංග ශාස්තෘ ශාසනය කුමක්ද කියලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එයට පිළිතුරක් දිය හැකි වන්නේ[/FONT][FONT=&quot]ඉතා ටික දෙනෙකුට යි. ඒ නවාංග ශාස්තෘ ශාසනය අපි ඉගෙනගත යුතුයි.[/FONT]
    [FONT=&quot]සුත්ත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගෙය්‍ය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වෙය්‍යාකරණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගාථා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උදාන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉතිවුත්තක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජාතක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අබ්භූතධම්ම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වේදල්ල යන[/FONT][FONT=&quot]නවය යි ඒ. මේ නවය පිළිබඳ සෑම බෞද්ධයකුටම දැනුමක් තිබිය යුතු යි. ඒ දැනුම[/FONT][FONT=&quot]ඇති අයට බුද්ධ ශාසනයේ යහපත උදෙසා බොහෝ දේ කළ හැකියි.[/FONT]
    [FONT=&quot]
    ඔබ[/FONT]
    [FONT=&quot]මෙසේ දරාගන්න. නවාංග ශාස්තෘ ශාසනයේ [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]සුත්ත[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]යනු බුදුරජාණන් වහන්සේ නමක්[/FONT][FONT=&quot]විසින් කරනු ලබන දේශනා වලට කියන නමක්. එය අපි සූත්‍ර යනුවෙන් සිංහලෙන්[/FONT][FONT=&quot]හඳුන්වනවා. කරණීය මෙත්ත සූත්‍රය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ධම්මචක්ක සූත්‍රය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රතන සූත්‍රය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආදී දේශනා[/FONT][FONT=&quot]වලට [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]දේශනාව[/FONT][FONT=&quot]‘ [/FONT][FONT=&quot]යන අර්ථය ඇතිව තමයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සූත්‍රය යන නම භාවිතා වන්නේ. සූත්‍ර යනු[/FONT][FONT=&quot]බුද්ධ දේශනා යි.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ගෙය්‍ය-[/FONT][FONT=&quot]යනුවෙන් හඳුන්වන්නේ සමහර සූත්‍ර දේශනා වලදී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ දේශනාව දේශනා කරන අතරතුර දී[/FONT][FONT=&quot]හෝ දේශනාව අවසානයේදී ගාථා වලින් යම් යම් දහම් කරුණු සම්පිණ්ඩනය කර[/FONT][FONT=&quot]ඉදිරිපත් කළ ඒවාටයි. මේ ගාථාවලින් කරන ලද දේශනා තමයි භාග්‍යවතුන්වහන්සේ[/FONT][FONT=&quot] ‘[/FONT][FONT=&quot]ගෙය්‍ය[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]නමින් වදාරා තිබෙන්නේ.
    [/FONT]



    [FONT=&quot]වෙය්‍යාකරණ-[/FONT][FONT=&quot]වෙය්‍යාකරණ කියා කියන්නේ යම් කිසි දහම් කරුණක් මාතෘකා කරගෙන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ දහම් කරුණ[/FONT][FONT=&quot]සවිස්තරව ඉදිරිපත් කිරීම යි. අපි දන්නවා ධම්මචක්ක පවත්තන සූත්‍රයේ[/FONT][FONT=&quot]වෙය්‍යාකරණ ඒ සූත්‍රය අවසානයේ තිබෙන බව. මේ වෙය්‍යාකරණ වදාරන කල්හි[/FONT][FONT=&quot]ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් දහම් ඇස පහළ කර ගත්තා යනුවෙන් දැක්වෙනවා.[/FONT][FONT=&quot]අනන්ත[/FONT][FONT=&quot]ලක්ඛණ සූත්‍රයේ සඳහන් වනවා. භාග්‍යවතුන් වහන්සේ ෂසින් මේ වෙය්‍යාකරණ වදාරන[/FONT][FONT=&quot]කල්හි පස්වග භික්ෂූන්ගේ සිත් උපාදාන රහිතව සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස්[/FONT][FONT=&quot]වුණා බව. දම්සක් පැවැතුම් සූත්‍රයේ විස්තර වන්නේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]චතුරාර්ය සත්‍ය යි. අනන්ත[/FONT][FONT=&quot]ලක්ඛණ සූත්‍රයේදීත් චතුරාර්ය සත්‍ය විස්තර වූවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එහිදී දුක්ඛාර්ය සත්‍යයට[/FONT][FONT=&quot]අදාළ පංච උපාදානස්කන්ධයෙහි අනාත්ම ලක්ෂණය ගැඹුරින් විස්තර වනවා. මේවා තමයි[/FONT][FONT=&quot]වෙය්‍යාකරණ කියලා කියන්නේ. එනම් දහම් පදයක් විස්තර ලෙස දේශනා කිරීමයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ගාථා-[/FONT][FONT=&quot]ගාථා වල විශේෂත්වය අපි මැනවින් හඳුනාගත යුතුයි. ඇතැම් අවස්ථාවලදී[/FONT][FONT=&quot]භාග්‍යවතුන් වහන්සේ යම් සිදුවීමක් නිමිති කරගෙන එක් ගාථාවක් දේශනා කර[/FONT][FONT=&quot]නිශ්ශබ්ද වනවා. එවිට ඒ දේශනාව එතනින් සමාප්තයි. එයට කියනවා [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]ගාථා[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]කියලා.[/FONT]


    [FONT=&quot]උදාන-[/FONT][FONT=&quot]සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ යම් යම් ප්‍රසාදජනක හෝ සංවේග ජනක කරුණු[/FONT][FONT=&quot]නිමිතිකරගෙන උන්වහන්සේගේ හදවතෙහි පැන නගින හැඟීම් දහම් කරුණක් වශයෙන්[/FONT][FONT=&quot]මුවින් පිටකරනවා. විශ්මයජනක කරුණකදී හෝ ශෝකජනක කරුණකදී [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]බුදු අම්මෝ[/FONT][FONT=&quot]’ ‘[/FONT][FONT=&quot]අනේ[/FONT][FONT=&quot]අපොයි[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]ආදී වදන් අපේ මුවින් පිට වනවා. ඒ අපේ කල්පනාවේ සීමාව තුළ යි. නමුත්[/FONT][FONT=&quot]බුදු කෙනෙකුගේ හදවතෙහි පැන නැගුණු දේ පිට වන්නේ දහම් පදයකිනු යි. ධර්ම[/FONT][FONT=&quot]කරුණුයි. ඒවා තමයි[/FONT][FONT=&quot], ‘[/FONT][FONT=&quot]උදාන[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]කියා කියන්නේ. උදාන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ශාස්තෘ ශාසනයට අයිති[/FONT][FONT=&quot]කොටසක්.[/FONT]


    [FONT=&quot]ඉතිවුත්තක-[/FONT][FONT=&quot]ඉතිවුත්තක කියා කියන්නේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බුදුරජාණන් වහන්සේගේ දේශනා වලින් අදහස් කරන ලද දේ[/FONT][FONT=&quot]මෙසේ යැයි තහවුරු කොට දරා ගැනීම පිණිස සිහියේ රඳවා ගත යුතු විශේෂ දහම්[/FONT][FONT=&quot]කරුණු කොටසකු යි. ඒවා තමයි ඉතිවුත්තක. භාග්‍යවතුන් වහන්සේගේ දවසේ මේ[/FONT][FONT=&quot]ඉතිවුත්තක කුජ්ජුත්තරා උපාසිකාව විසින් දරාගෙන මතක තබාගෙන තිබෙනවා.[/FONT]


    [FONT=&quot]ජාතක-[/FONT][FONT=&quot]ජාතක යනුවෙන් හඳුන්වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අතීත ජීවන තොරතුරු ඇතුළත්[/FONT][FONT=&quot]කතා යි. එම තොරතුරු සූත්‍ර දේශනාවල[/FONT][FONT=&quot]; [/FONT][FONT=&quot]බුද්ධ දේශනාවල දහම් කරුණු හා[/FONT][FONT=&quot]සම්මිශ්‍රව දේශනා කොට තිබෙනවා.[/FONT]


    [FONT=&quot]අබ්භූත[/FONT][FONT=&quot]ධම්ම- බුදු කෙනකුගේ ජීවිතය තුළ සහ ලෝකය තුළ තිබෙන ආශ්චර්ය අද්භූත දේ[/FONT][FONT=&quot]බුදුරජාණන් වහන්සේ නමක් විසින් හෙළිදරව් කරනවා. ශාස්තෘ ශාසනයට අයත් [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]අද්භූත[/FONT][FONT=&quot]ධම්ම[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]යනුවෙන් සඳහන් වන්නේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒවා යි.[/FONT]
    [FONT=&quot]
    වේදල්ල- වේදල්ල යනු[/FONT]
    [FONT=&quot], [/FONT][FONT=&quot]ප්‍රශ්නෝත්තර වශයෙන්[/FONT][FONT=&quot]; [/FONT][FONT=&quot]සාකච්ඡාවෙන් සිදු වන දහම් කරුණු විමසීමක්. මෙයත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නවාංග ශාස්තෘ ශාසනයට අයිති එකක්.[/FONT]



    [FONT=&quot]භාග්‍යවතුන්[/FONT][FONT=&quot]වහන්සේ වදාළා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ කොටස් නවයෙන් යුත් ශාස්තෘ ශාසනය බොහෝ කලක් පැවතීමට නම්[/FONT][FONT=&quot]එය අවබෝධ කරන පිරිස් සිටිය යුතු බව. එසේ එය අවබෝධ කරන පිරිස් නො සිටියහොත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ ධර්මය සමාජයෙන් ඈත් වනවා. ධර්ම මාර්ගයට බාධක කරුණු සමාජය තුළ[/FONT][FONT=&quot]බලවත්වීමෙන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ සමාජය තුළ අර්බුද හටගන්නවා. භාග්‍යවතුන් වහන්සේගේ[/FONT][FONT=&quot]ශ්‍රාවකයන් තුළ හටගන්නා වූ ධර්ම අවබෝධයට බාධක වූ එම අර්බුද වැළැක්වීමට[/FONT][FONT=&quot]උන්වහන්සේ විසින් පනවන ලද ශික්ෂා පදවලටයි [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]විනය[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]කියලා කියන්නේ.[/FONT]


    [FONT=&quot]උන්වහන්සේ වදාළා බුද්ධ ශාසනය බොහෝ කලක් පැවැතීමට විනයත් අවශ්‍ය යි කියලා. විනය යනු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ශික්ෂා පද යි.[/FONT]


    [FONT=&quot]ඒ[/FONT][FONT=&quot]වගේම උන්වහන්සේ තම ශ්‍රාවකයන්ට ප්‍රාතිමෝක්ෂ අනුදැන වදාළා. එනම් මසකට[/FONT][FONT=&quot]දෙවරක් ශ්‍රාවකයන් විසින් ආරක්ෂා කරන්නා වූ විනය ශික්ෂාපද පිළිබඳ විනය[/FONT][FONT=&quot]උදෙසීමක් කළ යුතු බවයි. එය [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]පාමොක් උදෙසීම[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]නමින් හැඳින්වෙනවා. ශික්ෂා[/FONT][FONT=&quot]පදත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පාමොක් උදෙසීමත්[/FONT][FONT=&quot]; [/FONT][FONT=&quot]ශාසනය දිගු කල් පැවැතීමට උපකාර වනවා.[/FONT]

    [FONT=&quot]එනිසා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔබ හොඳට මතක තබාගත යුතුයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බුද්ධ ශාසනයක් වෙනත් කිසිවකුට අතුරුදන් කළ[/FONT][FONT=&quot]නොහැකි බව. බුදු සසුන අතුරුදන් කරන්න පුළුවන් වන්නේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ශ්‍රාවක පිරිසටම යි.[/FONT][FONT=&quot] භාග්‍යවතුන් වහන්සේ වදාළා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ ශාසනය වෙනත් හේතු නිසා අතුරුදන් වන්නේ නැති[/FONT][FONT=&quot]බව. පඨවි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආපෝ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තේජෝ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වායෝ යන භෞතික පදාර්ථවල වෙනස්කම් නිසා මේ ශාසනය[/FONT][FONT=&quot]අතුරුදන් වන්නේ නෑ. විවිධ පුද්ගලයන් ශාසනය තුළම ඉඳලා ශාසනය අතුරුදන් කරන බව[/FONT][FONT=&quot]යි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බුදුරදුන් දේශනා කළේ. මේ ශාසනයට ඇතුළත් වන අය නිසා ම තමයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ශාසනය[/FONT][FONT=&quot] අතුරුදන් වන්නේ.

    එසේ නම් මේ ශාසනය අතුරුදන් නොවීමට නම් කළ යුතු වන්නේ[/FONT]
    [FONT=&quot], [/FONT][FONT=&quot]නවාංග ශාස්තෘ ශාසනය මනා කොට ඉගෙනගෙන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ශික්ෂා පද මැනවින් ආරක්ෂා කරගෙන මේ[/FONT][FONT=&quot]කරුණු නිරන්තරයෙන් පාරිශුද්ධ ලෙස පැවැත්වීමයි. එනිසා ගිහි පින්වතුන් විසින්[/FONT][FONT=&quot]නවාංග ශාස්තෘ ශාසනය පුරුදු කිරීමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ශික්ෂා පද මැනවින් රැකීමත් කළ යුතු[/FONT][FONT=&quot]යි. පැවිදි ශ්‍රාවකයන් විසින් නවාංග ශාස්තෘ ශාසනය පුරුදු කිරීමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ශික්ෂාපද[/FONT][FONT=&quot]ආරක්ෂා කිරීමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දින දහ හතරකට වතාවක් හෝ මසකට දෙවරක් ප්‍රාතිමෝක්ෂය[/FONT][FONT=&quot]උදෙසීමත් කළ යුතු යි.[/FONT]



    [FONT=&quot]මේ ආකාරයට බුද්ධ ශාසනය තුළ සිටින පැවිදි [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]ගිහි දෙපාර්ශ්වයම මේ කාරණා සම්පූර්ණ කළහොත් ගෞතම බුද්ධ ශාසනය බොහෝ කල් පවතිනු ඇත.[/FONT]
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මොනාද ගිහි පැවදියන් රැකිය යුතු ශික්ෂා


    1. බුද්ධානු සතිය
    2. ධම්මානු සතිය
    3. සංඝානු සතිය
    4. පන්ච සීලය
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    තථාගතයන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයේ මෙම දේශනාව වදාළ සේක.
    ඒ පෙරේතයන් අධික බඩගින්නෙන් පිපාසයෙන් පීඩා විඳිනවා. බොහෝ කලක් දුකසේ තැවි තැවී පිච්චෙනවා. ඔය දුක ඇතිවෙන පාප කර්ම කරලයි කටුක ඵල ඇති දුක අනුභව කරන්නේ. මේ ජීවිතය මොහොතකින් ඉවරයි. මොහොතකින් ඉවරවෙලා යන දෙය පවතින්නේ මොහොතක් බව තේරුම් ගත්තු නුවණැති උදවිය තමන්ව දුකට යට නොවෙන දූපතක් කර ගන්නවා. ධර්මය තේරුම් ගත්ත දක්ෂ මිනිසුන් ඉන්නවා. ඒ අය ඔය කාරණය ඔය විදිහටම දන්නවා

    කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    සංකිච්ච සාමණේරයන් වහන්සේ සත් හැවිරිදි වියේ දී පැවිදි වීම පිණිස හිස කෙස් ගාන විටම රහතන් වහන්සේ නමක් බවට පත්වුණා. උන්වහන්සේ වනයේ වැඩ වාසය කරන විට සොරුන් පන්සියයක් බිල්ලක් දීම පිණිස එක් හිමි නමක් මරණයට පත් කිරීමට ආ විට සංකිච්ච සාමණේර හිමියෝ භික්ෂූන් වහන්සේ මරණයෙන් ගලවා සොරුන් දමනය කොට මහණ කරවා බුදුන් වහන්සේ වෙත රැගෙන ගියා. තථාගතයන් වහන්සේ ඒ භික්ෂූන් පිරිසට ධර්මය දේශනා කළා. දෙසුම අවසන දී ඒ භික්ෂූ පිරිස රහත් භාවයට පත්වුණා.

    සංකිච්ච හිමියන් විසිවස් පිරී උපසම්පදාව ලබා පන්සියයක් භික්ෂූන් සමඟ බරණැස් නුවරට ගොස් ඉසිපතනයේ වැඩ වාසය කළා. මිනිසුන් තෙරුන් වහන්සේ සමීපයට ගොස් බණ අසා සිත් පැහැදි වීදී පිළිවෙලකට හා කණ්ඩායම් වශයෙන් ආගන්තුක දානය දෙන්නට පටත් ගත්තා. එහි විසූ එක්තරා උපාසක මහතෙක් මිනිසුන්ට සැමදාම දානය දීමට කැමැති කරවා ගත් නිසා ඔවුන් තමන්ට හැකි පමණින් නිත්‍ය දානය දීමට පටන් ගත්තා.

    බරණැස් නුවර ජීවත් වූ එක් මිසදුටු බමුණෙකුට පුතුන් දෙදෙනෙක් හා දුවක් වූවා. ඔවුන්ගෙන් වැඩිමහලු පුත්‍රයා ඒ උපාසකගේ යහලුවෙක් වූ නිසා ඔහු සංකිච්ච තෙරුන් වහන්සේ බැහැ දැකීමට යාලුවා සමග ගියා. උන්වහන්සේගෙන් බණ අසා සිත පහදවා ගෙන ඔහු එක් භික්ෂූන් වහන්සේ නමක් නිවසට වඩමවාගෙන විත් දානය පූජා කළා. කල් යද්දී භික්ෂූන්ගේ පිළිවෙත් දැක බණ අසා ඔහුගේ බාල සොහොයුරුද සොහොයුරියද සසුන පිළිබඳව බෙහෙවින් පැහැදුනා. ඒ තිදෙනා නිතර නිතර දන් දීමට පුරුදු වුණා.

    නමුත් ඔවුන්ගේ මවුපියෝ සැදැහැසිත් නැති අයයි. පිනට අකමැති වුණා. ශ්‍රමණයන් වහන්සේලාට පිදුම් බුහුමන් කළේ නැහැ. ඔවුන්ගේ දුවට තම සොහොයුරාගේ පුතා විවාහ කර දීමට මේ මව්පිය යුවල සුදානම් වුණා. නමුත් ඒ පුතා සංකිච්ච තෙරුන්ගෙන් බණ අසා සංවේගය උපදවා ගෙන පැවිදි වුණා. එම සාමණේර හිමියෝ නිතරම තම මවගේ නිවසට දානය වැළඳීමට වැඩියා. ඒ මෑණියන්ට සොයුරාගේ දියණිය කෙරෙහි සිතක් උපදවා ගන්නා ආකාරයට සාමණේර හිමියන් පොළවනු ලැබුවා. ඒ සාමණේර හිමියෝ කලකිරී තම ගුරු හිමියන් වෙත ගොස්
    ’ස්වාමිනී මම සිවුරු හරිමි’ කියා සිටියා
    ’මාසයක් ඉවසන්න’ ඒ භික්ෂුවගේ පින දුටු ගුරු හිමියෝ වදාළා. භික්ෂුව මාසයක් ගියවිට නැවත එලෙසම දැක්වූවා.

    අඩමසක් ඉවසන්න’ ගුරු හිමියෝ වදාළා. අඩමසක් ගිය කල්හි නැවත අවසර පැතුවා
    ’සතියක් ඉවසන්න’ ඒ සතිය ඇතුළත සාමණේර හිමියන්ගේ නැන්දණිය ගේ ගෙය දිරාගිය වහල හා සවි නැති බිත්ති වැස්ස හා සුළඟ නිසා ඇද වැටුණා. එහිදී බුමුණා සහ බැමිණියත් ඔවුන්ගේ පුතුන් දෙදෙනාත් දියණියත් ගෙට යට වී මිය ගියා. බමුණා හා බැමිණිය පේ‍්‍රත ලොව ඉපදුනා. පුතුන් දෙදෙනා හා දියණිය භූමාටු දෙවියන් අතර ඉපදුනා. ඔවුන්ගේ වැඩිමහලු පුතුට ඇත් යානාවක් පහළ වුණා. බාල පුතාට අස් වෙළඹුන් සහිත රියද පහළ වුණා. දියණියට රන්සිවි ගෙයක් පහල වුණා.

    බමුණා හා බැමිණිය විශාල යකඩ මුගුරු ගෙන ඔවුනොවුනට පහර දෙනවා. වැදුන වැදුන තැන්වල විශාල කලගෙඩි තරම් ගෙඩි නැගී මොහොතින් ඒවා පැසවා පැලී ගියා. ඔවුන් එකිනෙකා ඒ ලේ සැරව පානය කරමින් ගහබැන ගන්නවා. එයිනුත් සෑහීමකට පත් වන්නේ නැහැ.

    අර සාමණේරයන් වහන්සේ තම ගුරු හාමුදුරුවන් වෙත ගොස් මෙසේ පවසනවා
    ’ස්වාමිනි මා පොරොන්දු වු පරිදි දවස ගෙවී තිබෙනවා. මම හෙට සිවුරු හැර යනවා.

    සංකිච්ච හිමියෝ තම සෘද්ධි බලයෙන් අර සාමණේර හිමියන්ට ප්‍රේත ලෝකයේ හා භූමාටු දෙවිවරු දැකීමට සැලස්සුවා.

    උන්වහන්සේ ඒ පේ‍්‍රතයන් දැක මෙසේ අසනවා.
    එක දිව්‍ය පුත්‍රයෙක් සුදු ඇත් වාහනයකින් ඉස්සරවෙලා යනවා. තව දිව්‍ය පුත්‍රයෙක් වෙළඹුන් යෙදූ රථයකින් මැදට වෙලා යනවා. එතකොට දස දිසාවම බබලනවා.
    ඒ වුණාට ඔබලානම් අත්වලින් දඩුමුගුරු අරගෙන හඬ හඬා හොඳටම කැඩුණු බිඳුණු අතපය ඇතිව යනවා. ඊළඟට එකිනෙකාගේ ලේ බිබී ඉන්නවා. මිනිස් ලෝකේ ඉන්න කාලේ ඔබලා කරපු පාපය මොකක්ද?
    පාද හතරකින් යුතු සුදු හස්ථි රාජයෙක් ඉන්න වාහනයෙන් යන එක් අයෙක් ඉන්නවා නේද? එයා අපේ ලොකු පුතා. එයා දන් දුන්නා නෙව. දැන් ඉතින් සැප විඳිමින් සතුටු වෙනවා.

    අර වෙලඹුන් හතර දෙනෙක් බැදපු අශ්ව රථයෙහි මැදට වෙලා ගමන් කරන කෙනෙක් ඉන්නවා නේද? එයා අපේ මධ්‍යම පුතා. මසුරු කෙනෙක් නෙමෙයිනේ. දානපතියෙක්. ඒකයි එයා බබලන්නේ.

    අර රන්සිවි ගෙයකින් ගෙනයන දෙවගනක් ඉන්නවානේ. ඇය හරි නුවණැති. මුවැත්තියකගේ අඩවන් නෙත් තියෙනවා. ඒ අපේ බාල දෝණි. තමාට ලැබුණ කොටසින් භාගයක්ම දන් දුන්නා. දැන් ඉතින් සැපසේ සතුටු වෙනවා.
    ඔය දරුවෝ ටික ඉස්සර දන් දුන්නා. සිත පහදවාගෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටයි දන් දුන්නේ. ඒකට අපි. මසුරුකමින් හිටියා. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නින්දා අපහාස කළා. දරුවෝ දිව්‍ය සැපෙන් සතුටු වෙනවා. ඒකට අපි. කපල අව්වේ දාපු බටගස් වගේ වේලි වේලී ඉන්නවා.

    ඔබලාගේ කෑම බීම මොනවාද? මොනවගේ ද නිදා ගන්නේ. මහ පවිටුන් වන ඔබලා ජීවත් වන්නේ කොහෙද? හොඳට දේපල වස්තුව තිබෙන කාලේ ලැබිච්ච සැප වරදවා අරගෙන අද ඉතින් දුක් විඳිනවා.
    අපි කරන්නේ එකිනෙකාට වද හිංසා කරගෙන ගලන ලේ සැරව බොන එකයි. අපිට කොච්චර බීවත් ඇතිවන්නේ නැහැ. අපිට එකිනෙකා රුස්සන්නේ නැහැ. දන් පැන් නොදෙන මිනිස්සු මරණින් මත්තේ පෙරේත ලෝකෙට යනවා. ගිහින් වැලපි වැලපි ඉන්නවා. සමහර මිනිසුන් භෝග සම්පත් ලබාදෙන විට තමන් අනුභව කරන්නෙත් නැහැ පින් කර ගන්නෙත් නැහැ.

    ඒ පෙරේතයන් අධික බඩගින්නෙන් පිපාසයෙන් පීඩා විඳිනවා. බොහෝ කලක් දුකසේ තැවි තැවී පිච්චෙනවා. ඔය දුක ඇතිවෙන පාප කර්ම කරලයි කටුක ඵල ඇති දුක අනුභව කරන්නේ.

    මේ ජීවිතය මොහොතකින් ඉවරයි. මොහොතකින් ඉවරවෙලා යන දෙය පවතින්නේ මොහොතක් බව තේරුම් ගත්තු නුවණැති උදවිය තමන්ව දුකට යට නොවෙන දූපතක් කර ගන්නවා. ධර්මය තේරුම් ගත්ත දක්ෂ මිනිසුන් ඉන්නවා. ඒ අය ඔය කාරණය ඔය විදිහටම දන්නවා. රහතන් වහන්සේලාගේ ධර්මය අහලා දන් දෙන්න ප්‍රමාද වන්නේ නැහැ.

    කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
     
    Last edited:
    • Like
    Reactions: Kasunrock619

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මීට වසර දෙදහස් හයසීයකට පෙර දඹදිව ගයාවේ වැඩසිටින ජය ශ‍්‍රී මහා බෝ සමිඳු සෙවණේ හිඳ අපගේ භාග්‍යවතුන් වහන්සේ ගුරුපදේශ රහිතව ම ලෝකයේ පරම සත්‍යය වන චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරමින් සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළා.


    තථාගතයන් වහන්සේ පහළවීමට පෙර, ජීවිතය ගැන පිරිසිදු නිරවුල් අවබෝධයක් ලබා දෙන ඉගැන්වීමක් ලෝකයේ තිබුනේ නෑ. එයට හේතුව සත්‍යය අවබෝධ කළ කිසිවෙකු ලෝකයේ නොසිටීම යි. මිනිසුන් ඉපදුනා, වයසට ගියා, ලෙඩ වුණා, මරණයට පත්වුණා. ජීවත්ව සිටි කාලය තුළ නොයෙකුත් ආකාරයේ කායික දුක්, මානසික දුක් දෙම්නස්වලට ගොදුරු වුණා. ජීවත්ව සිටි කාලයේ දී ආශාවන්ට යටවෙලා ඉඳුරන් පිනවීමේ පිපාසයකින් ම යි වාසය කළේ. සීමා රහිත අශාවන් නිසා අනේක ප‍්‍රකාර වූ දුක් විඳිමින් ම යි ඔවුන්ට ජීවත් වෙන්ට සිද්ධ වුනේ. මාන්නයෙන් මත්වෙලා හිත පිනවමින් ම ජීවත් වෙන්ට උත්සාහ කළා. එයිනුත් අනේක ප‍්‍රකාර දුක් පීඩා විඳින්ටයි ඔවුන්ට සිද්ධ වුණේ. දුක් දොම්නස්වලින් නිදහස් වෙලා වාසය කිරීමේ වාසනාවක් භාග්‍යවතුන් වහන්සේ පහළවීමට පෙර මිනිසුන්ට උදාවුණේ නෑ.


    තථාගතයන් වහන්සේගේ පහළවීම ලොවට ආශ්චර්යමත් දෙයක් බවට පත්වුණා. ඒ අසිරිමත් පහළවීමත් සමඟ ලෝකය විශාල පරිවර්ථනයකට ලක්වුණා. දෙවියන්ටත් මිනිසුන්ටත් පෙර කිසිකලෙක නොතිබූ නිරවුල් ජීවිත අවබෝධයක් ඇතිකර ගැනීමේ වාසනාව උදාවුණා. ඒ නිසා දෙව් මිනිසුන්ගේ ජීවිත ආලෝකමත් වුණා. ලෝභී පුද්ගලයින් ත්‍යාග ශීලීන් බවට පත්වුණා. කුසීත අය වීරියවන්තයින් බවට පත්වුණා. අසමගි අය සමඟි වුණා. සෝක සුසුම් හෙළමින් සිටි අය ඒ සෝ සුසුම් නැතිකරගෙන සතුටු සිත් උපදවා ගත්තා. අපිරිසිදු ජීවිත පිරිසිදු කරගත්තා. සතර අපායෙන් නිදහස් වුණා. සුගති ලෝකවල ඉපදෙන්ට සමත් වුණා. දීර්ඝ සසර ගමනක විඳිමින් ආපු දුක් අවසන් කරමින් බොහෝ අයට සසරින් නිදහස්වෙන්ට පුළුවන් වුණා.


    මේ මහා අසිරිය ලෝකයේ බොහෝ කලක් පවතී නම් එයත් අසිරියක් ම යි. උතුම් වෙසක් මංගල්‍යය සමරන මේ සමයේ දී අපි විසින් උත්සාහ කළ යුත්තේ මේ අසිරිමත් සම්බුදු පෙළහර දෙව්මිනිසුන්ගේ යහපත පිණිස බොහෝ කලක් සුරැකීමටයි.


    ඇත්තෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේගේ පිරිපුන් අවබෝධය ලෝකයේ යහපත පිණිස පවතින්නේ කෙසේ ද යන කරුණු අප දැනගත යුතු යි. ඒ ගැන වැටහීමක් ඇතිකරගන්ට අපිට පුළුවන් වුණොත් මේ සම්බුදු සසුන චිරාත් කාලයක් ආරක්ෂාවෙයි.


    තථාගතයන් වහන්සේ ලෝකයේ පහළවීමත් සමඟ ආශ්චර්ය වූ, අත්භූත වූ ධර්ම හතරක් ලෝකයේ පහළ වෙනවා (දුතිය තථාගත අච්ඡුරිය සූත‍්‍රය). මේ ආශ්චර්ය අත්භූත වූ ධර්ම පහළවීම නිසයි තථාගතයන් වහන්සේගේ අවබෝධය ලෝකයට පිහිට පිණිස පවතින්නේ.


    භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනවා, ”පින්වත් මහණෙනි මිනිසුන් ආශාවන් ම ඇසුරුකරගෙන යි වාසය කරන්නේ. ආසාවන්ට ම ඇලිල යි වාසය කරන්නේ. ආසාවන්ගෙන් සතුටුවෙමින් ම යි වාසය කරන්නේ. තථාගතයන් වහන්සේ විසින් ආසාවන් දුරුකිරීම පිණිස ධර්මය දේශනා කරද්දී මිනිසුන් ඒ ධර්මය අහන්ට කැමති වෙනවා. කණ් යොමු කරනවා. අවබෝධය පිණිස සිත පිහිටුවා ගන්නවා. පින්වත් මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහළ වීමෙන් ලෝකයට පහළ වෙන පළමු ආශ්චර්ය අත්භූත වූ ධර්මය මෙය යි.


    පින්වත් මහණෙනි, මිනිසුන් මාන්නය ඇසුරු කරගෙන යි ඉන්නේ. මාන්නයට ඇලිල යි ඉන්නේ. මාන්නයෙන් සතුටුවෙමින් ඉන්නේ. තථාගතයන් වහන්සේ විසින් මාන්නය දුරුකිරීම පිණිස ධර්මය කියද්දී ඒ මිනිසුන් ඒ ධර්මය අහන්ට කැමති වෙනවා, කණ් යොමාගෙන අහනවා, අවබෝධය පිණිස සිත පිහිටුවා ගන්නවා. පින්වත් මහණෙනි, මේ තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළවීමත් සමඟ පහළවන දෙවෙනි ආශ්චර්ය අත්භූත ධර්මය.


    පින්වත් මහණෙනි, මිනිසුන් නොසන්සිඳුනු සිතක් ඇසුරුකරගෙනයි වාසය කරන්නේ. නොසන්සිඳීමේ ඇලිලයි ඉන්නේ. නොසන්සිඳීමෙන් සතුටු වෙනවා. තථාගතයන් වහන්සේ සන්සිඳීම පිණිස ධර්මය කියද්දී මිනිසුන් ඒ ධර්මය අහන්ට කැමති වෙනවා. කණ් යොමාගෙන අහනවා. අවබෝධයට හිත පිහිටුවා ගන්නවා. පින්වත් මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළවීමත් සමඟ පහළවන තෙවැනි ආශ්චර්ය අද්භූත ධර්මය මෙය යි.
    පින්වත් මහණෙනි, මිනිසුන් අවිද්‍යා සහගතව යි වාසය කරන්නේ. අවිද්‍යාවෙන් අන්ධ වෙලයි වාසය කරන්නේ. හාත්පසින් ම අවිද්‍යාවට යටවෙල යි වාසය කරන්නේ. අවිද්‍යාව දුරුකිරීම පිණිස තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරද්දී මේ මිනිසුන් ඒ ධර්මය අහන්ට කැමති වෙනවා. කණ් යොමුකරනවා. අවබෝධයට හිත පිහිටුවා ගන්නවා. පින්වත් මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළවීමත් සමඟ පහළවන හතරවැනි ආශ්චර්ය අද්භූත ධර්මය මෙය යි”.


    මේ ධර්මයන්ගෙන් අපිට තේරුම්ගත හැකි දේ තමයි තථාගතයන් වහන්සේ ලෝකයේ පහළවෙලා ධර්මය දේශනා කරද්දී ආශ්චර්ය අත්භූත වූ ධර්මයන් හතරක් ලෝකයේ පහළ වෙනවා. මේ ආශ්චර්ය අත්භූත ධර්මයන් පහළවීම නිසා තමයි භාග්‍යවතුන් වහන්සේගේ පිරිපුන් අවබෝධය ලෝකයට පිහිට පිණිස පවතින්නේ. මේ ආශ්චර්ය අත්භූත ධර්මයන් පහළ නොවුණා නම් භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයේ පිළිසරණ ලෝකයට හිමිවන්නේ නෑ. භාග්‍යවතුන් වහන්සේගේ පිළිසරණ ලෝකයට ලැබෙන තාක් මේ සම්බුදු සසුන ලෝකයේ පවතිනවා. භාග්‍යවතුන් වහන්සේගේ පිළිසරණ ලෝකයට ලැබෙන්නේ මේ ආශ්චර්ය අත්භූත වූ ධර්මයන් ලෝකයේ පවතිනතාක් පමණ යි. ඒ ආශ්චර්ය වුත් අත්භූත වුත් ධර්මයන් ලෝකයේ පවතින්නේ තථාගතයන් වහන්සේ දෙසූ ධර්මය දේශනා කරන තාක් පමණ යි.


    තථාගතයන් වහන්සේගේ ධර්මය ලෝකයට විවෘත නොවූ කාලයේ මිනිසුන් තණ්හාවෙන් මත්වෙලයි වාසය කළේ. මාන්නයට වසඟවෙලයි වාසය කළේ. නොසන්සිඳුනු සිතට යි ඇලී වාසය කළේ. අවිද්‍යා අන්ධකාරයේ ගිලිලයි වාසය කළේ. ඒ නිසා ම යි මිනිසුන් අනේක ප‍්‍රකාර කායික මානසික දුක් දොම්නස්වලට ගොදුරුවුණේ. සතර අපායේ වැටෙමින් කෙළවරක් නැති සසර ගමනක දුක් විඳිමින් ගමන් කළේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ලෝකයට විවෘතවීමත් සමඟ ම දෙවිමිනිසුන්ට සියලූ දුකින් නිදහස්වීමේ වාසනාව උදාවුණා.
    ලෝකයට හිත පිණිස යහපත පිණිස කටයුතු කරන යමෙක් ඇත් ද, දෙව්මිනිසුන්ට අනුකම්පා කරන යමෙක් ඇත්ද ඒ සියලූ දෙනා ම තථාගතයන් වහන්සේගේ පහළවීමත් සමඟ ලෝකයේ පහළවන මේ ආශ්චර්ය අත්භූත ධර්මයන් ගැන සතුටු වෙනවා. ඒ ධර්මයන් ලෝකයේ බොහෝ කලක් පවතිනවාට කැමති වෙනවා. එසේ කැමතිවන පිරිස් තථාගතයන් වහන්සේ වදාළ ධර්මය ම ප‍්‍රකාශ කරනවා. අන් යමක් ප‍්‍රකාශ කරන්නේ නෑ. සුදුසු කල්හි ඒ දහම නැවත නැවතත් පවසනවා. අන් දෙයක් පවසන්නේ නෑ.


    ලෝකයට හිත පිණිස, යහපත පිණිස, දෙව් මිනිසුන්ට අනුකම්පාව පිණිස නැවත නැවතත් කිවයුතු ඒ උතුම් දහම කුමක් ද? ඒ චතුරාය්‍ය සත්‍යය ධර්මය යි. එනම් දුක නම් වූ ආර්ය සත්‍යය යි (දුක්ඛ ආර්ය සත්‍යය යි), දුකේ හටගැනීම නම් වූ ආර්ය සත්‍ය යි (දුක්ඛ සමුදය ආර්ය සත්‍යය යි), දුක නැති කිරීම නම් වූ ආර්ය සත්‍ය යි (දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය යි), දුක නැති කිරීමේ මඟ නම් වූ ආර්ය සත්‍යය යි (දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය යි).


    තමන්ට හිත පිණිසත්, ලෝකයාට හිත පිණිසත් කටයුතු කරන කෙනෙකු විසින් මැනවින් ම ඉගෙනගත යුතු යමක් ඇත් ද, මැනවින් ම ප‍්‍රගුණ කළ යුතු යමක් ඇත් ද, මැනවින් ම අන් අයට කියා දිය යුතු යමක් ඇත් ද, ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය යි.
    මෙසේ තථාගත ශ‍්‍රී සද්ධර්මය ලෝකයේ විවෘතව පවතී ද, ඒ තාක් ම ඒ ආශ්චර්ය අත්භූත ධර්මයන් ලෝකයේ පවතිනවා. ඒ ධර්මයෝ ලෝකයේ පවතින තාක් දෙව්මිනිසුන් භාග්‍යවතුන් වහන්සේ ගේ පිළිසරණ ලබනවා. ඒ සියලූ දෙනා අනේක ප‍්‍රකාර වූ සසර දුකින් නිදහස් වී ලබන පරම ශාන්තිය උදාකරගනු ලබනවා. ඒ සියලලෝම අපගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේගේ පරම උත්තම වූ අත්භූත වූ අසිරිමත් වූ වෙසක් මංගල්‍යය මැනවින් ම සමරනු ලබනවා.


    නාවලපිටියේ අරියවංශ හිමි

    http://dhammamedicine.net/2012/05/06/sasauna_surakina_athbutha_dharmayo/


     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    [FONT=&quot]අපි[/FONT][FONT=&quot]පහුගිය ලිපියෙන් භාවනාවට බාධාකරන කරුණු කීපයක් ගැන මේ පින්වතුන්ට විස්තර[/FONT][FONT=&quot]කරල දුන්න. මෙවර ඒ පිළිබඳව තවදුරටත් විස්තර කරල දෙන්ට අපි කල්පනා කළා. මේ[/FONT][FONT=&quot]කාරණා හඳුනගෙන බැහැරකරගන්ට දක්ෂවුනොත් අපිට භාවනාව සාර්ථක කරගන්ට පුළුවන්කම[/FONT][FONT=&quot]ලැබෙනවා. භාවනාවට බාධා කරන තවත් කරුණක් තමයි හිතේ විසිරීම. හිත විසිරෙනවා[/FONT][FONT=&quot]කියන එක කෙහොමද තේරුම්ගන්නෙ[/FONT]? [FONT=&quot]ඒකට මොකක්ද කරන්නෙ[/FONT]? [FONT=&quot]හිත විසිරෙන කොට හඳුනගන්න[/FONT], [FONT=&quot]ඒකෙ ස්වභාවය තමයි[/FONT], [FONT=&quot]භාවනා අරමුණේ හිත පවත්වන්ට බෑ. දැන් කාමයන් ඔස්සේ හිත[/FONT][FONT=&quot]දුවද්දී ඒක තේරුම් ගන්න කෙනාට ආපහු භාවනා අරමුණට හිත ගන්ට පුළුවන්. නමුත්[/FONT][FONT=&quot]හිත විසිරෙන කොට භාවනා අරමුණට හිත ගන්න බෑ. ඒක හරියට[/FONT], [FONT=&quot]කාන්දම් කෑල්ලක[/FONT][FONT=&quot]විකර්ශණය කරන පැත්තට තවත් කාන්දමක විකර්ශණය කරන පැත්ත ඇල්ලූවම මොකද වෙන්නෙ[/FONT]? [FONT=&quot]අපිට ලං කරන්න පුළුවන්ද[/FONT]? [FONT=&quot]බෑ නේද[/FONT]? [FONT=&quot]අන්න ඒ වගේ අරමුණට හිත ගන්ට බෑ. බලවත්[/FONT][FONT=&quot]වෙහෙසක්[/FONT], [FONT=&quot]අපහසුවක් දැනෙනව. හිත භාවනා අරමුණට කිට්ටු කරන්ට බෑ.නමුත් විවිධ[/FONT][FONT=&quot]අරමුණු ඔස්සේ බලවත්ව දුවන්ට පුළුවන්. ඊළඟ එක තමයි[/FONT], [FONT=&quot]භාවනා කිරීම සඳහා[/FONT][FONT=&quot]වාඩිවෙලා ඉන්ට හිත දෙන්නෙ නෑ. හිතෙන්නෙ නෑ.මේ කියන්නෙ ඇඟ රිදෙන එක[/FONT], [FONT=&quot]කකුල්[/FONT][FONT=&quot]රිදෙන එක[/FONT], [FONT=&quot]කොන්ද රිදෙන එක නෙමෙයි. වාඩිවෙලා ඉන්ට හිතෙන්නෙ නෑ. හිතේ විසිරීම[/FONT][FONT=&quot]අන්න එහෙම අඳුනගන්න. මේක වරද්දගන්ට එපා. නැත්තම් පොඞ්ඩක් කොන්ඳ රිදෙන කොට[/FONT], “[FONT=&quot]මගේ හිත විසිරෙනවා[/FONT][FONT=&quot]කියල නැගිටියි. කකුල් දෙක රිදෙනකොට[/FONT], [FONT=&quot]අප්පේ [/FONT][FONT=&quot]මගේ හිත[/FONT][FONT=&quot]විසිරෙනව[/FONT][FONT=&quot]කියල නැගිටියි. එහෙම නෙවෙයි හොඳට තෝරගන්න. හිත විසිරෙන කොට භාවනා[/FONT][FONT=&quot]අරමුණේ හිත පිහිටුවගන්ට බෑ. වෙහෙසක්[/FONT], [FONT=&quot]ලොකු තෙරපීමක් වගේ අමාරුයි[/FONT], [FONT=&quot]පීඩයි.[/FONT][FONT=&quot]ඊළඟ දේ තමයි[/FONT], [FONT=&quot]එක තැන ඉඳගෙන ඉන්ට හිත දෙන්නෙ නෑ. භාවනා කරන්ට වාඩිවුණයින්[/FONT][FONT=&quot]පස්සෙ ඉන්න බෑ. හිත විසිරෙන අවස්ථාවක ස්වභාවය ඒ වගේ.[/FONT]
    [FONT=&quot]ඒ විදියට හිතේ විසිරීම[/FONT][FONT=&quot]හඳුනගන්න. ඒක බැහැරකරන්ට අපි කටයුතු කරන්න ඕනැ. හිත විසිරෙනවා නම් මුලින්ම[/FONT][FONT=&quot]කරන්ට තියෙන දේ තමයි[/FONT], [FONT=&quot]අපි මොකක්ද කරන්නෙ කියල බලන්න. අපි විදර්ශනා භවනාවක්[/FONT][FONT=&quot]වඩනවනම්[/FONT], [FONT=&quot]එතකොට හිත විසිරෙනවා නම්[/FONT], [FONT=&quot]ඒ විදර්ශනා භාවනාවෙන් අයින්වෙලා[/FONT], [FONT=&quot]සමථ[/FONT][FONT=&quot]භාවනාවකට හිත ගන්න. එතකොට හිත විසිරීම අයින්වෙලා සංසිදීමට පත්වෙයි. හිත[/FONT][FONT=&quot]විසිරෙදී නැවත නැවත බලවත්ව වීරීය කරන්ට එපා.හිත විසිරෙන කොට බලවත් විදියට[/FONT][FONT=&quot]වීරිය කර කර හිත පිහිටුවාගන්ට උත්සහ කරන්ට එපා මොන භාවනාවෙදීවත්. එතකොට හිත[/FONT][FONT=&quot]තව තවත් විසිරිල යනව[/FONT], [FONT=&quot]අපහසුයි. අපිට ගොඩගන්ට අමාරු මට්ටමට විසිරිල යන්ට ඉඩ[/FONT][FONT=&quot]තියෙනවා. හිතේ විසිරීම හඳුනාගැනීම සඳහා ඉතා සුලූ මග පෙන්වීමක් විතරයි මම[/FONT][FONT=&quot]කළේ. කලින්ම ඒව හොය හොයා ඉන්ට එපා. සාමාන්‍යය පරිදි භාවනාව කරගෙන යන්ට. ඒ ඒ[/FONT][FONT=&quot]දේ සිද්ධවෙනකොට තේරුම් ගන්ට.[/FONT]
    [FONT=&quot]ඒ විදියට හිත විසිරෙන[/FONT][FONT=&quot]ස්වභාවය අයින් කරගන්ට උත්සාහ කරද්දීත් අපිට ඒක දුරු කරගන්ට බැරිනම්[/FONT], [FONT=&quot]ඒ[/FONT][FONT=&quot]භාවනාවෙන් අයින්වෙන්න. අයින්වෙලා හිත සංසිඳවගන්ට කල්පනා කරන්න[/FONT], [FONT=&quot]පුරුදුවෙන්න. හිත සංසිඳවි ගන්ට වෑයම්කරන්න. ඒකට පුළුවන් ටිකක් සක්මන්[/FONT][FONT=&quot]කරන්න. සක්මන් කරනකොට හිත සංසිඳෙන්ට පටන් ගනියි. එහෙම නැත්තම් වෙන වැඩක්[/FONT][FONT=&quot]කරන්න බලන්න. ඒක අමතක කරල දාන්න. වෙනදේක නිරතවෙන්න. ආරම්භයේදී අපි එහෙම[/FONT][FONT=&quot]තමයි කළ යුත්තේ. නැත්තම් අපි භාවනා කරන්න කියල ඒකම ඒකම ආයෙ ආයෙ කරන්න[/FONT][FONT=&quot]ගියොත් හිතේ විසිරීම වැඩිවෙන්ට පුළුවන්. ඊට පස්සෙ අපිට ආයෙ මුකුත් කරගන්ට[/FONT][FONT=&quot]බැරිවෙනව. ඒ නිසා පොඩි උත්සාහයක් ගන්න ඒ කරන භාවනාව වෙනස් කරල වෙන භාවනාවක්[/FONT][FONT=&quot]කරන්න පුළුවන්ද බලන්න. බැරිනම් නැගිටින්න. නැගිටල පොඩිඩක් සක්මන් කරන්න.[/FONT][FONT=&quot]එතකොට අපිට ඒ විසිරීම නැතිවෙලා යයි. ඒත් විසිරීම දුරුවෙන්නෙ නැත්තම් වෙන[/FONT][FONT=&quot]වැඩක් කරන්න. වත් පිළිවෙත් කරන්න[/FONT], [FONT=&quot]එහෙම නැත්තම් පොතක් බලන්න[/FONT], [FONT=&quot]ධර්ම දේශනාවක්[/FONT][FONT=&quot]අහන්න. ඒ වගේ දෙයක් කරන්න එතකොට විසිරුණු ස්වභාවය අමතකවෙලා යනව. හිතේ[/FONT][FONT=&quot]ස්වභාවය වෙනස්වෙලා යනව. ඊට පස්සෙ අපි සිහියෙන් ඉඳල ආපහු සැරයක් භාවනාවට[/FONT][FONT=&quot]යන්න ඕන. නැත්තම් අපිට භාවනාව පුරුදුවෙන්ට බෑනේ.[/FONT]
    [FONT=&quot]එතකොට අපි තාවකාලික[/FONT][FONT=&quot]පිළියමක් විදියට තමයි වෙන දෙයක් කරන්නෙ. අපිට සිහියක් තියෙන්ට ඕනැ හිතේ[/FONT][FONT=&quot]තියෙන ස්වභාවය වෙනස්කරගන්ට [/FONT][FONT=&quot]මම මේ පිළියමක් යොදන්නෙ[/FONT][FONT=&quot]කියල. එහෙම නැත්තම්[/FONT][FONT=&quot]උදේ භාවනා කරන්න පටන්ගත්තම හිත විසිරෙනව. ඔන්න වෙන වැඩක් කරනව. ආයෙ[/FONT][FONT=&quot]මතක්වෙන්නෙ පහුවදාට. එහෙම හරියන්නෙ නෑ. එහෙම වෙනව නේද අපිට[/FONT]? [FONT=&quot]හිත විසිරෙනව[/FONT], “[FONT=&quot]මට හරි යන්නෙ නෑ[/FONT][FONT=&quot]කියල නැඟිටල ගිහිල්ල වෙන එකක් කරනව. පස්සෙ පහුවදා තමයි[/FONT][FONT=&quot]මතක්වෙන්නෙ භාවනාකරන්න. එහෙම නෙමෙයි[/FONT], [FONT=&quot]ඒ හිතේ විසිරීම අයින්කරගන්ට පිළියමක්[/FONT][FONT=&quot]තමා අපි කරන්නෙ. එහෙම තමා සෝදිසියෙන් හිටියොත්[/FONT],”[FONT=&quot]දැන් මගේ හිත සංසුන්. ආපහු[/FONT][FONT=&quot]ගිහිල්ල භාවනා කරන්ට ඕනැ[/FONT][FONT=&quot]අන්න එහෙමයි හිත හුරු කර ගන්නෙ භාවනාවට. එහෙමයි[/FONT][FONT=&quot]අඛණ්ඩව යමක් පුරුදු කරන්නෙ. ඒ විදියට ඒ විසිරීම දුරුකරගන්ට උත්සාහකරල[/FONT][FONT=&quot]බලන්න.[/FONT]
    [FONT=&quot]ඊළඟට හිතේ හැකිලීම[/FONT], [FONT=&quot]ඒකත්[/FONT][FONT=&quot]හඳුනගන්ට ඕන. සාමාන්‍යයෙන් මධ්‍යම රාතී‍්‍ර කාලේදී හිතේ හැකිලීම් තියෙන්ට[/FONT][FONT=&quot]පුළුවන්. ආරම්භයේදී හිතේ හැකිලීම අඳුරගන්ට බැරුව සමහර අය ඒක පහසුවක් විදියට[/FONT][FONT=&quot]සලකනව. ගොඩක් රාත‍්‍රී කාලේදී හිතෙනව දැන්නම් හරි පහසුයි. හිතේ මොකවත් නෑ[/FONT][FONT=&quot]වගේ[/FONT], [FONT=&quot]දැන් හරි හොඳයි කියල. හොඳින් තේරුම් නොගත්තොත් හිත හැකිලීම් පැත්තට[/FONT][FONT=&quot]බරවෙන්ට ඉඩ කඩ තියෙනවා. දිගින් දිගටම මේ විදිහට භාවනා කරන්න ගිහිල්ල[/FONT], [FONT=&quot]සමහරවිට අන්තිමට හිතේ හැකිලීමට ගොදුරුවෙලා යනව. ඊළඟට උදේ පාන්දරටත් හිතේ[/FONT][FONT=&quot]හැකිලීම් බහුලව තියෙන්ට පුළුවන්. ඒ වෙලාවටත් හිත නිහඬයි වගේ පේනව.[/FONT][FONT=&quot]රාත‍්‍රීයේදීත් හිත නිහඬයි වගේ පේනව. සමහරු හිතනව [/FONT][FONT=&quot]ෂා[/FONT][FONT=&quot]හරී හොඳයි හොඳට[/FONT][FONT=&quot]භාවනාව කෙරුන[/FONT][FONT=&quot]කියල. ඒ හිතේ හැකිලීම් හටගන්ට ඉඩ තියෙන වෙලාව. ඒ වෙලාවට[/FONT][FONT=&quot]භාවනා කරන්ට සමහරු මහන්සිවෙනව. අන්තිමට හිතේ හැකිළීමට යටවෙලා[/FONT], [FONT=&quot]ඒක බලවත්[/FONT][FONT=&quot]වුණා ම[/FONT], [FONT=&quot]ථීනමිද්ධයට යටවෙනව. හිත ගොඩගන්න බැරි මට්ටමට පත්වෙනව. භාවනාවට[/FONT][FONT=&quot]ආධුනික කාලෙදී ඒ වගේ හිත නිහඬයි වගේ පේන වෙලාවට රැවටෙන්න එපා. ආධුනිකයෙකුට[/FONT][FONT=&quot]මේක හොයාගන්ට බෑ. එයා හිතනව [/FONT][FONT=&quot]හරී ෂෝක්. දැන්නම් නීවරණ මුකුත් නෑ[/FONT][FONT=&quot]සමාධිය[/FONT][FONT=&quot]කියලත් සමහරු හිතනව. භාවනාව හොඳට කෙරෙනව කියල හිතනව. ඒ නිහඬබවට රැවටෙන්න[/FONT][FONT=&quot]එපා. උදේ පාන්දරත් එහෙමයි. ඒ නිහඬබවට රැවටෙන්න එපා.[/FONT]
    [FONT=&quot]එතකොට ඒ නිහඬ බවට[/FONT][FONT=&quot]රැවටෙන්නෙ නැතිව[/FONT], [FONT=&quot]ඒ වෙලාවට අපිට භාවනාවක් කරන්න බැරිද[/FONT]? [FONT=&quot]දැන් ගොඩාක් අය අර[/FONT][FONT=&quot]හිතේ නිහඬබවට රැවටිලා ආසාවෙන් භාවනාකරන්ට කල්පණා කරනව. එයාම දන්නෙ නෑ හිතේ[/FONT][FONT=&quot]හැකිලීමට ගොදුරු වෙනව. සතුරා හැංගිලා ඉන්නකොට[/FONT], [FONT=&quot]අපි ඒ සතුරගෙ ප‍්‍රදේශයට[/FONT][FONT=&quot]ගියා වගේ දන්නෙම නෑ කොටු වෙලා. ඉතින් ඒ වගේ අපි රාත‍්‍රී කාලෙට[/FONT], [FONT=&quot]උදේ පාන්දර[/FONT][FONT=&quot]හිත නිහඬයි වගේ තියෙනවනම්[/FONT], [FONT=&quot]ඒ වෙලාවට හොඳම දේ තමයි සක්මන් කරන එක. එතකොට[/FONT][FONT=&quot]හිතේ හැකිළීම හටගන්නෙ නෑ. සක්මන් කරන කොට හිත අවදිවෙන්ට පටන්ගන්නවා. සක්මන්[/FONT][FONT=&quot]කරල අවධිවුනාට පසු වාඩිවෙලා කරන භාවනාවකට හිත ගන්ට පුළුවන්. නමුත් ඒක ඉතාම[/FONT][FONT=&quot]හොඳින් තේරුම්ගෙන කළ යුතු එකක්. ඊළඟ දේ තමයි[/FONT], [FONT=&quot]හිතේ හැකිළීමක් ඇතිවෙනව[/FONT], [FONT=&quot]සමථය එක දිගටම පුරුදු කරනවානම්. අපි හිතමු යම් කෙනෙක් ගොඩාක් වෙලා එක දිගට[/FONT][FONT=&quot]සමථය වඩනව. එතකොටත් හිතේ හැකිළීම ඇතිවෙන්ට පුළුවන්. ඒ නිසා සමථය එක දිගටම[/FONT][FONT=&quot]කරන්නෙ නෑ. සමථය විදර්ශනාව දෙක මාරුවෙන් මාරුවට කරන්ට ඕන. ඊළඟ දේ තමයි[/FONT], [FONT=&quot]භාවනා කරන කොට හිත හැකිලීමට ගොදුරු වෙනවනම්[/FONT], [FONT=&quot]අපි ඉක්මණින් ඒ භාවනාව අයින්[/FONT][FONT=&quot]කරල[/FONT], [FONT=&quot]විදර්ශනා භාවනාවක් කරන්න පටන්ගන්න ඕනැ. ඒ වගේම සක්මන් කිරීමත් හොඳයි.[/FONT]
    [FONT=&quot]හිතේ හැකිලීම ගැන තවදුරටත්[/FONT][FONT=&quot]දැනගත යුතුයි. හිතේ හැකිලීම හොඳින් තේරුම් නොගත් අය රැවටෙනව විතර්ක[/FONT][FONT=&quot]නිරුද්ධ වුණා කියල. විතර්ක නිරුද්ධ වෙන්නෙ පළවෙනි ධ්‍යානය පුරුදු කරල[/FONT][FONT=&quot]දෙවෙනි ධ්‍යානයට ගියාම. විතර්ක නිරුද්ධ වීම කියන එක ඉතාම හොඳින් සිහි[/FONT][FONT=&quot]කල්පනාව තියෙද්දී[/FONT], [FONT=&quot]සිහියෙන් සිද්ධවෙන එකක්. එතකොට ආරම්භයේදී භාවනා කරන[/FONT][FONT=&quot]කෙනෙකුට විතර්ක නැතිවෙලා වගේ යන එක[/FONT], [FONT=&quot]විතර්ක නිරුද්ධවීම නෙමෙයි. මතක[/FONT][FONT=&quot]තියාගන්ට බොහෝ වෙලාවට සමහරුන්ට සිද්ධවෙන දෙයක් ඒක.[/FONT]

    [FONT=&quot]නමුත් පළමු ධාන්‍යය[/FONT][FONT=&quot]පුරුදු නොකළ කෙනෙකුට අධුනික කාලෙදීම භවනා කරනකොට එයාට විතර්ක නැතිවෙලා යනව[/FONT], [FONT=&quot]මනසිකාර නැතිවෙලා යනව[/FONT], [FONT=&quot]නිකන් ඉන්නව ඉඳගෙන. සමහර විට සැහැල්ලූ ස්වභාවයකුත්[/FONT][FONT=&quot]තියෙන්ට පුළුවන්. ඉතින් එයා හිතනව [/FONT][FONT=&quot]මට සමාධිය තියෙනව[/FONT][FONT=&quot]කියලා. ඉතින් ගොඩක් අය[/FONT][FONT=&quot]හිතනව [/FONT][FONT=&quot]විතර්ක නිරුද්ධවෙලා ගිය සමාධියක මම දැන් ඉන්නවා[/FONT][FONT=&quot]කියල. ඒවගේ අපිට[/FONT][FONT=&quot]විතර්ක කරගන්න බැරි ස්වභාවයක් එනවනම්[/FONT], [FONT=&quot]විතර්ක කිරීම දුබලවෙලා යනවනම්[/FONT], [FONT=&quot]ඒක[/FONT][FONT=&quot]හිත හැකිළීමට ගොදුරු වෙන ස්වභාවයක්. හොඳට මතක තියාගන්න පළවෙනි ධාන්‍යය[/FONT][FONT=&quot]දක්වා පුරුදු නොකළ ආධුනික කෙනෙකුට සිදුවිය හැකි තත්වයක් මේ කියන්නෙ.[/FONT]
    [FONT=&quot]පළවෙනි ධ්‍යානයෙන් එහාට[/FONT][FONT=&quot]දෙවෙනි ධ්‍යානයට යනකොට විතර්ක නිරුද්ධවීම කියන්නේ ඒක නෙවෙයි. යම් කෙනෙක්[/FONT][FONT=&quot]පළවෙනි ධ්‍යානයට සමවදිනව. පළවෙනි ධාන්‍යය හොඳින් පුරුදු කරල තමයි දෙවෙනි[/FONT][FONT=&quot]ධාන්‍යයට සමවදින්නෙ. එතකොට එයාට විතර්ක නිරුද්ධවෙලා ගියොත් එතන හැකිළීම[/FONT][FONT=&quot]නෙවෙයි. සමහර කෙනෙකුට පළවෙනි ධ්‍යානයට සමවැදිල[/FONT], [FONT=&quot]ඊට පස්සෙ එයාට සමාධි කුසල[/FONT][FONT=&quot]නැතුව[/FONT], [FONT=&quot]දෙවෙනි ධ්‍යානයට හිත ඉබේ පිහිටන්න පුළුවන්. ඒවගේ වෙලාවකටත් විතර්ක[/FONT][FONT=&quot]නිරුද්ධවීම හැකිළීම නෙවෙයි. නීවරණ දුරුවෙන්ට කලින් තියෙන ස්වභාවයක් ගැන[/FONT][FONT=&quot]තමයි අපි කිව්වේ. ඒ නිසා හොඳට තෝර බේරාගන්න. ධ්‍යාන මට්ටම දක්වා භාවනා[/FONT][FONT=&quot]පුරුදු නොකල අධුනික කෙනෙක් භාවනා කරගෙන යනකොට විතර්ක පවත්වන්ට බැරි[/FONT][FONT=&quot]ස්වභාවයක් තියෙනවනම්[/FONT], [FONT=&quot]අන්න එතකොට තේරුම්ගන්න දැන් හිත හැකිලීමට පත්වෙලයි[/FONT][FONT=&quot]කියල. ඒක බලවත් වුණොත් කෙනෙකුට වාඩි වෙලා ඉන්ට පුළුවන්. නිදිමත නෑ වගේ[/FONT][FONT=&quot]තේරෙයි. විටින් විට කැඩි කැඞී මනසිකාරයත් සිද්ධවෙනව. ශරීරය කෙලින් තියාගෙන[/FONT][FONT=&quot]ඉන්ටත් අමාරුයි. ආරම්භයේදී අඳුරගන්න පුළුවන් ක‍්‍රමය තමයි විතර්කය[/FONT][FONT=&quot]පවත්වගන්ට අමාරු ස්වභාවයක්[/FONT], [FONT=&quot]විතර්ක දුර්වලවෙලා යනව වගේ දේ. එතකොට අඳුරගන්න[/FONT][FONT=&quot]හිතේ හැකිලීමක් එනව කියල. ඒක දුරුකරගන්ට පුළුවන් හොඳට සිහිය උපදවාගත්තොත්.[/FONT][FONT=&quot]කය හොඳට සෘජු කරගත්තොත්. හැබැයි ඒ හැකිළීම බලවත් වුණොත් විටින් විට[/FONT][FONT=&quot]මනසිකාරය කෙරෙයි[/FONT], [FONT=&quot]ඉඳගෙන ඉන්ට පුළුවන් අපහසු නෑ. අන්න ඒ වගේ ස්වභාවයක්[/FONT][FONT=&quot]ඇතිවුණොත් තේරුම් ගන්න හිතේ හැකිලීමක් තියෙන්නේ කියල.[/FONT]
    [FONT=&quot]ඉතින් ඒ ආකාරයෙන් තව[/FONT][FONT=&quot]දුරටත් භාවනාව කරගෙන ගියොත් මනසිකාරය කරන්ට බෑ. මනසිකාරය නැතිවෙලා යනව.[/FONT][FONT=&quot]එහෙම ඉඳල ඉඳල නින්දට යයි. සමහරු කියනව[/FONT], “[FONT=&quot]නින්ද ගියෙත් නෑ[/FONT], [FONT=&quot]අරමුණක් තිබ්බ[/FONT][FONT=&quot]මතකත් නෑ[/FONT][FONT=&quot]කියල. ඒ හිත හැකිලිලා. ඉතින් ඒ වගේ ස්වභාවයක් දිගින් දිගට වෙන්ට[/FONT][FONT=&quot]දෙන්න එපා. එතකොට අපේ හිත දුර්වල වෙලා පස්සෙ භාවනාවට පිහිටව ගන්න බැරුව[/FONT][FONT=&quot]යනව. ඒ නිසා ආරම්භයේදී ම තේරුම්ගන්න[/FONT], [FONT=&quot]හිතේ හැකිළීමට ගොදුරුවෙන ස්වභාවයන්.[/FONT][FONT=&quot]ඒකෙන් හිත නිදහස් කරගන්න. එතකොට හිතේ හැකිළීමක් වෙනව කියල තේරෙනවානම්[/FONT], [FONT=&quot]අපි[/FONT][FONT=&quot]සමථය වඩමින් ඉන්නවනම්[/FONT], [FONT=&quot]විදර්ශනාවකට හිත මාරුකරගන්න. එහෙම නැත්තම් භාවනාවෙන්[/FONT][FONT=&quot]නැඟිටල සක්මන් කරන්න. ඒ විදිහට කටයුතු කිරීමෙන් අපිට ඒ හැකිළීම නැතිකරගන්ට[/FONT][FONT=&quot]පුළුවන්කම තියෙනව.[/FONT]

    [FONT=&quot][/FONT]
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    [FONT=&quot]ඊළඟ එක නිදිමත[/FONT], [FONT=&quot]ථීනමිද්ධය. නිදිමත නැති කරගන්නෙ කොහොමද[/FONT]? [FONT=&quot]නිදිමත නැති කරගැනීම සඳහා වීරිය කළ[/FONT][FONT=&quot]යුතුයි. නිදිමත නැති කරගැනීම සඳහා අපි ගොඩක් මහන්සිවෙන්ට ඕනැ. නිදිමත නැති[/FONT][FONT=&quot]කරගන්නෙ නැතුව අනිත් ඒව නැති කරන්න අමාරුයි. ඒ නිසා නිදිමත නැතිකිරීම[/FONT][FONT=&quot]පිණිස වීරිය කළයුතුයි. හිතට වීරිය ගන්න. නිදිමත නැතිකර ගැනීම පිණිස කැමැත්ත[/FONT][FONT=&quot]උපදවාගන්න. එතකොට අපිට නිදිමත නැති කරගෙන[/FONT], [FONT=&quot]සුවපහසුවෙන් ඒ භාවනාව කරගන්ට[/FONT][FONT=&quot]පුළුවන් කලක් එයි. ඉතින් මේ විදියට හිත කාමයන් ඔස්සේ දුවන ස්වභාවය[/FONT], [FONT=&quot]හිතේ[/FONT][FONT=&quot]විසිරීම[/FONT], [FONT=&quot]හිතේ හැකිලීම[/FONT], [FONT=&quot]නිදිමත මෙන්න මේ කියන ස්වභාවයන් දුරු කරගත්තොත්[/FONT], [FONT=&quot]පහසුවන් භාවනා අරමුණේ හිත පවත්වන්ට පුළුවන් කලක් උදාවෙනව. අන්න එයාට භාවනාව[/FONT][FONT=&quot]සාර්ථකකරගන්ට පුළුවන්. ඉතින් මේ කටයුතු දවසකින් දෙකකින් කරන්ට බැරි වෙන්ට[/FONT][FONT=&quot]පුළුවන්. සමහර විට මාසෙකින් දෙකකින් බැරිවෙන්නත් පුළුවන්. කොච්චර කාලයක්[/FONT][FONT=&quot]යයිද කියල අපිට කියන්ට බෑ. ඒක එයාගේ උනන්දුව[/FONT], [FONT=&quot]දක්‍ෂකම[/FONT], [FONT=&quot]කැප කිරීම[/FONT], [FONT=&quot]නිතර[/FONT][FONT=&quot]පුරුදු කිරීම අදී දේ මත තමයි තීරණය වෙන්නේ. ඒ නිසා අපි භාවනාව නිතර පුරුදු[/FONT][FONT=&quot]කරන්න ඕන. සිහිය උපදවගන්ට ඕනැ. ඒ විදියට කටයුතු කිරීමෙන් භාවනාවට බාධාවෙන[/FONT][FONT=&quot]දේවල් දුරුකරගෙන භාවනාව සාර්ථක කරගන්ට පුළුවන්.[/FONT]
    [FONT=&quot]සමහර අය ඉන්ට පුළුවන්[/FONT][FONT=&quot]අවුරුදු ගනන් භාවනාව පුරුදුවෙන අය. නමුත් සමහරක් අය භාවනාවට බාධා වෙනදේවල්[/FONT][FONT=&quot]ඉවත්කරගන්න තාම දක්‍ෂ නෑ. ඒ නිසා ඒ දක්‍ෂකම ඇතිකරගන්න. එතකොට අපි කාටත්[/FONT][FONT=&quot]පුළුවන්කමක් තියෙයි සාර්ථකව භාවනාව පුරුදුවෙන්ට. ඒ නිසා දැන් හරි[/FONT][FONT=&quot]තේරුම්ගන්න[/FONT], [FONT=&quot]අපි ආරම්භයේ ඉඳල ම මේ භාවනාවට බාධාවෙන දේවල් අඳුරගන්ට ඕන.[/FONT][FONT=&quot]අඳුරගෙන ඒවා බැහැරකරන්ට දක්‍ෂවෙන්ට ඕනැ. අපි ඉතාම සරළ විදියට තමා මේ විස්තර[/FONT][FONT=&quot]කළේ. සරළයි කියල අතහරින්ට එපා. මේ කටයුත්ත කරනකොට මෙතරම් ම සරළ නෑ[/FONT], [FONT=&quot]නමුත්[/FONT][FONT=&quot]අපි හිතනව මේවායින් ලොකු උපකාරයක් තියෙයි කියල. මෙතරම් ම සරළ විදියට කාරණා[/FONT][FONT=&quot]කියල තියෙන නිසා ඒව නොවැදගත් කියල අහකදාන්ට එපා. ඒ නිසා මේ කාරණා ඉගෙනගෙන[/FONT], [FONT=&quot]තම තමන්ගේ ජීවිතය වාසනාවන්න කරගැනීම පිණිස සියලූ දෙනාට ම දුර්ලභ වූ භාග්‍ය[/FONT][FONT=&quot]උදාවේවා! කියල අපි ආශිර්වාද කරනව.[/FONT]
    [FONT=&quot]නාවලපිටියේ අරියවංශ හිමි[/FONT]