චන්දෙ දිනන්නේ කවුද ? [ My Prediction]

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    චන්දෙ දිනන්නේ කවුද ? [ My Prediction]

    මේ චන්දෙදි හොඳම campaign එක කලේ මහින්ද ප්‍රමුක පොදුජන එක්සත් පෙරමුණ , අංක දෙකට එක්සත් ජනතා නිදහස් සන්ධානය , අංක තුන ජනතා විමුක්ති පෙරමුණ , අන්තිම ස්ථානය එක්සත් ජාතික පක්ෂය.

    වැඩිපුරම media support එක ලැබුනේ පොදුජන එකසත් පෙරමුණට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට.

    වැඩිපුරම මඩ වැදුනේ එක්සත් ජාතික පක්ෂයට.

    එක්සත් ජාතික පක්ෂය strategy එක තමන්ගේ චන්ද ටික විතරක් මෙවර චන්ද පොලට ගන්න එක

    පොදුජන පෙරමුණ strategy එක මහින්දට වැදුන චන්ද ටික ආයොත් චන්ද පොලට ගන්න එක

    එක්සත් ජනතා නිදහස් සන්ධානය strategy එක පාවෙන චන්ද ටික තමන්ට ගන්න එක

    මට හිතෙන විදිහට මේ චන්දෙදි කිසිම පක්ෂයකට 50 % ගන්න වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය තව ටිකක් මහන්සි උනානම් 50% කිට්ටුවට එන්න තිබුන. පොදුජන එක්සත් පෙරමුණ නම් (ප්‍රාදේශීය සභා මැතිවරණයකදී) තමන්ට එන්න පුළුවන් උපරිම චන්ද තමයි මේ පාර ගන්නේ. මොකද කුඩා මැතිවරණ වල විපක්ෂයට ලැබෙන චන්ද ප්‍රමාණය අඩුයි.

    එක්සත් ජාතික පක්ෂය 37 - 42 %

    පොදුජන එක්සත් පෙරමුණ - 33 - 37%

    එක්සත් ජනතා නිදහස් සන්ධානය 7 - 9%

    ජනතා විමුක්ති පෙරමුණ 5 - 8%
     
    • Like
    Reactions: Rated_R

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    තම ආධාරකරුවෙකුට පහර දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන මැතිවරණ ලැයිස්තු අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අද (09) බුලත්සිංහල පොලිසිය හන්දියේදී උද්ඝෝෂණයක නිරත වනවා.
    අදාළ පහරදීම සම්බන්ධයෙන් බුලත්සිංහල පොලිසියේ නිලධාරීන් එම පුද්ගලයා මේ වනතුරුත් අත්අඩංගුවට නොගැනීමට විරෝධය දක්වා නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මෙහෙමයි ප්‍රතිශතය නෙමෙයි මේ ඡන්දෙට බලපාන්නේ,දිනන සභා ගණන,මම හිතන්නේ පොදුජන පෙරමුණ වැඩි සභා ගණනක් දිනනවා,unp කොහොමත් මහා නගර සභා හා සුළු ජාතික පදනමක් තියෙන සභා දිනනවා,slfp පොළොන්නරුව සමහර සභා දිනන්න පුළුවන් සමහර විට නැති වෙන්නත් පුළුවන්,jvp එක සභාවක්වත් දිනන්න‍ෙ නෑ
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මෙහෙමයි ප්‍රතිශතය නෙමෙයි මේ ඡන්දෙට බලපාන්නේ,දිනන සභා ගණන,මම හිතන්නේ පොදුජන පෙරමුණ වැඩි සභා ගණනක් දිනනවා,unp කොහොමත් මහා නගර සභා හා සුළු ජාතික පදනමක් තියෙන සභා දිනනවා,slfp පොළොන්නරුව සමහර සභා දිනන්න පුළුවන් සමහර විට නැති වෙන්නත් පුළුවන්,jvp එක සභාවක්වත් දිනන්න‍ෙ නෑ

    ප්‍රාදේශීය සභා මැතිවරණයකදී ගොඩක් වෙලාවට මිනිස්සු චන්දෙ දෙන්නේ පවතින ආණ්ඩුවට. එත් පොදුජන පෙරමුණ මහින්ද එක්ක අරගෙන ගිය campaign එකත් ගොඩක් ජනප්‍රිය උනා.
    එක නිසා මට හරියටම කියන්න බැහැ පොදුජන පෙරමුණ ට වැඩි සභා ප්‍රමාණයක් දිනයිද නැද්ද කියල. දෙපැත්තටම කැරකෙන්න පුළුවන්. එත් මට හිතෙන්නේ නම් එක්සත් ජාතික පක්ෂයට වැඩි සභා ප්‍රමාණයක් ලැබෙයි කියල.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    මෙහෙමයි ප්‍රතිශතය නෙමෙයි මේ ඡන්දෙට බලපාන්නේ,දිනන සභා ගණන,මම හිතන්නේ පොදුජන පෙරමුණ වැඩි සභා ගණනක් දිනනවා,unp කොහොමත් මහා නගර සභා හා සුළු ජාතික පදනමක් තියෙන සභා දිනනවා,slfp පොළොන්නරුව සමහර සභා දිනන්න පුළුවන් සමහර විට නැති වෙන්නත් පුළුවන්,jvp එක සභාවක්වත් දිනන්න‍ෙ නෑ

    JVP ekata seat 1k gahanna amaru wei :)
    Tissa witarai tikak hari hope 1k tiyenne , eka awe nattam lankawe kohewath enne naha :D e unata percentage eka wedi karaganna eka hodai general election ekakadi :)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    mama nam hithanne unp ekaa wada pohottuwa gani kiyala
    jvp samaharawita thissa apahudhinayi.habayi kalinta wada janda prahishatayak aniwa ganiyi
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    ප්‍රාදේශීය සභා මැතිවරණයකදී ගොඩක් වෙලාවට මිනිස්සු චන්දෙ දෙන්නේ පවතින ආණ්ඩුවට. එත් පොදුජන පෙරමුණ මහින්ද එක්ක අරගෙන ගිය campaign එකත් ගොඩක් ජනප්‍රිය උනා.
    එක නිසා මට හරියටම කියන්න බැහැ පොදුජන පෙරමුණ ට වැඩි සභා ප්‍රමාණයක් දිනයිද නැද්ද කියල. දෙපැත්තටම කැරකෙන්න පුළුවන්. එත් මට හිතෙන්නේ නම් එක්සත් ජාතික පක්ෂයට වැඩි සභා ප්‍රමාණයක් ලැබෙයි කියල.

    නමුත් මේ පාර කවදාවත් නොතිබූ ආණ්ඩු විරෝධයක් රට තුළ තිබෙනවා.හරියට කියන්න බෑ තමයි මොකද unp එක පැරදුණනත්,සුළු ජාතික සභා හා slfp වගේ ඒවා එකතු කරලා බැලුවම අනිත් අයට වඩා වැඩි වෙන්න පුළුවන්,ඒ පදනමින් ආණ්ඩුව කියන්න පුළුවන් තාම මිනිස්සු ඉන්නේ ආණ්ඩුව එක්ක කියලා.හැබැයි මම හිතන්නේ නෑ තනියම slfp හො unp එකට පොදුජන පෙරමුණ පරද්දන්න පුළුවන් කියලා :sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    නෑ.
    ගොඩක්ම වියදම් කරේ යූඑන්පී
    ඊලඟට ශ්‍රීලංකා
    පොහොට්ටුව තුන
    ජේවීපි හතර
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    JVP ekata seat 1k gahanna amaru wei :)
    Tissa witarai tikak hari hope 1k tiyenne , eka awe nattam lankawe kohewath enne naha :D e unata percentage eka wedi karaganna eka hodai general election ekakadi :)

    JVP එකට percentage එක වැඩි වේවි ගොඩක් අනිත් අයට අකැමැති අය jvp එකට vote කරනවා,:yes::yes:,තිස්ස සමහර විට කියන්න බෑ මොකද මම හිතන්නේ යුද ජයග්‍රහණයන් පස්සෙ දකුණේ ගොඩක් තැන් මහින්දට වාසියි,ගාල්ල මාතර ආසන දෙක හැර,අනික 2015 දිත් අපි හිතුව තරම් jvp ආවේ නෑ.මොකද jvp එක ගැන online කතා කරන ගොඩක් අය ඡන්දෙ දාන්න යන්නේ නැති seen එකක් තියෙනවා
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    නෑ.
    ගොඩක්ම වියදම් කරේ යූඑන්පී
    ඊලඟට ශ්‍රීලංකා
    පොහොට්ටුව තුන
    ජේවීපි හතර

    වියදම් කරපු එක නෙමෙයි බන් මම කිව්වේ . මහින්ද දන්නවා මිනිස්සුන්ගේ ඇඟට වැදෙන්න campaign එකක් කරන විදිහ . බලපන් UNP එකේ advertisements වගේද කියල පොදුජන පෙරමුණේ එව්වා

    අපි theme song එකම බලමු

    පොදුජන පෙරමුණ

    එක්සත් ජාතික පක්ෂය

    අනිත් දේශපාලන පක්ෂ දෙකම තමන්ගේ මාද්‍ය යොදාගෙන ලොකුවට campaign එක කළා

    සිරස , හිරු , දෙරණ තරගෙට බදුම්කරේ තියාගෙන උදේ, දවල්, හවස කියවකොට UNP එකට බැරි උනා අනිත් වංචා දුෂණ , ඔවුන් දීපු සහන මිනිස්සු අතරට අරගෙන යන්න.

    එකයි මම කිව්වේ හොඳම campaign එක කලේ පොදුජන පෙරමුණ කියල

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    නමුත් මේ පාර කවදාවත් නොතිබූ ආණ්ඩු විරෝධයක් රට තුළ තිබෙනවා.හරියට කියන්න බෑ තමයි මොකද unp එක පැරදුණනත්,සුළු ජාතික සභා හා slfp වගේ ඒවා එකතු කරලා බැලුවම අනිත් අයට වඩා වැඩි වෙන්න පුළුවන්,ඒ පදනමින් ආණ්ඩුව කියන්න පුළුවන් තාම මිනිස්සු ඉන්නේ ආණ්ඩුව එක්ක කියලා.හැබැයි මම හිතන්නේ නෑ තනියම slfp හො unp එකට පොදුජන පෙරමුණ පරද්දන්න පුළුවන් කියලා :sorry:

    ලංකාවේ ජනප්‍රියම media ඔක්කොම වගේ ඉන්නේ ආණ්ඩු විරෝදී මතවාදයක, SLFP එකට නම් තනියම පොදුජන පෙරමුණ පරද්දන්න බැහැ. . මේ චන්දෙ තියන ක්‍රමයත් මහින්ද ගේ දක්ෂ marketing මත ඔවුන් ඉදිරියට පැමිණෙයි කියල මම හිතවා එත් පළමු තැන ගනියි කියල නම් හිතන්න අමාරුයි. කොහොම හරි කවුරු දින්නත් නුලෙන් තමයි දිනන්න්නේ. :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    වියදම් කරපු එක නෙමෙයි බන් මම කිව්වේ . මහින්ද දන්නවා මිනිස්සුන්ගේ ඇඟට වැදෙන්න campaign එකක් කරන විදිහ . බලපන් UNP එකේ advertisements වගේද කියල පොදුජන පෙරමුණේ එව්වා

    අපි theme song එකම බලමු

    පොදුජන පෙරමුණ

    එක්සත් ජාතික පක්ෂය

    අනිත් දේශපාලන පක්ෂ දෙකම තමන්ගේ මාද්‍ය යොදාගෙන ලොකුවට campaign එක කළා

    සිරස , හිරු , දෙරණ තරගෙට බදුම්කරේ තියාගෙන උදේ, දවල්, හවස කියවකොට UNP එකට බැරි උනා අනිත් වංචා දුෂණ , ඔවුන් දීපු සහන මිනිස්සු අතරට අරගෙන යන්න.

    එකයි මම කිව්වේ හොඳම campaign එක කලේ පොදුජන පෙරමුණ කියල

    බැඳුම්කර වංචාව නිසා යූඑන්පියට පාවෙන ඡන්ද වැටෙන්නෙත් නෑ දූශන විරෝදී චන්ද නෑ. ශ්‍රිලංකා එක කඩපු නිසා යූඑන්පියට දිනන්න පාවෙන/දූශන විරෝදි ඡන්ද ඕනෙත් නෑ. යූඑන්පී කැම්පේන් එක තනිකරම ටාගට් කරේ සාම්ප්‍රදායික කැපුවත් යූඑන්පී කාරයව ජන්දපලට ගෙන්නගන්න.

    මහින්දත් පාවෙන ඡන්ද ටාගට් කරේ නෑ. දුශන විරෝදි චන්ද ටාගට් කරෙත් නෑ. ඕනෑම ආණ්ඩුවක් පත් වෙලා මාස කීපයක් යනකොට, ආණ්ඩු විරෝධි හඬ වැඩි වෙනවා. මහින්ද ටාගට් කරේ ඒ ආණ්ඩු විරෝදී ඡන්ද ටික හා සාම්ප්‍රදායික කැපුවත් මහින්ද සෙට් එකයි.

    මෛත්‍රීට සාම්ප්‍රදායික ශ්‍රීලංකා ඡන්ද කුට්ටි පිටින් වැටෙන්නේ නෑ. එයා ටාගට් කරේ අත එහෙම ගෙනල්ල සාම්ප්‍රදායික ශ්‍රීලංකා කාරයින්ව අවුස්සලා අරගෙන බුලත් කොලෙ කට්ටියගෙ ඡන්ද කඩාගෙන, පාවෙන ඡන්ද දූෂන විරෝදී ඡන්ද ටික සාක්කුවෙ දාගන්නයි.

    අනුරට කොහොමත් සාම්ප්‍රදායික ජවිපෙ ඡන්ද කුට්ටිය වැටෙනවා, ඊට අමතරව දූශන විරෝදී ආණ්ඩුවිරෝදි පාවෙන චන්ද ගොඩ තමන්ගෙ පැත්තට හරව ගන්න අනුර ගොඩක් මහන්සි උනා.
     
    එක හරි . ඕක තමයි කට්ටියගෙම strategy එක එත් UNP එක තව ටිකක් වෙනස් විදිහට campaign එක කළා නම්. අද ගෙදර නවතින චන්ද වලින් 40% විතර ගන්න තිබුන
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    එක හරි . ඕක තමයි කට්ටියගෙම strategy එක එත් UNP එක තව ටිකක් වෙනස් විදිහට campaign එක කළා නම්. අද ගෙදර නවතින චන්ද වලින් 40% විතර ගන්න තිබුන
    උබ යූඑන්පී එක ගැන කතා කරපු නිසා ඒ ගැනත් ටිකක් කියන්නම්කො. යූඑන්පී එකට කියන්නයි කියලා අළුත් දෙයක් ඉතිරි වෙලා නෑනේ බන්. කියන්න ඕන ඔක්කෝම 2015 කිව්වා. කලින් කියපු දේවල්ම තමයි කියන්න ඉතිරි වෙලා තියෙන්නෙ. කලින් කියපු දේවලුත් රෙද්දක් ඇඳන් කියන්න බැරි මට්ටමකට වැටිලයි ඉන්නෙ. අපි හොරු අල්ලනවා කියන්නද? අපි හොරු නෙවේ කියන්නද? සමහරු නම් රෙදි උනා දාලා කතා කරන එක වෙනම දෙයක්. විශේෂයෙන් රන්ජන් වගේ කොන්දක් තියෙන අය ඇහේ පොල් පරාල තියාගෙන කතා කරන අය නෙවේ.

    යූඑන්පියට ඡන්දෙ දුන්න උගත් මධ්‍යම පාන්තික පිරිසගෙ හිත දිනාගන්න අලුත් දෙයක් කරලා නැති නිසා, උන්ව ටාගට් කරලා කැම්පේන් කරුවොත් උන් හිතනවා, මුන් අපේ විශ්වාසය කඩලා තව අපේ ඡන්දෙටත් කෙලින්න එනවා කියලා. ඒ අයව තවත් රවට්ටන්න ගියොත් ඒ අය දරුනු තීරන වලට යන්න ඉඩ තියෙන බව යූඑන්පී එක දුර තියලා දැක්කා. කැම්පේන් කරලා උන්ව අවුස්ස ගන්නවට වඩා, ඔය ඉන්න විදිහටම ඉන්න දුන්නොත් චන්දෙ දවසෙදි උන් හාන්සි වෙලා ගෙදර ඉන්නවා. උන්ව හාන්සි කරල තියෙන එකම යූඑන්පියෙ ජයග්‍රගනයක්. අන්න ඒ නිසයි උන්ව ටාගට් නොකරෙ. යූඑන්පිය කියන්නෙ මීඩියා එක හසුරවන්න බැරි අදහස් නැති ගොන්නු ඉන්න පක්ෂයක් නෙවේ. යූඑන්පී එක දශක දෙකක් තිස්සෙ විපක්ශෙ ඉඳලා පොලිශ් වෙලා තියෙන්නෙ. ශ්‍රීලංකා පොහොට්ටු කාරයෝ ආණ්ඩුවෙ ඉඳලා මොට්ට වෙලයි තියෙන්නෙ. ඉතින් මම නම් කියන්නෙ යූඑන්පියෙ ස්ට්‍රැටජි එකේ කිසි අව්ලක් නෑ. ගානට වැඩේ කරලා තියෙනවා.
     
    Last edited:

    උඹ කියන කතාවේ ඇත්තක් තියනව එත් උන්ට බඩු මිල , මාද්‍ය නිදහස , නීතිය වගේ දේවල් අරගෙන ඔයිට වඩා හොඳ campaign එකක් කරන්න තිබුන.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    උඹ කියන කතාවේ ඇත්තක් තියනව එත් උන්ට බඩු මිල , මාද්‍ය නිදහස , නීතිය වගේ දේවල් අරගෙන ඔයිට වඩා හොඳ campaign එකක් කරන්න තිබුන.

    කරපු ඒවට වඩා කරන්න ඉන්න දේවල් ගැන නේද කතා කරන්න ඕනේ?
    කරපුවා උනත් උබ කියපු තුනෙන් නීතිය ගැන නම් මට කිසිම පැහැදීමක් නෑ. මහින්දගෙ කාලෙට සාපෙක්ශව ටිකක් හරි විනිවිද බවක් පෙනුනත්, ඒක වචනෙකට සීමා වෙච්ච දෙයක්. මෛත්‍රීයි රනිලුයි ලොකු ටෝක් දුන්නට අඹ ගෙඩියක් පොල් ගෙඩියක් හොරකම් කරොත් හිරේ, කෝටි ගනන් හොරකම් කරොත් එලියෙ.

    බඩු මිල අඩු කරාට වැඩි වෙච්ච ඒවා අහසට ගියා. ගොඩක් දේවල් මේ පෑවිල්ලත් එක්ක වෙච්ච දේවල්. ඒත් මිනිස්සු ඒ ගැන හිතන්නෙ නෑ. ආණ්ඩුවටයි බනින්නෙ. ඒ නිසා එතනින් වාසියක් ගන්නත් බෑ.

    හැබැයි මාධ්‍ය නිදහස ගැන නම් ගොඩක් සතුටුයි. මෛත්‍රී ඊනිවුස් බ්ලොක් කරපු එක කැත වැඩක්. හැබැයි ඉතින් ඒක එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් නෙවේනෙ. මිනිස්සුන්ගෙ බඩට දැනෙන දෙයක් නෙවේනෙ බන්.