යමක් පට්ට, වටිනවා, සාරයි, නැවත නැවත ඇසුරු කරන්න සුදුසුයි කියල හිතෙන් වටිනාකමක් ගොඩනගාගත්තනං ඉතින් එතන ඒ දේ ගැන ආශ්වාදයක් ගොඩනැගිල ඇඟේ මවිල් කෙලින් වෙන එක අරුමයක් නෙමෙයි. හැබැයි ඕව අහන ඔක්කොටම එහෙම වෙන්නෙ නෑනෙ. ඒ ඇයි කියල නිකමට හිතුවෙ නැද්ද? අහපු දේ තුල අර ආශ්වාදය, මවිල් කෙලින් වෙන ස්වබාවය තිබුන නං අහන අහන හැමෝටම ඕක වෙන්න එපැයි. කුල මල, වයස, ජාති බේද නැතුව. හැබැයි එහෙම නැනෙ. එතකොට පැහැදිලි වෙන්න ඕන ඕක වෙන්නෙ තමුන් වටිනාකමක් දුන්නොත් මිසක තමුන් වටිනාකමක් නොදුන් දෙකින් එහෙම ශරීරයට හෝ මනසට ප්රතික්රියාවක් ඇති වෙන්නෙ නෑ කියන දේ. එහෙනං ඔය පට්ට වටිනවා සාරයි සැපයි කියන කෑලි සසර දිගු කරවන රාග සගහත මනෝ මුලික දෘෂ්ටි ඇරෙන්න වෙන දෙයක් එතන නෑ. සින්දුව කියන්නෙ ශබ්දයක්. ඒක හැදිලා තියෙන්නෙ යම් හේතුවක පලයක් විදිහට. හේතු තියෙනකොට සද්දේ ඇහෙනවා. හේතු නිරුද්ද වෙනකොට සද්දේ නිරුද්ද වෙනවා. ඕක නිකන් වැලක්(ස්ට්රින්ග්) එකක් වගේ. අපේ විඥානය ඔය ශබ්ද මාත්ර අදි වේගයෙන් ප්රොසෙස් කරලා එකක් වගේ පෙන්නනවා. අපි ඒකට අහු වෙනව. ඔතන තියරිය ඔච්චරයි.
කුවේනි කොන්සට් එක ගැන මේ ටික කාලෙදි කිරියෙම ත්රෙඩ් කීයක් ඕපන් උනාද . මේකෙ මොකක් හරි වෙනසක් තියනව බන් . අමුතුම දෙයක් . මට ඉස්සෙල්ලම අහන්න හම්බුනේ හීන මකා කියන සින්දුව . ඒකෙන් තමා හොයාගෙන ගියේ . හීන මකා කියන්නෙ ඇත්තටම උඩු හිතයි යටි හිතයි කියන සින්දුවක් . අනේ මන්ද

