චාමර හා රොමේෂ්

ghost99

Active member
  • Dec 26, 2015
    517
    174
    43
    #චාමර හා රොමේෂ්

    මොර සූරන වැස්සේ ෂෝ එක කරන්න බැරිතැන අසරණවුණු සරසවි සිසුන් හමුවේ මතුවුණු රොමේෂ් හා චාමරගේ මනුස්සකම
    :yes::yes:

    Romesh-Sugathapala-Chamara-Weerasinghe-Stay-at-Japura-Campus-Hostel-Night.jpg

    පසුගිය 14 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලායේ පැවත් වූ කල්පිතයෙන් එහා සංගීත ප්‍රසංගයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුණා. මේ හේතුවෙන් සංගීත ප්‍රසංගය මුලුමනින්ම නවතා දැමීමට විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුන්ට සිදුවුණා. වර්ෂාව හේතුවෙන් ඔවුන්ගේ සියළුම සැලසුම් වෙනස් කිරීමට සිදුවූ අතර ඒ හේතුවෙන් මෙම ප්‍රසංගය ජූලි මාසය දක්වා කල්දැමීමට සිදුවන බව ඔවුන්ට දැනගන්නට ලැබුණා.

    විශාල මුදලක් යොදා මෙම ප්‍රසංගය සංවිධානය කර තිබූ නමුත් පැමිණ සිටි සියළු දෙනාටම එය නරඹන්නට දී තිබුණේ නොමිලේයි. කෙසේ නමුත් මාස කිහිපයක් සැලසුම් කර වර්ෂාව නිසාවෙන් නවතා දමන්නට වූ මෙම සංගීත ප්‍රසංගයට නැවත ජීවයක් දෙන්නට එම අවස්ථාවට පැමිණ සිටි ආරාධිත ගායකයින් වූ රොමේෂ් සුගතපාල හා චාමර වීරසිංහ කටයුතු කර තිබුණා.

    තමන් සංවිධානය කර තිබූ ප්‍රසංගය වර්ෂාව හේතුවෙන් සේදීයාමෙන් මානසිකවද ඇදවැටී සිටි විශ්ව විද්‍යාල සිසුන් වෙත පැමිණ රොමේෂ් සුගතපාල හා චාමර වීරසිංහ පවසා තිබුණේ ''මල්ලි උඹලා මේකට ගොඩක් මහන්සි වුණා කියලා අපිට තේරෙනවා, ෂෝ එකේ සින්දු කියන්න ආවම අපිට උඹලා සලකපු විදියෙන්ම උඹලා ගැන තේරුණා, අද මයික් එකක් ඔන් කරගන්න බැරි තරම් වහිනවා, අවුලක් නෑ, අපි මේ ෂෝ එක හෙටට කල්දාමු, අපේ ආටිස්ට්ලාට සල්ලි ගෙවලා එක සින්දුවක්වත් කියන්නේ නැතුව අපිට උඹලාගෙන් සල්ලි ගන්න බෑ, ඒක හරි දෙයක් නෙවෙයි, බෑන්ඩ් එකයි, මේ ගහපු ස්ටේජ් එකයි එක්ක අපි උඹලගේ හොස්ටල්වල රෑ ඉන්නම්, අවුලක් නෑ, හෙට හෙන නෙවෙයි මෙතන ගංවතුර ගැහුවත් අපි ෂෝ එක කරලා තමයි යන්නේ'' යනුවෙනුයි.

    ඒ අනුව රොමේෂ් සුගතපාල හා ඔහුගේ වාදන කණ්ඩායම එදින විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේ රැය පහන් කර ඇති අතර එම අවස්ථාවට චාමාර වීරසිංහද එක්ව තිබෙනවා. ඔවුන් රාත්‍රියේ ආහාරද ගෙන විශ්ව විද්‍යල සිසුන් සමඟින් ගී ගයමින් රැය පහන්කර ඇති අතර පසුදා නැවත ප්‍රසංගය පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

    එදිනද වැසි නොතකා බොහෝ පිරිසක් ප්‍රසංගය නැරඹීමට පැමිණ ඇති අතර රයිනි චාරුකා හා රූනි ද මෙම ප්‍රසංගයේ ගීත ගැයීමට සහභාගී වී තිබෙනවා.

    සැබැවින්ම එම අවස්ථාවේදී අසරණව සිටි විශ්ව විද්‍යාල සිසුන්ගේ හැඟීම් තේරුම්ගත් නිසාවෙන් මෙම ගායකයින් දෙදෙනා නේවාසිකාගාරවල රැදී සිටිමින් ඔවුන් පෙරුම්පුරා සංවිධානය කළ සංගීත ප්‍රසංගයට අරුතක් ලබාදුනි.

    මෙවන් අවස්ථාවන්වලදී මුදල් පිළිබඳව පමණක් සිතන ඇතැම් ගායක ගායිකාවන් හා ගත්කළ චාමර, රොමේෂ් හා රයිනි චාරුකා හට විශ්ව විද්‍යාල සිසුන්ගේ නොමද ස්තූතිය හිමිවූයේ දිවා රූ නොබලමින් විශ්ව විද්‍යාල සිසුන් දිරිමත් කරමින් මනුස්සකම් ඇති ගායක ගායිකාවන් ලෙසින් ඔවුන්ගේ වටිනා කාලය වැය කරමින් ප්‍රසංගය සාර්ථක කර ගැනීමට කටයුතු කළ නිසාවෙනුයි.




    http://www.citizen.lk/news/3255/rom...inghe-stay-at-japura-campus-hostel-night.html
     
    Last edited: