චාලි_වෙනුවෙන් විරෝධයක්
මීගමුව - කොප්පරවත්ත හන්දිය ප්රදේශයේ නිවසක කූඩු කර සිටි ලැබ්රඩෝ වර්ගයට අයත් ‘‘චාලි’’ නැමති සුනඛයාට භූමිතෙල් දමා ගිනි තබා මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් හා රට තුළ සතුන් අකාලයෙ මිය යාම හේතුවෙන් හෙට(04) මීගමුව නගරයේ විරෝධතාවයක් පැවැත්වීමට නියමිත බව අද දෙරණ වාර්තාකරු පවසයි.
මෙම විරෝධතාවය Save a paw with love සතුන් සුරැකීමේ සංවිධානය විසින් සංවිධානය කරන අතර සියලුම සත්ව සංවිධාන මෙම විරෝධතාවය සඳහා එක් වෙනු ඇතැයි අපේක්ෂා කරයි.
කොප්පරවත්ත හන්දිය ප්රදේශයේ නිවසක කූඩු කර සිටි ලැබ්රඩෝ වර්ගයට අයත් ‘‘චාලි’’ නැමති සුනඛයාට භූමිතෙල් දමා ගිනි තබා මරා දැමු පුද්ගලයා පිළිබඳ කිසියම් හෝ හෝඩුවාක් ලබා දෙන පුද්ගලයෙකුට ලක්ෂ එක හාමාරක මුදලක් ලබා දෙන බව Save a paw with love සංවිධානය පැවසීය.
මේ අතර මෙම සංවිධානය මඟින් ජනාවාරි 05 දා මේ පිළිබඳ අග්රාමාත්යවරයා සමඟද සාකච්ඡාවක් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
එහිදී සතුන් සම්බන්ධයෙන් පණතක් ස්ථාපිත කරන ලෙස අග්රාමාත්යවරයා ඉල්ලීම් කරන බව වාර්තා වෙයි.
සුනඛයෙකු ගිනි තබා මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය විසින් මේ වන විටත් පරීක්ෂණය ක්රියාත්මක කරයි.
මීගමුව - කොප්පරවත්ත හන්දිය ප්රදේශයේ නිවසක කූඩු කර සිටි ලැබ්රඩෝ වර්ගයට අයත් ‘‘චාලි’’ නැමති සුනඛයාට මෙලෙස භූමිතෙල් දමා ගිනි තබා තිබුණේ පසුගිය දෙසැම්බර් 31 වනදා අළුයම් කාලයේදිය.
චාලි වෙනුවෙන් විරෝධතාවයක්-හෝඩුවාවකට මුදලින් ලක්ෂ එක හමාරක්