චිකන් පීකුදු

Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    7_22.jpeg

    තෝරාගත් කුකුළු මස් වර්ග කීපයක් අලලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන් සිදුකළ පර්යේෂණයකදී බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ (පීකුදුවල) විස ආසනික් සංඝටක ඇති බව අනාවරණය වී තිබේ.

    බ්‍රොයිලර් කුකුළන් වර්ධනය කිරීම සඳහා හෝර්මෝන, විටමින් සහ ඛනිජ ලවන සහිත ආහාර ලබාදන අතර කුකුළන්ගේ බඩවැල් ආශ්‍රිතව ජීවත්වන කුඩා ජීවීන් මරණයට පත්කිරීම සඳහා ආසනික් අඩංගු සංඝටක ලබාදෙයි. එම සංඝටක කාබනික වශයෙන් කුකුළන්ට ලබාදුන්නද උදරය තුළදී විස ආසනික් සංඝටක බවට පත්වේ.

    රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය බී.ඒ. පෙරේරා මහත්මිය ලංකාදීපය ට අදහස් දැක්වූයේ මේ අයුරිනි.

    දිවයින පුරා වෙසෙන ළමා, තරුණ, වැඩිහිටියන් ඇතුලූ බොහෝ පිරිස් ආහාර පි‚ස මස්වර්ග අනුභව කරනවා. සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අතරින් ප්‍රධාන වශයෙන් මස්වල ප්‍රෝටීන, මේදය, කොලෙස්ටරෝල්, සෝඩියම් සහ පොටෑසියම් වැනි සංඝටක අඩංගුවෙනවා. මස් පිළිබඳව කතා කරන විට වැඩි වශයෙන් ජනතාව ආහාරයට ගන්නා මස්වර්ගය ලෙස කුකුළු මස්වලට ප්‍රධාන තැනක් හිමිවෙනවා.

    ආසන්න වශයෙන් සති 14 ක් පමණ වයසැති බ්‍රොයිලර් කුකුළන් මස් පි‚ස යොදාගන්නවා. කුකුළු මස් වර්ග කීපයක් උපයෝගී කරගෙන මෙම පර්යේෂණය සිදුකළා. සති 14 ක් වයසැති බ්‍රොයිලර් කුකුළන් වර්ධනය කිරීම සඳහා හෝර්මෝන, විටමින් සහ ඛනිජ ලවන සහිත ආහාර ලබාදන අතර කුකුළන්ගේ බඩවැල් ආශ්‍රිතව ජීවත්වන කුඩා ජීවීන් මරණයට පත්කිරීම සඳහා ආසනික අඩංගු සංඝටක ලබාදෙනවා. කුකුළන්ගේ බඩවැල් ආශ්‍රිතව සිටින කුඩා ජීවීන් මරණයට පත්වූ විට ආහාර වැඩිපුර ගැනීමේ හැකියාව ඔවුන්ට ඇතිවෙනවා.

    ඒ අනුව කුකුළන් හොඳින් වර්ධනය කරගැනීමට හැකියාව ලැඛෙනවා. මෙසේ බ්‍රොයිලර් කුකුළන් කෙටිකාලීනව වර්ධනය කරගැනීමට කාබනික වශයෙන් ආසනික අඩංගු සංඝටකය ලබාදුන්නද ඔවුන්ගේ උදරය තුළදී එය විස ආසනික සංඝටකයක් බවට පත්වෙනවා.

    සාමාන්‍යයෙන් ආසනික් බැර ලෝහ ගණයට අයත්වන අතර මිනිස් සිරුරට ඇතුළුවූ විට ශරීරයෙන් බැහැර වෙන්නේ නෑ. මෙම පර්යේෂණයේදී බ්‍රොයිලර් කුකුළු මස් අපි විවිධ ආකාරයෙන් පිසීමට ලක්කළා. සුදුළුණූ, සියඹලා සහ දෙහි සමඟ තනි තනිව උයා බැලූවා. කුළු බඩු යොදාගෙන විවිධාකාරයෙන් පිසීමට ලක්කළා. එහෙත් එහි ඇති ආසනික් අඩු නොවන බව සනාථ වුණා. දිගු කාලීනව ආසනික අඩංගු කුකුළු මස් ආහාරයට ගැනීම නිසා එම බැර ලෝහ මිනිස් සිරුරේ තැන්පත්වෙනවා. පර්යේෂකයන් සිදුකළ පර්යේෂණවලට අනුව කුකුළු මස්වල පීකුදුවල වැඩිවශයෙන් විස සහිත ආසනික් තැන්පත් වන බව සොයාගැනීමට හැකිවුණා.

    මෙම පර්යේෂණයෙන් තහවුරු වන පරිදි වඩා සැලකිල්ලට ලක්විය යුත්තේ කුකුළු මස් අනුභව කිරීමේදී පීකුදු ආහාරයට ගැනීම අවම කිරීමයි. මෙවැනි විස ආසනික දිගු කාලීනව ශරීර ගතවීමෙන් පිළිකා තත්ත්ව ඇතිවීම, ශරීරයේ අභ්‍යන්තර පද්ධතිවලට විසවීම ඇතුලූ නොයෙකුත් අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකියි.

    පර්යේෂකයන් පවසන පරිදි සෑම කුකුළු මස් වර්ගයකම මෙම ආසනික් ඇතිබව තහවුරු වී නොමැති අතර මෙම පර්යේෂණය තෝරාගත් කුකුළු මස්වර්ග කීපයක් පමණක් යොදාගෙන සිදුකෙරි‚. ඉදිරියේදී මෙය තවත් පුළුල් මට්ටමින් සිදුකිරීමටත් මිනිස් සිරුරට ඇතිවන බලපෑම පිළිබඳව පුළුල්ව පර්යේෂණ සිදුකිරීමටත් විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.

    https://www.thetruth.lk/archives/24104
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    50,990
    19,142
    113
    Gotland
    හරක් මස් උරු මස් බ්‍රොයිලර් තරම් නරක නැහැ ඒවා කාපං
     
    • Like
    Reactions: johnyh

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    10,920
    34,372
    113
    Homagama
    lankawe kana hema kaema ekama waha thama ban :(

    ලංකාවේ නෙවෙයි මොන ලෝ⁣කෙත් ඕක එකයි. අක්මාව කියන්නේ විෂ හරන අවයවය කියලා කියන්නේ. ඇගට එන රසායනික ද්‍රව්‍ය ගොඩක් බිදවැටෙන්නේ ඕතන. බෙහෙත් පරිවර්තනය බිද වැටිම් වෙන්නේ ඔතන. ගබඩා ⁣විමක් වෙනවා සමහර දේවල්. මිනිස් අපෙ අක්මාවත් එහෙමයි. කිසිම සතෙක්ගේ අක්මාව කන්න හොද නැ. කන්න එපා එපා එපාමයි

    හරක් මස් උරු මස් බ්‍රොයිලර් තරම් නරක නැහැ ඒවා කාපං
    මගුල තමා. උන්ට තව බෙහෙත් ගහනවා. හරක් අක්මා හොදම නැ. කොහොමත් රෙඩ්මිට් වලින් පිලිකා සින් එක වැඩියි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    50,990
    19,142
    113
    Gotland
    ලංකාවේ නෙවෙයි මොන ලෝ⁣කෙත් ඕක එකයි. අක්මාව කියන්නේ විෂ හරන අවයවය කියලා කියන්නේ. ඇගට එන රසායනික ද්‍රව්‍ය ගොඩක් බිදවැටෙන්නේ ඕතන. බෙහෙත් පරිවර්තනය බිද වැටිම් වෙන්නේ ඔතන. ගබඩා ⁣විමක් වෙනවා සමහර දේවල්. මිනිස් අපෙ අක්මාවත් එහෙමයි. කිසිම සතෙක්ගේ අක්මාව කන්න හොද නැ. කන්න එපා එපා එපාමයි

    මගුල තමා. උන්ට තව බෙහෙත් ගහනවා. හරක් අක්මා හොදම නැ. කොහොමත් රෙඩ්මිට් වලින් පිලිකා සින් එක වැඩියි

    අක්මාව නෙවි බන් මස්
    හරක් පීකුදු හොඳ නෑ තමයි
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    4,654
    3,299
    113
    ඌරෝ ඔයිට හපන්. ඌරු ෆාම් කරන අය හොටෙල් වල විසික්කන කෑම තමා ඌරන්ට දෙන්නෙ තනිකරම කැලි කසල.කිව්වොත් නිවැරදියි. හිතපන් උන්ගේ අක්මාව කොහොම විස ඇතිද
     
    • Like
    Reactions: johnyh

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,394
    21,951
    113
    චිකන් පීකුදු වල තමා කොලෙස්ට්‍රෝල් වැඩිම ප්‍රමාණයක් තියෙන්නෙ..
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    8,797
    9,640
    113
    පෘථිවිය
    කුකුල් පීකුදු කන්න එපා
    උන්ට ගහන බෙහෙත් ඔක්කොම අන්තිමට තැන්පත් වෙන්නේ උන්ගේ අක්මාවේ
     
    • Like
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,070
    20,477
    113
    ඌරෝ ඔයිට හපන්. ඌරු ෆාම් කරන අය හොටෙල් වල විසික්කන කෑම තමා ඌරන්ට දෙන්නෙ තනිකරම කැලි කසල.කිව්වොත් නිවැරදියි. හිතපන් උන්ගේ අක්මාව කොහොම විස ඇතිද
    Ithin uro kunune kanne
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,779
    113
    පර්යේෂකයන් පවසන පරිදි සෑම කුකුළු මස් වර්ගයකම මෙම ආසනික් ඇතිබව තහවුරු වී නොමැති අතර මෙම පර්යේෂණය තෝරාගත් කුකුළු මස්වර්ග කීපයක් පමණක්

    මොනවද ඔය කියන අනිත් කුකුළු මස් :unsure:
     
    • Like
    Reactions: Rankira