පුංචි දෙයක් ඒක.. මාධ්‍ය ලොකුවට පුම්බලා පෙන්නුවා... - චිලී කියයි
GossipClanka.com
නිසා. පහර කෑමට ලක්වූ පුද්ගලයා ඇත්තටම චිලීව දන්නේ නැතිලු. මේ කතන්දරේ ඇත්ත විස්තරේ දන්නේ චිලී. ඒ හින්දා අපි චිලීව ඇමතුවා.
චිලී ඇත්තටම මොකද්ද වුණේ? මේකයි සිද්ධිය. මම ගොඩක් දවස්වලට රෑ කෑමට එළියට යද්දී ගෙදර කාව හරි එක්කන් යනවා. ඉතින් එදාත් මම ජිම් එකට ගිහින් එනගමන් අම්මට කිව්වා ලෑස්තිවෙලා ඉන්න කියලා. පස්සේ ගේ ළගට ඇවිත් මම අම්මට හෝන් කරද්දි එවෙලේ පාරේ මනුස්සයෙක් ගියා. මම හිතන්නේ එයා බීමතින් තමයි ඒ වෙලාවෙ හිටියේ. එයා අම්මගේ ඇෙග් වැදීගෙන ගියා. අම්ම ඇවිත් මට කිව්වා බීපු මනුස්සයෙක් ඇෙග් වැදිලා ගියා කියලා. ඊට පස්සේ මම කාර් එක පාරට ගනිද්දී පාර අවහිර වෙන විදිහට අපිට බැන බැන ඒ මනුස්සයා පාර මැදින් හෙමින් හෙමින් යන්න පටන් ගත්තා. ඒ වෙලාවෙ අම්මා ඒ මනුස්සයට කිව්වා බිව්වනම් අපිට කරදර නොකර පාරේ අයින් වෙලා යන්න කියලා. ඔන්න ඕකට ඒ මනුස්සයා අපේ අම්මට කුණුහරුපෙන් මහ කැතවිදිහට ගොඩක් අපහාස වෙන විදිහට බැන්නා. ඒ ළග බණ ගෙදරකුත් තිබ්බා. මම හිතන්නේ ඒ මනුස්සයා ඒ බණ ගෙදරට යන කෙනෙක්. කොහොම හරි අම්මට බනිද්දි මට බලන් ඉන්න බෑනේ. ඒ ගමන මම බැහැලා ඒ කෙනාව තල්ලු කළා එහාට වෙන්න කියලා. ඔන්න ඕකට ඒ බණ ගෙදර හිටපු කට්ටිය සීයක් විතර මට විරුද්ධව ආවා. ඔක්කොම මේ අපේ අහල පහල උදවිය. එයාලා ලොකුවට මේ ප්රශ්නය ඇදලා මට ගහන්න ආවා. ඊට පස්සේ අපේ අයියා පොලිසියට කතාකළාම පොලිසියෙන් ආවා. ඒ අතරතුර අර පුද්ගලයව එයාලා එකතු වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරලා තිබුණා.
පහර කෑමට ලක්වූ කෙනා ඔබ දන්න කෙනෙක් නෙමෙයිද? නැහැ මම දන්න කෙනෙක් නෙමෙයි. අහල පහල ඉන්න කෙනෙක් තමයි.
මේ සිද්ධියෙන් ඔබ අපහසුතාවට පත් වුණාද? ඔව් ලොකු අපහසුතාවකට පත්වුණා. හැබැයි ඔය කියන විදිහට ඒ කෙනාට මොකක්හරි අලාභයක් වුණානම් ඒ වෙනුවෙන් පෙනීසිටින්න මම ලෑස්තියි. හැබැයි නීතිමය වශයෙන්ම වෙන්න ඕනේ.
ඒත් මේ පිළිබඳ මාධ්‍ය වාර්තා කළේ ඔබ පහරදීමක් කළා කියලා? සමහර මාධ්‍ය මේක ලොකු දෙයක් විදියට පෙන්වන්න හදනවා. මධ්‍යට මම ගොඩක් ගරුකරනවා. මාව මේ තත්වයට ගේන්න මාධ්‍ය ගොඩක් උදව් කරලා තියෙනවා. හැබැයි මම මධ්‍යයෙන් ඉල්ලනවා මනුස්සයෙක්ට කරදරයක් වුණාම මීට වඩා සාධාරණව හිතලා ඇත්ත නැත්ත හරියට හොයලා ප්රවෘත්ති ප්‍රචාරය කරන්න කියලා.
ඔබ කියන්නේ මාධ්‍ය හරහා අසාධාරණයක් වුණා කියලද? මං ගැන වැරදි අවබෝධයක් ඇති වෙන විදිහට තමයි ප්රවෘත්ති පල වුණේ. ඒක මට සිද්ධ වුණු අසාධාරණයක්.
මාධ්‍ය මේ පිළිබඳ ඔබෙන් විමසීමක් කළේ නෑ කියලද ඔබ කියන්නේ? මම කෙනෙකුට පහරදුන්න කියූ පමණින් වීඩියෝ දර්ශනයක්වත් නැතිව මේ විදියේ ප්‍රකාශ කිරීම් සදාචාර නැහැ කියලයි මම හිතන්නේ. මගේ පැත්තෙනුත් සාධාරණව හිතන්න තිබ්බා. මගෙන් වීමසීමක් නොකර මගේ නම සඳහන් කරපු එක ගැන කනගාටුවක් තියෙනවා.
ඔබට ගමේ තරහකාරයෝ ඉන්නවාද? අහල පහල ගෙවල් එක්ක කොහොමත් අපේ ලොකුවට සම්බන්ධ කම් නැහැ. ඒ අය මං ගැන කොහොම හිතන් ඉන්නවද කියලා මම දන්නෙ නැහැ. මට කැමති පුද්ගලයින් වගේම අකමැති අයත් ඇති. ඒක ඕනෑම ජනප්‍රිය පුද්ගලයෙක්ට පොදු දෙයක්නේ.
මේ සිද්ධිය පිටුපස යම් සංවිධානාත්මක පිරිසක් ඉන්නවා කියල ඔබ හිතනවාද? මට අපහස කරන්න මට විරුද්ධව කරපු දෙයක් තමයි මේක. ඒ මනුස්සයා බීලා හිටියේ. ඔහුත් මාත් අතර ප්‍රශ්නයක් ඇති වුණා. ඒත් දැන් ඒ සිද්ධිය ඉවරයි. යම් කිසි සංවිධානාත්මක පිරිසක් මේ සිද්ධිය ඇදගෙන යනවා කියලා මට හිතෙනවා. ඔහුට හොඳටම අසාධ්‍යයි කිව්වට ටීවි එකේ එයා හොඳට කතාකරවනවා අපි දැක්කා. අමාරුනම් කොහොමද එහෙම කතා කරන්නේ. කවුරු හරි ඔහුව මේ තැනට පත්කරලා තියෙන බව මම විශ්වාසයයි.
මේ නිසා ඔබේ ප්‍රතිරූපයට හානියක් වුණා කියලා හිතනවද? ඇත්තටම එහෙම වුණේම නැහැ නමුත් මට බනින්න බලන් ඉන්න පිරිසට මේක ලොකු අවස්ථාවක් වුණා. මගේ ජනප්‍රියත්වයට අකමැති පිරිස තමයි මට බනින්නේ. මේ වෙලාවේ මා එක්ක ඉන්නේ කවුද නැත්තේ කවුද කියලා මට දැන ගන්න පුළුවන්වුණා මේ සිද්ධිය නිසා.
මේ දිනවල ඔබේ නිර්මාණ කටයුතු කෙසේද? මේ දවස්වල හිරු මෙගා ඩාන්ස් රියෑලිටි ෂෝ ඒකේ පුහුණුවීම් කරනවා ඒ නිසා ඇත්තටම ගොඩක් බිසි. ඊට අමතරව ජනවාරි මාසෙ ඉඳන් අලුත් චිත්‍රපටයක වැඩ පටන් ගන්නවා. ඒකේ මම රගපාන්නේ දාමරිකයෙකුගේ චරිතයක්. ඒ කියන්නේ අහිංසක මින්සුන්ට සිදුවන අසාධාරණ කම් වෙනුවෙන් පෙනී සිටින කෙනෙකුගේ චරිතයක්. ඒ හරහා වෙනස්ම චරිතයක් ඔස්සේ ඉදිරියේදී මාව මගේ රසිකයින්ට දකින්න පුළුවන්.
කසුන් රණවීර
පසුගිය දිනවල මාධ්‍ය හරහා වැඩිපුරම කතා බහට ලක්වූ චරිතය තමයි චිලී. ඒ ඔහු බත්තරමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහර දීලා පලාගියා කියන සිද්ධිය නිසා