චීනයට_නතුවන_අප්‍රිකාවේ_යුදෝපකරණ_වෙළඳපොල

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    චීනයට_නතුවන_අප්‍රිකාවේ_යුදෝපකරණ_වෙළඳපොල

    attachment.php


    අප්‍රිකා මහද්වීපය තුල චීන යුදෝපකරණ අපනයනය ඉහළ යෑමේ නැඹුරුවක් තිබෙන බව 2018 ජූනි 26-ජූලි 10 අතර කාලයේදී පැවැත් වූ පළමු අප්‍රිකා-චීන ආරක්ෂක සමුලුවේදී චීන සහ අප්‍රිකා බලධාරීන් පැවසීය.

    පසුගිය දශක දෙක තුලදී චීනය අප්‍රිකා මහද්වීපය තුල ශක්තිමත් ආර්ථික සම්බන්ධතාවයක් ඇති කර ගත් අතර එම මහද්වීපය තුල සාමසාධක මෙහෙයුම්වලට යොදන ශක්තිය ඉහළ නංවන අතරතුර පළමු විදේශීය චීන හමුදා කඳවුර ජිබුටි රාජ්‍යයේ පිහිටුවන ලදි.

    attachment.php


    ජිබුටි රාජ්‍යයේ චීන හමුදා කඳවුර


    වසර 2013-2017 සමයේදී අප්‍රිකා මහද්වීපය වෙත යැවුණු චීන යුදෝපකරණ අපනයන ඊට කලින් වසර 5,එනම් 2008-2012 කාලයට වඩා 55%ක ප්‍රතිශතයකින් ඉහළ ගිය බව ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාමය සඳහා වූ පර්යේෂණ ආයතනය සඳහන් කලේය.

    මෙහි තිබෙන විශේෂත්වය වන්නේ එම කාල පරිච්ඡේදය තුල අප්‍රිකානු රටවල යුදෝපකරණ ආනයන ප්‍රමාණය 22% ක ප්‍රතිශතයකින් පහළ යෑමයි.අප්‍රිකාවේ යුදෝපකරණ ආනයනවල චීනයේ පංගුව 8.6% සිට 17% දක්වා දෙගුණ වී තිබේ.මෙම පංගුව තවත් වැඩි කිරීමට චීන සහ අප්‍රිකා බලධාරීන් පොරොන්දු වී ඇත.

    ඉහත කාල පරිච්ඡේදය තුල අප්‍රිකාවට යැවුණු රුසියානු යුදෝපකරණවල පංගුව 32% ප්‍රතිශතයකින් පහළ වැටී දැනට 39% මට්ටමක පවතියි.එක්සත් ජනපදයේ වෙළඳපොල පංගුව 11%කි.

    නිරායුදකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ වාර්තා වලට අනුව 2013-2017 කාල වකවානුවේ චීනය අප්‍රිකානු රටවලට අලෙවි කල යුදෝපකරාණ පහත දැක්වේ.


    2013 වර්ෂය

    යුද ටැංකි - චැඩ් රාජ්‍යය 30ක් සහ ටැන්සානියාවට 24ක්
    සන්නාහ සන්නද්ධ සංග්‍රාමික රථ - කැමරූන් රාජ්‍යයට 11ක් සහ ඝානා රාජ්‍යයට 28ක්
    විශාල කැලිබර් කාලතුවක්කු පද්ධති - කැමරූන් රාජ්‍යයට 12ක් සහ ටැන්සානියාවට 12ක්



    2014 වර්ෂය

    සන්නාහ සන්නද්ධ රථ - මොසැම්බික් රාජ්‍යයට 12ක්(ජාත්‍යන්තර සාම සාධක මෙහෙයුම් සඳහා සහභාගී වීම පිණිස)
    යුද නෞකා - නයිජීරියාවට 1ක්
    නියාමක මිසයිල පද්ධති 100ක් දකුණු සුඩානයට



    2015 වර්ෂය

    සන්නාහ සන්නද්ධ රථ - කෙන්යාවට 106ක් සහ සියෙරා ලියෝන් රාජ්‍යයට 3ක්
    විශාල කැලිබර් කාලතුවක්කු පද්ධති - චැඩ් රාජ්‍යයට 2ක්,නයිජීරියාවට 50ක්



    2016 වර්ෂය
    සන්නාහ සන්නද්ධ රථ - මොසැම්බික් රාජ්‍යයට 12ක් සහ සියෙරා ලියෝන් රාජ්‍යයට 7ක්
    විශාල කැලිබර් කාලතුවක්කු පද්ධති - සෙනගාල් රාජ්‍යයට 12ක්
    සංග්‍රාමික ගුවන් යානා - සංග්‍රාමික ගුවන් යානා 6ක් සැම්බියාවට(ඩ්‍රෝන් යානා නොවේ)
    යුද නෞකා - නයිජීරියාවට 1ක්
    අතේ ගෙන යා හැකි ගුවන් යානා නාශක මිසයිල පද්ධති - ඝානා රාජ්‍යයට 100ක්



    2017 වර්ෂය
    සන්නාහ සන්නද්ධ සංග්‍රාමික රථ - මාලි රාජ්‍යයට 3ක්,නයිජීරියාවට 20ක්,සෝමාලියාවට 12ක්, ටැන්සානියාවට 12ක්
    විශාල කැලිබර් කාලතුවක්කු පද්ධති - සෙනගාලයට 15ක්
    මිසයිල සහ මිසයිල විදින - නැමීබියාවට 8ක්


    චීනය අපනයනය කරන ප්‍රධානතම සංග්‍රාමික යුද ටැංකි මොඩලය වන්නේ නොරින්කෝ සමාගම අපනයනය සඳහා විශේෂයෙන්ම නිපදවන VT4 යුද ටැංකියයි.එය තුන්වන පරම්පරාවේ යුද ටැංකියක් වන අතර යුද ටැංකිනාශක මිසයිල පවා නිකුත් කල හැකි මි.මී. 125 ස්මූත් බෝර් වර්ගයේ ප්‍රධාන අවියකින් සමන්විතය.මෙම යුද ටැංකියේ කොතේ මි.මී.12.7 මැෂින් තුවක්කුවක් සහිත දුරස්ථ පාලක අවි පද්ධතියක් තිබේ.



    attachment.php


    VT4 යුද ටැංකිය

    නොරින්කෝ සමාගම 2017 වර්ෂයේදී GL-5 සන්නාහ සන්නද්ධ රථ සමග යුද ටැංකි අපනයනයද සිදු කරයි.මෙම රථ සතුව සක්‍රිය ආරක්ෂක පද්ධතියක් තිබේ.එය සතු රේඩාර් පද්ධති හතරෙන් යුද ටැංකිය වටා අංශක 360 පරාසයක් ආවරණය කරයි.

    ST1 8×8 රෝද සහිත යුද ටැංකි නාශක රථය චීනය අපනයනය කරන සන්නාහ සන්නද්ධ රථවලින් එකකි.

    ගුවන් යානා ගැන සලකා බලද්දී අපනයනය සඳහා සැලසුම් කල ප්‍රධානතම චීන ෆයිටර් ජෙට් යානය වන්නේ JF-17 තන්ඩර් යානයයි.මෙම යානය ගුවනේ සිට ගුවනට සහ ගුවනේ සිට ගොඩබිමට එල්ල කරන මිසයිල වලින් සන්නද්ධය.මාච් 1.6 උපරිම වේගයක් ලබා ගත හැකි ජේ එෆ්-17 තන්ඩර් යානය සතුව තිබෙන්නේ ආෆ්ටර්බර්නින් තාක්ෂණය සහිත Guizhou WS-13 හෝ Klimov RD-93 යන ටර්බෝෆෑන් එන්ජිමකි


    attachment.php


    JF-17 තන්ඩර් යානය

    චීනය අපනයනය කරල ඩ්‍රෝන් යානා ප්‍රමාණයට නිශ්චිත නැතත් ඩ්‍රෝන් වෙළඳපොල අල්ලා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බවට සැකයක් නැත.

    මිසයිල පද්ධති ගැන කතා කරද්දී රෙඩ් ඇරෝව් 9 නම් යුද ටැංකි නාශක මිසයිල පද්ධතිය සහ GP6 මි.මී.155 කාලතුවක්කු පද්ධතිය නොරින්කෝ සමාගමේ ප්‍රධානතම අපනයනයන්ය.රෙඩ් ඇරෝව් යනු තුන්වන පරම්පරාවේ යුද ටැංකි නාශක මිසයිල පද්ධතියකි.එහි ප්‍රහාරක පරාසය කි.මී.5.5කි.


    attachment.php




    රෙඩ් ඇරෝව් 9 යුද ටැංකි නාශක මිසයිල පද්ධතිය


    කොන්ගෝ සහ සුඩානය යන රටවල සංග්‍රාමවලදී චීන මිසයිල පද්ධති භාවිතා කල බව වාර්තා වේ.

    චීනය අප්‍රිකානු මහද්වීපය තුල සිය බලපැවැත්ම වර්ධනය කර ගැනීමට දැඩි උත්සාහයක නිරත සිටියි.ඊට අමතර චීනයේ යුදෝපකරණ විශාල වශයෙන් මිලදී ගන්නා අනෙකුත් රටවල් වන්නේ බංග්ලාදේශය,පාකිස්තානය සහ තායිලන්තයයි.





    REF" https://unofficialbattlefield.blogspot.com"
    Ussapu ekak, watina nisa share kale :)
     

    Attachments

    • chinese-arms-exports-to-africa-in-numbers.jpg
      chinese-arms-exports-to-africa-in-numbers.jpg
      74.7 KB · Views: 392
    • ddvXn4o.jpg
      ddvXn4o.jpg
      53.6 KB · Views: 400
    • L8KLHV4.jpg
      L8KLHV4.jpg
      58.4 KB · Views: 378
    • Lk3mHTg.jpg
      Lk3mHTg.jpg
      93.3 KB · Views: 376
    • RRgOSP7.jpg
      RRgOSP7.jpg
      52.1 KB · Views: 369
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    චීන ආයුද ගනන් අඩුයි . ලංකාව උනත් ගන්නවනම් ගන්න තියෙන්නෙ චීනෙන් තමා . ඉතින් වෙලදපොල වැඩි වෙනව කොහොමත් 3 වන ලෝකයේ රටවල් වල :nerd::nerd:
     
    Last edited:
    • Like
    Reactions: Sara531

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    චීන ආයුද ගනන් අඩුයි . ලංකාව උනත් ගන්නවනම් ගන්න තියෙන්නෙ චීනෙන් තමා . ඉතින් වෙලදපොල වැඩි වෙනව කොහොමත් 3 වන ලෝකයේ රටවල් වල :nerd::nerd:

    Ow bn, china wala monawada ganan adu neththe,
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    චීන ආයුද ගනන් අඩුයි . ලංකාව උනත් ගන්නවනම් ගන්න තියෙන්නෙ චීනෙන් තමා . ඉතින් වෙලදපොල වැඩි වෙනව කොහොමත් 3 වන ලෝකයේ රටවල් වල :nerd::nerd:


    un weapons denawa one ratakata human rights kiya kiya inne na un weapons denne godak majority ekata minority ekata weapons denne na USA wage USA eun weapons dela human rights case dala minority ekata support karanawa eka nissa ungen market eka china ekata yana eka pudumayak newi weapons cheep ekama newi hethuwa.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    un weapons denawa one ratakata human rights kiya kiya inne na un weapons denne godak majority ekata minority ekata weapons denne na USA wage USA eun weapons dela human rights case dala minority ekata support karanawa eka nissa ungen market eka china ekata yana eka pudumayak newi weapons cheep ekama newi hethuwa.


    ඔව් මොකද උන්ගෙ ටාගට් එක ආයුද විකුනගන්න එකම නෙමෙයි මුලු රටම උන් අල්ලගන්න එක . උන්ට ඇති තරම් සල්ලි තියන නිසා නයට ආයුද දෙනව ඕන තරම් . ඊට පස්සෙ ඒවට හිලව් වෙන්න උන් ඉල්ලන්නෙ ඉඩම්
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha


    ඔව් මොකද උන්ගෙ ටාගට් එක ආයුද විකුනගන්න එකම නෙමෙයි මුලු රටම උන් අල්ලගන්න එක . උන්ට ඇති තරම් සල්ලි තියන නිසා නයට ආයුද දෙනව ඕන තරම් . ඊට පස්සෙ ඒවට හිලව් වෙන්න උන් ඉල්ලන්නෙ ඉඩම්

    hmm:yes::yes::yes::yes:
     

    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    ඇමරිකානුවෝ රටකට ආවොත් ඒ රට විනාසයි.


    චීන්නු රටකට ආවොත් ඒ රට දියුණු වෙනවා, look at some of the African Countries.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    හිතපන් අපි හැදුවනම් අඩුම පොඩි මිසයිල ටිකක් එක්ස්පෝට් කරන්න ඔය පොඩි රටවලින් අනිවා ගන්නවා අඩුම ලෝකේ ඉන්න ත්‍රස්තවාදියොන්ට හරි දෙන්න පුලුවන්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇමරිකානුවෝ රටකට ආවොත් ඒ රට විනාසයි.


    චීන්නු රටකට ආවොත් ඒ රට දියුණු වෙනවා, look at some of the African Countries.

    :eek: :oo:
    sarcasm ද ඇත්තටමද කියන්නෙ ? :eek: මොනාද චීන්නු ගිය රටවල් වල උනේ ? :eek: