චීනයේ GPS පද්ධතිය
චීනයේ GPS පද්ධතිය කරළියට
චීනය බාහිර ලෝකයේ ඇති සම්පත් භාවිතා නොකර වෙනමම ගමනක් යන රජ්‍යයක්. ගූගල්, ෆේස්බුක්, ට්විටර් වැනි වැබ් අඩවි සඳහා ඊට සමාන ඔවුන්ගේම ආදේශයන් භාවිතා කරනවා විනා බහුතර ලෝකය භාවිතා කරන දේ භාවිතා කිරීමෙන් ඔවුන් වැලකී සිටිනවා.
පිට රට දේ හිස් මුදුන්කොට සළකන මිනිසුන් සිටින ලංකාව වැනි රටකට චීනය ආදර්ශමත් රාජ්‍යක්. මේ වන විට ලෝකයේ බලවතා වීමට ආර්ථික තත්ත්වය අතින්ද, යුධ ශක්තිය අතින්ද චීනය සිටින්නේ ඉතා ආසන්න තත්ත්වයක.
ඒ සඳහා ඔවුන් තැබූ තවත් විශාල ඉදිරි පියවරක් තමයි Beidou නමින් හඳුන්වන geo-positioning පද්ධතිය.
මෙය වැදගත් වන්නේ ඇයි?
අප මේ පෘථිවි තලය තුල කිනම් ස්ථානයක සිටිනවාදැයි හරියටම කීමට හැකි කමක් රටකට තිබේ නම් එය ඕණෑම රටක් සතු ප්‍රභල තාක්ෂණයක් වන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.
අප සැම ජංගම දුරකථනයේ පවා භාවිතා කරන GPS පද්ධතියේ අයිතිකාරයන් වන්නේ ඇමරිකාවයි. එනම් ඇමරිකානු GPS පද්ධතිය මත අප රටේ GPS භාවිතා කිරීමේ හැකියාව රඳා පවතිනවා. අනෙක් අතට ඇමරිකාවේ සතුරු රාජ්‍යයන් වලට ඔවුන් GPS පහසුමක ලබාදීම අහුරා තිබෙනවා. නමුත් දැන් චීනයට එසේ නොවේ. Beidou නිසා ඇමරිකාවේ GPS පද්ධතිය සමඟ තිබූ සියලුම බැඳීම් ඉවත් කිරීමට චීනයට හැකි වී තිබෙනවා. එනම්,
දැන් ලෝකයේ ඕණෑම රටකට තම හමුදාවන් යැවීමටත්, ඕණෑම ස්ථානයකට නිවැරදිව ප්‍රහාර එල්ල කිරීමටත් ස්වාධීනවම චීනයට හැකියාව ලැබී තිබෙනවා.
Beidou කෙතරම් නිවැරදිද?
සාමාන්‍යය මගීන්ට තමන් සිටින ස්ථානය ආසන්න මීටර 10ට දැන ගැනීමේ හැකියාව මේ සමගින් ලැබී තිබෙනවා. තවද දෝශය තත්පරයට මීටර 0.2ක් පමණක් වන පරිදි වේගය කීමටද දෝශය මිලි තත්පර 0.02ක් පමණක් වන පරිදි ඕණෑම ස්ථානයක වෙලාව නිවැරදිව දැක්වීමටද Beidou සමත්කම් දක්වනවා.
මෙය ඇමරිකානු GPS පද්ධතියට වඩා බොහෝ ඉහලගිය තත්ත්වයක්.
කෙසේ වෙතත් ඉහත කරුණු Beidou හි සාමාන්‍ය ජනයා සඳහා ලබාදෙන GPS පහසුකම සතු වන ඒවායි. එනම් ඔවුන්ගේ යුධමය කටයුතු සඳහා අභ්‍යන්තරිකව මීට වඩා වැඩි බලයකින් යුතුව Beidou භාවිතා කිරීමට චීනයට හැකියාව ලැබෙනවා.
කෙසේවෙතත් gps.gov පවසන පරිදි ඇමරිකාවේ හමුදාව භාවිතා කරන GPS පද්ධතියට එසැනින් (real-time) ආසන්න සෙන්ටිමීටර කිහිපයට ස්ථානයක් විවැරදිව දැක්වීමට පුළුවන්. මේ වනවිට ඇමරිකානු ගුවන් හමුදාව සහ Lockheed Martin සමාගම GPS III සඳහා පර්යේෂණ කටයුතු අරඹා තිබෙනවා.
Beidou හි ආවරණ කලාප කෙබඳුද ?
මේ අවස්ථාව වන විට geo-positioning චන්ද්‍රිකා 10ක් චීනය ආවරණය වන පරිදි කක්ෂගතකොට තිබෙනවා. 2012 වන විට ආසියාව ආවරණය වන පරිදි චන්ද්‍රිකා 16ක් ලෙස එය වර්ධනය කිරීමටද, 2020 වන විට චන්දිකා 35කින් ලෝකයම ආවරණය කිරීමටද චීනය සැළසුම් සකස්කොට තිබෙනවා.
ඔවුන් Beidou භාවිතා කරන්නේ කෙසේද?
චීනයේ ප්‍රවාහන කරයුතු නිවැරදිව අනෙක් කිසිම රටක සහයෝගය නැතිව ලොව ඕණෑම ස්ථානයකට මෙහෙයවීමට චීනයට එවිට හැකියාව ලැබෙනවා. එමෙන්ම ඔවුන්ගේ හමුදාවන් ලොව ඕණෑම ස්ථානයකට මෙහෙයවීමටද, කෲස් වැනි මිසයිල ඉතා නිවැරදිව ඉලක්ක වලට යැවීමටද මේ ඔස්සේ හැකියාව ලැබෙනවා.
Beidou හරහා වාසි ලබන්නේ කවුද?
චීනයේ හමුදාව හැරුණුකොට ඔවුන්ගේ ආර්ථික පද්ධතිය මෙයින් විශාල වාසියක් ලබනවා. මෙම ව්‍යාපෘථියේ ප්‍රධානියා China Daily පුවත්පතට පවසා ඇත්තේ 2020 වන විට මෙම ව්‍යාපෘතිය නිසා චීන වෙළඳපොළ ආදායම යූආන් බිලියන 400 (ඇ.ඩො. බිලියන 61.54) කින් පමණ වැඩි වනු ඇති බවයි.
චීන රජය Beidou සඳහා ඩොලර් බිලියන 25ක් ආයෝජනය කොට තිබෙනවා.
මෙය සාමාන්‍යය GPS සඳහා ගැලපේද?
Beidou පවසන පරිදි ඔවුන්ගේ පද්ධතිය ඇමරිකානු GPS පද්ධතිය සමඟත්, රුසියාවේ Glonass පද්ධතිය සමඟත්, යුරෝපයේ Galileo පද්ධතිය සමඟත් ගැලපෙනවා.