චීනය රත් වෙයි

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    syAZVyO.jpg

    දකුණු චීන මුහුදේ ඇමෙරිකානු නාවික හමුදාව දියත් කර තිබූ මිනිසුන් රහිත දියයටින් ගමන් කරන කුඩා ප්‍රමාණයේ සාගරවිද්‍යා පර්යේෂණ යාත්‍රාවක් එය දියත් කල ඇමෙරිකානු නෞකාවේ කාර්ය මණ්ඩලය ඉදිරිපිටදීම චීන යුද නෞකාවක් මගින් රැගෙන ගොස් තිබේ.ඇමෙරිකානු රජය නිවේදනය කලේ චීනය තම ඩ්‍රෝන් යාත්‍රාවක් සොරාගත් බවත් වහාම එය කිසිදු හානියකින් තොරව තමන්ට ලබාදෙන ලෙසත්ය.කෙසේවෙතත් දින කිහිපයක් තිස්සේ චීනය සතුව තිබෙන මෙම යාත්‍රාව ඇමෙරිකාවට ලබාදෙන බව චීනය කියා තිබුණත් තවමත් එම පොරොන්දුව ඔවුන් ඉටුකර නොමැත.

    S0v9PBA.jpg

    චීනය විසින් ඇමෙරිකානු නාවික හමුදාවෙන් මෙවැනි ඩ්‍රෝන් යාත්‍රාවක් සොරාගත්තේ පළමුවරට බවයි වාර්තා වන්නේ.සිද්ධිය සිදුවන්නේ 2016 දෙසැම්බර් මස 15 දා දකුණු චීන මුහුදේ සබික් බොක්කේ වයඹදිග ප්‍රදේශයේ යාත්‍රා කරමින් සිටි යූඑස් එන් එස් බොව්ඩිච් නම් සාගරවිද්‍යා සමීක්ෂණ නෞකාව ඉහත කී සබ්මැරීන ඩ්‍රෝන් යානය යළි ලබාගැනීමට සූදානම් වූ අවස්ථාවේදී බව ඇමෙරිකාව පාර්ශ්වයෙන් කියයි.බොව්ඩිච් නෞකාව ඔවුන් දියත් කල අදාල සබ්මැරීන ඩ්‍රෝන් යානය යළි ලබාගැනීමට නැවැත්වූ අතරේ එය පසුපස හඹා ආ චීන යුද නෞකාව බෝට්ටුවක් දියත් කර වහාම ඩ්‍රෝන් යාත්‍රාව පැහැරගෙන තිබේ.යූඑස් එස් බොව්ඩිච් නෞකාව ජලය මතුපිට,ජලය මධ්‍යයේ සහ මුහුදු පතුලේ සාම්පල් සහ දත්ත එකතු කිරීමට භාවිතා කරයි.චීන නෞකාව ඩ්‍රෝන් යාත්‍රාව පැහැර ගැනීමෙන් පසුව ඇමෙරිකානු බලධාරීන් චීනුන් අමතා සඳහන් කර තිබෙන්නේ එය තමන්ට අයිති වස්තුවක් බවත් නැවත ලබාදෙන ලෙසත්ය.කෙසේවෙතත් ඇමෙරිකානු නෞකාවේ නිලධාරීන්ට චීනුන්ගෙන් ප්‍රතිචාරයක් නොලැබුණු බවත් චීන නෞකාව ඉන්පසු අදාල ප්‍රදේශයෙන් පිටත්ව ගිය බවත් වාර්තා වේ.

    Uw9EtJd.jpg
    ඇමෙරිකානු USNS Bowditch නෞකාව​




    ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ප්‍රතිචාරය - දෙසැම්බර් 16

    යූඑස් එන් එස් බොව්ඩිච්,එක්සත් ජනපදයේ සාගරවිද්‍යා පර්යේෂණ නෞකාව ඊයේ දිනයේ සාගර ග්ලයිඩරයක්,දියයටින් ගමන් කරන මිනිසුන් රහිත යාත්‍රාවක් යළි ලබාගැනීමට සැරසුණු අවස්ථාවේදී චීන නාවික හමුදා නෞකාවකින් අල්ලාගෙන තිබේ.චීන නාවික හමුදාවේ ඒ එස් ආර්-510,ඩැලැන්ග්-3 පන්තියේ නෞකාව යාර 500ක් පමණ බොව්ඩිච් නෞකාවේ ආසන්නයට පැමිණ කුඩා බෝට්ටුවක් දියත් කර ඩ්‍රෝන් යාත්‍රාව අල්ලාගෙන තිබේ.සිද්ධිය සිදුවූයේ පිලිපීනයේ සිට නාවුක සැතපුම් 50 දුරින් වයඹදිග සබික් බොක්කේ එනම් ජාත්‍යන්තර මුහුදේය.බොව්ඩිච් නෞකාව රේඩියෝ පණිවුඩ ඔස්සේ එය ආපසු ලබාදෙන ලෙස ඉල්ලා ඇත.නමුත් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබේ.එතැන් පටන් මේ සම්බන්ධව චීනය සමග රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරමින් සිටියි.මෙවැනි හැසිරීමක් අප වෘත්තීය නාවුක හමුදාවකින් බලාපොරොත්තු වන්නේ නැත.

    KrGuYTI.jpg
    චීන අත්අඩංගුවට පත් වූයේ මෙවැනි ඩ්‍රෝන් යාත්‍රාවක් යැයි කියවේ​

    මෙම සිද්ධිය මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වීමත් සමග ක්‍රියාත්මක වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් ඔස්සේ මෙසේ කියා තිබේ."ඔවුන් සොරාගත් ඩ්‍රෝන් යාත්‍රාව අපිට ආපසු අනවශ්‍ය බව අපි චීනයට කිවයුතුයි-එය ඔවුන්ටම තබාගන්නට දෙන්න"

    2cT80cX.png



    චීන-ඇමෙරිකා නොසන්සුන්තාවය හේතුවෙන් පසුගිය සිකුරාදා ඇමෙරිකානු කොටස් වෙළඳපොලේ මිල ගණන් පහත වැටිණි.ඩොලරයේ අගය පහල වැටී රත්‍රංවල මිල ඉහළ ගිය බව මාධ්‍ය වාර්තා කලේය.

    8vzdd5a.jpg


    මෙම සිද්ධිය ඇතිවන්නේ තේරීපත් වූ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද-චීන සබදතා අනතුරේ හෙළමින් මතභේදකාරී ප්‍රකාශ නිකුත් කිරීමත් සමගයි.ඔහු තායිවාන ජනපතිනිය සමග දුරකතන සංවාදයක නිරත වීමෙන් දිනකට පසුව චීන පුවත්පත් ට්‍රම්ප් හට පහරදෙන්නට පටන්ගෙන තිබේ.එක් චීන පුවත්පතක් සිය ශීර්ෂපාඨය ලෙස සඳහන් කර තිබුණේ චීන-ඇමෙරිකා සබදතා අවුල් කිරීමෙන් ඇමෙරිකාව නැවතත් ශ්‍රේෂ්ඨත්වයට පත් කල නොහැකිය යන්නය.තවත් පුවත්පතක් මුල් පිටුවේ පළකර තිබුණේ ට්‍රම්ප්ට සිය කට වසාගෙන සිටීමට නොහැකි බවත් ඔහුගේ කුපිත කරවීම සහ මුසාවදයට සාප වේවා ආදි වශයෙනි.චීනය ඔවුන්ගේ මුදල් ඒකකය අව ප්‍රමාණ කිරීම,ඇමෙරිකානු ආනයන වලට බදු ගැසීම සහ දකුණු චීන මුහුද සන්නද්ධ කිරීම යන කරුණු විවේචනය කරමින් ට්‍රම්ප් ට්විටර් පණිවුඩ දෙකක් පසුගිය ඉරිදා නිකුත් කර තිබේ.

    xVjXFIg.jpg
    ඩොනල්ඩ් ට්‍රම්ප් සහ තායිවානයේ ජනපතිනිය​

    චීනය ඇමෙරිකානු ඩ්‍රෝන් යාත්‍රාව පැහැරගත්තේ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් සහ ප්‍රහාරක ජෙට් යානා යොදාගෙන පළමුවරට සජීවී-ප්‍රහාරක යුද අභ්‍යාසයක්(සැබෑ උණ්ඩ,මිසයිල ආදිය යොදාගෙන) බොහායි මුහුදේ පැවැත්වීමෙන් පසුවයි.මෙම යුද අභ්‍යාසය සඳහා නෞකා 10ක් සහ ගුවන් යානා 10ක් යොදාගෙන සංග්‍රාමික පුහුණුව සහ නියාමක මිසයිල දියත් කිරීම සිදුකරන ලදි.දකුණු චීන මුහුද සන්නද්ධ කිරීම කෘත්‍රීම දූපත් හමුදා කඳවුරු බවට පෙරළීම ඔස්සේ එක්සත් ජනපද නාවික හමුදාවේ නිදහස් මුර සංචාරයන්ට බාධා එල්ලවී තිබෙන බවට ඇමෙරිකාවෙන් චීනයට චෝදනා එල්ල වේ.

    TjEMA4S.jpg

    බොහායි මුහුද චීනය පමණක් අයිතිවාසිකම් කියන කාර්යබහුල මුහුදු ප්‍රදේශයකි.එහි පැවැත්වූ නාවුක යුද අභ්‍යාසයේ අරමුණ තායිවානය සමග අලුතින් ඇතිවූ නොසන්සුන්තාවය බවයි කියවෙන්නේ.යුද නෞකා සහ ප්‍රහාරක ජෙට් යානා එහිදී ගුවන්-ගුවන්, ගුවන්-මුහුදු සහ මුහුදු-ගුවන් සංග්‍රාමික අභ්‍යාස නියාමක මිසයිල යොදාගෙන පැවැත්වූ බව චීන රජයේ රූපවාහිනී සේවය පසුගිය බ්‍රහස්පතින්දා වාර්තා කරන ලදි.මෙය චීනය විසින් ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් යොදාගෙන පැවැත්වූ පළමු යුද අභ්‍යාසයයි.චීනය සතු සෝවියට් දේශයේ නිෂ්පාදිත ලියානින්ග් ගුවන් යානා ප්‍රවාහන නෞකාව සහ අනෙකුත් නෞකා ගුවන් යානානාශක සහ මිසයිල නාශක අභ්‍යාස පැවැත්වූයේ ෂැන්යන්ග් ජේ-15 ප්‍රහාරක ජෙට් යානාවලද සහභාගීත්වය සමගයි.

    0mMpX90.jpg
    ලියොනින්ග් නෞකාව යුද අභ්‍යාසයට සහභාගී වෙමින්​

    aetHjAY.jpg
    ලියොනින්ග් යුද අභ්‍යාසය සඳහා සහභාගී වූ චීන ප්‍රහාරක ජෙට් යානා නෞකා තට්ටුව මත​

    qYI198v.jpg
    චීන ප්‍රහාරක යානයක් මිසයිල ප්‍රහාර එල්ල කරන අයුරු​

    y4rY6BC.jpg
    ලියොනින්ග් නෞකාවෙන් මිසයිලයක් දියත් කරන අයුරු​

    ලියොනින්ග් ගුවන් යානා ප්‍රවාහන නෞකාවෙන් ගුවන් ගතවන ප්‍රහාරක ජෙට් යානා විසින් මිසයිල ප්‍රහාර එල්ල කර මුහුදේ තිබෙන ඉලක්කයක් විනාශ කරන අයුරු මාධ්‍යට නිකුත්කල වීඩියෝපටයේ දැක්වේ.මෙම යුද අභ්‍යාසය සජීවී උණ්ඩ සහ සැබෑ යුද භටයින් යොදාගෙන සිදුකර තිබේ.ලියොනින්ග් නෞකාව මීට පෙරද දකුණු චීන මුහුද ඇතුලු ප්‍රදේශවල පත්වන ලද යුද අභ්‍යාස සඳහා සහභාගී වී තිබේ.නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය මෙන් වෘත්තීය මට්ටමින් ගුවන් යානා ප්‍රවාහන නෞකා යොදාගෙන මෙහෙයුම් දියත් කිරීමට චීනය තවමත් සූදානම් නැත.





    Source:dailymail.co.uk

    -HarshaLulzSec-
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ela bn. rep denna balu
    (uba me daana post wala hatiyata rep denna wena widiyak hoyaganna wenawa :D )
     

    waligamaya

    Well-known member
  • ට්‍රම්ප් කාරයා පිස්සෙක්, මුගේ ටුවිටර් දේශපාලනේ නිසා මෙනවා වෙයිද දන්නේ නැ.

    මුත් Gorbachev වගේ එකෙක්ද දන්නේ නැ. :rofl:
     
    Last edited:

    sanjana89

    Banned
    Nov 30, 2016
    84
    8
    0
    චීන්නු ඇමරිකාවට බය නැද්ද බන් ?

    පිස්සුද බන් චයිනා ජැපෑන් ඇමරිකාව බල්ලෙක් ගානට දාල තියෙන්නේ .
    උන් බය නැහැ බන් :yes: