චීනය රුසියාව සහ ඇමෙරිකාව

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    චීනය රුසියාව සහ ඇමෙරිකාව

    pn0Cmn1.jpg

    පිළිවෙලින් ඇමෙරිකා එක්සත් ජනපදය,රුසියාව සහ චීනය යනු ලොව රටවල් අතරින් ප්‍රබලම යුද ශක්තිය සහිත රාජ්‍යයන් තුන බවට කිසිදු විවාදයක් නැත.හමුදාවල මිනිස් බලය අතරින් කවදත් මුල් තැන සිටින්නේ චීනයයි.චීනයේ පිරිස් බලය යුද්ධයකදී කොතරම් තීරණාත්මක වූයේද යන්න සම්බන්ධ අත්දැකීම් ඇමෙරිකා එක්සත් ජනපදය සතුය.ඒ කොරියානු යුද්ධයේදීය.නමුත් චීනයේ වාසනාවට එහිදී ඇමෙරිකානුවන් පරමාණු බෝම්බ භාවිතා කලේ නැත.එසේ වූවා නම් අද අප කතා කරන ඉතිහාස වෙනස් වන්නට බොහෝ ඉඩ තිබිණි.කලක් ලොව විශාලතම සබ්මැරීන බලඇණිය සෝවියට් දේශය සතුවිය.නමුත් නාවික බලය අතින් එක්සත් ජනපදය අභිබවා යෑමට ඉහත සඳහන් කල කිසිදු රටකට හැකියාව ලැබී නැත.පාබල මෙහෙයුම් ගැන සඳහන් කරද්දී මේ සියවසේදී ඉරාක සහ ඇෆ්ගනිස්තාන් යුද්ධවලට සහභාගී වී සිටින එක්සත් ජනපදය අත්දැකීම් අතින් ඉදිරියෙන් සිටියි.ඊළඟට පාබල හමුදාවල අත්දැකීම්වලින් ඉදීරියෙන් සිටින්නේ රුසියාවයි.සිරියාව ඔවුන්ගේ හමුදාවල නවීකරණයන්වල ප්‍රගතිය විමසා බැලීමට පුහුණු බිමක් ලෙස යොදාගත් බව රහසක් නොවේ.නමුත් කොරියානු යුද්ධය සහ වියට්නාම්-චීන යුද්ධයෙන් පසුව චීන හමුදාව මහා පරිමාණ යුද්ධවලට මැදිහත්වීමක් කර නොමැති නිසා ඔවුන්ගේ සතු ගොඩබිම් සටන් සම්බන්ධ අත්දැකීම් අවම තත්ත්වයක පවතියි.මේ තුන්කට්ටුව යුද්ධයකට පිවිසුන හොත් කවුරුන් ජයග්‍රහණය ලබාගනියිද? ඇමෙරිකා-සෝවියට් නොසන්සුන්කම උච්චතම අවස්ථාවට පත්වූ විටදී පවා දෙරට මුහුණට මුහුණ සටනකට නොගිය නිසා අනාගතයේදීද ඇමෙරිකාවෙන් සහ රුසියාවෙන් එවැන්නක් බලාපොරොත්තු විය නොහැකිය.කෙසේවෙතත් එවැනි සංග්‍රාමයකදී චීනය රුසියාව සමග සංධානගත වීම අපේක්ෂා කල හැකිය.


    සංග්‍රාමයකදී ඒ ඒ රටවල් සතු යුද ශක්තිය සහ තාක්ෂණය තීරණාත්මකව බලපාන්නේ කෙසේද?​




    ස්ටෙල්ත් ප්‍රහාරක යානා

    සතුරු රේඩාර් තිරයේ දර්ශනය නොවී සතුරු ප්‍රදේශවලට ඇතුලු වී ඉලක්ක වෙත පහරදී නිරුපද්‍රිතව යළි සිය භූමියට පැමිණීමට හැකිවීම අනාගත සටනකදී අතිශය වැදගත් වේ.පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානා නිර්මාණය වන්නේ මෙම කාර්යය ඉටුකිරීම සඳහාය.දැනට මෙහෙයුම්වල යෙදවීමට හැකි තත්ත්වයේ පවතින පස්වන පරම්පරාවේ ස්ටෙල්ත් වර්ගයේ එකම ප්‍රහාරක යානය ඇමෙරිකා එක්සත් ජනපදය සතුය.එය F-35 යානයයි.නමුත් මෙම යානයේ තාක්ෂණික දෝෂ පවතින බවත් එහි සමහර හැකියාවන් රුසියානු සහ චීන පස්වන පරම්පරාවේ යානාවලට වඩා පහල තත්ත්වයේ පවතින බවටත් විවේචනය එල්ල වේ.ඇමෙරිකාව සතුව ස්ටෙල්ත් වර්ගයේම F-22 යානා 187ක් තිබේ.

    xGKYkNP.jpg


    චීනය මේවන විට ස්ටෙල්ත් වර්ගයේ ප්‍රහාරක යානා හතරක් සංවර්ධනය කරමින් සිටින බව වාර්තාවේ.2014දී චීන J-31 යානය ගුවන් සංදර්ශනයකදී ප්‍රදර්ශන ගමනක යෙදිණි.J-20 යානය මේවන විටත් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට යොමුකර තිබෙනවා ඇති.පෙනෙන පරිදි එය ඇමෙරිකානු F-35 හෝ F-22 යානය සමග ගැළපේ.ඔවුන් සතු J-23 සහ J-25 යානා ඇමෙරිකානු F-22 යානයේ ඝාතකයන් ලෙස චීන මාධ්‍ය විසින් හඳුන්වා දී තිබේ.

    lSqxTzD.jpg


    රුසියාව සතුව දැනට තිබෙන්නේ එක් ස්ටෙල්ත් වර්ගයේ ප්‍රහාරක යානයක් වුවද එහි හැකියාවන් ඇමෙරිකානු යානය අභිබවා යන බව කියවේ.මෙම Sukhoi T-50 (PAK-FA) යානය 2016 වසරේ අගදී හෝ 2017 වසරේ මුලදී සේවයට එක්වනු ඇතිබවයි වාර්තා වන්නේ.එය F-22 යානයට වඩා ස්ටෙල්ත් හැකියාවෙන් අඩු වුවද හැසිරවීම අතින් ඉහළ තත්ත්වයක සිටියි.

    tBKbX95.jpg



    මෙම ප්‍රහාරක යානා අතරින් දැනට ඉදිරියෙන්ම සිටින්නේ ඇමෙරිකානු F-22 යානයයි.මන්ද එය රුසියානු සහ චීන ස්ටෙල්ත් ප්‍රහාරකයන්ට සාපේක්ෂව වැඩි කාලයක් සේවයේ යෙදී තිබීම නිසාය.පස්වන පරම්පරාවේ රුසියානු සහ චීන තවමත් යුද්ධයක් සඳහා භාවිතා කර නොමැත.





    යුද ටැංකි

    පාබල සටනකදී යුද ටැංකි සුවිශේෂී කාර්යභාර්යක් ඉටුකරන බව අමුතුවෙන් කියයුතු නැත.1980 දශකයේදී සේවයට එක්වන ඇමෙරිකානු M1 Abrams යුද ටැංකියේ දැනට භාවිතා වන නවතම සංස්කරණය වන්නේ M1A2 SEPv3 ය.2020 දී පමණ M1A3 මොඩලය ඉදිරිපත් කිරීමට නියමිතය.M1 Abrams යුද ටැංකියේ ඉතිහාසය තුල එය ප්‍රධාන යුද්ධ තුනක් සඳහා එක්සත් ජනපද හමුදාව විසින් යොදාගෙන තිබේ.පළමු ගල්ෆ් යුද්ධයේදී M1A1 යුද ටැංකි ඉරාකයේ සෝවියට් යුද ටැංකි සමග මුහුණට මුහුණ ගැටුණි.එහිදී ඉරාක හමුදාව සතුව T-55 සහ T-62 යුද ටැංකි විශාල ප්‍රමාණයක්ද T-72 යුද ටැංකි සුළු ප්‍රමාණයක්ද තිබිණි.යුද ටැංකියේ ප්‍රබල සන්නාහය නිසා එය කිසිම යුද්ධයකදී සම්පුර්ණයෙන් විනාශ වී නොමැති බව ඇමෙරිකාව පවසයි.මි.මී.120 ප්‍රධාන අවිය,සම්පුර්ණ පරිගණකගත පාලනය,දුරස්ථව පාලනය කල හැකි අවි පද්ධතිය සහ වෙනත් කිසිදු රටක් සතුව නොමැති ලොව හොඳම යුද ටැංකි සන්නාහය ආදිය සහිත M1 Abrams යුද ටැංකිය අත්දැකීම් අතින්ද අනෙක් යුද ටැංකි අභිබවා සිටියි.නමුත් එහි අඩුපාඩු නැතුවාද නොවේ.

    0Z7rl8s.jpg


    මේවන විට රුසියාව සිය නවතම යුද ටැංකිය වන T-14 Armata ලෝකයා හමුවේ අනාවරණය කර තිබේ.නමුත් තවමත් එය මහා පරිමාණයෙන් නිපදවීම අරඹා නැති නිසා ඔවුන්ගේ යුද ටැංකි බලඇණි තවමත් යැපෙන්නේ T-90 යුද ටැංකිය මතයි.එහි නවතම මොඩලය වන්නේ T-90Aය.එය ඇමෙරිකානු M1A2 යුද ටැංකියට සටනක් දිය හැකි මට්ටමට දියුණු කර තිබේ.වරක් මෙම T-90 යුද ටැංකියක් සිරියාවේදී සෘජු TOW මිසයිල ප්‍රහාරයකට ලක්විය.නමුත් යුද ටැංකිය නිරුප්‍රද්‍රිතය.2004 වසරේ පටන් සේවය යොදවා තිබෙන T-90 යුද ටැංකිය සතුව ස්වයංක්‍රීයව උණ්ඩ පිරවීමේ පද්ධතියක්,ප්‍රතික්‍රියක සන්නාහයක්,දුරස්ථපාලක මැෂින් තුවක්කුවක් සහ මි.මී.125 ප්‍රධාන අවියක් තිබේ.එහි ප්‍රධාන අවිය යොදාගෙන යුද ටැංකි නාශක මිසයිල නිකුත් කල හැකිය.

    iYy3b7S.png


    චීනය සතුව තිබෙන නවතම යුද ටැංකිය වන්නේ Type 99ය.එය මි.මී.125 අවියක් සහ ස්වයංක්‍රීයව උණ්ඩ පිරවෙන යාන්ත්‍රණයක් සහිතය.නූතන රුසියානු සහ බටහිර යුද ටැංකි සමග සටනක් සඳහා ඔරොත්තු දෙන පරිදි ඊට ප්‍රතික්‍රියක සන්නාහයක් ලබා දී තිබේ.

    vVqqHFB.png



    මෙම යුද ටැංකි අතරින් ජයග්‍රාහකයෙක් තෝරන්නේ නම් අනිවාර්යෙන්ම සන්නාහය,අවි බලය,තාක්ෂණය අතින් ඉදිරියෙන් සිටින M1A2 යුද ටැංකිය වඩාත් සුදුසුය.සංග්‍රාමික අත්දැකීම් අතින්ද එය ඉදිරියෙන් සිටියි.





    යුද නැව්

    ලොව විශාලතම නාවික හමුදාව ඇමෙරිකා එක්සත් ජනපදය සතුය.ඔවුන්ගේ නාවික බලයේ විහිදීම ලොව අන්කිසිදු රටකටත් වඩා වැඩිය.දැවැන්ත ගුවන් යානා ප්‍රවාහන නෞකා 10ක් ඔවුන් සතු අතර ඒවා න්‍යෂ්ඨික බලයෙන් ධාවනය වේ.න්‍යෂ්ඨික බලයෙන් ධාවනය වන අනෙක් එකම ගුවන් යානා ප්‍රවාහන නෞකාව තිබෙන්නේ ප්‍රංශය සතුවයි.ඊට අමතරව හෙලිකොප්ටර් ගොඩබැස්සවීමට විශේෂයෙන් සැකසූ වේදිකා සහිත නෞකා 9ක්ද ඇමෙරිකාව සතු බව කියවේ.නමුත් ඔවුන්ගේ නාවික හමුදාව සතු තාක්ෂණය චීනයේ මිසයිල සහ රුසියාවේ ඩීසල් සබ්මැරීනවලින් එල්ලවන තර්ජනය පරාජය කිරීමට ප්‍රමාණවත් නැත.

    deiYfDV.jpg


    සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව රුසියාවට නාවික හමුදාව කලින් පැවැති ආකාරයටම පවත්වාගෙන යාම දුෂ්කර විය.ඔවුන්ගේ නාවික හමුදාව එක්සත් ජනපද නාවික හමුදාව මෙන් ගුවන් යානා ප්‍රවාහන නෞකාවලින් පොහොසත් නැත(රුසියාව සතු එකම ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන්නේ Admiral Kuznetsovය.)නමුත් ඔවුන්ගේ කුඩා පරිමාණයේ නෞකා තම හැකියාව පෙන්වා දුන්නේ සීරියානු සිවිල් යුද්ධයේදී සිරියානු ඉලක්ක වෙත Kalibr වර්ගයේ කෲස් මිසයිල සැතපුම් දහස ගණනක් ඈතින් වූ කැස්පියන් මුහුදේ සිට දියත් කිරීමෙනි.නමුත් එවැනි බර අවි ගෙන යා හැකි කුඩා ප්‍රමාණයේ නෞකා මෙන්ම එතරම් සන්නද්ධ නෞකා ඇමෙරිකානු නාවික හමුදාව සතුව නොමැත.මෙම මිසයිලවල නෞකා නාශක මොඩලය එක්සත් ජනපද නාවික හමුදාව සතු Phalanx නම් අවිය(නෞකා නාශක මිසයිල විනාශ කරන අවියක්) පවා ඉක්මවායා හැකිය.

    AAfzZRK.png


    චීනය ඡාත්‍යන්තර අර්බුද වලට මැදිහත්වීම් නොකලද ඔවුන් සිය වෙරළ තීරයේ ආරක්ෂාව උදෙසා නෞකා විශාල ප්‍රමාණයක් යොදවා තිබේ.සෝවියට් දේශය පැවති සමයේ නිර්මාණය කල ගුවන් යානා ප්‍රවාහන නෞකා කිහිපයක්ම චීනය විසින් මිලදීගෙන නවීකරණය කර භාවිතා කරයි(නමුත් දැනට මෙහෙයුම්වල යෙදවීමේ හැකියාව තිබෙන්නේ Liaoning නම් නෞකාව පමණක් යැයි කියවේ).ඔවුන් සතුව නාවික හමුදාවක් මෙන්ම වෙරළාරක්ෂක හමුදාවක්ද සිටියි.චීනය උත්සාහ දරන්නේ ලොව විශාලතම සහ වඩාත් සන්නද්ධතම වෙරළාරක්ෂක නෞකා ඇණිය තමන් සතු කරගැනීමටයි.

    E6B6Jij.jpg



    සමස්ථයක් වශයෙන් තාක්ෂණයෙන්,අවි බලයෙන්,සූදානම්සහගතබවෙන්,විහිදීම අතින් එක්සත් ජනපද හමුදාව ඉහළින්ම සිටියි.නමුත් ඔවුන් සටන් වදින්නේ රුසියාව හෝ චීනය සතු මුහුදු ප්‍රදේශයක නම් හෝ මහා පරිමාණ නාවික ආක්‍රමණයක් දියත් කරන්නේ නම් ඇමෙරිකානු නාවික හමුදාවට බරපතල හානිවලට මුහුණදීමට සිදුවේවි.





    සබ්මැරීන

    එක්සත් ජනපද නාවික හමුදාව සතුව බැලස්ටික් මිසයිල සහිත සබ්මැරීන 14ක් තිබෙන අතර ඒවාහි න්‍යෂ්ඨික යුද ශීර්ෂ 280 පමණ ගෙන යා හැකිය.න්‍යෂ්ඨික සබ්මැරීන ගණන 54කි.මේවා ප්‍රබල ලෙස සන්නද්ධ,උසස් තාක්ෂණයෙන් යුක්ත ස්ටෙල්ත් වර්ගයේ සබ්මැරීන වේ.

    3nPVtab.jpg


    සබ්මැරීන ප්‍රමාණය අතින් පහල ස්ථානය සිටියද රුසියාව සතුව සබ්මැරීන 60 තිබේ.නමුත් ඒවා අතර ලොව නිශ්ශබ්දම ඩීසල් සබ්මැරීනයද තිබීම අනෙක් රටවලට ප්‍රබල තර්ජනයකි.න්‍යෂ්ඨික සබ්මැරීන ගණනින් රුසියාව දෙවැනි වන්නේ ඇමෙරිකාවට පමණි.මේ අතර රුසියාව බලයක් සහිත නගරයක් වනසා දැමිය හැකි න්‍යෂ්ඨික ටෝර්පිඩෝවක් සහිත නවතම සබ්මැරීනයක් නිර්මාණය කරමින් සිටින බවට වාර්තා පළව තිබේ.

    McmTk4c.jpg


    චීනය සතුව තිබෙන්නේ න්‍යෂ්ඨික සබ්මැරීන පහක් පමණි.නමුත් සබ්මැරීන ගණනින් රුසියාව අභිබවා ගොස් තිබේ.ඩීසල් සබ්මැරීන 54ක් සහ න්‍යෂ්ඨික බැලස්ටික් මිසයිල සහිත සබ්මැරීන 4ක් ඔවුන් සතු බව කියවේ.චීන සබ්මැරීන පහසුවෙන් අනාවරණය කරගැනීමට හැකිවුවද ඇමෙරිකාව සහ එහි මිත්‍ර රාජ්‍යයන් මේවා ලුහුබැඳීමට නවීනතම ඇහුම්කන් දීමේ උපකරණ යොදාගනියි.

    MeMw1ur.jpg



    සබ්මැරීන සංග්‍රාමික ශක්තිය අතින් එක්සත් ජනපදය ඉදිරියෙන් සිටියි.රුසියාව සාපේක්ෂව ඇමෙරිකානු න්‍යෂ්ඨික සබ්මැරීන දියුණු තත්ත්වයක පවතින බවට හොඳ උදාහරණ වන්නේ ඒවා ආශ්‍රිතව සිදුවූ අනතුරු වැඩි ප්‍රමාණයකින් ජීවිත මෙන්ම මූල්‍යමය හානි සිදුවූයේ රුසියාවට වීම නිසාය.නමුත් නූතන රුසියාව සබ්මැරීන තාක්ෂණය අතින් සීඝ්‍ර දියුණුවක් ලබමින් සිටින මුත් සාර්ථකත්වය ලෝකයා ඉදිරියේ අණ බෙර ගසා ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියි.


    මෙම රටවල් ත්‍රිත්වයේ සැබෑ යුද ශක්තිය දැනගැනීමට සංග්‍රාමයක් ඇතිවිය යුතුය.නමුත් එවැන්නකින් ලැබෙන ප්‍රතිලාභය මානව සංහතියේ විනාශය බව අමුතුවෙන් කිවයුතු නොවේ.මෙම අතිශය සංක්ෂිප්ත සංසන්දනයේදී ඒ ඒ රටවල න්‍යෂ්ඨික යුද ශක්තිය සලකා බැලුවේ නැත.පළමුව න්‍යෂ්ඨික අවිවලින් පහර දෙන්නේ කවුද ඔහු ජයග්‍රාහකයා වීමට යම් ඉඩක් තිබෙන මුත් න්‍යෂ්ඨික යුද්ධයකින් කිසිදු පාර්ශ්වයකට අත්වන ජයග්‍රහණයක් නැත.



    Source:Businessinsider.com

    -HarshaLulzSec-
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,813
    769
    113
    ela machan. You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මචන් ගොඩක් හොද පොස්ට් එකක්
    :yes::yes::yes:
    Thanks

    rep++ පට්ට දැනුමක් ගත්ත බ්‍රො
    Thanks

    එළ ඇ++++++++
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    Thanks

    ubanam pissu paharak machn
    :eek:

    Thanks

    ela machan. You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
    Thanks

    Thanks

    HarshaLulzSec rox
    Thanks

    Thanks

    patta machan
    Thanks

    Good post as usual
    Thanks

    bump

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    Thanks

    Thanks

    Uba dana thread balanna thama mama wadiyenma elakiri enne. Superb.......
    උඹලා කියවන නිසා තමයි මචන් අපිත් මොනවා හරි දාන්නේ.Thanks!

    Supiri ! :yes::yes::yes:

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
    Thanks

    patta...........
    Thanks

    Thanks

    Thanks

    Thanks

    වැදගත් ත්‍රෙඩ් එකක් :)
    Thanks

    Thanks


    Thanks