චීන #තිතේ පුතාලගේ බඩු

SL Hypocrite

Well-known member
  • Sep 17, 2014
    2,453
    1,401
    113
    If not for, first Japan, Korea, Taiwan and now China whole world will still be in the '60s as far as the use of consumer durables are concerned.
     
    Last edited:

    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    229
    118
    43
    43
    oke leight beam eka finger eke wedila reflect wena amount eka anuwa neda blood oxigen mesure karanne. ithin oka aniwa pen ekak or pensil ekak demmath weda karnnnama oni ne, ehema weda karanne netham tamai kedila
    For a pulse oximeter to work you need the blood flow to be pulsatile and it works on absorbtion spectrum not reflection
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Yes, Im not talking about proper brands, or known brands, Im worrying about the Chinese home grown brands to mimic all the freaking products out there.





    check out these !

    Yes! I'm with you on that. There are tons of scam/fake products in the Chinese market.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    000
    fff
    000
    fff
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    Covid 19 සහ Pulse Oximeter ය
    -------------------------------------------------
    මේ වෙනකොට pulse oximeter හෙවත් රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය මනින උපකරණය ගොඩක් උණුසුම් මාතෘකාවක්. අධික මිලකට අලෙවි කිරීම සහ වෙලඳපලේ තියන උපකරණ ප්‍රමිතියක් නෑ කියන මතය මේකට හේතුවක්. ඒ නිසා මේ ගැන හරියට දැනගන්න එක හැමෝටම වැදගත් වෙනවා.
    -----------------------------------------------------
    මොකක්ද මේ 𝐒𝐩𝐎𝟐 අගය කියන්නෙ?
    -----------------------------------------------------
    අපේ ලේ වල තියන හිමෝග්ලොබින් වල ඔක්සිජන් අන්තර්ගත වෙලා තියනවා. මේ අගය සංතෘප්තතා ප්‍රතිශතයක් විදිහට කියන එක තමයි SpO2 අගය මනිනවා කියලා කියන්නෙ. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙක්ගෙ මේ අගය 95% ට වඩා වැඩි මට්ටමක තියනවා.
    ---------------------------------------------------------------
    මොකක්ද 𝐏𝐮𝐥𝐬𝐞 𝐎𝐱𝐢𝐦𝐞𝐭𝐞𝐫 එක කියන්නෙ?
    ---------------------------------------------------------------
    සරලව කිව්වොත් රුධිරයේ SpO2 අගය මනින Non-invasive ,එහෙම නැත්තම් සම සිදුරු කිරීමකින් තොරව මේ වැඩේ කරගන්න පුලුවන් උපකරණයක්. මේ උපකරණයේ තියන sensor එකෙන් Infrared සහ රතු පාට ආලෝක කදම්බ දෙකක් අපේ සම හරහා යවනවා. ලේ වල ඔක්සිජන් මට්ටම වැඩි නම් Infrared වැඩිපුර උරාගෙන රතු ආලෝකය අඩුවෙන් උරාගන්නවා. අඩු නම් ඒකෙ අනිත් පැත්ත වෙනවා. මේ විදිහට උරාගන්න සහ උරා නොගන්න අගයන් ගණනය කරලා තමයි සියයට අගයක් විදිහට SpO2 අගය දෙන්නෙ.
    විශේෂම දේ තමයි අපේ සම හරහා මේ ආලෝක කදම්බ දෙකම නිවැරදිව යවන්න ඕන නිසා මේ උපකරණය සම්බන්ධ කරන්නෙ සම ගොඩක් තුනී සහ ලේ ගමනාගමනය වැඩි තැනකට. ඇඟිලි තුඩට හෝ කන්පෙත්තට සම්බන්ධ කරන්න හේතුව ඒකයි.
    -----------------------------------------------------------------------
    මේ උපකරණයේ තියෙන්න පුලුවන් ගැටලු මොනාද?
    -----------------------------------------------------------------------
    කලින් කිව්වත් වගේ මේකෙ ප්‍රධානම උපාංගය වෙන්නෙ electronic sensor එකක්. මේකෙන් ලැබෙන දත්ත වෙනම කුඩා chip එකක් මගින් ගණිතමය සමීකරණ හරහා සුලු කරලා තමයි අවසානයේ ප්‍රතිශතයක් විදිහට අගයක් දෙන්නෙ. මේ sensor නිපදවද්දි මේවා සුලු වශයෙන් එකිනෙකට වෙනස් වෙනවා. ඒ කියන්නෙ එකම ඔක්සිජන් අගයට sensor දෙකක් කියවන අගයන් දෙක සුලු විදිහට වෙනස් වෙනවා.මේක වලක්වගන්න මිලෙන් වැඩි උපකරණ වෙනම calibrate කරලා තමයි වෙලඳපලට නිකුත් කරන්නෙ. ඊටත් අමතරව sensor වලින් එලියට එන දත්ත වල noise තියෙනවා. මේවා අර chip එක මගින් නිවැරදිව filter කරලා හරි දත්ත ටික ලබාගන්න ඕනෙ.
    හැබැයි මහා පරිමාණයෙන් ඉතාම අඩු මුදලට මේ උපකරණ නිපදවද්දි එන ගැටලු කීපයක් තියනවා. එකක් තමයි sensor එකෙන් දත්ත එක්ක අති විශාල ප්‍රමාණයක් noise එලියට එන එක. මේක ඒ උපකරණයේ තියන අඩුමිල chip එකට filter කරන්න බැරි ප්‍රමාණයේ වෙන්න පුලුවන්. අනිත් දේ තමයි මේ උපකරණයෙන් කියවන අගයන් නිවැරදිද කියලා වඩා නිවැරදි meter එකක් පාවිච්චි කරලා calibrate කරලා නැති වෙන්න පුලුවන්. මොකද එකින් එක එහෙම කරන්න ගියොත් මෙච්චර අඩු ගානකට මේ උපකරණයක් දෙන්න අමාරු වෙනවා.
    --------------------------------------------------------
    මොකක්ද මේ ප්‍රශ්ණෙට කරන්න පුලුවන්?
    --------------------------------------------------------
    මේ දවස්වල lab එකකට ගිහිල්ලා මේ test එකක් කරගන්න එක හරි එහෙමත් නැත්තම් මිල අධික branded meter එකක් ගන්න එක හරි ප්‍රායෝගික නොවෙන්න පුලුවන්. හැබැයි ගොඩදෙනෙක් දන්නේ නැති උනාට ගොඩක් smartphone වල, smart watch වල සහ fitness tracker වල pulse oximeter එකක් එනවා. අඳුරගන්න තියන ලේසිම විදහ තමයි රූපෙ පෙන්නලා තියන විදිහට පිටිපස්සෙ රතු පාට හෝ කොල පාට light එකක් තියනවද කියලා බලන එක. Smartphone එකක තියන meter එක කඩෙන් ගන්න අඩු මිල meter එකකට වඩා නිවැරදී කියලා කියන්න පුලුවන්. මොකද මේකෙ තියන advanced chipset එක සහ complex algorithm වලින් ගොඩක් දුරට නිවැරදි අගයම ලබා දෙනවා. ඒ වගේම තමා smartwatch සහ fitness tracker වලත්. හැබැයි මේවා අතේ බැඳගෙන ඉද්දි ලැබෙන අගයන් වල නිරවද්‍යභාවය ගැන සහතික කරන්න අමාරුයි මොකද ඇඟිලි තුඩ සහ කන්පෙත්ත තමා SpO2 අගය මනින්න සුදුසුම තැන් දෙක. ඒ නිසා මේක ගලවලා sensor එක උඩ ඇඟිලි තුඩ තප්පර කීපයක් ආසන්නව එකම පීඩනයක් දීලා තියන් ඉඳලා ගන්න අගය සෑහෙන දුරට නිවැරදී කියලා කියන්න පුලුවන්.
    - තරිඳු සුරාජ් -
    - Mobile Robotics Engineer -
    - SRQ Robotics -


    Post එක ගත්තේ මෙතනින්

    Bump