චීන දඩුවම් තුන.

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඔන්න දවසක් ඇම්ඩා චීනෙ ඉන්න යාලුවෙක් හම්බ වෙන්න චීනෙට ගියාලු. එයාර්පෝට් එකෙන් බැහැලා, තව ටිකක් කෝච්චියකත් යන්න තියෙනවලු. කොහොමින් කොහොම හරි හරි මූ එහෙට යන්න රෑ වුන නිසා අන්තිම කෝච්චියත් මුට මිස් වුනාලු. දැන් ඉතින් මොනවා කරන්නද, පාරෙ බුදියන්නයැ. රැට නිදාගන්න තැනක් හොයාගන්න හිතාගෙන දැන් වටේ ගියත් මුට හෝටලයක් හොයාගන්න බැරි වුනාලු මොකද හැම බෝඩ් එකම තියෙන්නේ චීන බාසාවෙන්නෙ. ඔහොම ඇවිද ඇවිද ඉන්නකොට පාරෙ කොනක ලස්සන ගoගාවක් ගාව පොඩි හෝටල් කෑල්ලක් තියෙනව දැක්කලු "නවාතැන් පහසුකම් ඇත" කියලා බෝඩ් එකක් ගහලා. පොඩ්ඩක් හොයල බලනකොට මේකෙ අයිතිකාරයා ලෝක යුද්ද කාලෙ ල‍න්කාවෙ හිටිය චීනෙක්ගෙලු. ඇම්ඩත් ෆුල් සැටිස් එකේ ඇතුලට ගියාලු.

    මේ හෝටලේ අයිතිකාරය, ඒ කියන්නේ නාකි චීනා, නාකි වුනාට කොන්ඩේ බැඳපු චීනෙක් එහෙම නෙවෙයිලු, ඇම්ඩා දොරෙන් එනකොටම තේරුනාලු මූනම් හොද එකෙක් නෙවෙයි කියලා, මොකද චීනගෙ මිනිබිරිත් හිටියෙ මේ හෝටලේම නිසා. එත් ඉතින් මොනව වුනත් මනුස්සයෙක්නේ ඒක නිසා චීන කිව්වාලු, "හරි, උබට නවතින්න දෙන්නම් හැබැයි මගෙ මිනිබිරීට තෝ අතක්වත් තිබ්බොත්, මම උබට චීන දඩුවම් තුනම දෙනවා" කියලා. මූත් ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා "ඕකේ" කියලා කැමති වුනාලු.

    දැන් ඉතින් ඇම්ඩා කාමරේට ගිහින් පොඩි වොශ් එකක් එහම දාල නිදාගන්න යනකොට අර කෑල්ලව දැක්කාලු. ඉටි රූපෙ වගේලු ලස්සන, එක දැක්කම මුට ඉවසන්නම බැරි වුනාලු. චීන දඩුවම් වලට හැමි*යන් කියල මූ ශේප් එකෙ චීන ඉන්නවද කියලා එහෙම බලල හෙමින් අරකිට කිට්ටු කරල ටෝක් කරලා අරින්න පටන් ගත්තාලු දන්න කියන හැම ශිල්පයක්ම දාල.

    ඔය වැඩ ටික එහෙම ඉවර වෙලා, අරකිට කිස් එකක් එහෙමත් දීලා, මූ කාමරේට ආවලු නිදාගන්න කියලා. ගමන් මහන්සියටයි, අහවල් වැඩේ කරපු මහන්සියටයි, මූට ඉක්මනටම නින්ද ගියාලු තදටම.

    ඔහොම නින්ද ගිහින් උදේ කුකුලා හඩලන වෙලාවට විතර මුට දැනෙනවාලු හුස්ම ගන්න අමාරුයි වගේ, බයවෙලා නැගිටලා බලනකොට මුගෙ පපුව උඩ පතාර් ගලක්ලු, ඒකෙ උඩ ලියලා තියෙනවාලු "චීන දඩුවම් අන්ක 1 - ඔබේ පපුව උඩ ගලකි" කියලා.
    මුට මේක දැකලා පස්ස පැත්තෙනුත් හිනාලු. මේකද යකෝ මහලොකු චීන දඩුවම කියලා මූ ආතල් එකටත් එක්ක තට්ටු දෙක තුනක් උඩ තියෙන කාමරේ ජනේලෙන් ගල අල්ලලා එලියෙ ගඟට විසි කරාලු. එහෙම විසි කරද්දි ගලේ යට පැත්තේ, ඒ කියන්නේ පපුව උඩ තිබ්බ පැත්ත මූ දැක්කේ ඒ වෙලාවෙලු, ඒ පැත්තේ ලියලා තියෙනවාලු "චීන දඩුවම් අන්ක 2 - මෙම ගලේ නූලක් ගැට ගසා ඇති අතර, අනික් කොණ ඔබේ දකුණු ඇටයේ ගැට ගසා ඇත" කියලා.
    මේක දැකලානම් ඇම්ඩටත් ඇඩුනාලු, වට පිටේ කතුරක් පිහියක්වත් නැති එකේ ජීවිතෙ වටිනාම එවා දෙකෙන් එකක් නැති කරගන්නනම් බැරියෝ කියලා පහල තියෙන්නත් ගඟ නිසා මු ජනේලෙන් එලියට පැනාලු. එහෙම පනිනකොට මුගෙ කාමරේ ජනේලෙ පැත්තේ බිත්තියේ ලියලා තියෙනවාලු "චීන දඩුවම් අන්ක 3 - ඔබේ වම් ඇටයේ නූලක් ගැට ගසා ඇති අතර එහි කෙලවර කාමරේ ඇඳේ ගැට ගසා ඇත" කියලා. ඇම්ඩට මතක එච්චරයිලු....



    කතාව හොඳයිනම් විතරක්, රෙපක්, බම්ප් එකක් දාල යන්න අමතක කරන්න එපා හොඳේ, අමාරුවෙන් කෙටුවේ!!!

    Patta ban :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    champi123

    Active member
  • Dec 7, 2007
    692
    30
    28
    Sri Lanka
    gpy.gif
     
    • Like
    Reactions: The_Joker