චුවින්ගම් එකට ලක්ෂ 18ක්

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    චුවින්ගම් එකට ලක්ෂ 18ක්

    බ්‍රිට්නි හප කළ චුවින්ගම් එකට ලක්ෂ 18ක මිලක්


    වෙන්දේසියේ අලෙවි වූ ජනප්‍රිය පුද්ගලයන්ගේ අරුම පුදුම දේවල් වචනයෙන් කියන්න බැරි දහසක් දේ එක ඡායාරූපයකින් කියන්න පුළුවන්. ඇන්ජලීනා ජොලී අශ්වයෙකු සමග සිටගත් උඩුකය නිරුවත් ඡායාරූපයකට පසුගිය කාලයේ ස්ටර්ලින් පවුම් 30,000 ක මුදලකට වෙන්දේසි වී තිබුණා. අපි ආදරේ කරන ජනප්‍රිය පුද්ගලයින්ගේ කිසියම් වූ දෙයක් අධික මුදලක් ගෙවා මිලදී ගැනීමට බොහෝ පුද්ගලයින් උත්සාහ කරනවා. සමහර විට එය ඔවුන් පාවිච්චි කරන ටිෂූ කොළයක් හෝ කෙස් ගසක් වැනි සුළු දෙයක් විය හැකියි. නමුත් බැලූ බැල්මටම එම භාණ්ඩයේ වටිනාකමක් අපට නොපෙනුනත් ඔවුන්ට ආදරේ කරන පුද්ගලයන්ට නම් එය කියා නිම කළ නොහැකි අනර්ඝ වස්තුවක් විය හැකියි. අද අපි කියන්න යන්නේ එවැනි ජනප්‍රිය පුද්ගලයන්ගේ වෙන්දේසි වූ අපූරු භාණ්ඩ පිළිබඳවයි.


    ඇන්ජලීනා ජොලීගේ නිරුවත් ඡායාරූපය

    celeb-rundown-33.jpg


    මෙම ඡායාරූපය 2001 වසරේ ඩේවිඩ් ලාචැපල් නම් ඡායාරූප ශිල්පියා විසින් ගන්නා ලද්දක්. එවකට 25 වන වියේ පසු වූ “ටෝම්බි රයිඩර්” හි තරුවක් වූ ඇය තම උඩුකයේ නිරුවත් ඡායාරූපයකට පෙනී සිටියේ අශ්වයකු සමගයි. ඇය තම උඩුකයේ Billy Bob Thorton නම් ඇයගේ හිටපු සැමියාගේ නමද පච්චයක් කොටා තිබෙන ආකාරයද එම ඡායාරූපයේ දැකිය හැකියි. මෙම ඡායාරූපය ලබන මස දී වෙන්දේසියේ විකිණීමට නියමිතව ඇත්තේ ලන්ඩන් හි Christie’s වෙන්දේසියේදීයි. එය විකිණීමට නියම කොට ඇත්තේ ස්ටර්ලිං පවුම් 30,000 කට (රුපියල් 63 ලක්ෂයකට අධික මුදලක්) බවයි සඳහන් වන්නේ.


    ස්කාලට් ජොන්සන්ගේ පාවිච්චි කරන ලද ටිෂූ
    8745_1.jpg

    241672-used-tissue-of-scarlett-johansson.jpg

    ඇය මෝස්තර නිරූපිකාවක්, ගායිකාවක් මෙන්ම සිනමා තරුවක්ද වනවා. ඇයගේ රසිකයින්ට අන්තර්ජාලය ඔස්සේ ස්කාලට් විසින් 2008 වසරේ “The Tonight Show with Jay Leno” වැඩසටහනේ දී පාවිච්චි කරන ලද මුහුණ පිසදමන ලද ටිෂූ ඩොලර් 99 කට වෙන්දේසි කිරීමට පටන් ගෙන තිබූ අතර 83 දෙනෙකු මෙය ඉල්ලීම නිසා අවසානයේ එය වෙන්දේසි කොට තිබුණේ ඇමරිකන් ඩොලර් 5300 (රුපියල් හය ලක්ෂ අසූනව දාහක් ) කට බවයි සඳහන් වෙන්නේ.


    ජස්ටින් බිබර්ගේ කෙස් රොදක්
    justin-bieber-hair-ellen-degeneres.jpg


    බොහෝ යෞවනියන්ගේ සිහින කුමරෙක් ජස්ටින් බිබර්. ඔහු 2008 වසරේ දී තම කෙස් රොදක් කිහිප දෙනෙකු අතර බෙදා දී තිබුණා. බිබර් තම හිසකෙස් තෑගි කළ අය අතර පැරිස් හිල්ටන්, එලන් ඩි ජෙනේද වනවා. පසුව ඔහුගේ මේ කෙස්රොද පෙට්ටියක අසුරා තැබූ එලන් “The Ellen Debeneres show” උත්සවයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී බිබර් ගේ කෙස් දැමූ පෙට්ටියට 98 ක් ඉල්ලුම් කර තිබුණ අතර එයින් වැඩිම ඉල්ලුම්කරුට මේ පෙට්ටිය වෙන්දේසි කොට තිබෙනවා. එම හිසකෙස් ඇමරිකන් ඩොලර් 40,668 කට අලෙවි වී තිබූ අතර එලන් එම මුදල් පුණ්‍ය ආයතනයකට පරිත්‍යාග කොට තිබෙනවා.


    බ්‍රැන්ජලීනාගේ හුස්ම පුරවන ලද බුජම

    brangelina.jpg


    බොහෝදෙනාගේ සිත් දිනාගත් ජනප්‍රිය සිනමා තරු දෙපළක් බ්‍රැන්ජිම් සහ ඇන්ජලීනා ජොලී කියන්නේ. මේ දෙන්නව එකට හඳුන්වන්නේ බ්‍රැන්ජලීනා යනුවෙනුයි. මේ දෙපළ ඔවුනගේ ප්‍රශ්වාස වාතය එකතුකොට බුජමක පුරවා ප්‍රසිද්ධ සිනමාපටයක් වූ Mr. Mrs. Smith මුහුරත් උළෙලට රැගෙන විත් තිබූ අතර පසුව මේ බුජම ඇමරිකන් ඩොලර් 530 කට වෙන්දේසි කොට තිබෙනවා.


    බ්‍රිට්නි ස්පියර්ස්ගේ හපකරන ලද චුවින්ගම් එක

    7-1327a345-8133-11e2-97ee-a0aa7036bb0a.jpg


    ජනප්‍රිය ‍පොප් ගායිකාවක් වූ බ්‍රිට්නි ඉතා අපූරු දෙයක් අන්තර්ජාලය හරහා වෙන්දේසි කොට තිබෙනවා. එය නම් ඇය විසින් ආහාරයට ගන්නා ලද චුවින්ගම් එකක්. හැබැයි මේ ‘හපය’ විකුණපු ගාණ ඇහුවමනම් ඔබගේ හුස්ම මදකට නතර වන බවක් දැනේවි. බ්‍රිට්නිගේ හපකරන ලද චුවින්ගම් එක වෙන්දේසි කර තිබුණේ ඇමරිකන් ඩොලර් 14,000 කටයි. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 18 කටත් වැඩි මුදලක්.


    චාලි චැප්ලීන්ගේ නැති වූ චිත්‍රපටය
    Charlie-Chaplin-pictured--001.jpg


    චාලි චැප්ලීන්ගේ තිරගත නොවූ චිත්‍රපටයක් සහිත භාජනයක් එංගලන්තයේ එසෙක්ස් හි පැරණි බඩු වෙන්දේසි කරන්නෙකු හට හමුවී තිබෙනවා. ඔහු එය මිලදී ගෙන තිබෙන්නේ පවුම් 3.3 කටයි. Charlie chaplin in Zepped. නැමැති මෙම චිත්‍රපටය අන්තර් ජාලය හරහා වෙන්දේසි කර තිබුණේ ගජ ලාබයක් ඇතිවයි. එය අලෙවි වී තිබුණේ පවුම් 40,000 ක් වැනි විශාල මුදලකටයි.


    එල්විස් ප්‍රිස්ලි වතුර හා කෙස්
    Elvis-Presley-009.jpg


    රොක් ඇන්ඩ් රෝල් ගායක එල්විස් ප්‍රිස්ලි 1977 වසරේ දී පරිහරණය කරන ලද වතුර තේ හැඳි තුනක් සහ හිසකෙස් වෙන්දේසි කරුවකු මිලදී ගෙන තිබුණේ ඩොලර් 455 කට. එම වසරේ දී ඔහු මිය ගොස් තිබූ අතර පසුව එම දේවල් එම පුද්ගලයා 2002 වසරේදී ඇමරිකන් ඩොලර් 115,0000 කට වෙන්දේසියකදී විකුණා තිබුණා.


    මැර්ලින් මොන්රෝගේ බෙහෙත් දමන ලද බෝතල් සහ එක්ස්රේ කිරණ පිටපත
    marilyn_monroe_white_dress_blo.jpg


    ඕනෑම දෙයකට ඕනෑවට වඩා ඇලී ගැලී සිටීම විනාශයකට මුල මැර්ලින් මොන්රෝගේ ජීවිතය විනාශ වුණේ ඇය ඕනෑවට වඩා නිදිපෙති ගැනීම නිසයි. 2010 වසරේදී මොන්රෝගේ අසනීප සඳහා භාවිතා කරන ලද බෙහෙත් පෙති දමා තිබූ බෝතල දෙකක් වෙන්දේසි වී තිබුණේ ඇමරිකන් ඩොලර් 18, 750ක මුදලකටයි. ඉන්පසුව ඇගේ X Ray පිටපතක් ඩොලර් 45,000 ක මුදලකට වෙන්දේසි වූවා.


    ජේම්ස් බ්ලන්ට්ගේ සහෝදරිය වෙන්දේසි කිරීම

    ඔහුට පිස්සෙක් කියලා කිව්වත් මිනිස් ජාවාරම් කාරයා කිව්වත් එකයි. මේ නම් දෙකෙන්්ම මිනිසුන් ඔහුව අමතනවා. නමුත් මේ එංගලන්ත ගායකයා තමන්ගේ නැගණිය වුණ “එම්ලි“ අන්තර් ජාලය ඔස්සේ වෙන්දේසි කිරීමට කටයුතු කර තිබුණේ 2004 වසරේ දීයි. ජේම්ස් එම්ලිව විවාහ කර දීමටයි මෙසේ ඇයව අන්තර් ජාලය ඔස්සේ විකිණීමට කටයුතු කර තිබෙන්නේ. නමුත් පසුව ගයි හැරිසන්ට ජේම්ස් බ්ලන්ට්ගෙ සොයුරිය මුණ ගැහී තිබෙන අතර වසර තුනක ඇවෑමෙන් ඔවුන් දෙදෙනා විවාපත් වී තිබෙනවා.


    බ්‍රයන් ඇඩම්ස්ගේ කිලුටු වූ මේස්
    BryanAdamssongPics1FDXFoGZly0J9sM.jpg

    මේක දැක්කම ඔබ කලබල වෙන්න එපා. මේ ජනප්‍රිය ගායකයා 2004 වසරේදී වේල්සයේ පැවති සංගීත වැඩසටහනකට සහභාගි වී හදිසියේ යන අතරතුර ඔහු ගමන් කළ කුලී රථයේ අමතක වීමකින් තමන් දමාගෙන සිටි කිලිටි වූ මේස් ජෝඩුව දමාගොස් තිබුණා. මේ වාහනයේ රියදුරා නැවත ඔහුගේ වාහනය අයිති සමාගමට ගොස් බලන විට බ්‍රයන් දමාගොස් තිබූ ඔහුගේ මේස් කුට්ටම දැක තිබෙනවා. පසුව මෙම පුද්ගලයා එය ඩොලර් 750 කට වෙන්දේසි කර තිබෙනවා.

    ශිරෝනි ග්‍රේරෝ
    Source: lakbima
     
    Last edited by a moderator:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බලන් ගියහම ඇමරිකාවේ ඉන්නේ හරක් නේ බන් ..ලංකාවේ උන් අතින් හොදයිනේ:baffled::dull:

    අර හපකරපු චුවින්ගම් එක ගන්න ඇත්තේ රස බලන්න වෙන්නැති :P:P:P:lol::lol::lol::lol:

    රේප්+2
     
    • Like
    Reactions: IPman

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    මරුසිරා;15845821 said:
    බලන් ගියහම ඇමරිකාවේ ඉන්නේ හරක් නේ බන් ..ලංකාවේ උන් අතින් හොදයිනේ:baffled::dull:

    අර හපකරපු චුවින්ගම් එක ගන්න ඇත්තේ රස බලන්න වෙන්නැති :P:P:P:lol::lol::lol::lol:

    රේප්+2

    මට නම් නිකන් දුන්නත් එපා :no:
     
    • Like
    Reactions: IPman

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්තූත්යි බෙදාගත්තට මචෝ...:D:D

    අනේ මංදා බන් මුන්ගේ ඔලුව අප්සට් ශුවර් එකටම.:angry::angry:
     
    • Like
    Reactions: IPman