චේ රයිඩර් සහ කන්නන්ගර

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    චේ රයිඩර් සහ කන්නන්ගර

    චේ රයිඩර් සහ කන්නන්ගර .

    අපේ රටේ සමහරක් කැම්පස් කොල්ලේ කෙල්ලෝ පහු ගිය දවසක චේගුවේරා වෙනුවෙන් මහා ඉහලින් සැමරුම් උත්සව තිබ්බා .එකේ ගැටළුවක් නම් නැහැ .ඒත් නිදහස් අධ්‍යාපනයේ පියා වෙච්ච කන්නන්ගර මහත්තයගේ උපන්දිනේ ඔක්තෝම්බර් 13 .හැබයි ඒ මනුස්සය වෙනුවෙන් ඔය රයිඩර් යන කට්ටිය මොනවද කලේ ? දන්න තරමින් මුකුත් නැහැ .රටේ ජනමාධ්‍යය හරහා ඒ ගැන වැඩි ප්‍රචාරයක් දුන්නද ? ඒත් නැහැ .ඉතිං මේක මතක තියාගනිල්ලා උඹල
    ට චේ රයිඩර් පදින්න කැම්පස් යන්න පුළුවන් උනේත්, අපිට මේ විදියට එළකිරියේ ඇවිල්ලා පෝස්ට් එකක් දාගන්න Thread
    එකක් දාගන්න ,පුළුවන් වෙන විදියට භාෂාව ඉගෙන ගන්න පුළුවන් උනෙත් ඒ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් .ඒ අධ්‍යාපනය අපිට දෙන්න කටයූතු කලේ කන්නන්ගර මහත්තයා. නැතුව චේ ගුවේරා නෙමේ .ඒකත් නිකන් ආතල් එකේ ලබා ගත්ත දෙයක් නෙමේ .උඹලගෙම කටේ නිතරම කියවන අධිරාජ්‍යවාදි ඇන්ග්ලෝ සැක්සන් ඇමෙරිකානු අනුකරණවාදී ධනපති පංතියේ ඇනුම් බැනුම් ,ගැරහුම් ,කැපිලි කෙටිලි මධ්‍යයේ .හැබයි මම දන්න විදියට නම් චේගුවේරා උඹලටවත් අපටවත් මේ රට්ටවත් කරපු දෙයක් නම් නැහැ .එයා ආර්ජන්ටිනා ජාතිකයෙක් .විප්ලව කලේ ලතින් ඇමරිකාවේ .ඒක නිසා එයාගේ සේවය උනේ ඒ රටවලට. හැබැයි විප්ලවීය චරිතයක් විදියට ආදර්ශයට ගත්තට කමක් නැහැ .හරියට අපි විද්‍යාව කරද්දි ඇල්බට් අයින්ස්ටයින්ව ආදර්ශයට ගන්නේ ,අන්න ඒවගේ .ඒත් වැඩිය නැමෙන්න ඕනේ නැහැ .ඒක නිසා ඒ ගැන අයෙත් හිතලා බලපන් .මොකද මම චේ ට බනිනවා නෙමේ .මම පෙන්වන්න හදන්නේ අපි කොච්චර අප්සට් කොදෙව් මානසිකත්වයෙන් පෙළෙන අසරණ දූපත් වැසියෝ සෙට් එකක්ද කියන එක .
    .මොකද අපේ ජාතියට කවදාවත් දියුණු වෙන්න බැරිත් ඕකයි .මොකද පිදිය යුත්තන් පුදන්න දන්නේ නැහැ නේ කවදාවත් .එහෙම දන්නේ නැති උන්ගේ උගත් කමින් වැඩකුත් නැහැ .දියුණුවෙන්නත් බැහැ .පොඩ්ඩක් හිතල බලාපල්ලා .
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සිරා කතාව....
    හැබැයි ඕක ඔහොම වෙච්ච එකේ පුදුමෙකුත් නෑ බලන් ගියාම.අපේ බහුතරයක් මිනිස්සුන්ට අපේ රටේ තියෙන මැණික් ගලකට වඩා යුරෝපේ හරි කොහේ හරි තියෙන ගූ ගොඩක් උනත් වටිනවා.
    චේ කියන්නේ අමරණීය චරිතයක්.ගරු කල යුතු නෑ කියනවා නෙවෙයි.එත් අපිට මෙච්චර දෙයක් ලබාදුන්න කන්නන්ගර කියන ඒ උත්තම පුරුෂයාව කාටවත් මතක් උනේ නැති එක ගැනයි දුක.
    විරුවානෙනි ඔබ අප අතර සදා අමරණීයයි.....
    මමනම් අවන්කෙන්ම කන්නන්ගර නාමෙට ගරු කරනවා ,මොකද මම අද මේ ඉන්න තත්වේ ඉන්නේ එතුමා හන්දයි
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    mamath ekagay e kathawata .. campus samaga tharahak natha . namuth ewani akalpa wenas wiya yuthuy
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Before speaks about Che
    First should learn what Communism,Socialism,Marxism and Leninism :)
    Even they shout they want them, after graduating and earning they won't say same ;)
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    අනික මචං ලා අපි කැම්පස් ගියත් නොගියත් මොකක් හරි එකක් ඉගෙන ගත්ත නිසානේ මෙහෙමවත් කතාකරන්න, අදහස් පල කරන්න පුළුවන් වුණේ .ඒ නිදහස් අධ්‍යාපනය නිසානේ අපිට ඉගෙන ගන්න පුළුවන් උනෙත් .ඒත් රටේ ඉන්න උසස් අධ්‍යාපනය ලබන අයට ලක්ෂ ගණන් වටින පාඨමාලා සල්ලි වලට දුන්නා නම් අද ඔය එකෙක්වත් චේ රයිඩර් නෙමේ ,තිරික්කල් රයිඩර් වත් යා ගන්න බැරි වෙන සයිස් එකක් වෙනවා :P:P:P:P:P:P:P.අනික අද ප්‍රයිවට් University වලට සල්ලි ලක්ෂ ගණන් ගෙවලා යන එවුන්ට උනත් .එව්වයේ උගන්වන එව්වා තේරෙන්න තරම් වත් පන්නරය ආවේ නීදහස් අධ්‍යාපනය නිසා .ඒක කාටවත් නැහැ කියලා කියන්න බැහැ .එහෙනම් අපි හැමොම ණයයි කන්නන්ගර මහත්තයට .ඒත් අපිට ඒ මනුස්සයා වෙනුවෙන් අඩුම තරමේ ජාතික මට්ටමේ උත්සවයක්වත් තියාගන්න බැහැ නේ .හැබැයි උඩ දාගෙන පොදුරාජ්‍ය මණ්ඩලීය් රැස්වීම් නම් තියන්න පුළුවන් ලෝකෙට පේන්න .විලි ලැජ්ජාවේ සන්තෝසේ බැහැ .:(:(:(:(:(..