චේ රයිඩර් සහ කන්නන්ගර
චේ රයිඩර් සහ කන්නන්ගර .
අපේ රටේ සමහරක් කැම්පස් කොල්ලේ කෙල්ලෝ පහු ගිය දවසක චේගුවේරා වෙනුවෙන් මහා ඉහලින් සැමරුම් උත්සව තිබ්බා .එකේ ගැටළුවක් නම් නැහැ .ඒත් නිදහස් අධ්‍යාපනයේ පියා වෙච්ච කන්නන්ගර මහත්තයගේ උපන්දිනේ ඔක්තෝම්බර් 13 .හැබයි ඒ මනුස්සය වෙනුවෙන් ඔය රයිඩර් යන කට්ටිය මොනවද කලේ ? දන්න තරමින් මුකුත් නැහැ .රටේ ජනමාධ්‍යය හරහා ඒ ගැන වැඩි ප්‍රචාරයක් දුන්නද ? ඒත් නැහැ .ඉතිං මේක මතක තියාගනිල්ලා උඹලට චේ රයිඩර් පදින්න කැම්පස් යන්න පුළුවන් උනේත්, අපිට මේ විදියට එළකිරියේ ඇවිල්ලා පෝස්ට් එකක් දාගන්න Thread එකක් දාගන්න ,පුළුවන් වෙන විදියට භාෂාව ඉගෙන ගන්න පුළුවන් උනෙත් ඒ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් .ඒ අධ්‍යාපනය අපිට දෙන්න කටයූතු කලේ කන්නන්ගර මහත්තයා. නැතුව චේ ගුවේරා නෙමේ .ඒකත් නිකන් ආතල් එකේ ලබා ගත්ත දෙයක් නෙමේ .උඹලගෙම කටේ නිතරම කියවන අධිරාජ්‍යවාදි ඇන්ග්ලෝ සැක්සන් ඇමෙරිකානු අනුකරණවාදී ධනපති පංතියේ ඇනුම් බැනුම් ,ගැරහුම් ,කැපිලි කෙටිලි මධ්‍යයේ .හැබයි මම දන්න විදියට නම් චේගුවේරා උඹලටවත් අපටවත් මේ රට්ටවත් කරපු දෙයක් නම් නැහැ .එයා ආර්ජන්ටිනා ජාතිකයෙක් .විප්ලව කලේ ලතින් ඇමරිකාවේ .ඒක නිසා එයාගේ සේවය උනේ ඒ රටවලට. හැබැයි විප්ලවීය චරිතයක් විදියට ආදර්ශයට ගත්තට කමක් නැහැ .හරියට අපි විද්‍යාව කරද්දි ඇල්බට් අයින්ස්ටයින්ව ආදර්ශයට ගන්නේ ,අන්න ඒවගේ .ඒත් වැඩිය නැමෙන්න ඕනේ නැහැ .ඒක නිසා ඒ ගැන අයෙත් හිතලා බලපන් .මොකද මම චේ ට බනිනවා නෙමේ .මම පෙන්වන්න හදන්නේ අපි කොච්චර අප්සට් කොදෙව් මානසිකත්වයෙන් පෙළෙන අසරණ දූපත් වැසියෝ සෙට් එකක්ද කියන එක .
.මොකද අපේ ජාතියට කවදාවත් දියුණු වෙන්න බැරිත් ඕකයි .මොකද පිදිය යුත්තන් පුදන්න දන්නේ නැහැ නේ කවදාවත් .එහෙම දන්නේ නැති උන්ගේ උගත් කමින් වැඩකුත් නැහැ .දියුණුවෙන්නත් බැහැ .පොඩ්ඩක් හිතල බලාපල්ලා .