ඡන්දෙ දාන්න යන්න කලින් මේක පොඩ්ඩක් කියවන&#3530

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,067
    9,769
    113
    එක තැනක නෑ
    ඡන්දෙ දාන්න යන්න කලින් මේක පොඩ්ඩක් කියවන&#3530

    මේ දවස් වල දේශපාලන වේදිකා වල ඇහෙන දේවල් ටිකකට මට තේරෙන විදියට උත්තර ටිකක් තමයි මේ ලියන්නේ. රූපවාහිනීයේ මහින්ද මහතාගේ ad එකක පෙනී සිටින තරුණියක් 'හිටං' කියමින් සිරිසේන මහතාගේ කතා විලාශය හෑල්ලුවට ලක් කරන අකාරය ඔබ දකිනවා ඇති. විමල් වීරවංශ මහතාත් ප්‍රසිද්ද වේදිකාවේ මෙසේ හිටං කියමින් ඉතා අශිෂ්ට හා නින්දාසහගත ලෙස කතා කරන ආකාරය දක්නට ලැබුණි. රටක නායකයන් රටේ පුරවැසියන්ට, ළමා හා තරුණ පරම්පරා වලට ආදර්ශයක් වන ලෙස හැසිරීම දියුණු රටවල අනිවාර්ය කර ඇති අතර ඔබ එවැනි රටවල දේශපාලනය අධ්‍යයනය කල අයෙකු නම් මෙය කොතරම් හිරිකිතද යන්න පැහැදිලි වනු ඇති.

    අන් කවරදාටත් වඩා ප්‍රසිද්දියේ මුදලට දේශපාලකයන් මිලදීගැනීම සිදුවන අතර බරපතල කාරණය වන්නේ එය රට තුල සාමාන්‍යකරණය වීමයි. එනම් අද ලංකාවේ තරුණ පරම්පරාව මුදලට දේශපාලකයන් මිලදීගැනීම බරපතල වරදක් සේ නොදකී. ඒ ඔවුන්ට මතක ඇති කාලයේ සිට එය සිදුවන බැවිනි. 60 සහ 70 දශක වල මෙසේ මුදලට මාරු වීමක් සිදු නොවුණු අතර දේශපාලකයන් පක්ෂ මාරු කලේද ඉතා අහම්බෙනි. එකල තරුණයන් වූ අපේ දෙමව්පියන් අද සිදුවන දෑ දැක පුදුම වෙති.

    මේ පමණක් නොව. පසුගිය දශකය තුල දේශපාලනය විසින් රට තුල සාමාන්‍යකරණය කර ඇති තත්වයන් ඉතාමත් දරුණු ගනයේ ඒවා ලෙස සැලකීමට සිදු වෙයි. දේශපාලන පලිගැනීම්, රාජ්‍ය මාධ්‍ය මැතිවරණ නීති කඩ කිරිඉම්, රාජ්‍ය සම්පත් මැතිවරණ කටයුතු සඳහා යොදාගැනීම්, මැතිවරණ කොමසාරිස්ගේ කඩේ යාම්. ස්වාධින ආයතන විය යුතු පොලිසිය, හමුදාව, රාජ්‍ය සේවය, රාජ්‍ය මාධ්‍ය දේශපාලනීකරණය වීම. ශ්‍රේෂ්ටාධිකරණය පිලිඹද මහජන විශ්වාශය බිඳ වැටීම ipl තරග වල මෙන් දේශලකයන් මුදලට විකිණීම වැනි දෑ දැක්විය හැකිය. රටක සාමාන්‍ය ජනතාව මේවා ඉතා දරුණු අපරාද ගණයෙහි සැලකිය යුතු අතර එය එසේ නොවී සාමාන්‍ය දේවල් බවට පත් වීම ඉතා අවාසනාවන්ත කරුණකි. (උදාහරණයක් ලෙස වසර කිහිපයකට පෙර ජපානයට ඇති වුනු සුනාමි ව්‍යසනය නිසා එම රටේ ඇතැම් ප්‍රදේශ වලට විදුලිය විසන්දි වූ අතර එය එම රටේ අවුරුදු 20 වයසේ පසුවන තරුණ පරම්පරාව තමා ජීවිත කාලය තුල දුටු පළමු විදුලිය බිදවැටීමේ අත්දැකීම විය. නමුත් ලංකාවේ අපට විදුලිය බිඳ වැටිම කොතරම් සාමාන්‍යකරණය වී ඇත්ද?)
    ආණ්ඩුවෙන් විපක්ෂයට එල්ල කරන ප්‍රධාන චෝදනාවක් වන්නේ එය දැන් කැද හැලියක් වී ඇති බවය. විපක්ෂය කැඳ හැලියක් වුයේ ආණ්ඩුවේ පක්ෂ එයින් ඉවත් වී පැමිණියාට පසුවය. එසේනම් මිට පෙර කැඳහැලිය තිබුනේ කොතනද? අනිත් අතින් මෙසේ ආණ්ඩුව විපක්ෂයට කැඳ හැලිය කියන්නේ එය සිංහල දෙමල මුස්ලිම් සියල්ල කවලම් වී සෑදුනු පක්ෂයක් බැවිනි. එසේනම් ආණ්ඩුව ශුද්ධ පිවිතුරු පක්ෂයක් නිර්වචනය කරන්නේ එක් ජාතියක් පමණක් එක් ආගමක් පමණක් නියෝජනය කරන පක්ෂයකටද?

    ආණ්ඩුවේ තවත් ප්‍රසිද්ද කියමනක් වන්නේ මේ රටේ තවත් අරාබි වසන්තයක් ඇතිවී මෙය තවත් ලිබියාවක් හෝ ඉරාකයක් වීමට ඇති ඉඩකඩ වලක්වන ලෙසය. ලිබියාව හා ඉරාකයේ අරාබි වසන්ත උත්සාහයන් අසාර්ථක වුයේ එම රටවල සිටි දරුණු ඒකාදිපති පාලකයන් නිසාවෙනි. අරාබි වසන්ත රැල්ල ආරම්බ වුයේ ටියුනිසියාවෙන් වන අතර අද වන විට එම රට ඉතා සාර්ථක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවත්වාගෙන යයි. ඊජිප්තුවද මෙම තත්වයට ලඟා වෙමින් සීටි. ආණ්ඩුව මේ පිලිඹද සඳහන් නොකරන්නේ මන්ද?

    ආණ්ඩුවේ දේශපාලන හස්තයක් වන බොදුබල සේනාව රටේ මුස්ලිම් අන්තවාදයක් ඇති බවත් එය විසඳීමට එකම විසඳුම රාජපක්ෂ මහතා දිනවීම බව සඳහන් කරයි. රට තුල මුස්ලිම් අන්තවාදයක් ඇති බව ඇත්තය. නමුත් ඒ සඳහා බොදුබල සේනා විසඳුම වන්නේ රටේ මුස්ලිම්වරුන් ඝාතනය කර මුස්ලිම් ජනගහනය අඩු කිරීම බව පසුගිය කාලයේ පෙනුනි. මෙය කල හැක්කක්ද? රට තුල අන්තවාදයක් ඇතිවේනම් එයට සෙවිය යුත්තේ ප්‍රතිපත්තිමය විසඳුම්ය. සියලුම පාසල් මිශ්‍ර පාසල් කිරීම(පිරිමි, ගැහැණු), සියලුම පාසල් ආගමිකව මිශ්‍ර පාසල් බවට පත් කිරීම, සියලුම පාසල් ළමුන්ට සියලු ආගම් පිලිඹද දැනුම ලබා දීම හා පන්සල් හා පල්ලිවල සිදුවන දහම් පාසල් ක්‍රමය නවතා දැමීම, සියලුම පාසල් ළමයින්ට හා ගුරුවරුන්ට එක් නිල ඇඳුමක් අනිවාර්ය කිරීම, සිංහල මුස්ලිම් දමිල මිශ්‍ර ලෙස ජිවත්වන ගම්මාන ඇති කිරීම. ආගම් මගින් පවත්වාගෙන යන අධිකරණ පද්දති නවතා දමා රටටම පොදු වන නීති පද්දතියක් සකස් කිරීම. පව්ලක් සැදිය හැකි ළමුන් ප්‍රමාණය සිමා කිරීම,(චීනයේ මෙන්) රට තුල මානව හිමිකම් බලාත්මක කිරීම වැනි දහසක් කරුණු මගින් මේවාට විසඳුම් සෙවිය හැකිය. නමුත් අප රටේ සිදුවන්නේ සංස්කෘතික කණ්ඩායම් වෙන වෙනම ජිවත් වීම වන අතර පිරිමි ගැහැණු ජාති ආගම් අනුව පාසල් වෙන්කර අනාගත පරම්පරාවද බෙදුණු ජාතියක් බවට පත් කිරිමය. මෙවැනි පාසල් වලින් එලියට එන දරුවන්ට සමගියෙන් ඉන්නට කියා රටේ නායකයන් කීම විහිළුවකි.

    ආණ්ඩුවේ තවත් ප්‍රසිද්ධ කියමනක් වන්නේ චන්ද්‍රිකා මැතිනිය විසින් ප්‍රභාකරන් මහතා කියා කිමය. මැරුණු ත්‍රස්තවාදියෙකුට මහතා කීම ජීවත් වන ත්‍රස්තවාදීන් ආරක්ෂා කිරීමට වඩා ගෞරවනීය දෙයකි. ආණ්ඩුවේ මාධ්‍ය සාඛච්චා වල කරුණා වැනි ත්‍රස්තවාදීන්ට hon. ගරු නාමය යොදා තිබෙනු දක්නට ලැබුණි. අනෙක් අතින් ප්‍රභාකරන් මහතා ත්‍රස්තවාදියෙකු කලේ අප රටේ සිංහල දේශපාලකයන් ඉතිහාසයේ ගත් වැරදි තීරණ බව ඔබ දැනගත යුතුය. සිංහල දෙමල මිනිසුන් බේදයකින් තොරව සාමයෙන් ජිවත් වූ රටක ප්‍රභාකරන් ජනාධිපති වූවානම් අප රට අද ලොව දියුණුම රටක් වීමට ඉඩ තිබෙනු ඇති බව මට හැඟෙනුයේ ඔහු ජාත්‍යන්තරය සමග ඇති කරගත් විදේශ සම්බන්දතා අදටත් අප රජයට ඇති විදේශ සම්බන්දතා වලට වඩා ශක්තිමත් බැවිනි. කිසිවක් නොමැතිව පටන්ගත් සංවිධානයක් සබ්මැරීන් නිර්මාණය කිරීම දක්වා දියුණු කල බැවිනි. ප්‍රභාකරන් මහතා කීම වැරදිනම් දුටුගැමුණු රජු එළාර රජුට ගෞරවයක් වශයෙන් ඉදි කල එළාර සෑය පිලිඹද නූතන දුටුගැමුණු වීමට දගලන මහින්ද මහතා දරන අදහස විමසිය යුතුය.

    ආණ්ඩුව කර ඇති යටිතල පහසුකම් සංවර්දනය පිලිඹද පුන පුනා කියන අතර මේවාට වැය විය යුතු හා වැය වුනු මුදල් පිලිඹද ඔබ මේ වන විටත් දනී. අදිවේගී මාර්ගයට ගිය වියදමෙන් තවත් එවැනි අදිවේගී මාර්ග 3ක් සෑදීමේ හැකියාව තිබුණි. අනෙක් අතින් සෝබනයට අදිවේගී මාර්ග තනන මුදලින් ලංකාවේ දුම්රිය මාර්ග පද්දතිය දියුණු රටවල මෙන් අදිවේගී දුම්රිය මාර්ග බවට පත් කිරීමේ හැකියාව තිබුණි. එවැන්නක් සිදු කලානම් එහි ප්‍රතිලාබ අදිවේගී මාර්ගයේ සුව විඳීමට වාහනයක් ගැනිමිට නොහැකි බහුතර දුප්පත් ජනතාවටද ලැබෙයි.

    ආණ්ඩුවේ ඉතාමත් පැරණි, කඩවුණු සහ මෙවර නැවතත් ඉටුකරන බව පැවසූ පොරොන්දුවක් වුයේ දේශීය නිෂ්පාදකයා බලගන්වන බවයි. මෙය සත්යක්නම් micro සමාගම තමන්ට ආනයනය කරනවාට වඩා ඉතා අඩු මිලට මෙන්ම වැඩි ගුණත්වයකින් යුතු බස් රථ හා දුම්රිය එන්ජින් නිපදවියහැකි බව පුන පුනා පවසද්දීත් කොමිස් ගැසීමේ යටි අරමුණින් චීනයෙන් දුම්රිය එන්ජින් හා ඉන්දියාවෙන් බස් රථ දහස් ගණනක් ගෙන්වූ සැටි අපට මතකය. රටේ සිදුවන බොහෝ නව නිර්මාණ වලට කිසිදු රාජ්‍ය අතහිත දීමක් සිදු නොවන අතර ඉන් බොහෝමයක පේටන්ට් බලපත්‍ර විදේශිකයන් විසින් ඔවුන් සතු කරගැනීම සිදු වෙයි.

    හැමදාමත් මෙන් විමල් මහතා මෙවරත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන පවසන ආකාරය දක්නට ලැබේ. නමුත් ඔබ දැනගත යුත්තේ අද වන විට අපේ රටේ බුද්ධි තොරතුරු වැඩි වශයෙන් හොරකම් කරනුයේ ඇමරිකාවේ හෝ එංගලන්තයේ බුද්ධි අංශ නොව චීනය, ඉන්දියාව හා පාකිස්තානය යන රටවල බුද්ධි අංශ බවයි. ආණ්ඩුව කොතරම් අමරිකාවට බැන්නත් ගොටාභය මහතා ඇතුළු ආණ්ඩුවේ බොහෝ ප්‍රබලයින් ඇමරිකාවේ green card හිමි ඇමරිකානු පුරවැසියන් බව ඔබ දැනගත යුතුය. ඇමරිකානු green card හිමි පුරවැසියන් වෙනත් රටක දේශපාලන කටයුතු වලට සම්බන්ද වේනම් ඔවුන් ඇමරිකාව සම්බන්ද කිසිදු වැරැද්දක් නොකිය යුතු බවට ඇමරිකානු රජය සමග ගිවිසුම් අත්සන් කල යුතුය. ගොටාභය මහතා ඇමරිකාවට බනිනු දක්නට නොලැබෙන්නේ එබැවිනි.
    මහින්ද මහතා දැන් පවසන්නේ ඔහු ජයග්‍රහණය කළහොත් රජයේ රැකියා පත්වීම 150 000ක් ලබා දෙන බවය. ඔබ දැනගත යුත්තේ මෙම නව රැකියා සඳහා බඳවාගැනීම් හා පඩි වැඩි කිරීම් වලට ආණ්ඩුව පසුගිය දශකය පුරාම වියදම් කරන්නේ පිටරටින් නයට ගත මුදල් බවයි. 2002 2004 කාලය තුල රාජ්‍ය සේවය කප්පාදු කලේ මෙය පාඩු ලබන රාජ්‍ය ආයතන වලට දරාගත නොහැකි බැවිනි. ඊට සාපේක්ෂව පෞද්ගලික අංශය බලාත්මක කිරීම එකල සිදුවුණි. නමුත් රටේ ආර්ථිකයේ සිදුවුණු ධනාත්මක වෙනස නොතේරුණු ජනතාව 2004දි ආණ්ඩුව පෙරලා දමන ලදී. පොද්ගලිකරණය ඉතා නරක දෙයක් බව අද ආණ්ඩුව ජනතාවට ඒත්තු ගන්වා ඇති අතර සියලු ආයතන රජයට පවරාගනිමින්, ඒවා පාඩු ලබමින්, තව තවත් රැකියා ලබා දෙමින්, නයට මුදල් ගෙන පඩි ගෙවමින් ආණ්ඩුව රටේ ආර්ථිකය විනාශ කරන බව බුද්ධිමත් ඔබ ත්රුම් ගත යුතුය. වසරකට ඉංජිනේරුවන් සිය ගණනක් විශ්ව විද්‍යාල වලින් පිට වන නමුත් තවමත් තීන්ත බාල්දියක්වත් සාදාගැනීමට අපට නොහැකි වීම කනගාටුවට කරුණකි. විශ්ව විද්‍යාල තුල නවෝත්පාදන පිලිඹද පර්යේෂණ, ව්‍යවසායකත්ව දිරිගැන්වීම් තිබෙන්නේ ඉතාමත් පහත් මට්ටමකය.
    ලෝකයේ මෑත ඉතිහාසයේ එකවර හසුවූ විශාලතම කුඩු තොගය පසුගිය කාලයේ ලංකාවෙන් සොයාගන්නා ලදී. ඒ එසේ මෙසේ නොව කන්ටේනර් වලිනි. හෙරොයින් නිෂ්පාදනය කරන ඇෆ්ගනිස්ථානයෙවත් මෙවැනි වාර්තවිමක් සිදුවී නොමැත. පසුගිය වසර 5 තුල ලංකාවේ කුඩු භාවිතා කරන පිරිස දෙගුණ වී ඇත. 150 000 සිට 300 000 දක්වා. මේවා සිදුවන්නේ කාගේ උවමනාවටදැයි ඔබ දනී.

    ලියන්නට කරුණු දහසක් ඇතත් මෙවර ජනාධිපතිවරණයේ බුද්ධිමත් තීරණයක් ගෙන ඡන්දය භාවිතා කිරීමට මෙම කරුණු ප්‍රමාණවත් වේ යැයි සිතමි. දමිල භාෂාව දන්නා යමෙකු සිටිනම් මෙය දමිල භාෂාවෙන් පරිවර්තනය කොට නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමි. ඕනෑම කෙනෙකුට copy paste කිරිමට සම්පුර්ණ අයිතිය ඇති අතර ලිපියේ අරමුණ දැනුවත් කිරීම විනා නම කොටාගැනීම නොවන බව(මහින්ද රාජපක්ෂ මෙන්) සලකන්න.


    මගේ යාලුවෙක්ගේ පොස්ට් එකක්
    https://www.facebook.com/kushan.nanayakkara.50/posts/842213829173191
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    2.gif
    bahutharak minissunta me dewal therenne nathi bawak penna thiyenne. rate awasanawa thamai. my3 ta jaya lebewai prarthana karami.
     
    අපේ තාත්තගේ ගමෙත් ඕනෑතරම් වයස 30ට වැඩි අය ඉන්නව "හිටං" කියන. එක සිංහල ගැමි වචනයක්. කරන අපහාසෙ නොදැන රාජපක්ෂලගේ කොළඹ කාක්කො ටික හිනාවෙනව. අන්තිමට වෙලා තියෙන්නෙ අතින් වියදම් කරන් හිටං චන්ද කඩාගත්ත එක :)
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,675
    5,522
    113
    අවසන වසයෙන් මට කිමට ඈත්තෙ මෙවර ජනාධිපතිවරනය මෛත්‍රී දිනන බවය