ඡන්ද අතුරුදහන් වුනේ ඇයි?
ජනවාරි වල මහින්දට ඡන්දේ දුන්න ලක්ෂ ගානක් මේ පාර කාටවත් නොදී හිටියේ ඇයි? මෙන්න උත්තරේ
සිරිසේන ව්‍යවස්ථා විරෝධී සහ ඉතාම නිවට ක්‍රියාමාර්ග යොදාගෙන, සන්ධානයට දෙන ඡන්ද වලින් අගමැති වන්නේ රනිල් හෝ පවුසි බව ප්‍රචාරය කරා. මේ බොරුව මගින් සන්ධාන ඡන්ද දායකයන්ව අධෛර්යමත් කර, ඡන්දය නොදී සිටීමට ඔවුන්ව පෙලඹවූවා.
විස්තර මේ ලිපියේ තියෙනවා. සිරිසේන කරපු මේ නීති විරෝධී වැඩ මැතිවරණ දූෂණ නෙවෙයිද?
මෙය ඉතිහාසයේ දූෂිතම මැතිවරණය වන්නේ ඇයි?
ලංකා ඉතිහාසයේ පළමු වරට ජනාධිපති කෙනෙක් කෙළින්ම මැදිහත් වී දැවැන්ත ඡන්ද දූෂණ සිදු කළේ මේ මැතිවරණයේදීය. “පෝස්ටර් කටවුට් නැති නිසා මෙය සාධාරණ ඡන්දයක්”යැයි කියාගැනීමට අද පාලකයෝ බොහෝ උත්සාහ ගන්නේ අප සැමගේ ඇස් පනාපිටම සිදු මේ වූ මහා පරිමාණයේ මැතිවරණ දූෂණ යට ගැසීම සඳහාය.
ඡන්ද ප්‍රචාරක කටයුතු අවසාන කරන මොහොතේදී ජනාධිපතිවරයා සියලු ජනමාධ්‍ය හරහා දැවැන්ත ප්‍රචාරයක් කරමින් මහින්දට අගමැතිකම නොලැබෙන බව කියා ලිපියක් යැවී ය. මෙය ව්‍යවස්ථා විරෝධී ලිපියකි. අගමැති ලෙස පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ලබන මන්ත්‍රී වරයාය. බහුතර විශ්වාසය ලැබෙන්නේ කාහටදැයි පාර්ලිමේන්තුව පත් වීමටත් පෙර තීරණය කල නොහැක.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් තමන් කිසිවකුටත් අගමැති කම අවශ්‍ය නැති බව කියා අත්සන් කර මේ ලිපියට පිළිතුරක් එවූහ. එහෙත් ඒ පිළිතුරට අත්සන් නොකිරීම සඳහා ෆවුසිට සිරිසේන බලපෑම් කළේය. මේ හරහා ඡන්ද දායකයන් තුළ “අපි කාට කෙතරම් ඡන්ද දුන්නත් අගමැති වන්නේ මහින්ද නොවේ; ෆවුසි වුනත් අගමැති විය හැකියි” යන අදහස ඇති කිරීමට සිරිසේන සමත් විය. මෙමගින් ඔවුන් අධෛර්යමත් කර, ඡන්දය නොදමා සිටීමට යොමු කළේය.
එමෙන්ම මේ ව්‍යවස්ථා විරෝධී ලිපිය යැවීම සඳහා ප්‍රචාරක කටයුතු නවත්වන දිනයම තෝරාගැනීම මගින් එයට විස්තරාත්මකව පිළිතුරු දීමට මහින්ද මහතාට ඇති ඉඩ අහිරුවේය.
මේ ක්‍රියා වලින් නොනැවතුණ සිරිසේන මැතිවරණයට මොහොතකට පෙර සන්ධානයේ මහලේකම් ඉවත් කළේය. ජාතික ලැයිස්තුවට මන්ත්‍රීවරු තෝරන්නේ මහලේකම් බවත්, දැන් අලුත් ලේකම් විසින් පත් කෙරෙන්නේ රනිල් සමග හවුල් ආණ්ඩුවක් සෑදීමට කැමති මන්ත්‍රීවරු බවත් ඒ සමගම ජනතාවට වෙනත් ක්‍රම වලින් දැනෙන්නට සැලැස්වීය. මේ නිසා දැන් බුලත් කොලයට ඡන්දය දී වැඩක් නැති බවට ඡන්ද දායකයන් තුළ අදහසක් ඇති කරවී ය.
මෙම කූට ක්‍රියාව සිදුකිරීම සඳහා ද සිරිසේන ඉතාම නිවට ලෙස ප්‍රචාරණ කටයුතු නවත්වන දිනයම තෝරාගත්තේය. එබැවින් ඔහුට නිසි පිළිතුරු දී ජනතාවට සත්‍යය තේරුම් කිරීම සඳහා සන්ධානයට අවස්තාවක් නොවීය. මේ නිසා සන්ධානයේ ඡන්ද දායකයෝ විශාල සංඛ්‍යාවක් කිසිවකුටත් ඡන්දය නොදී සිටියහ.
මෙසේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍ර-විරෝධී ලෙස කටයුතු කළ යහපාලන නඩය මෙරට ඉතිහාසයේ දූෂිතම මැතිවරණය අපට දායාද කිරීමට සමත් වී ඇත.

Last edited:

හොරු ගැන දවස ගානේ පොඉන්ට් එකට කිව්වා සමන්ත පරාදයි..කාඩ්බෝඩ් වීර රන්ජයා දිනුම්...උ කට ගත්තොත් කියන්නෙම අතේ පලවෙන බොරු...