ඡන්ද තෑගි_ලොරියක් අල්ලයි

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ඡන්ද තෑගි_ලොරියක් අල්ලයි

    ජනාධිපතිවරණ සමයේ බෙදාහැරීමට රැගෙන ආ බව කියන පාසල් උපකරණ,ක්‍රිඩා උපකරණ හා
    මුළුතැන්ගෙයි උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් සහිත ලොරියක් අනුරාධපුර මහනගර සභා
    භූමියේ නවතා තිබියදී සොයාගත් බව මැතිවරණ නිලධාරීහු පවසති.
    ලොරිය අනුරාධපුර නාගරික කොමසාරිස් සම්පත් ධර්මදාස මහතාට භාරදී තිබේ.
    අනුරාධපුර මැතිවරණ කාර්යාලයට ලැබුණු පැමිණිල්ලක් අනුව ලොරිය සොයාගෙන ඇත.
     

    henryt

    Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    ඡන්දෙන් බැරි තැන කොම්පියුටරයට බහීද?

    Cant_Do_Jilmart.jpg


    (ලංකා ඊ නිව්ස් -31.දෙසැ.2014,ප.ව.11.50) මහා ජනයාගේ ඡන්දයෙන් පරදින බව එන්න එන්නම සනාථ වන බැවින් හිසේ අත් ගසා ගනිමින් දස අතේ එල්ලෙන්නට පිදුරු ගහක් හෝ සොයමින් සිටින රාජපක්‍ෂ බෑයන් දැන් කොම්පියුර් විශේෂඥයින් ගෙන්වා ගෙන තිබේ.
    මෙම විශේෂඥයින් ගෙන්වා ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයා අතට ඒ ඒ ආසන ප්‍රතිපල ලැබීමට පෙර හෝ මැතිවරණ කොමසාරිස්වරයා විසින් එකී ප්‍රථිපල සන්නිවේදනය කරන අතර තුර අන්තර් ජාලයෙහි දී දත්ත වෙනස් කල හැකි දැයි සොයා බැලීමට ය.

    පිට පළාත්වලින් එවන ප්‍රථිපල ෆැක්ස් මගින් ලැබෙන නිසා එම සන්නිවේදන ක්‍රියාවළිය අතර මැද වෙනසක් කිරීමට දුෂ්කර වනු ඇතියි මෙම විශේෂඥයින්ගේ මතය බව දැන ගන්නට ද තිබේ.
    නමුත් පැක්ස් පණිවිඩයක් අතර මඟදී වෙනස් කිරීමට ක්‍රමයක් ඇති බවක් දැන ගන්නට නැත.
    එසේ නමුත් එඩ්වර්ඩ් ස්නෝඩන් හෙළිදරව් කළ පරිදි ෆැක්ස් යන්ත්‍ර තුළට අතිශය කුඩා කැමරා ඇස් සවි කිරීම මගින් එම ෆැක්ස් යන්ත්‍ර මගින් සංනිවේදනය කැරෙන සියලු දත්ත වහාම පරිඝණක ගත කර ගැනීමට බුද්ධි අංශයන්ට පුලුවන. ඒ අනුව කළ යුතු වෙනස පරිඝණක වැඩ සටහනක් හරහා වහාම තීරනය කළ හැකි වනු ඇත.
    මේ නිසා මෙම විශේෂඥයින් උත්සාහ කරමින් සිටින්නේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් ප්‍රතිපල අන්තර් ජාලය හරහා සංනිවේදනය කරන ශ්‍රී ලංකා ටෙලිකොම් දත්ත සන්නිවේදන මාර්ගයන්ට ඇතුලු වී අතරමඟ දී එම දත්ත රාජපක්ෂට වාසි වන සේ වෙනස් කිරීමට ක්‍රම සහ විධි අත්හදා බැලීමෙහි ය.
    ජනාධිපතිවරණ දත්ත ඇතුළු කිරීමට මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පමණක් ඇති වී පී එන් යනුවෙන් හඳුන්වන අන්තර් ජාල දොරටුව රහසිගතව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හරහා වෙනත් පරිඝණකයක් තුලින් මෙම විදේශීය විශේෂඥයින් වෙත විවෘත කර දීමට හැකියාවක් ඇතැයි පරිඝණක විශේෂඥයින් සැක පහළ කරති.
    මෙම විදෙස් විශේෂඥයින් ගෙන්වා ඇත්තේ ආණ්ඩුවට අයත් 'Peo TV' වැඩි දියුණු කිරීමේ කඩතුරාවක් පාවිච්චි කරමිනි. දැනට මෙම කණ්ඩායම බොරැල්ලේ 'Peo TV' යට අයත් පරිගණක දත්ත යළි බෙදා හරින මධ්‍යස්ථානයේ සිටී. පසුගිය දා විපක්ෂ දේශපාලනඥයින් සහභාගි වූ ‘සටන‘ වැට සටහන නතර කරන ලද්දේ ද මෙම ආයතනය මගිනි.
    මෙතෙක් රාජපක්ලා ගැසූ සියළු තුරුම්පු අසාර්ථක කළ පරිදිම මෙම තුරුම්පුවත් හාරත ආසියාගෙන්ම කපා දමා තොලොංචි කර දැමීමට විපක්ෂය දැනටමත් සංයුක්ත වැඩ පිළිවෙළක් සකස්කර තිබේ. රාජපක්ෂවරුන්ගේ කොම්පියුටර් ජල්තර සිස්ටම් උපදේශකයෙක් වන කොළඹ සරසවියේත් අරලියගහ මැදුරේත් සැරිසරන හර්ෂ විජේවර්ධන දෙසටද විපක්ෂ රහස් පරීක්ෂකයන්ගේ උකුසු ඇස යොමු වී තිබේ. කෙසේ වෙතත් රාජපක්ෂවරුන්ගේ මෙවැනි කූටෝපායන් ගැන අවධියෙන් සිටීම ඉතාම වැදගත්ය.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    මෛත්‍රීයෙන් පිරි යහපාලනයෙන් ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා !