me ai ban ara set akak ain katala thiyenne?
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සාමාජිකයින් 25 දෙනාගෙන් 13 දෙනෙකුගේ සාමාජිකත්වය අහෝසි කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කරමින් ලිපියක් යොමු කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් අද දෙරණට සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ මධ්‍යම කාරක සභාව කැඳවීමකින් තොරව එහි සාමාජිකයින් ඉවත් කිරීම නීත්‍යානුකුලව කළ නොහැකි බවයි.
දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කළ පරිදි මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කළ සාමාජිකයින් 13 දෙනාගෙන් 8 දෙනෙකුගේ නම් අප වෙත වාර්තා වූයේ මෙසේය.
1. කෙහෙළිය රඹුක්වැල්ල
2. ජී,ඇල් පීරිස්
3. මහින්දානන්ද අලුත්ගමගේ
4. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
5. අනුර ප්‍රියදර්ශන යාපා
6. සුසිල් ප්‍රේම්ජයන්ත
7. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
8. අර්ජුන රණතුංග
මොවුන් අතරින් හිරුණිකා සහ අර්ජුන යන අයගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇති අතර ඔවුන් එක්සත් ජාතික පෙරමුණෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්වීම ඊට හේතුවය.
මේ අතර ඉවත් කළ සාමාජිකයින් 13 දෙනා වෙනුවට අලුතින් සාමාජිකයින් 13 දෙනෙකු ද පත් කර ඇත.