ජනතාවට ජය වේවා

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ජනතාවට ජය වේවා

    11242074_10204573490726016_373394851508354727_n.jpg


    අද ප්‍රධාන පුවත් පත් කීපයකම මුල් පිටුවෙ තිබුනෙ මේ දැන්වීම. මේ දැන්වීමෙන් ලොකු දෙයක් කියවෙනව මට නම් තේරෙන විදියට. මට තේරුන දේවල් ටික පහතින් තියෙනව.
    1. එක්සත් ජනතා නිදහස් සන්ධානයට තමන් මුලින් පටන්ගත්ත 'මහින්ද එක්ක නැගිටිමු' තෙමාව මාර්කට් කරගන්න බැරිවෙලා තියෙන බව.
    2. ඒ අයගෙ හුගක් අපේක්ෂකයො මයිත්‍රීගෙ පින්තූරයක්වත් දාන්න කටයුතු නොකර මහින්දවාදීන් හැටියට පෙනී සිටිමින් ගොඩයන්න දැරූ උත්සාහය අසාර්ථකවී ඇති බව.
    3. දැන් නම් වැඩේ වැරදිල බව කාට කාටත් තේරිල තියෙන බව.
    4. ඒ නිසා තීම් එක වෙනස් කරල රජ්ජුරුවන්ගෙ තැනට ඒ ගොල්ලොම කියපු විදියට පඹය (අපිනම් කවදාවත් එහෙම නොහිතුවත්) දාගන්න වෙලා තියෙන බව.
    5. මේ රටේ සියළුම ජාතීන්ට අයත් දැවැන්ත බහුතරය ඉතාමත්ම බුද්ධිමත් මිනිසුන් බව. මන්ද ඔවුන් විසින් ජනවාරි 08 දා ගත් තීරණය නිවැරදි බව සහ මයිත්‍රී 2014 නොවැම්බර් 26 දා ගත් තීරණයද අතිශයින්ම නිවැරදි බව.

    ජනතාවට ජය වේවා