සමුදුරේ මසුන් බොහෝ ඇත ජලේ...

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සමුදුරේ මසුන් බොහෝ ඇත ජලේ...

    හොයියා හෝයියා ////

    චන්ද්‍රයා අඳුරු අහසෙහී නැඟී
    සිසිල් සුළඟ අවට හමයි වේගෙනී //
    නංවා රුවල අප සැමා
    පදිමු පදිමු වෙරළ බල බලා.

    ( ගායනය, පද හා තනුව - ලා සිලෝනියන්ස් )

    CE32UgN.jpg


    ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයන්ට...
    මසුන් මැරීම හෙවත් ධීවර කර්මාන්තය මනුෂ්‍ය ශිෂ්ඨාචාරය තරම්ම, ඊටත් වඩා පැරණියි.
    වර්තමානය වෙන විට වෘත්තියක් ලෙස පිළිගැනීමක් තියෙන කර්මාන්තයක්.
    නමුත් ලංකාවේ නම් කුල භේදය නිසා ධීවරයාට හිමි වෙලා තියෙන්නේ උසස් තැනක් නම් නෙමේ....
    කොහොම වෙතත් ධීවර කර්මාන්තයේ දී ලබාපු පොඩි අත්දැකීමක් ගැන තමයි මම අද කියන්න යන්නේ....

    ධීවර කර්මාන්තය කියන්නේ උප සංස්කෘතියක්.එයටම අනන්‍ය වුනු බාසාවක්, උපකරණ,පන්න ක්‍රම භාවිතා වෙනවා.

    - මා දැල් පන්නය,
    - විසි දැල් පන්නය,
    - කට්ටා දැල් පන්නය,
    - රිටි පන්නය,
    - තෙප්පම් රස්සාව,
    - බිලීකොකු රස්සාව,
    - ගලේ දැල්, මඩු දැල්,
    - ඉස්සන් දැල්,
    - යොත් දැමීම.....ආදිය ධීවර පන්න ක්‍රම කිහිපයක්.

    Y7mk1zb.jpg

    විසි දැල් පන්නය

    නැගෙනහිර මුහුදේ කෝකිලායි ගම්මානයේ කට්ටා දැල් පන්නයෙන් මසුන් ඇල්ලීමේ අත්දැකීමක් ගැන තමයි අද ඔබ එක්ක බෙදා ගන්න යන්නේ...
    ඒ තමයි කට්ට දැල් පන්නය

    කට්ට දැල් -

    කට්ට දැල් කියන්නේ එක්තරා දැල් අකාරයක්.දැල ප්‍රධාන වශයෙන්ම උඩු මන්ද සහ යටි මන්ද ආකාරයට හඳුන්වනවා.
    දැලේ ඇස් ( දැලේ කොටුව ) පරතරය අඟල් 3*3 වගේ කොටුවක්.දැල එකිනෙක මූට්ටු කරපු කොටස් සමුහයකින් යුක්තයි.
    එක් කොටසක් මීටර් 8 ත් 10 අතර දිගකින් යුක්තයි.
    කොටස් ප්‍රමාණය වැඩි වෙන තරමට කාර්යය අපහසු වුනාට අස්වැන්න වැඩියි.
    කෑලි ( දැල් පීස් ) 35 යුක්ත දැලක් මම දැකල තියෙනවා.
    උඩු මන්දේ රිජිෆෝම් කාවි සවි කර ඇති අතර, යටි මන්දේ ගල් බරු සවි කර තියෙනවා.
    දැලේ මුල් කොනේ විශාල රිජිෆෝම් කාවියක් ඇති අතර අවසාන කොටසේ යකඩ නැංගුරමක් සවි කරඇත.

    කට්ට දැල් පන්නය භාවිතා කරන්නේ තරමක් විශාල මසුන්, කකුළුවන්, මුහුදු පොකිරිස්සන්, ගල් මාළු වැනි මසුන් මැරීම සඳහායි.

    තරමක් විශාල පරව්, අදැල්ලා ( Sole fish ), නිල් කකුළුවන්, රත් දල්ලා, ලවයා, විශාල ගෙඹි දැල්ලන්,කොස්සා, බොරලත්තොලුවා,පුලවියා, කට්ටාවා,
    මීවැටි, බුද්දයා ( සුද්දා ),මඩුවන්, ඕරාවා , කුම්බලාවන්, කුඩා මෝරුන් වැනි මසුන් බහුල ලෙස කට්ට දැල් අස්වැන්න ලෙස ලැබේ...

    කට්ට දැල් ඉතා සරළ පන්න ක්‍රමයක්. නමුත් තරමක් වෙහෙස, ඒකාකාරී පන්න ක්‍රමයක්. ඒ නිසා අලුත් පරම්පරාවේ ධීවරයින් තරමක් අකමැති රස්සාවක්.

    jcrmc5x.jpg


    දැල් එලීම -

    සන්ධ්‍යා බාගයේදී දැල් ආම්පන්න සමගින් මුහුදු යන ධීවරයා, ( කට්ටා දැල් එළිම සඳහා දෙදෙනෙක් සහභාගී වේ ) මුහුදේ සුදුසු ඉසව්වක් තෝරා ගනී.
    අපි මුහුද මතුපිටින් එකම ජලතලයක් දැක්කත් තමුන් රස්සා කරන මුහුදේ අත්දැකීම් බහුල ධීවරයාට මුහුදු පතුලේ ස්වභාවය ගැන හොඳ අවබෝධයක් තියෙනවා.
    බොහෝ කෝකිලායි ධීවරයන්ට ඒ අවට මුහුදේ පතුලේ තියෙන වැලිපර, ගල් මල්, මෙන්ම කකුළුවන් බහුලව ගැවසෙන ඉසව් ගැන ඉතාම හොඳ අවබෝධයක් තියෙනවා, ඔවුන් ඒ ස්ථාන මතකයේ තබා ගන්න පාවිච්චි කරන්නේ ගොඩ ලකුණු.
    ඔවුන් ඒ අනුව තෝරා ගත් ඉසව්වේ දැල මුහුදට දානවා.
    පළමුවෙන්ම දැලේ මුල් කොටස මුහුදට දානවා.ඒ ස්ථානයේ දැලේ උඩු මන්දට සවි කර ඇති ලොකු රිජිෆෝම් කාවිය මුහුදේ මතුපිට පාවෙනවා. ඒ අනුව ඔවුන් තමුන්ගේ දැල අඳුනා ගනියි.ඉන්පසු සුදුසු දිශාවක් බලා දැල ක්‍රමයෙන් මුහුදුට දමයි.එහිදී ඔවුන් කරන්නේ බෝට්ටුවේ ඉදිරිපස සිටින ධීවරයා ක්‍රමයෙන් දැල මුහුදට දියත් කරන අතරවාරයේ අනෙක් ධීවරයා ක්‍රමයෙන් බෝට්ටුව විරුද්ධ දිසාවට පැදවීමයි.
    ඉන්පසු දැලේ අවසානයේදී යකඩ නැංගුරම මුහුදට දමයි, එසේ කරනුයේ දැල මුහුදු දියකඩට ගසා ගෙන යාම වැලැක්වීමයි.
    මෙසේ දැලේ යටි මන්දේ ඇති ගල් බරු නිසා දැල මුහුදු පතුලේ රැඳෙයි.එය මුහුදු පතුලේ තාප්පයක් මෙන් පාවෙමින් තිබෙයි.උඩුමන්ද බිමට නොවැටී තියෙන්නේ ඉහලින් පාවෙන රිජිෆෝම් කාවි නිසාය.

    මේ දැල් අතරින් ගමන් කරන මාළු දැලේ පැටලීම සිදු වෙයි.නමුත් දැලේ ඇස් වලට වඩා කුඩා හාල්මැස්සන්, සාලයන්, සුඩයන්, කුඩා ප්‍රමාණයේ මාළු පැටව්
    හිර වීමක් නැතුව දැල් හරහා යාමට හැකි වුවත් තරමක් විශාල මසුන් දැලේ පැටලෙයි.
    ඒ වගේම විශාල ප්‍රමාණයේ මෝරුන්, තෝරුන් මෙන්ම බල හෝ කෙළවල්ලන් අහිනකට හසු වුවොත් දැලේ විශාල කොටසක් උන් විසින් ඉරා දමයි.
    එය වාසනාව හෝ අවාසනාව මත තීරණය වේ.

    j6W5t4s.jpg

    බෝට්ටුවට පටවන දැල

    ZOMAfym.jpg

    කලපුව ඔස්සේ මෝයට පිවිස එතනින් නැගෙනහිර මුහුදට ඇතුළු වේ....වාරකන් සමයේදී මුහුදු රළ ( මාරියාව ) නිසා මෝය කට ඇතුලත බෝට්ටු පෙරලෙන අවස්ථා බහුලය.

    hcv4ZHH.jpg


    FEN6l9r.jpg

    මුහුදේදී දැල් එලීමට පටන් ගන්නා අවස්තාව.


    FHAIjEg.jpg


    oOjVfV4.jpg

    නැංගුරම මුහුදට දමන අවස්තාව

    r6dmmUG.jpg

    දැල යට යන්න ටිකක් වෙලා යනවා. එලපු අවස්ථාවේම මේ වගේ පාවෙමින් ටික වෙලාවක් තියෙනවා....


    ojf35ZG.jpg

    පුල්මුඩේ මරක්කල ධීවරයන්.ඔවුන්ද මේ කට්ට දැල් එලන අවස්ථාවකි...

    VSija2W.jpg

    මේ වඩාත් ගොඩට වන්නට කට්ට දැල් එලන අවස්ථාවකි. මුහුදු ඉස්සන් ( සිංගි ) කකුළුවන් ඇල්ලීමට මෙසේ ගොඩ දැල් එලි...

    5Ol0XYz.jpg


    1y0iRjI.jpg

    ඩෝඩෝ නම් ධීවරයා....


    zR0sCcT.jpg

    මුහුද යටදී දැල මේ ආකාරයෙන් පවතී..( ඡායාරුපය අන්තර්ජාලයෙන් )

    bo3evMD.jpg

    මාළු මේ ආකාරයට දැලේ පැටලේ ( ඡායාරුපය අන්තර්ජාලයෙන් )


    දැල් ගොඩ ගැනීම -

    කාලගුණය යහපත් නම් දැල් ගොඩ ගැනීම පසුදින හිමිදිරියේම සිදු කරයි.
    යම් හෙයකින් දැල් ගොඩ ගැනීම පමා වුවහොත් දැලේ මිය යන මසුන් වෙනත් විශාල මසුන්ගේ ගොදුරු බවට පත්වේ, එක්කෝ උන් දැලේම මිය යයි. එවිට මාළුවාගේ නැවුම් බව වියැකේ.
    එමනිසා බොහෝ විට දැල් ගොඩ ගැනීම හිමිදිරියේ ඉර උදාවට කලින් සිදු කරයි.
    හිමිදිරියේම ගෝලයන් සමගින් මුහුදු යන ධීවරයා පළමුවෙන්ම තමුන්ගේ දැල එලා ඇති ස්ථානය සොයා ගත යුතුය. ඉන්පසු දැලේ උඩුමන්දෙන් ගොඩට ගැනීම ආරම්භ කරයි.
    ( දැල් ගොඩට අදින ඡායාරුප මා සතුව නැත. මක්නිසාද කිව්වොත් දැල් ගොඩට අදින අවස්තාවක ඡායාරුප ගැනීම කල නොහැකිය.එය අනෙක් ධීවරයන්ට බාධාවකි. ඒ නිසා මා කිසිම දිනෙක දැල් ගොඩ ගන්නා වෙලාවක කැමරා උස්සන් මුහුදු ගියේ නැත.)


    මෙන්න මෙතැනදී ධීවරයාගේ මුහුද පිලිබඳ ඇති අවබෝධය ඉතාම වැදගත් වේ. ඒ මොකද කිවොත්, කලින් දවසේ තමුන් දැල් එලපු ස්ථානය නිවැරදිවම අඳුනා ගත යුතු වේ.
    වර්තමානයේදී ඔවුන් ඒ සඳහා GPS තාක්ෂනය උපයෝගී කරගන්න නමුත් එසේ නොකරන පැරණි ධීවරයන්ද තවමත් සිටී.
    එමෙන්ම ඔවුන් කිසිම දිනක වැරදි දැලක් ගොඩ අදිනු මම කවමදාවත් දැක නැත.
    ඔවුන්ට ඒ තරම් මුහුද ගැන හොඳ අවබෝධයක් තිබේ.

    දැල එලන තරම් පහසු ක්‍රියාවක් නොවේ දැල් ගොඩ ගැනීම. ඒ සඳහා හොඳ ශක්තියක් තිබිය යුතුමය.
    ඒ වගේම ඉතාම හොඳ කල්පනාවකින් ඒ කාර්යය කල යුතුය.
    එහි අපි නොදකින අනතුරු රාශියක් ඇත.

    - තවමත් පන සහිත මාළුවන්ගේ ග්‍රහණයට අත හසුවිය හැක.
    - කකුළුවන්ගේ අඬු වලට ඇඟිලි හසුවිය හැක.
    - මඩුවන් සිටීමට ඉඩ ඇත. මඩු කට්ට ඉතා විෂ සහිතය.
    - ගිනිමහ,තේප්පයන්, අඟුළුවන්, වැනි විෂ සහිත කටු ඇති මාළුන් විශාල ලෙස දැලේ පැටලී සිටිය හැක.
    - වඩාත් භයානකම දෙය නම් උග්‍ර විෂ මුහුදු සර්පයන් දැලේ පැටලී සිටිය හැක.එවිට දැලේ ඒ කොටස කපා ඉවත් කරනු ලබයි.

    qHLk99P.jpg

    ගිනිමහ හෙවත් LIon fish. මේකාගේ කට්ට සෑහෙන විසයි.


    මෙසේ පරිස්සමින් ගොඩ ගන්න දැල බෝට්ටුවට පැටවීමේදී ලොකු මාළුන් සියල්ල ඒ අවස්ථාවේදීම බෝට්ටුවේදී වෙනම කුඩයකට දමයි.
    කකුළුවන්, මඩුවන්, සහ මුහුදු පොකිරිස්සන් දැලේම තියෙන්නට හරියි.
    ගොඩට එන ධීවරයාගේ පළමු කාර්යය අල්ලා ගත් ලොකු මසුන් කිරා වෙන්කොට විකිණීම සඳහා යැවීමයි.

    LG1cL4k.jpg

    විකිණීම සඳහා යැවුණු මසුන් අස්වැන්න. මෙය මාළු වාඩියේදී ගනු ලැබූ පින්තුරයකි.
    ලවයා, කොස්සා, බොරලුවා, මීවැටියෙක්, සහ රූමහ වැනි මිලෙන් වැඩි මසුන් ඇත.


    AwBoRtP.jpg

    මේ තිත් තිත් තියෙන්නේ කොස්සා ( hamour fish ) කියන මාළුවා. වැඩි වශයෙන්ම අපනයන සඳහා තමයි යවන්නේ.

    QrJ70EL.jpg

    ඕරාවා. හොඳ පත්තියම් මාළුවක්.

    gh0b7YE.jpg

    මේ අයිස් ගැන් එකේ තියෙන්නේ ගෙඹි දැල්ලෝ...සැරයි හැබැයි පට්ට රසයි.දැල්ලෝ ප්‍රවාහනය කරන්නේ අයිස් වතුර වල දාලා. කිසිම විදිහකින් මාකට් එකට යවන්න කලින් දැල්ලගේ කළු දැලිය ඉවත් කරන්නේ නැහැ.


    ඉන්පසු ගෝල බාලයන් සමගින් එක්ව දැලේ පැටලී සිටින කකුළුවන් වෙන් කිරීම අරඹයි.
    එය ඉතා ප්‍රවේසමින් කල යුතුය.නැතහොත් පණැති කකුළුවන් ඔබේ ඇඟිලි හිල් කරනු ඇත.
    දිය කකුළුවන් ඉවත් කොට හොඳ ප්‍රමාණයෙන් විශාල ලෙස වෙන් කෙරේ.මෙසේ මුහුදු පොකිරිස්සන් ද වෙන් කරනු ලැබේ.
    සැප්තැම්බර්, ඔක්තෝම්බර් මාස වලදී පොකිරිස්සන් ඇල්ලීම තහනම්ය. ඒ උන් බිත්තර දමන කාලය නිසාය.
    යම්හෙයකින් පොකිරිස්සෙක් අසුවී තිබුනොත් හොරාට විකුණනු ලැබේ.
    මෙසේ වෙන් කෙරෙන කකුලුවන්ද විකිණීම සඳහා යවයි.


    9vud4jg.jpg

    මුහුදු පොකිරිස්සා


    CxxPxHR.jpg

    මුහුදු ඉස්සා, නැත්තන් චප්ප සිංගියා කියලත් කියනවා.
    ඉස්සෝ වර්ගයක්ම තමයි, හොඳට තම්බල කට්ට සුද්ද කරලා මස ගලවගන්නවා, ඉස්සාගේ වගේ සුදු මසක් තියෙන්නේ. ළූණු , අමු මිරිස්, තක්කාලි එක්ක ගම්මිරිසට සම්බෝල හදල පට්ට රසයි.


    jbpZgZH.jpg

    නිල් කකුළුවෝ....කට්ට නිල් පාට එකා පිරිමි සතා, රතු දුඹුරු කට්ට තියෙන්නේ ගෑනු සතා.
    කළු කකුළුවන්ට වඩා මිලෙන් ගොඩක් අඩුයි. ගොඩක්ම ලෝකල් මාකට් එකට තමා දාන්නේ.
    දැන් නම් නිල් කකුලුවන්ව මාකට් එකට දාන්නෙත් පටි දාලා.ඒ කිව්වේ අඬු එකතු කරලා රබර් පටි වලින් ගැට ගහනවා.
    කකුළුවන්ට රබර් පටි දානවා කියන එක පුදුම දුෂ්කර ක්‍රියාවක්.ඒ මොකද කිව්වොත් කකුළුවාගේ කට්ට ට ඇඟිලි පිරිමැදෙනවා.
    කකුළුවෝ දෙතුන් සියකට පටි දාලා ඉවර වෙද්දී ඇඟිලි ලේ රතු පාට වෙනකම්ම ගෙවිලා බත් කටක් වත් අනා ගන්න බැහැ.
    මේකට පිලියමක් විදිහට මේ ධීවරයෝ කකුළුවන් අල්ලන කොට, ඉස්සෝ අල්ලන කොට මරතොන්ඩි ( මෙහෙන්දි ) ඇඟිලි වල ආලේප කර ගන්නවා.
    මට නම් දවස් 3,4 යනකන් බත් ටිකක් වත් අතින් කන්න බැරි වුනා.හැන්දෙන් කෑවේ.




    ඉන්පසු ඇත්තේ දැල් පැටලුම් ලිහා දැල නැවත බිමට එලීමයි. එයද පුරුදු කාරයන් දෙදෙනෙකු විසින් කල යුතුය.එය තරමක් ඒකාකාරී කාර්යයකි.
    එහිදී දෙදෙනෙක් දැලේ දෙකොනෙන් අල්ලා ගෙන එකින් එක පටලුන් ලිහමින් උඩුමන්ද සහ යටි මන්ද දෙපසට වන සේ දැල බිම තමා ඇති රෙද්දක් මතට එළනු ලබයි.
    එය නිවැරදි පිළිවෙලට කරනු ලැබුවොත්, යටි මන්දේ ඇති ගල් බරු එක මත එක පිහිටයි.
    ඉන්පසු බෝට්ටුව පිරිසිඳු කොට නැවත දැල බෝට්ටුවට පටවනු ලැබේ.එහිදී ඉතාම සීරුවෙන් දැලේ ඇති ඉරුම් සොයා ඒවා පිළිසකර කරමින් බෝට්ටුවට පටවනු ලැබේ.

    Evj5jY9.jpg

    මාළු සහ කකුළුවන් සේරම බේරලා ඉවරයි, දැන් තියෙන්නේ දැලේ පැටලුම් ඇරලා, ඉරුණු තැන බලල දැල එලියට බාන එක...

    lcOpyxJ.jpg


    ZI2wp1m.jpg

    ගෑනු පිරිමි කියල භේදයක් නැහැ, හැමෝම එකා වගේ වැඩ...

    jcrmc5x.jpg


    සාමාන්‍යයෙන් හිමිදිරියේ ගොඩට එන ධීවරයෙක් කට්ටා දැල් බේරා නැවත බෝට්ටුවට පටවා අවසන් වන විට සන්ධ්‍යා තේ වෙලාව ට කිට්ටු වෙයි.
    කකුළුවන් අස්වැන්න වැඩි නම් ඊටත් වඩා වෙලාව ගත වෙයි.
    ගතවන වෙලාව අනුව සවස දැල් එලනවාද නැද්ද යන්න තීරණය කරයි.

    කට්ට දැල් පන්නය යනු ධීවරයන් විශාල පිරිසක් සහභාගී නොවන පන්න ක්‍රමයකි. බොහෝ විට සහෝදරයන් දෙදෙනා , පියපුතු දෙදෙනා, මිත්‍රයන් දෙදෙනා,
    වැනි යුගල සහභාගී වෙන පන්න ක්‍රමයකි.
    අදායම බෝට්ටු පංගුව සහ දැල් පංගුව වෙන්කොට ඉතිරිවා ඔවුන් අතරේ සමසේ බෙදා ගනී.
    ඒ නිසා මෙය පවුලේම අයගේ සහබාගි වීමෙන් කිරීම වඩාත් ලාභදායි වේ.
    කට්ට දැල් රස්සාව වචනයේ අර්ථයෙන්ම කට්ටකි.දැල් බේරීම, කකුළුවන් බේරීම, දැල් පැටවීම වැර වීරියෙන් නොකළ වුනත් ඉතා ඒකාකාරී, අව්වේ,වැස්සේ එකදිගට සිටින්නට වන නිසා වර්තමානයේදී තරුණයින් වැඩිය අකමැති රස්සා පන්නයක්.ඒ වගේම මහ විශාල ආදායම් නැත.
    එක් පන්න පාඩුවකදී ලක්ෂ ගණන් මුදල් නොලැබේ.
    දිනකට රුපියල් දෙතුන් දාහක් සිට දහ පහළොස් දාහක් වැනි මුදලක් ලැබේ.නමුත් කාලගුණය යහපත් නම් ක්‍රමික ආදායමක් නිතිපතා ලැබෙයි.

    FW9eMsf.jpg

    කෝකිලායි මුහුදු වෙරල.

    TWpv0XJ.jpg

    මේ කළු පාටින් තියෙන්නේ ඉල්මනයිට් වැල්ල..

    mcKpgcO.jpg

    කෝකිලායි ගමේ වෙරළේ අටවා ඇති මාළු වාඩි.

    ZEUBO3E.jpg

    ගමේ ගොඩක් ගෙවල් මෙහෙම තමා ඉතිං....

    මේ සියල්ල මම කෝකිලායි ධීවර ගම්මානයේ ජීවත් වුනු කාලයේදී ලබාපු අත්දැකීම්.
    ඒක බොහොම දුෂ්කර කාලයක් නමුත් ඇත්තෙන්ම සුන්දරයි වගේම විවිධාකාරයි.
    ධීවර රැකියාව පිලිබඳ බොහොමයක් දෙනෙකුට අවබෝධයක් නැහැ. ඉතින් මම හිතනවා ධීවරයා කොපමණ මහන්සියක් ගන්නවද කියන කාරනාව ගැන පොඩි හරි අවබෝධයක් ලැබෙන්න ඇති කියල.
    එහම නම් එළකිරියේ අපේ සාමාජිකයන්ට ජය වේවා....
    :):):):)


     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ පාට පාට එක එක රටා තියෙන මාළු එන්නේ නෑනේ මෙහෙට ඔක්කොම රට යවනවද දන්නේ නෑ

    ඔව් ගොඩක් එව්වා රට යවනවා, සාමාන්‍යයෙන් අපේ මිනිස්සු ඔය පුරුදු මාළු කිහිපය ඇරුනම අනෙක්වා කන්නෙත් නැහැ නේ..

     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,767
    7,958
    113
    මෙන්න මෙතන...
    වටිනා ත්‍රෙඩ් එකක් ඩෝඩෝ..ඇත්තම කියනවා නම් එක අතකින් උබ මාර විදියට පින් කරලා තියෙනවා බන්..හැමෝටම මෙහෙම චාන්ස් ලැබෙන්නේ නැහැ..:yes::yes::yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හැමදාමත් වගේ වටිනා ත්‍රෙඩ් එකක්:love::love::love::love:

    Bump good post

    පට්ට documentry එක

    Niyamai good work

    :love::love:
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.



    නියමයි

    Bump thank you mcn

    patta ban... tfs

    E L A Z

    Thank you machanla.....:love::love::love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වටිනා ත්‍රෙඩ් එකක් ඩෝඩෝ..ඇත්තම කියනවා නම් එක අතකින් උබ මාර විදියට පින් කරලා තියෙනවා බන්..හැමෝටම මෙහෙම චාන්ස් ලැබෙන්නේ නැහැ..:yes::yes::yes:

    එහෙමමත් නැහැ බන්. මම කාලයක් ජොබ් කරලා එපාම වෙලා තමයි සේරම දමල ගහල ඔහේ ගිහින් කාලයක් ඉඳල ආවේ.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,767
    7,958
    113
    මෙන්න මෙතන...

    එහෙමමත් නැහැ බන්. මම කාලයක් ජොබ් කරලා එපාම වෙලා තමයි සේරම දමල ගහල ඔහේ ගිහින් කාලයක් ඉඳල ආවේ.

    හරි බන් එහෙම හරි උබට චාන්ස් එකක් ලැබුනානේ..ජිවිතේ අත්දැකීම් කියන දේවල් සල්ලි වලට ගන්න බෑ බන්..ඒ කාලේ උබට කට්ටක් වගේ දැනුනට පස්සේ කාලෙක ඒවා හරිම සුන්දර මතක වෙනව..:love::love::love:
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    උඹ ලබපු අත්දැකීම් ටික නම් මිල කරන්න බෑ මචං
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    ඔහොම මුහුදු යද්දී සී සික් එක නැති කරගන්න ඒ මිනිස්සු යම් අත් බෙහෙත් පාවිච්චි කරනවද බන් ? :oo:
    නැත්තන් කබරය දාලම පුරුදු වෙලාද :nerd:

    TFS :D