"ජනතා ද්‍රෝහියා"

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    "ජනතා ද්‍රෝහියා"

    13029584_1176613655706054_6605518070498482311_o.jpg


    13096155_1176615682372518_8149817223675185884_n.jpg


    13081615_1178862932147793_1406761031_n.jpg


    13076854_1176614989039254_3512029274169798502_n.jpg


    13082147_1178861608814592_98194312_n.jpg


    13007289_1176615172372569_7451131620566742289_n.jpg


    13087456_1176615505705869_562124024611279145_n.jpg


    13090189_1178861848814568_1041801869_n.jpg


    10372043_1005216296191950_1360780669614315668_n.jpg


    13081854_1178862275481192_442932381_n.jpg


    12744215_1126524090715011_5356744814012098883_n.jpg


    13059429_1178863478814405_1458013793_n.jpg

     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේක වෙනස්ම වැඩක්



    ලෝක ප්‍රසිද්ධ නාට්‍යකරුවකු වන හෙන්රික් ඉබ්සන්ගේ ‘En Folkefiend (An Enemy of the People)’ පරිවර්තන නාට්‍යය ‘ජනතා ද්‍රෝහියා’ නමින් නිහාල් සුරංජිගේ නිෂ්පාදනයෙන් මේ මස 2 හා 3 යන දිනවල පස්වරු 6.30ට කොළඹ නව නගර ශාලාවේ දී වේදිකා ගතවෙයි. මේ ‘ජනතා ද්‍රෝහියා’ පිළිබඳ නිහාල් සුරංජි සමඟ ‘රසමංජරිය’ට කළ සාකච්ඡාවකි.


    * ඔබට හෙන්රික් ඉබ්සන්ගේ ‘En Folkefiend (An Enemy of the People)’ නාට්‍යය පිටපත ලැබෙන්නේ කොහොම ද?


    ‍හෙන්රික් ඉබ්සන්ගේ ‘En Folkefiend’ කියන මේ නාට්‍යයට මා පෙම් බඳින්නේ 84 වසරේ. ඒ කාලයේ දී මේ නාට්‍යයකරුවාගේ නාට්‍ය කිහිපයක් ම මට නරඹන්න ලැබෙනවා. ඒ නිර්මාණ අතරයි මේ වේදිකා නාට්‍යයත් තිබෙන්නේ. අනෙක් කාරණය වෙන්නේ හෙන්රික් ඉබ්සන් කියන්නේ මට නුහුරු නාට්‍යකරුවෙකුත් නොවෙයි. ඒ නිසා ඔහුගේ මේ වේදිකා නාට්‍යය කාලයක පටන් මගේ සිත් ගත්තා. ඊට පස්සේත් මා අන්තර්ජාලය හරහා මේ වේදිකා නාට්‍යය ගැන තොරතුරු සෙව්වා. මේ නිර්මාණය ම නිෂ්පාදන කිහිපයක් ලෙසින් විවිධ අවස්ථාවල නිෂ්පාදනය වී ඇති වග මට දැන ගන්න ලැබෙන්නේ ඒ අවස්ථාවේ. ඒ කාරණාවලින් පස්සෙයි මට විජිතව මුණ ගැසෙන්නේ. ඔහු මේ වේදිකා නාට්‍යය නෝර්වේජියානු බසෙන් ම සිංහලට පරිවර්තනය කරන බව මට දැන ගන්නට ලැබෙන්නේ විජිත්ගේ මල්ලිගෙන්. කාලයක් මම විජිතත් සමඟ වැඩ කරලා තිබෙනවා. අපි දෙන්නට ම තිබේන්නේ සමාන්තරව යන අදහස්. මේ නිර්මාණය මා නිෂ්පාදනය කරනවා කියලා දැන ගත්තට පස්සේ විජිත බොහොම සතුටට පත් වෙනවා. ඒ සඳහා ඔහු මට සම්පූර්ණයෙන් ම නිදහස ලබාදෙනවා. එතැනදි මා පනවා ගත්ත එක ම කොන්දේසිය නම් ඔහුගේ දෙබස් වෙනස් කරන්නේ නැහැ කියන කාරණයයි. සමහර ජවනිකා මා මගේ ශෛලියට වෙනස් කළා. ඒ සඳහා මා විජිතගෙන් අවසර ලබා ගත්තා.


    * හෙන්රික් ඉබ්සන්ගේ නිර්මාණ රැසක් අතරින් ඔබ ‘En Folkefiend (An Enemy of the People)’ නාට්‍යය පිටපත ම තෝරා ගන්න විශේෂ වුණු හේතු මොනවා ද?


    මේ වේදිකා නාට්‍යය ඔස්සේ කතා කරන ප්‍රස්තුතය අපේ රටට අද වනවිට බොහොම සමීපයි. ජල මූලාශ්‍ර විෂවීම ආදී කාරණා රැසක් මේ වේදිකා නාට්‍යය ඔස්සේ කතාබහට ලක් වෙනවා. යම් කෙනෙකු යම් දෙයක් පිළිබඳ සත්‍ය සොයා ගත්තට පස්සේ ඒ සොයාගත් සත්‍ය යටපත් කරන්න අනෙක් බලධාරීන් උත්සාහ ගන්නවා කියන කාරණය අපේ රටේ සදාකාලිකව සිදුවන දෙයක්. ඒ කාරණය නිසයි මේ වේදිකා නාට්‍යය එදා මට වඩාත් සමීප වන්නේ. එහෙත් අද වනවිට මේ ප්‍රස්තුතය ම සමාජ ප්‍රශ්නයක් විදියට මතුවෙලා තියෙනවා. උතුරු මැද පළාතේ වකුගඩු රෝගය, පසුගියදා දකින්නට ලැබුණු රතුපස්වල ප්‍රශ්නය ඒ අතරින් කිහිපයක්. ඒ වගේ ම ඉදිරියේ දී අපට වතුර බෝතලයක් බොනවා කියන කාරණය ගැන බොහෝදුරට සිතන්න වෙනවා. ඒ විතරක් නොවෙයි අද බෝතල් වතුර මිලදී අරගෙන බොනවා කියන්නේ සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. ඒ තරමට අපේ වතුර කියන දේ දූෂ්‍ය වෙලා. මේ වේදිකා නාට්‍යය හරහා කතා කරන්නෙත් ඔය කියන කාරණා ගැනයි.


    * නෝර්වේජියානු රටක උපත ලබන කතාවක් ඔබ අපේ රටට ගළපා ගන්නේ කෙසේ ද?


    මෙහි මූලික කතා සාරාංශය දිවෙන්නේ නෝර්වේජියානු ජාතිකයන් වටා. නෝර්වේ මිනිස්සු ස්නානය කරන්නේ නැහැ. ඒක ප්‍රසිද්ධ කතාවක්. එහෙත් අපට ඒ කියන කාරණය අසාමාන්‍ය දෙයක්. ඒ රටවල් වසරේ වැඩි කාලයක් ගත වන්නේ සීත දේශගුණයත් සමඟයි. මේ නිසා ස්නානය කියන කාරණය ඔවුන්ගෙන් ගිලිහී යනවා. ඒ නිසා මේ නාට්‍යයේ එන දොස්තර ස්ටොක් මාන් කියන්නේ නෑමෙන් මිනිස්සුන්ගේ ශරීර සෞඛ්‍ය රැකෙනවා කියලා. ඒ මතය මිනිස්සුන් අතර ප්‍රචලිත කිරීමේන් පස්සේ ඔහු මේ ගමේ නාන තොටුපොළක් හදනවා. නාන තොටුපල හරහා ගමේ ආර්ථිකය ගොඩනැඟෙන්නේ මේ අතරයි. එහෙත් කාලයකදි දොස්තරට හැඟෙන කාරණයක් වෙන්නේ මේ නාන තොටුපොළ හරහා රෝග බෝවන බවයි. ඒ නිසයි ඔහු ජල සාම්පල් අරගෙන පරීක්ෂාවට ලක් කරන්නේ. ඒ පරීක්ෂණවලට අනුව වතුර විෂවීමකුයි දක්නට ලැබෙන්නේ. මේ විෂවීම සිදුවන්නේ ඊට ඉහළින් තිබෙන ෆැක්ටරියක් නිසයි. ෆැක්ටරියේ අප ද්‍රව්‍ය යන්නේ මේ නාන තොටුපොළේ ජල මූලාශ්‍ර අසලින්. ඒත් ඒක හෙළි කළොත් නගරයේ ආර්ථික රටාව බිඳ වැටෙන නිසා ඒ කාරණය හෙළි නොකර ඉන්න යැයි ඉහළ බලධාරීන් දොස්තරට පවසනවා. ඒත් ඒ අදහසට එකඟ නොවීම නිසයි අවසානයේ බහුතර මතය ඔහුව ජනතා ද්‍රෝහියකු ලෙස නම් කරන්නේ. මේ හරහා බහුතර මතයේ තිබෙන අර්බුදය ගැනත් වේදිකා නාට්‍යයේ දී කතාබහට ලක්වීම විශේෂත්වයක්. මෙවැනි කාරණයක් හමුවේ පවුල් ජීවිතයක් ගත කරන කෙනෙකුගේ පවුලේ ඇතුළත තිබෙන සබඳතා ආදී වශයෙන් විශාල පරාසයක් මේ නිර්මාණය මඟින් කතා කෙරෙනවා.


    * මේ සියලු කාරණා අපට වඩාත් දැනෙන්නේ පරිවර්තනයේ සාර්ථකත්වය මතයි. ඔබ පවසන්නනේ විජිත ගුණරත්නගේ පරිවර්තනය නියම ආකාරයෙන් සිදු වූ බව ද?


    ඇත්තෙන් ම ඔව්. විජිතගේ පරිවර්තන කාර්යයේ තිබෙන සාර්ථකත්වයයි මෙවැනි කරුණු කාරණා අපට හොඳින් වටහා ගැනීමට උදව් වන්නේ. පරිවර්තන කාර්ය කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. භාෂාව දැනගත් පමණින් පරිවර්තන කාර්යයේ නියැළෙන්නට පහසු නැහැ. විජිතට භාෂා දෙක පිළිබඳ තිබෙන දැනුම වගේ ම නාට්‍යකරණය පිළිබඳ දැනීමත් මේ පරිවර්තනය ඉහළ මට්ටමකට රැගෙන යනවා. එයයි මේ නිර්මාණය සාර්ථක වෙන්න එක් හේතුවක් ලෙස මා දකින්නේ. ඒ නිසයි මේ වේදිකා නාට්‍යය පිටපත මේ තරමට ම අපට දැනෙන්නේ.


    * ජනතා ද්‍රෝහියා’ වේදිකා නාට්‍යය හරහා ඔබ මේ වෙනස කරන්නේ කෙසේ ද?


    නාට්‍යකරුවෙකු විදියට මගේ භාෂාව නාට්‍ය කලාවයි. එය ජනතාවට ප්‍රකාශ කන්න යම් යම් විධි ක්‍රම තිබෙනවා. එතැනදි එක්කෝ ඒ නිර්මාණය මම ම ලියනවා. එහෙතත් නැත්නම් විදග්ධ නාට්‍යකරුවකුට ඒ අදහස් තිබෙනවා නම් ඒ කාරණාවලට මගේ අදහසුත් එක් කිරීමෙන් පස්සේ නිෂ්පාදනයක් ලෙස ඉදිරිපත් කරනවා. මොකද? නිෂ්පාදනය කියන්නේ සංකීර්ණ කර්තව්‍යයක්. නළුවෝ දෙබස් ටිකක් කියමින් වේදිකාව උඩ එහාට මෙහාට යෑම පමණක් නොවෙයි නිෂ්පාදනය කියන්නේ. ඒ සඳහා නාට්‍ය නිෂ්පාදකවරයාට අයත් වන්නේ විශාල කාර්යභාරයක්. මා වැඩ කළ නාට්‍ය නිෂ්පාදකවරු නිර්මාණශීලී නිෂ්පාදකවරුයි. ධම්ම ජාගොඩ, ගාමිණී හත්තොටුවේගම, මහාචාර්ය බෙනුවිච්, මාක්වා ඩෙල්මාවෝ බැලුවත් නාට්‍ය නිෂ්පාදනය කළේ නිර්මාණශීලීත්වයෙන්. ඒ අභාසය මට ලැබුණේ ඔවුන්ගෙන්. උදාහරණයක් විදියට ස්වාභාවික ශෛලියේ වේදිකා නාට්‍යයක් වන මෙහිදි මම වෙස් මුහුණු පාවිච්චි කරනවා. එය මගේ සංකල්පයක්. ඒ විදියට වෙස් මුහුණු භාවිත කරන්න මා සිතුවේ අපේ සමාජයේ වෙසෙන සියලුදෙනා ම ජීවත් වන්නේ වෙස් මුහුණක් දමාගෙන නිසා. තෘෂ්ණාව, රාගය, ලේ දැකීමේ ආශාව ආදී විවිධ අශාවල් වහගෙන තමයි අද බොහෝඅය සමාජයේ ජීවත් වෙන්නේ. එයයි මා මේ වෙස් මුහුණ දැමීමෙන් අදහස් කරන්නේ. නළුවන් වෙස් මුහුණ ඉවත් කරන්නේ රඟපාන අවස්ථාවෙදියි. එවැනි කාරණා වෙනස් කරමින් පුංචි පුංචි දේවල් වේදිකාවට අරගෙන එන්න මා මේ නිර්මාණයේ දී උත්සාහ ගත්තා.


    * ඔබගේ අදහස වේදිකවෙට අරගෙන පැමිණීමට යොදා ගන්න නළු - නිළි පිරිස ඇතුළු අනෙක් ශිල්පීන් පිළිබඳත් යමක් කියමු ද?


    දීපානි සිල්වා, වසන්ත විට්ටච්චි, ලලිත් රාජපක්ෂ, හංසමාලා ජානකී, දීප්ති වීරසූරිය, උපුල් මායාදුන්නේ, අමරදාස හීනුක්වැව, චාල්ස් රොයිස්ටන්, රංජිත් කවිසිගමුව, මදීරා උදීශානි, සමන්ති ආටිගල, ප්‍රසන්න මංජුල හා ළමා නළුවන් වන දිදුල කරුණාරත්න හා දිමුතු සත්සරත් මෙහිදි රංගනයෙන් දායක වෙනවා. මේ නිර්මාණයට මා යොදා ගත්තේ පටිගත කළ සංගීතයයි. මගේ පුතායි ඒ සියලු කටයුතු කළේ. නාට්‍යය ආරම්භ වන්න පෙර සිට ම අපි ඒ හඬ පටය භාවිත කරනවා. ඒ වගේ ම තවත් වෙනස් ම යමක් මෙහිදී සිදු කරන්නටත් නියමිතයි. ඒ කියන්නේ වේදිකා නාට්‍යය නරඹන්න එන ප්‍රේක්ෂකයන්ගේත් යම් විනයක් තිබිය යුතුයි. අද බොහෝ ප්‍රේක්ෂකයන් පුරුදු වෙලා ඉන්නේ 6.30ට නාට්‍ය වේදිකා ගත කරන්නේ කියලා කිව්වත් හතට ප්‍රේක්ෂාගාරයට පිවිසෙන්නයි. මේ නිසා මගේ ආරාධනා පත්‍රයේ ඔවුන්ට මා පවසා තිබෙන්නේ 6.20ට පෙර පැමිණ අසුන් ගන්න යන්නයි. අවුරුදු පහට අඩු පුංචි ළමයි අරගෙන නාට්‍යය නඹන්න එන්න එපා කියන කාරණයත් මා මෙහිදි අවධාරණය කරනවා. හැමෝම කරදරයකින් තොරව වේදිකා නාට්‍යය නැරැඹිය යුතු නිසයි එවැනි අදහසක් ඉදිරිපත් කරන්නේ.

    http://www.dinamina.lk/?q=2016/03/01/විශේෂාංග/මේක-වෙනස්ම-වැඩක්
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    bump saho මම හිටියා නම් අනිවාර්යෙන් බලන්න එනවා

    සුබ පැතුම් සහෝ හොදට වැඩ ටික කර ගන්න