ජවිපෙ ටික ටික මෙහෙම දියාරැ වෙන්න මූලික හේතුවක් තමයි රට වෙනුවෙන් නැගී සිටීම වෙනුවට අර අපේ රටේ සාම්ප්‍රදායික විපක්ෂය වගේ ආණ්ඩුවේ එක එක්කෙනාගේ වැරදි විතරක් කතා කර එක තැනකටම හිර වීම. මට මතකයි ජවිපෙ තහනම ඉවත් වෙලා අනූ ගණන් වල පක්ෂය නැවත කරලියට එනකොට ඔවුන් මේ රටට විරැද්ධව නැගී හිටපු ජාත්‍යන්තර බලවේග, LTTE බලපෑම් වලට එරෙහිව නැගී සිටපු හැටි. එදා UN එක ඉස්සරහට ගිහින් රට වෙනුවෙන් ඉස්සෙල්ලාම කෑ ගැහුවේ JVP එක. ඔවුන් පොදුවේ රට වෙනුවෙන් එදා කතා කලා. ඒ අතර ආණ්ඩුවේ වැරදිත් වංචා දූෂණ ගැනත් කතා කලා.
නමුත් මහින්දගේ ආණ්ඩුවෙන් ඉවත් වුනාට පස්සේ ඔවුන්ගේ ගමන් මාර්ගය සෑහෙන්න වෙනස් වුනා. පක්ෂයේ ඇතුලේ මතභේද වැඩි වුනා. ඔවුන් තනිකරම මහින්ද සහ ආණ්ඩුව පමණක් දරදඩු ලෙස විවේචනය කරන්න පටන් ගත්තා හරියට පෙෘද්ගලික තරහවක් පිරිමහ ගන්නවා වගේ. ඇත්ත මහින්දගේ හොර වංචා දූෂණ පෙන්නලා දීම වගේම රටට පොදු හතුරෙක් එනකොට ඒ වෙනුවෙන් ආණ්ඩුව එක්ක මොන ප්‍රශ්න තිබ්බත් එකට ඉන්න ඕනේ නමුත් පසු කාලයේ කවදාවත් ඔය කොටි ඩයස්පෝරා බලපෑම් එද්දි, මානව හිමිකම් ප්‍රශ්න එද්දි JVP ය කලේ ඒවා එන්නේ ආණ්ඩුවේ වැරැද්දෙන් කියලා ආණ්ඩුවටම බැනපු එක මිස රට වෙනුවෙන් පෙනී සිටිය එක නෙවෙයි. ඒක බරපතල ලෙස ජනතාවගෙන් ඈත් වීමට බලපෑවා කියලා මමනම් හිතන්නේ.
ඒ වගේම Thread එක දාපු යාලුවා කිව්ව වගේ JVP එකට තනි පක්ෂයක් විදිහට ඇවිත් ආණ්ඩුවක් කරන තත්තවයක් මටනම් පේන තෙක් මානයක නෑ. ඔවුන්ට කරන්න පුලුවන් එකම දේ තමයි ප්‍රධාන පක්ෂයක් එක්ක එකතු වෙලා ඇමති කම් කිහිපයක් අරගෙන ආදර්ශමත් විදිහට කරලා වැරදි හරිගස්සලා, කැබිනට් එක ඇතුලෙම වංචාව දූෂණයට විරැද්ධ වෙලා ඒවා රටට පෙන්නලා දීම. නමුත් මේ ආණ්ඩුවෙන් ඇමතිකම් ගන්න කරපු ආරාධනාවත් ඔවුන් ප්‍රතික්ෂේප කලා බොරැ හේතුවක් ඇද බාලා.
දැන් බලන්න මේ ආණ්ඩුව ආවට පස්සේ JVP එක file හෙන තොගයක් උස්සගෙන අල්ලස් කොමිසමට ගියා, එක එක පුද්ගලයින්ට නඩු දැම්මා නමුත් මේ වෙන තෙක් පැහැදිලි දඩුවමක් කිසි කෙනෙකුට ලැබිලා නෑ.
වැල යන පැත්ත පැත්තකට වෙලා බලාගෙන ඉදලා ඔය යන පැත්ත වැරදියි වැරදියි කියලා කිය කිය ඉන්නවට වඩා වැල යන්න අවශ්‍ය පැත්තට හරවලා මුක්කුවක් දෙකක් ගහලා හරි පැත්තට ගැනීමයි කරන්න ඕනේ.