ජනපතිගේ වියදම කෝටි 34කින් නගියි !
ජනපතිගේ වියදම කෝටි 34කින් නගියි !
Published on Thursday, 03 July 2014 15:10
මෙම වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ජනාධිපතිවරාගේ වියදම් සඳහා රුපියල් තිස්හතරකෝටි හැටහතරලක්ෂ හැටහතරදහස් දෙසියදහයක (රු. 346,464,210) අමතර මුදලක් වෙන්කරගෙන ඇති බව වාර්තා වේ.

පසුගිය අයවැය මගින් ජනාධිපතිවරයාගේ ප්‍රතිපාදන වෙනුවෙන් වෙන් කර තිබූ රුපියල් අටසිය පනස්හයකෝටි අනූඑක්ලක්ෂ හැත්තෑදහසක (රු. 8,569,170,000) මුදලට අමතරව මේ මුදල වෙන්කරගෙන ඇති බව පැවසේ.
මේ අනුව ජනාධිපතිවරයාගේ මෙම වසරේ මුළු වියදම රුපියල් අටසිය අනූඑක්කෝටි පනස්හයලක්ෂ තිස්හතර හස් දෙසියදහයක් (රු. 8,915,634,210) දක්වා ඉහළ ගොස් තිබේ.
මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද වසර මැද රාජ්‍ය මූල්‍ය තත්වය පිළිබඳ 2014 වාර්තාව මගින් අමතර මුදල් වෙන් කිරීම පිළිබඳව අනාවරණය ඇත.
ජනාධිපතිවරයාගේ දිනක වියදම් ඇස්තමෙන්තුව වශයෙන් මුලදී තිබූ රුපියල් දෙකෝටි තිස්හතරලක්ෂ හැත්තෑහත්දහස් එකසියහැත්තෑඅටක (රු. 23,477,178) මුදල රුපියල් දෙකෝටි හතලිස්හතරලක්ෂ විසිහයදහස් තුන්සියඅනූපහ (රු. 24,426,395) දක්වා ඉහළ ගොස් තිබේ.
- මූලාශ්‍රය ලංකා ටෘෘත්