ජනපතිවරණයක් ජනවාරියේ?
ලබන ජනවාරියේ හදිසි ජනාධිපතිවරණයක් කැඳවීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ දේශපාලන නායකයන් අතර රහසිගත කතාබහක් ඇතිවී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.
කල්තබා ජනාධිපතිවරණයක් කැඳවීමෙන් රජය වඩාත් වාසිසහගත ප්‍රතිඵලයක් ලබාගත හැකි බවට දේශපාලන හා ජ්‍යොතිෂ අංශවලින් ලැබුණ උපදෙස් මත මෙම තීන්දුව ක්‍රියාත්මක කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 වැනි වගන්තිය හා ඊට අදාළ අනු වගන්ති මගින් ජනාධිපතිවරයකු සිය ධුරයට පත්ව වසර 4ක් ඉකුත්වීමෙන් පසු ඕනෑම මොහොතක නැවත ජනාධිපතිවරණයක් කැඳවීමට බලය පවරා ඇත. එසේ වසර 4ක් ඇවෑමෙන් ජනාධිපතිවරණය කැඳවිය හැක්කේ ධුරය දරන ජනාධිපතිවරයා නැවත වරක් එම තනතුර සඳහා තරග කරන්නේ නම් පමණි.
එම ව්‍යවස්ථානුකූල තත්ත්වය යටතේ හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට ඉඩ ඇති බවත් ඊට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් වනු ඇති බවත් එ.ජ.නි.ස. ඉහළ පෙළේ ආරංචි මාර්ග සදහන් කරනවා.
මේ හැර ඉදිරි ජනාධිපතිවරණය සඳහා එ.ජා.පයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ අතර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය හැකි සෙසු අපේක්ෂකයන් ලෙස දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචි පැතිර යන්නේ අමාත්‍යවරුන් වන චම්පික රණවක, රාජිත සේනාරත්න යන මහත්වරුන් වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොවන්නේ නම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එ.ජා.ප.යෙන් ඉදිරිපත් කිරීමට නියමිතයි.
කේසේ වෙතත් සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වන්නැයි තමන්ට ආරාධනා කළහොත් තමන් එම අභියෝගය භාරගන්නට සූදානම් බවයි.
මේ අතර මෙවර එ.ජා.ප.ය පොදු අපේක්ෂකයකුට සහය නොදෙන බව එහි ජ්‍යෙෂ්ඨයන් ගණනාවක්ම මීට පෙර ප්‍රකාශ කළා.
මෙම අපේක්ෂකයන්ට අමතරව රොහාන් පල්ලෙවත්ත, මාලින්ද සෙනවිරත්න ආදී ස්වාධීන අපේක්ෂකයන් ගණනාවක් ගැනද සඳහන් වනවා.
නොසිතන මොහොතක ජනපතිවරණයක් කැදවීමට ආණ්ඩුවේ ඉහළ බලවතුන්ගේ සුදානමක්

dan chandayak thibboth govt eka winasai.