ජනපතිවරණයක් ජනවාරියේ?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    ජනපතිවරණයක් ජනවාරියේ?

    නොසිතන මොහොතක ජනපතිවරණයක් කැදවීමට ආණ්ඩුවේ ඉහළ බලවතුන්ගේ සුදානමක්

    ලබන ජනවාරියේ හදිසි ජනාධිපතිවරණයක් කැඳවීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ දේශපාලන නායකයන් අතර රහසිගත කතාබහක් ඇතිවී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

    කල්තබා ජනාධිපතිවරණයක් කැඳවීමෙන් රජය වඩාත් වාසිසහගත ප්‍රතිඵලයක් ලබාගත හැකි බවට දේශපාලන හා ජ්‍යොතිෂ අංශවලින් ලැබුණ උපදෙස් මත මෙම තීන්දුව ක්‍රියාත්මක කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

    වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 වැනි වගන්තිය හා ඊට අදාළ අනු වගන්ති මගින් ජනාධිපතිවරයකු සිය ධුරයට පත්ව වසර 4ක් ඉකුත්වීමෙන් පසු ඕනෑම මොහොතක නැවත ජනාධිපතිවරණයක් කැඳවීමට බලය පවරා ඇත. එසේ වසර 4ක් ඇවෑමෙන් ජනාධිපතිවරණය කැඳවිය හැක්කේ ධුරය දරන ජනාධිපතිවරයා නැවත වරක් එම තනතුර සඳහා තරග කරන්නේ නම් පමණි.

    එම ව්‍යවස්ථානුකූල තත්ත්වය යටතේ හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට ඉඩ ඇති බවත් ඊට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් වනු ඇති බවත් එ.ජ.නි.ස. ඉහළ පෙළේ ආරංචි මාර්ග සදහන් කරනවා.

    මේ හැර ඉදිරි ජනාධිපතිවරණය සඳහා එ.ජා.පයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    මේ අතර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය හැකි සෙසු අපේක්ෂකයන් ලෙස දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචි පැතිර යන්නේ අමාත්‍යවරුන් වන චම්පික රණවක, රාජිත සේනාරත්න යන මහත්වරුන් වේ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොවන්නේ නම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එ.ජා.ප.යෙන් ඉදිරිපත් කිරීමට නියමිතයි.

    කේසේ වෙතත් සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වන්නැයි තමන්ට ආරාධනා කළහොත් තමන් එම අභියෝගය භාරගන්නට සූදානම් බවයි.

    මේ අතර මෙවර එ.ජා.ප.ය පොදු අපේක්ෂකයකුට සහය නොදෙන බව එහි ජ්‍යෙෂ්ඨයන් ගණනාවක්ම මීට පෙර ප්‍රකාශ කළා.

    මෙම අපේක්ෂකයන්ට අමතරව රොහාන් පල්ලෙවත්ත, මාලින්ද සෙනවිරත්න ආදී ස්වාධීන අපේක්ෂකයන් ගණනාවක් ගැනද සඳහන් වනවා.

    prele.jpg
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ගොටටවත් බැසිල්ටවත් ඉල්ලන්න බැහැ ජනාධිපතිවරණයට. රනිල් ඉදිරිපත් උනොත් උට බලාගන්න පුලුවන් වෙයි අපේක්ෂකයෙකුට ලබාගන්න පුලුවන් අඩුම ඡන්ද ගාන කීයද කියලා.

    රාජිතයා... පිස්සුද ඔය කක්කුස්සි කටාව ජනාධිපති කරන්න.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගොටටවත් බැසිල්ටවත් ඉල්ලන්න බැහැ ජනාධිපතිවරණයට. රනිල් ඉදිරිපත් උනොත් උට බලාගන්න පුලුවන් වෙයි අපේක්ෂකයෙකුට ලබාගන්න පුලුවන් අඩුම ඡන්ද ගාන කීයද කියලා.

    රාජිතයා... පිස්සුද ඔය කක්කුස්සි කටාව ජනාධිපති කරන්න.

    රනිල් එච්චර මෝඩ නැහැ බන්.. ඌ කාව හරි වෙන එකෙක්ව ඉස්සරහට දානව
     
    MKNdy

    Member
    Aug 11, 2018
    25
    3
    0
    රනිල් මරා එක්ක ඩීල් එකක් දාලා ඉන්නේ කියලා මේ සති අන්තේ 'අනිද්දා' පත්තරේ තියෙනවා. ඒ කියන්නේ 1982 ජනාධිපතිවරණයදී උනා වගේ. (ඒ ගැන කියනවා නං එහිදී උනේ නිදහස් පක්ෂෙන් ආවේ හෙක්ටර් කොබ්බෑකඩුව, දුර්වල අයෙක් ඔහු. ඒ වගේ මහින්ද දුර්වල අයෙක් ජනාධිපතිවරනයට දානවා එයාගේ පැත්තෙන්. කුමාර වෙල්ගම එහෙම මමත් ජනාධිපති වෙන්න සුදුසුයි කියලා එක පාරම ෆෝම් උනේ ඇයි? සිරා එහෙං ඉල්ලයි. රනිල් අනික් පැත්තෙන් ඉල්ලයි.)

    මොනා උනත් නාමල්ගේ දේශපාලන අනාගතයට හානි වෙන්නේ නැහැ කියන එක රනිල්ගේ පොරොන්දුව. මොකද මහින්ද උනත් කැමති ඇති ගොථා හෝ බැසිල්ගේ අතට බලය යනවට වඩා රනිල්ට බලය යනවට. චමල් උනත් ජනාධිපති උනොත් ඊට පස්සේ බලය යන්නේ ශෂීන්ද්‍රට.

    පත්තරේ තිබ්බේ එහෙම.
     
    • Like
    Reactions: hasithayad

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    රනිල් මරා එක්ක ඩීල් එකක් දාලා ඉන්නේ කියලා මේ සති අන්තේ 'අනිද්දා' පත්තරේ තියෙනවා. ඒ කියන්නේ 1982 ජනාධිපතිවරණයදී උනා වගේ. (ඒ ගැන කියනවා නං එහිදී උනේ නිදහස් පක්ෂෙන් ආවේ හෙක්ටර් කොබ්බෑකඩුව, දුර්වල අයෙක් ඔහු. ඒ වගේ මහින්ද දුර්වල අයෙක් ජනාධිපතිවරනයට දානවා එයාගේ පැත්තෙන්. කුමාර වෙල්ගම එහෙම මමත් ජනාධිපති වෙන්න සුදුසුයි කියලා එක පාරම ෆෝම් උනේ ඇයි? සිරා එහෙං ඉල්ලයි. රනිල් අනික් පැත්තෙන් ඉල්ලයි.)

    මොනා උනත් නාමල්ගේ දේශපාලන අනාගතයට හානි වෙන්නේ නැහැ කියන එක රනිල්ගේ පොරොන්දුව. මොකද මහින්ද උනත් කැමති ඇති ගොථා හෝ බැසිල්ගේ අතට බලය යනවට වඩා රනිල්ට බලය යනවට. චමල් උනත් ජනාධිපති උනොත් ඊට පස්සේ බලය යන්නේ ශෂීන්ද්‍රට.

    පත්තරේ තිබ්බේ එහෙම.

    Mahinda deal ekak dala athi ban. Ranil, Mahinda gaja mithurone. Ekai Mahinda Gotata kapilla danne thamange pakshema ewun dammala
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,581
    28,514

    ;)