ජනපති දියණියක් මව්කිරි දෙනු දැක කැළඹුණු ල
ජනපති දියණියක් මව්කිරි දෙනු දැක කැළඹුණු ලෝකයාට මව් සෙනෙහසෙන් ඇයදුන් අපූරු පිළිතුර
කිර්ගීසියාවේ ජනාධිපති අල්මාෂ්බෙක් අතම්බයෙෆ් ගේ බාල දියණිය,අලියා ෂගීවා නිරාවරණය කෙරුණ උඩුකයෙන් යුතුව සිය දරුවාට මව්කිරි පොවන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලයට මුදා හරිනු ලැබීමෙන් අනතුරුව එය ලොව කලඹන විවාදයක් බවට පත්වෙමින් තිබෙන බවට වාර්තා වෙනවා.
"මෙය දරුවකුට මව්කිරි පොවන දසුනක්ද ? එසේත් නැත්නම් එය සරාගී හැඟීම් මතු කරන දසුනක්ද ?"
සමාජ මාධ්‍ය ජාල සංවාදය තුළ දිග හැරෙමින් පවතින විවාදයේ මාතෘකාව බවට පත්ව ඇත්තේ එයයි.
ජනාධිපතිවරයාගේ දියණිය සිය ඡායාරූපය සමාජ මාධ්‍ය ජාලයට එක් කරනු ලැබ තිබුණේ පහත දැක්වෙන පාඨයත් සමඟයි.
"මම මගේ බිළිඳාට බඩගිනි වූ ඕනෑම මොහොතක ඕනෑම තැනක මව්කිරි පොවනවා"
කෙසේ නමුත් ඇයට එල්ල වූ විවිධ දෝෂාරෝපණ හේතුවෙන් මෙම ඡායාරූපය ඇයගේ ගිණුමෙන් ඉවත් කරගන්නට ජනපති දියණිය කටයුතු කර තිබෙනවා.
කෙසේ නමුත් බීබීසී ලෝක සේවයේ කිර්ගීසියානු අංශය සමඟ සාකච්ඡාවකට සහභාගී වූ අලියා ෂගීවා,තම පිංතූරය මුල් කර ගත් විවාදය විග්රහ කළේ කාන්තා සිරුර දෙස අධි සරාගී ඇසින් බලන සංස්කෘතියේ පලයක් ලෙසයි.
"මට ලැබිච්ච ශරීරය අසැබි වූවක් නොවෙයි. එය ප්‍රායෝගික දෙයක්. මගේ ශරීරය ක්‍රියාත්මක වන්නේ මගේ දරුවාගේ ශාරීරික උවමනා සම්පූර්ණ කිරීමේ චේතනාවෙන්. එය සරාගී ලෙස ප්‍රදර්ශනය කරන්න නොවෙයි" ඇය එම සාකච්ඡාවේ දී සඳහන් කර තිබේ.